T20 World Cup SLvsSA: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද (03) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

665dd058cac95 665dd058b1a17

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා සංගම් 4 ක් තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා සංගම් 4 ක් තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ සිට අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය යි.

එමෙන්ම, මෙම ක්‍රීඩා සංගම්වල පරිපාලන සහ වෙනත් කටයුතු සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂමල් සෙනරත් මහතා පත්කර තිබෙනවා.
එමෙන්ම, අදාළ සංගම්වල නිලවරණ කැඳවීම සහ පැවැත්වීමට බලය පවරා ඇත්තේ ද මහාචාර්ය ෂමල් සෙනරත් මහතාටයි.

IPL අවසන් මහා තරගය අද

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව Kolkata Knight Riders කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

කරගය අද රාත්‍රී 7.30 ට Chennai හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනාගනියි

ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.

ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි.

යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

T20 ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ පුහුණු තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පුහුණු තරග මැයි 27 වැනිදා සිට ජූනි පළමු වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහී දී පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරග දෙක පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට හා අයර්ලන්තයට එරෙහිවයි.

ඒ අනුව නෙදර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 28 වැනිදා ද, අයර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 31 වැනිදා ද ෆ්ලොරිඩා හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

6646d9d9b4309

T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හි වනිඳු පළමු තැනට

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

ඒ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් සමඟ සම ස්ථානයට පත් වෙමින්.

ඒ අනුව ඔවුන් දෙනානාම මේ වන විට Rating අගය 228 බැඟින් ලබාගෙන තිබෙනවා.

6644a4d449ec4

T20 World Cup 2024 : ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංකයි.

ආබාධ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක හා දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

663cd4a43a777

ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක්!

ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක්!
ශ්‍රී ලංකාවේ පැවැ­ති පළමු කොටසේ ආසි­යා­තික රග්බි ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.ඒ කසකස්ථානය පරාජය කරමිනි.
මෙවන් ජයග්‍රහණයක් ශ්‍රීලංකාව ලබා ගත්තේ වසර එකොලහට පසුව වීම විශේෂත්වයකි.
ජයග්‍රාහී ශ්‍රීලංකා රග්බි කණ්ඩායමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය.
සුයොරු
ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස තරින්ද රත්වත්ත කට­යුතු කළ අතර, සනත් මාටිස් ප්‍රධාන පුහු­ණු­කරු ලෙසත්, දුෂ්‍යන්ත් ලෙව්කේ ඉදි­රි­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත්, නිල්ෆර් ඉබ්‍රා­හිම් පසු­පෙළ ක්‍රීඩ­ක­යන්ගේ පුහු­ණු­කරු ලෙසත් කට­යුතු කරනු ලැබීය.
ශ්‍රීලංකාව, ඉන්දි­යාව, කස­ක­ස්තා­නය සහ කටාර් යන කණ්ඩායම් හතර පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියට එක්විය.

WhatsApp Image 2024-05-05 at 14.11.05 (1) WhatsApp Image 2024-05-05 at 14.11.05 (2) WhatsApp Image 2024-05-05 at 14.11.05 (3) WhatsApp Image 2024-05-05 at 14.11.05

යුපුන් මීටර් 100 තරගයෙන් තෙවන ස්ථානය ලබාගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරගයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.

නදීෂා මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය ලබාගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වුණා.