Women’s T20 Asia Cup : මැලේසියා කණ්ඩායමට ලකුණු 185 ක ඉලක්කයක්

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණෟඩායම හා මැලේසියා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්තා.

නොදැවී විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් නායිකා චමරි අතපත්තු ලකුණු 119 ක් ලබාගත් අතර අනුෂ්කා සංජීවනී ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා මැලේසියා කාන්තා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 185 ක්.

Women’s T20 Asia Cup : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණෟඩායම හා මැලේසියා කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීම ශී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

LPL Match Summary: Kandy Falcons හා Colombo Strikers කණ්ඩායම්වලට ජය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍යේ ඊයේ (15) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Kandy Falcons හා Colombo Strikers කණ්ඩායම් සමත් වුණා.

දිනයේ පළමු තරගය ලෙස Kandy Falcons කණ්ඩායම හා Dambulla Sixers කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 54 ක ජයක් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Sixers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Sixers කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලබුණේ ලකුණු 168 ක් පමණයි.

දිනයේ දෙවන තරගය ලෙස Colombo Strikers කණ්ඩායම හා Galle Marvels කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Marvels කණ්ඩායමට ආරධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

LPL Match Summary: Jaffna Kings කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍යේ ඊයේ (13) Jaffna Kings කණ්ඩායම හා Kandy Falcons කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 4 ක ජයක් ලබා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 7කට සීමා වූ අතර, කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායම නිමිත පන්දුවාර 7 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Jaffna Kings කණ්ඩායමේ ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක්.

2024.07.13

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ/ප්‍රවෘත්ති කර්තෘ/
ප්‍රවෘත්ති සංස්කාරක/ප්‍රවෘත්ති කළමණාකරු,

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක්.

ක්‍රීඩා, යෞවන කටයුතු සහ සංචාර, ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාසල් රග්බි ක්‍රීඩකයින් සදහා රක්ෂණාවරණයක් ලබා දීම සිදු විය. මෙය රග්බි ක්‍රීඩාවෙහි නියුතු පාසල්වල වයස අවුරුදු 19 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩවල රග්බි ක්‍රීඩකයින් හට හිමි වේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මෙම රක්ෂණාවරණය හිමි වේ.

ශ්‍රී ලංකා රග්බි විනිසුරු සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුගේ පුහුණුවීම් හා දක්ෂතා නංවාගැනීම සදහා මෙන්ම තාක්ෂණය වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් ගරු අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ රුපියල් ලක්ෂ 50 ක මුල්‍යමය ප්‍රදානයක් සිදු කරන ලදි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දීර්ඝකාලීන කැපවීමක් මත කොළඹ ඉසිපතන විද්‍යාලයට හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය කැබිනට් පත්‍රයක් මගින් පැවරුණි. මෙම අවස්ථාවේ එය නිළ වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාසල වෙත භාරදීම සිදු කරන ලදි.

පසුගිය වසරේ පාසල් රග්බි තරගාවලිය අතරතුර අනතුරට ලක්වූ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ එච්.අයි.සී. ද සොයිසා ක්‍රීඩකයා හට ලක්ෂ 10 ක මූල්‍යමය ප්‍රදානය සිදු කිරීමද මෙහිදී සිදු කෙරිණි.

මෙම පුවත ඔබ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මාධ්‍ය අංශය
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය.

 

මාධ්‍ය නිවේදනය – පාසල් රග්බි ක්‍රීඩකයින්ට රක්ෂණාවරණයක්

WhatsApp Image 2024-07-13 at 21.56.40 WhatsApp Image 2024-07-13 at 21.56.39 WhatsApp Image 2024-07-13 at 21.56.42 (1)

Chris Silverwood ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ Chris Silverwood ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධනද ඊයේ (26) ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.

SL vs WI Women 1st T20: ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කොදෙව් කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු කඩුලු 4 ක් හා ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 බැඟින් ලබා ගත්තා.‍ලකුණු පුවරුව පහතින්.

66792e7966aa0 66792e786f272

තරුෂි හා කාලිංග අද තරග බිමට

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන තරුෂි කරුණාරත්න සහ කාලිංග කුමාරගේ අද තරග බිමට එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව්ව වෙනුවෙන් අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.50 ට තරග වැදීමට නියමිතයි.

එසේම තරුෂි කාන්තා මීටර් 600 ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.05ට තරග වැදීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

SL vs WI Women 2nd ODI: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 31 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 92 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 4 ක්, චමරි අතපත්තු හා අචිනි කුලසූරිය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 22 ක් තුළ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 50 ක් හා කවීෂා දිල්හාරි ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

T20 WC: නවසීලන්ත කණ්ඩායමත් නිල වශයෙන් ඉවතට

2024 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට නවසීලන්ත කණ්ඩායමට සිදුව තිබෙනවා.

ඒ අනුව ඔවුන් අයත් වූ C කාණ්ඩයෙන් සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සුපිරි 8 වටය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබාගෙන අවසන්.