තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තම නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවත් ඒ මහතා කීය.
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීවේය. අපි වැඩපිළිවෙළක් හා සැලැස්මක් එක්ක දේශපාලනය කරන අය යි. ආවට ගියාට අපි තීන්දු ගන්නේ නැහැ. රටේ අනාගතයත් පක්ෂයේ ප්‍රතිපත්ති ගැනත් හිතලා බලලා තමයි තීරණ ගන්නේ. අපේ පක්ෂය ගොඩ නැගුනේ යම් අරමුණක් ඇතිවයි.
කාලානුරූපීව මේ රටේ පක්ෂ වල ප්‍රතිපත්ති නවීකරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වෙන්න උත්සහ කරනවා. අනුර කුමාර දිසානායක ඉන්දියාවට කැනඩානට ඇමරිකාවට ගියා. ඒ අය ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධ සටන් එදා මොනතරම් සටන් කළාද ?. ඔවුන් අද යම් වෙනසකට මුල පුරා තියෙනවා. ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි.

පක්ෂයෙන් මට බාර දී තිබෙන වගකීම ඉටු කරනවා. ජනතාව මුහුණ දී තිබෙන අපහසුතා වලට යම් සාධාරණයක් අපි කරන්න ඕන. අපි ආණ්ඩුවට සහය දෙන්නේ ඒ පදනම මතයි. පක්ෂයක් ලෙස අපි ඒ සඳහා උපරිම කැපවීම කරනවා. පොදුජන පෙරමුණ ලෙස අපි පසුගිය කාලයේ දී විශාල පසුබෑමකට ලක් වුණා. එතනින් පක්ෂය ගොඩ නගාගෙන ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන තැනට අපේ පක්ෂය ගොඩ නගන එක තමයි මගේ අරමුණ හා වගකීම.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ අලියා ලකුණ යටතේ නොවන්නේ නම් එතුමා ඒ සම්බන්ධව අපේ පක්ෂය දැනුවත් කළාට පසු පක්ෂයේ විධායක සභාව හා දේශාපලන මණ්ඩලය ඒ ගැන සාකච්ඡා කර තීරණයක් ගනිවී.
සමහර දේශපාලන පක්ෂ ප්‍රබල වෙලා ඉන්නේ කයිවාරුවෙන් විතරයි. මේ කයිවාරු ගහන අය ප්‍රබලයි කියලා අරගල කරන්න ගියා. අවාසාන ප්‍රතිපලය වුණේ හොරු අල්ලන්න ආපු අය හොරකම් වල සැකකරුවන් බවට පත්වෙලා බන්ධනාගාර ගත වීමයි. අපි වැඩපිළිවෙළක් හා සැලැස්මක් එක්ක දේශපාලනය කරන අය යි. ආවට ගියාට තීන්දු ගන්නේ නැහැ. රටේ අනාගතය පක්ෂයේ ප්‍රතිපත්ති ගැන හිතලා බලලා තීරණ ගන්නේ.ජනාධිපතිවරණයක් ආසන්න වනවිට තරඟකාරීත්වයක් ඇති වෙනවා.ඒ තරඟාකාරීත්වය තුළින් තමයි හොඳම අපේක්ෂකයා තෝරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ පක්ෂය ඇතුළේ ජනපති අපේක්ෂකයෙකු තෝරා ගන්න ඉතාමත් හොඳ තරඟයක් තිබෙනවා. අපිට ව්‍යවසාකයින් වගේම මාධ්‍ය ආයතන හිමිකරුවන් ද සිටිනවා. මේ සමහර අය අතර පක්ෂය හැදුවා කියන අයත් ඉන්නවා. මේ අය ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්න ඕන. එවිට අපිට පුළුවන් තීරණයක් ගන්න.

මුහුද හත්ගව්වක් තියෙත් දී මම අමුඩ ගහන්නේ නැහැ. මුලින් කියන්න ඕන ජනපතිවරණය තියනවාද නැත්නම් මහ මැතිවරණය තියනවාද කියල කාරණය. පක්ෂය තීන්දු කළාට පස්සේ පුළුවන් අපිට පෞද්ගලික තීන්දු ගන්න. අපේ රටේ බොහෝ දේශපාලන පක්ෂ අද කැඩිලා බිඳිලා විනාශ වෙලා. පක්ෂ තීන්දු ගන්න කලින් පෞද්ගලික තීන්දු ගත්ත නිසා තමයි මේ පක්ෂ අද අර්බුදයකට පත්වෙලා තියෙන්නේ. වගකිවය යුතු දේශපාලනඥයින් ලෙසත් පක්ෂයක් ගොඩනගපු අය හැටියටත් අපි වගකිව යුතු කරුණු සම්බන්ධයෙන් පෞද්ගලික තීන්දු ගත යුත්තේ පක්ෂ තීන්දු වලට පසුවයි.පෞද්ගලිකව අපි කවුරුවත් නිර්පාක්ෂික නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජය කරන්නේ. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ. නමුත් මැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කර යම් එකඟතාවකට පැමිණිය හැකියි.

