සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය දැන් පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය දැන් පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය අද (11) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ අද තරඟයෙන් විවේක ගන්වා තිබෙනවා.
ඔවුන් වෙනුවට වනිඳු හසරංග සහ අද මංගල තරඟයට ක්‍රීඩාකරන ෂෙවෝන් ඩැනියෙල් කණ්ඩායමට එකතු කර තිබෙනවා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය හෙට (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙට තරගය පැවැත්වෙන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ C සහ D ඉහළ සහ පහළ ප්‍රේක්ෂකාගාර සඳහා නොමිලේ ඇතුළුවීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (06) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (06) ආරම්භ වනවා.
ඒ අනුව එහි පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 02.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර, සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රෙග් අර්වින් විසින් මෙහෙයවනවා.
සිම්බාබ්වේ තරගාවලිය එක්දින තරග 03කින් සහ 20-20 තරග 03කින් සමන්විතයි.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මේ බව සඳහන් කළා.
එසේම ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග විසින් එම සංචිතය නිල වශයෙන් නිවේදනය කළා.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උප නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර ඇති අතර මීට පෙර නම් කෙරුණු මූලික එක්දින සංචිතයට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු හා කමිඳු මෙන්ඩිස් අවසන් සංචිතය සදහා නම් කර නොමැති බවයි සඳහන් වන්නේ.
හිටපු නායන දසුන් ශානක එක්දින සංචිතය සදහා නම් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ හා සහන් ආරච්චිගේ වැනි ක්‍රීඩකයින් එක්දින සංචිතයට කැඳවීමට නව තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
වනිඳු හසරංග සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බවයි උපුල් තරංග වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
අදාළ සංචිතය පහතින්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින්ද සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වුවත් අවශ්‍ය වුවහොත් 2025 ශූරයන්ගේ කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට සූදානම් බවයි ඔහු පවසන්නේ.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ වෝනර් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 161කට ක්‍රීඩා කරමින් ශතක 22 ක් සමගින් ලකුණු 6,932 ක් රැස්කර තිබෙනවා.
37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීමට නියමිතව ඇති අතර, ඕස්ට්‍රේලියා – පාකිස්තාන තුන්වැනි ටෙස්ට් තරගය ඔහුගේ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය වනු ඇති.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිවී ඇති බව වාර්තා වනවා.
එම 20-20 සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උප නායකයා ලෙස චරිත් අසංලක නම් කර තිබෙනවා.
2021 වසරෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇති අතර, භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජය ද 20-20 සංචිතයට නම් කර තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්,
* වනිඳු හසරංග* චරිත් අසලංක* පැතුම් නිස්සංක* කුසල් මෙන්ඩිස්* සධීර සමරවික්‍රම* දසුන් ශානක* ඇන්ජලෝ මැතිව්ස්* ධනංජය ද සිල්වා* මහීෂ් තීක්ෂණ* නුවන් තුෂාර* කුසල් ජනිත්* භානුක රාජපක්ෂ* කමිඳු මෙන්ඩිස්* මතීෂ පතිරණ* දුනිත් වෙල්ලාලගේ* අකිල ධනංජය* ජෙෆ්රි වැන්ඩර්සේ* චාමික කරුණාරත්න* බිනුර ප්‍රනාන්දු* ප්‍රමෝද් මධුෂාන්* ඩිල්ශාන් මධුසංඛ* දුෂ්මන්ත චමීර
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නැවත දේශීය තරග ක්‍රීඩා කිරීම සඳහා ඔහුගේ ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය විසින් අවසර ලබාදී තිබෙනවා.
විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් පසු ඔහුගේ තහනම ඉවත් කිරීමට තීරණය කළ බව ධනුෂ්ක නියෝජනය කරන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල පැවසුවා.
ඒ අනුව මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට ඔහු හෙට (23) සිට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.