ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද (21) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව විස්සයි විස්ස තරග 3 ක්, එක්දින තරග 3 ක් හා ටෙස්ට් තරග දෙකක්ද එම තරග සංචාරයට අයත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.
තරගාවලියේ විස්සයි විස්ස තරග මාර්තු මස 4, 6 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එක්දින තරග මාර්තු මස 13,15 සහ 18 වනදා පැවැත්වෙනවා.
පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, මාර්තු 22 වනදා වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වීමට නියමිතයි.
අදාළ නිවේදනය පහතින්.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61 ක්, සධීර සමරවික්‍රම ලකුණු 52 ක්, ජනිත් ලියනගේ ලකුණු 50 ක්, නොදැවී විශිෂ්ට ලෙස නොදැවී පන්දුවට පහරදුන් චරිත් අසලංක 97 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Azmatullah Omarzai කඩුලු 3 ක්, Fazalhaq Farooqi, Noor Ahmad, Qais Ahmad එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 309 ක්.
ලකුණු පුවරුව පහතින්.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (11) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (11) පැවැත්වෙනවා.
ඒ අනුව තරගය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 42 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 45 ක් හා විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad කඩුලු 2 ක් හා Mohammad Nabi එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයට ලකුණු 382 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
ලකුණු පුවරුව පහතින්.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
මෙහිදී පන්දු 135 කින් වේගවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරිමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහුගේ ද්විත්ව ශතකය සඳහා හයේ පහර 7 ක් හා හතරේ පහර 19 ක් ඇතුළත් වුණා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක පන්දුුු 116කින් ලකුණු 150 ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඒ සඳහා හයේ පහර 4 ක් හා හතරේ පහර 14 ක් ඇතුළත් වුණා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43 ක් තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 296 ක් ලබා සිටිනවා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
මෙහිදී පන්දු 88 කින් ශතකයක් වාර්තා කිරිමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහුගේ ශතකය සඳහා හයේ පහර 1 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත් වුණා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32 ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 201 ක් ලබා සිටිනවා.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව එම තරගයේදී පන්දු 55 කින් අර්ධ ශතකයක් වාර්තා කිරිමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 1 ක් හා හතරේ පහර 05 ක් ඇතුළත් වුණා.