යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

මෙවර මහ මැතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාළ මනාප ප්‍රතිඵලය පහතින්.

ජාතික ජන බලවේගය

* කරුණානාදන් ඉලංගුමරන් – 321,024

* සන්මුගනාදන් ශ්‍රීබවානන්ද‍රාජා – 20,430

* ජෙයචන්ද්‍රමූර්ති රජීවන් – 17,579

ඉලංගෙයි තමිල් අරසු කච්චි

* සිවඥානම් ශ්‍රීධරන් -32,833

අඛිල ඉලංගෙයි තමිල් කොංග්‍රස්

* ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් – 15,135

ස්වාධීන කණ්ඩායම අංක 17

* රාමනාදන් අර්චුනා – 20,487

මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

මෙවර මහ මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාළ මනාප ප්‍රතිඵලය පහතින්.

ජාතික ජන බලවේගය

* ජී. දිසානායක – 100,618

* එස්. ජේ. බියන්විල – 56,932

* දීප්ති වාසලගේ – 47,482

* එච්. ඩී. එච් පෙරේරා – 43, 455

සමගි ජන බලවේගය

* රෝහිණි කවිරත්න – 27,845

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

මෙවර මහ මැතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාළ මනාප ප්‍රතිඵලය පහතින්.

ජාතික ජන බලවේගය

* අරුන් හේමචන්ද්‍ර – 38,368

* රොෂාන් ප්‍රියසන්ජන – 25,814

සමගි ජන බලවේගය

* ඉම්රාන් මහරුෆ් – 22,779

ඉලංගෙයි තමිල් අරසු කච්චි

* කදිරවේලු ෂන්මුගම් කුහදාසන් – 18470

මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

මෙවර මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාළ මනාප ප්‍රතිඵල පහතින්.

ජාතික ජන බලවේගය

* සුනිල් හඳුන්නෙත්ති – 249,251

* සරෝජා පෝල්රාජ් – 148,379

* එල්.එම්. අබේවික්‍රම -68,144

* අක්‍රම් ඉල්යාස් – 53,835

* ජී. අජන්ත – 48,820

* ලාල් ප්‍රේමනාත් – 48,797

සමගි ජන බලවේගය

* චතුර ගලප්පත්ති – 32,196

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්භ කර තිබෙනවා.

මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් කෙරේ

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද සවස 4 ට අවසන් වුණා.

ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

කොළඹ දිස්ත්‍රික්කය – 65%

නුවරඑළිය දිස්ත්‍රික්කය – 68%

කුරුණෑගල දිස්ත්‍රික්කය – 64%

මඩකලපුව දිස්ත්‍රික්කය – 61%

මාතර දිස්ත්‍රික්කය – 64%

පුත්තලම දිස්ත්‍රික්කය – 56%

අනුරාධපුර දිස්ත්‍රික්කය – 65%

බදුල්ල දිස්ත්‍රික්කය – 66%

මන්නාරම දිස්ත්‍රික්කය – 70%

ක්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 67%

රත්නපුර දිස්ත්‍රික්කය – 65%

ගාල්ල දිස්ත්‍රික්කය – 64%

මුලතිව් දිස්ත්‍රික්කය – 63%

දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 2.00 වන විට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරයි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද දහවල් 2.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශතයන්වල යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.

ගම්පහ දිස්ත්‍රික්කය – 52%

කළුතර දිස්ත්‍රික්කය – 45%

යාපනය දිස්ත්‍රික්කය – 42%

කිලිනොච්චි දිස්ත්‍රික්කය – 46%

මන්නාරම දිස්ත්‍රික්කය – 55%

මඩකලපුව දිස්ත්‍රික්කය – 47%

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 51%

මොනරාගල දිස්ත්‍රික්කය – 47%

දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 12.00 වන විට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරයි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශතයන්වල යාවත්කාලීන කිරීම් බලාපොරොත්තු වන්න.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

ගම්පහ දිස්ත්‍රික්කය – 40%

නුවරඑළිය දිස්ත්‍රික්කය – 40%

මහනුවර දිස්ත්‍රික්කය – 30%

මාතර දිස්ත්‍රික්කය – 34%

කෑගල්ල දිස්ත්‍රික්කය – 32%

මඩකලපුව දිස්ත්‍රික්කය – 32%

පුත්තලම දිස්ත්‍රික්කය – 30%

බදුල්ල දිස්ත්‍රික්කය – 41%

රත්නපුර දිස්ත්‍රික්කය – 35%

අම්පාර දිස්ත්‍රික්කය – 37%

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 45%

කුරුණෑගල දිස්ත්‍රික්කය – 28%

අනුරාධපුර දිස්ත්‍රික්කය – 40%

දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10.00 වන විට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරයි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතයන් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශයන්වල යාවත්කාලීන කිරීම් බපාපොරොත්තු වන්න.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

මහනුවර දිස්ත්‍රික්කය – 22%

නුවර එළිය දිස්ත්‍රික්කය – 20%

බදුල්ල දිස්ත්‍රික්කය – 23%

රත්නපුර දිස්ත්‍රික්කය – 25%

කෑගල්ල දිස්ත්‍රික්කය – 20%

මඩකලපුව දිස්ත්‍රික්කය – 9%

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 18%

පොළොන්නරුව දිස්ත්‍රික්කය – 23%

මොනරාගල දිස්ත්‍රික්කය – 14%

මාතර දිස්ත්‍රික්කය – 10%

පුත්තලම දිස්ත්‍රික්කය – 22%

මන්නාරම දිස්ත්‍රික්කය – 28%

ගම්පහ දිස්ත්‍රික්කය – 20%

කළුතර දිස්ත්‍රික්කය – 20%

යාපනය දිස්ත්‍රික්කය – 16%

කිලිනොච්චි දිස්ත්‍රික්කය – 25%

මුලතිව් දිස්ක්‍රික්කය – 23%

කුරුණෑගල දිස්ත්‍රික්කය – 22%

අනුරාධපුර දිස්ත්‍රික්කය – 25%

මාතලේ දිස්ත්‍රික්කය – 24%

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය ආරම්භ කෙරේ

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද (13) උදෑසන ආරම්භවී තිබෙනවා.

ඒ අනුව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයයේ සිට ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය මේ වන විට ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ වන විට අදාළ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ගිණිගේ ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ.