සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා වෙනුවෙන් කමිටුවක් පත් කෙරේ

2024 මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් සඳහා විවිධ පාර්ශ්ව විසින් මතුකර ඇති විරෝධතා සහ ගැටලු පරීක්ෂා කොට වාර්තා කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්.ඩී. ජයනාථ පත්කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණ කරයි

දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නෙ.

ඒ අනුව, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙන බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා පක්ෂ කිහිපයක නියෝජිතයින් කැඳවා සාකච්ඡා කළ ද ඒවා සාර්ථක නොවූ බවයි.

මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරනවා – මැතිවරණ කොමිසම

මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගය පරිදි අදාළ කටයුතු සිදු කිරීමට කටුයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහනිත්.

66fe4b7059a53

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දැක්වූ කණ්ඩායම සමඟ පමණක් මහ මැතිවරණයට යාමට තීරණය කර තිබෙනවා – කින්ස් නෙල්සන්

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දැක්වූ කණ්ඩායම සමඟ පමණක් මහ මැතිවරණයට යාමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණයේදී පක්ෂ 28 ක් සමගි ජන බලවේගය සමඟ එක්වූ බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම පක්ෂ 28 ට අමතරව අලුතින් කිසිඳු පක්ෂයක් එක් කර නොගැනීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා නව රජය නියෝජනය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් සහභාගීවීමට නියමිතයි.

නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකවරයා ලෙස මගේ නම යෝජනා වුණා – සජිත්

මෙවර මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකවරයා ලෙස තමන්ට මැතිවරණ ව්‍යාපාරය මෙහෙවීමට සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (24) යෝජනා කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව ඒකමතිකව එය සම්මත වූ බවයි අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණයේ පරාජයේ වගකීම තමන් භාරගන්නා බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

රනිල් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ – රුවන් විජේවර්ධන

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

එසේම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට ද අපේක්ෂා නොකරන බවයි රුවන් විජේවර්ධන සඳහන් කළේ.

ඉදිරි මහ මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඊයේ (23) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පලාත් ආණ්ඩුකාර නවීන් දිසානායක තමන් දැරූ ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

එසේම ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

දිනේෂ් ගුණවර්ධන සිය අග්‍රමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම දැනුම්දී තිබෙනවා.

අදාළ ලිපිය පහතින්.

66f0e3cc35e6apdf_page_0

ජනපති රනිල් වික්‍රමසිංහ සිය ඡන්දය ප්‍රකාශ කරයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කර තිබුණා.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ ඔහු සිය ඡන්දය භාවිතා කර ඇති බවයි සඳහන් වෙන්නේ.