ICC T20 World Cup: රටවල් කිහිපයක් T20 සංචිත ප්‍රකාශයට පත් කරයි

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා රටවල් කිහිපයක් විසින් සිය සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්ථානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව යන රටවල් විසින් සිය සංචිත නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ඩෙවෝන් කොන්වේ සහ අත්දැකීම් බහුල වේග පන්දු යවන්නන් වන ටිම් සවුති හා ට්‍රෙන්ට් බෝල්ට්ද සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයක්.

මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති ඔස්ට්‍රේලියා සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර ස්ටීව් ස්මිත් මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

එසේම රෂීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්ථාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර රහ්මනුල්ලාහ් ගුර්බාස්, ඊබ්‍රහීම් සඩ්‍රාන්, නජිබුල්ලාහ් සඩ්‍රාන් හා මොහමඩ් ඉෂාක් යන පිතිකරුවන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් සහ ජාත්‍යන්තර වරම් දිනා නොමැති වමත් දග පන්දු යවන ක්‍රීඩක ටොම් හාර්ට්ලි ද සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ඒඩ්න් මාක්‍රම්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා හා ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් ද නම් කර තිබෙනවා.

මේ අතර රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතය සඳහා යුස්වේන්ද්‍ර චෙහල්, ශිවම් ඩූබේ සහ සංජු සැම්සන් නම් කර තිබීම විශේෂත්වයක්.

සමිත දුලාන්ගෙන් රන් පදක්කමක්

මොරක්කෝවේ පැවැත්වෙන World Para Athletics Grand Pix තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව හෙල්ල විසි කිරීම F4 ඉසව්වෙන් ඔහු ටර 65.57 ක දක්ෂතාවක් දක්වමින් එම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

එම ඉසව්වට ඔහු දැක්වූ ඉහළම දක්ෂතාවයද එය වනවා.

ICC Women’s T20 World Cup Qualifier: ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායිකාව ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ චමරි අතපත්තුයි.

සංචිතය සදහා 15 හැවිරිදි වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකාවක වන ශෂිනි ගිම්හානි ද නම් කර තිබීම විශේෂත්වයක්.

අදාළ සංචිතය පහතින්.

6617ad29cd4c2

මොණරාගල චමෝදිගෙන් විශිෂ්ට පන්දු යැවීමක් – එංගලන්තය පරදා ලංකාව ජයගනී

වයස අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවති තරගය ලකුණු 108කින්

ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය

එහිදී 14 හැවිරිදි චමෝදි මුණසිංහ ප්‍රතිවාදී කඩුලු 05ක් දවාගැනීම විශේෂත්වයක් විය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 226ක් රැස් කළහ.

රශ්මිකා සෙව්වන්දි ලකුණු 59යි. සංජනා කාවින්දි ලකුණු 27ක් රැස් කළාය.

පන්දු යැවීමේදී අමූ සුරේන්කුමා සහ සොෆියා ස්මෙල් කඩුලු 02 බැගින් බිඳ හෙළීය.

පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 23යි පන්දු 3කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කරගැනීමට හැකිවුණේ ලකුණු 118ක් පමණකි.

ජෝදි ග්‍රේව් කොක් ලකුණු 26යි. චමෝදි මුණසිංහ ලකුණු 42කට කඩුලු 05ක් දවා ගත්තාය.

චමෝදි මුණසිංහ මොණරාගල, කුඹුක්කන ගම්මානයෙන් 19න් පහළ ජාතික කණ්ඩායමට තේරී පත්වූ ක්‍රීඩිකාවකි.

මෙතෙක් ඉතිහාසයේ එම ප්‍රදේශයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව වන්නේ ද ඇය වේ.

LPL 2024: තරගාවලි කාලසටහන නිකුත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාල සටහන අද (08) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජූලි 1 වනදා සිට ජූලි 21 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

තරගාවලිය මහනුවර, දඹුල්ල හා කොළඹදී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ කාලසටහන පහතින්.

6613cd48963ca

වනිඳු හසරංගට IPL තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමිවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහුට විවේක ගැන්වීමට අවශ්‍ය බවත් ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී ඔහු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ICC මාර්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නම් අතරට කමිඳු ඇතුළත් වෙයි

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ මාර්තු මාසයේ ක්‍රීඩකයා සඳහා වන නම් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ICC මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ද යෝජනාවී තිබෙනවා.

ඒ ඔහු බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ලකුණු 334 ක් හා කඩුලු 3 ක් දවා ගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඔහුට අමතරව අයර්ලන්තයේ Mark Adair සහ නවසීලන්තයේ Matt Henry ද ICC මාර්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා යෝජනා වී තිබෙනවා.

කමිඳු මෙන්ඩිස් සඳහා මෙතැනින් මනාපය පළ කිරීමේ හැකියාව පවතිනවා.

SL vs BAN 1st Test : ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට ලකුණු 418 ක් ලබා ගනියි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් හා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 10්‍8 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 164 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mehidy Hasan Miraz කඩුලු 4 ක් හා Taijul Islam හා Nahid Rana කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා මේ වන විට ලකුණු 510 ක් ඉදිරියෙන් පසුවනවා.

ලකුණු පුවරුව පහතින්.

65fffeb16c33d 65fffeb1513a6

SL vs BAN 1st Test : කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඔහුගේ ශතකය පන්දු 170 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ හතරේ පහර 13 ක් ඇතුළත් වුණා.

SL vs BAN 1st Test : ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් වුණා.

ඔහුගේ ශතකය පන්දු 164 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර 02 ක් සහ හතරේ පහර 08 ක් ඇතුළත් වුණා.