මේ ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි – අනුර

රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

දෙමළ ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට සංවේදී නොවිය හැකි වුවද, ඔවුන්ගේ වේදනාව තමන්ට දැනෙන බවද, රටේ ප්‍රධාන භාෂා දෙකක් ඇති බැවින් රාජ්‍යයත් සමඟ තමන්ගේ භාෂාවෙන් ගනුදෙනු කිරීමේ අයිතිය දෙමළ පුරවැසියන්ට තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සැබවින්ම කල්පනා කරන උතුරේ නායකයන්ට, උතුරේ දේශපාලන ප්‍රශ්නය විසඳීමේ දේශපාලනයකට ජාතික ජන බලවේගය සමඟ එක් වෙන ලෙස ආරාධනා කර සිටින බවයි ඊයේ (05) යාපනයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

නව දේශපාලන පරිවර්තනයක් තුළින් උතුරේත්, දකුණේත්, නැගෙනහිරත් සියලු ජනයා නියෝජනය කරන ආණ්ඩුවක් සෑදීමට එක්වන ලෙස සැමට ආරාධනා කර සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ජන හමුව සඳහා දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද සහභාගී වී තිබෙනවා.

6610e2060122a 6610e2061a1b3

පාස්කු ප්‍රහාරය ගැන සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කෙරේ

පාර්ලිමේන්තුව එළඹෙන අප්‍රේල් 24,25 සහ 26 දිනවලදී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමටද එහිදී තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

660fe0cbd081d

නාමල් ජනපතිවරණයට ආවොත් පොහොට්ටුව දෙකට බෙදෙනවා – ප්‍රසන්න රණතුංග

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

දැනට සිටින අපේක්ෂකයින් අතරින් සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත් සිය ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.

නාමල් රාජපක්ෂට ජනාධිපති ධූරය සඳහා තවත් කාලය ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවත් එවැනි අද්දැකීම් බහුල නායකයෙක් පවසන දේ සියලු දෙනා පිළිගත යුතුව ඇති බවද ඔහු සඳහන් කළා.

ඔහු හදිසියේවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පක්ෂය දෙකඩ වනු ඇති බවත් පක්ෂයේ ජාතික සංවිධායකරයා ලෙස එවැනි තීරණයක් නාමල් රාජපක්ෂ ගනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සමගි ජන සන්ධානය සහ නිදහස ජනතා සභාව අතර ගිවිසුමට අත්සන් තබයි

සමගි ජන සන්ධානය සමඟ නිදහස ජනතා සභාව නිල වශයෙන් ගිවිසුමකට එළඹීම අද (05) සිදු වී තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නිදහස ජනතා සභාවේ සභාපති ජී.එල් පීරිස්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී එය පැවැත්වූ බවයි වාර්තා වෙන්නේ.

මේ සඳහා නිදහස ජනතා සභාවේ සහ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව තිබෙනවා.

මට දෙන්න පුළුවන් ශක්තිය නැවත පක්ෂය ඉල්ලනවා නම්, මං දෙන්න සූදානම් – දයාසිරි ජයසේකර

මට දෙන්න පුළුවන් ශක්තිය නැවත පක්ෂය ඉල්ලනවා නම්, මං දෙන්න සූදානම් – දයාසිරි ජයසේකර

ජී.එල්. පීරිස් ප්‍රමුඛ නිදහස ජනතා සභාව හෙට සමගි ජන සන්ධානයට එක්වෙයි

නිදහස ජනතා සභාව සමගි ජන සන්ධානය සමඟ හෙට (05) නිල වශයෙන් ගිවිසුම්ගත වන බව නිදහස ජනතා සභාව පවසසනවා.

ඒ අනුව හෙට පෙරවරු 9.45 ට බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ ගිවිසුමට එළඹෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ.

මෙය ආරම්භයක් පමණක් බවත් වත්මන් ආණ්ඩුව පෙරළීම සඳහා නිර්මාණය කරන මහා සන්ධානයට තවත් පක්ෂ රැසක් එක් කර ගන්නා බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සඳහන් කළේ, එළඹෙන ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන පුළුල්ම සන්ධානය මෙය බවයි.

මෛත්‍රීට ශ්‍රීලනිප සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිස්ත්‍රික් මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) සිදුව තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ දියත් කර ඇති UNDP වැඩසටහන් පිළිබඳව එහි නියෝජිතයින් ජාතික ජන බලවේගයේ නියෝජිතයින්ට පැහැදිලි කළ බවද, රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ ආර්ථික ගැටලු පිළිබඳව සිය අවධානය යොමු වී ඇති බව දන්වා සිටි බවද එම පක්ෂය සඳහන් කරනවා.

මෙම හමුව සඳහා UNDP හි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Azusa Kubota, ප්‍රතිපත්ති විශේෂඥ චන්ද්‍රිකා කරුණාරත්න, මාධ්‍ය විශේෂඥ චතුරංග හපුආරච්චි සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය සහ බිමල් රත්නායක සහභාගී වී තිබෙනවා.

පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 1 සහ 2 රැස්වෙයි

පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිතව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව එම දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.