SL vs AFG Test : ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 56 ක ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

ඒ අනුව සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 113 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 296 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Ibrahim Zadran ලකුණු 114 ක්, Rahmat Shah ලකුණු 54 ක් හා Noor Ali Zadran ලකුණු 47 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා කසුන් රාජිත කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 56 ක්.

ලකුණු පුවරුව පහතින්.

65c0a2c376340

SL vs AFG Test : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගය අද (02) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

SLU19 vs AUSU19 : ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගය අද

වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද (28) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර එම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30 ට ආරම්භවීමට නියමිතයි.

SLU19 vs NAMU19 : ශ්‍රී ලංකාවට ලකුණු 77 ක ජයක්

වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතර තරගය පැවති තරගයෙන් ලකුණු 77 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කාසියේ වාසිය දිනාගත් නැමීබියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 38 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 133 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපුන් වඩුගේ නොදැවී ලකුණු 56 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 20 සීමාවට හෝ පැමිණිමට නොහැකි වුණා.

පන්දු යැවීමේදී නැමීබියා කණ්ඩායම වෙනුවෙන් Zacheo van Vuuren කඩුලු 4 ක් හා Johannes de Villiers කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා කණ්ඩායමට පන්දුවාර 27 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 56 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ළහිරු හා රුවිෂාන් පෙරේරා කඩුලු 3 බැඟින් සහ දිනුර කලුපහන කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

චමරි අතපත්තු වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස ICCය නම් කරයි

2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබෙනවා.

එම වසරේ එක්දින පිටියේ ඇය දැක්වු දක්ෂතා අනුව මෙම නම්කිරීම සිදුකර ඇති අතර, 2023 වසර තුළදී ඇය තරග 08කට සහභාගී වී ලකුණු 415ක් රැස්කරගෙන තිබෙනවා.

SLU19 vs NAMU19 : කාසියේ වාසිය නැමීබියා කණ්ඩායමට

වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතර තරගය අද (24) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් 1.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

2023 වසරේ ICC කාන්තා T20 කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු​ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කර තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නම්කර ඇති බවයි සඳහන් වන්නේ.

SL vs ZIM 1st T20 : විස්සයි විස්ස තරගාවලිය අද ආරම්භ වෙයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අද දිනයේ නව විස්සයි විස්ස නායක වනිඳු හසරංගගේ නායකත්වය යටතේ කණ්ඩායම තරගවැදීමට නියමිතයි.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතා හා ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් අතර හමුවක්.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතා හා ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් අතර හමුවක්.
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමා හා මීලග ආසියානු ශූරතාවලිය සදහා පුහුණුවීම් සිදු කරන ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රිඩිකාවන් අතර සුහද සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී අද (13) දින පැවැත්විණි.

එහිදී පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය හා ඉදිරි තරගාවලි සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව අමාත්‍යවරයා විසින් විමසා සිටියේය.  කණ්ඩායම සදහා අවශ්‍ය පහසුකම් හා අඩුපාඩු සම්බන්ධවද අවධානය යොමුකළ අතර කොළඹ 07, ක්‍රීඩා නේවාසිකාගාරය ඉදිරිපිට ඇති නෙට්බෝල් ක්‍රීඩාංගණය භාවිතයට ගැනීමට නොහැකි ලෙස පොළව අබලන් වී ඇති බව පෙන්වා දෙනු ලැබීය.

එම නෙට්බෝල් ක්‍රීඩාංගණය කඩිනමින්  අලුත්වැඩියා කර දීමට ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, පුහුණුවීම් කටයුතු සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොමිලේ වෙන්කරදීම සම්බන්ධයෙන් එම මොහොතේම එහි සභාපතිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කෙරිණි.

පුහුණුවීම් විධිමත් කිරීමට හා ජාත්‍යන්තර අත්දැකීම් බහුලව ලබා ගැනීමේත් අභිප්‍රායෙන් ජාතික නෙට්බෝල් සංචිතය විදේශ තරගාවලි සඳහා යොමු කිරීමටත්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල විදේශ කණ්ඩායම් ශ්‍රී ලංකාවට ගෙන්වා තරගාවලි පැවැත්වීමටත් මෙම සාකච්ඡාව තුළදී විශේෂ අවධානයක් යොමු විය.

මෙවර කල්වේලා ඇතිවම ජාතික සංචිතය කැදවා ඔවුන්ගේ අවශ්‍යතා, අඩුපාඩු හා පුහුණුවීම් කටයුතු පිළිබදව සොයා බැලීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතා හට ආසියානු හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ඇතුළු නිළධාරීන්ගේ විශේෂ ස්තූතිය පිරිනැමීය.

මෙම අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක හාරිෂ් රවීන්ද්‍ර, සම්න්ධීකරණ ලේකම් චාමර දන්තනාරායන, ආසියානු හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි, ජාතික සංචිතයේ පුහුණුකාරිනී දීපි නාලිකා ප්‍රසාදි යන මහත්ම මහත්මීන් සහභාගී විය.
මාධ්‍ය අංශය
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශය.

WhatsApp Image 2024-01-13 at 17.02.12 WhatsApp Image 2024-01-13 at 17.02.11 (8) WhatsApp Image 2024-01-13 at 17.02.11 (7) WhatsApp Image 2024-01-13 at 17.02.11 (6) WhatsApp Image 2024-01-13 at 17.02.11 (5) WhatsApp Image 2024-01-13 at 17.02.11 (4) WhatsApp Image 2024-01-13 at 17.02.11 (3) WhatsApp Image 2024-01-13 at 17.02.11 (2) WhatsApp Image 2024-01-13 at 17.02.11 (1) WhatsApp Image 2024-01-13 at 17.02.11

SL vs ZIM : තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය දැන් පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.