හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.
හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.
පළාත් පාලන මැතිවරණය යනු නොවැදගත් කුඩා මැතිවරණයක් ලෙස ඇතැමුන් මතයක් ගොඩ නැගීමට උත්සාහ කළද, මෙවර මෙම මැතිවරණය ලංකා ඉතිහාසයේ තීරණාත්මකම මැතිවරණය බවට පත්වන බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි පවසනවා.
මෙම මැතිවරණයේදී ලංකාවේ සිතියම පාට කරන්නට සමත් වන පක්ෂය, නියත වශයෙන්ම මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී තුනෙන් දෙකක බහුතරයක් ලබාගෙන එය ජයග්‍රහණය කරන්නට සමත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම නිසා මෙම පාළාත් පාලන මැතිවරණය හෑල්ලුවට ලක් කළ යුතු මැතිවරණයක් නොවන බව, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු අවධාරණය කළා.
නව සන්ධාන වල එකට අසුන් ගැනීමට නොහැකි අය සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම පවසනවා.
ඉන් ඇතැමුන් මේ රටට පොහොර ගෙන ඒම නැවත් වූ අය බවද, අද ජනතාවට බඩගින්නේ සිටීමට සිදු වී ඇත්තේ ඔවුන් නිසා බවද, තවත් සමහරුන්ට මේ වන විට මිලියන ගණන් ගෙවන්නට සිදු වී ඇති බව ද, රටට වින කරපු එවන් අය නැවත මේ රටේ ඉපදෙන්න එපා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවද ඔහු පවසනවා.
ආණ්ඩුව ඡන්දය මෙන්ම ජනතාවට සහන දීම හා ජනතාව ජීවත් කරවීම ද කල් දැමීමට යන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මැතිවරණය පැවැත්වුවහොත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවිය නොහැකි වන බව ආණ්ඩුවේ පිරිසක් මාධ්‍යය ඉදිරියේ පවසා සිටියද, ඔවුන්ට රුපියල් ලක්ෂ 2000 ක් වියදම් කර නිදහස් උත්සවය පැවැත්වීමට මුදල් තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.
දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රටේ පවතින විදේශ විනිමය ගැටලුවට විසඳුමක් ලෙස දේශීය මධ්‍යසාර අපනයනය ගැන අවධානය යොමු කර ඇති බවත් ඉල්ලුමක් සහිත දේශීය මධ්‍යසාර සඳහා නීත්‍යානුකූලව අවසර දීම විදේශ විනිමය ගැටලුවට විසඳුමක් වනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
දැනට දේශීය මධ්‍යසාර ලෝකයේ රටවල් 35කට පමණ අපනයනය කරන බවත් 2021 වසරේ දී දේශීය මධ්‍යසාර අපනයනය කිරීමෙන් ලද ආදායම ඩොලර් මිලියන 20ක් බවත්, 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සදහා අයවිය යුතු බදු නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයන් ආදි ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඊයේ (13) පස්වරු 4.15 වන විට පළාත් පාලන මැතිවරණය සඳහා එක් එක් පක්ෂ තැන්පත් කළ ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 18ක පළාත් පාලන ආයතනයන් සඳහා මේ වන විට පක්ෂ ඇප මුදල් තැන්පත් කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වි සාකච්ඡාවක නිරතවී තිබෙනවා.
මෙම හමුව අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද මෙම අවස්ථාව සඳහා එක්වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කර තිබෙනවා.
ඒ අනුව 2022 වසරේ ජුලි 9 අරගලය අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහස සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ.
මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස තමා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බවයි කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
රටක් ලෙස අප මුහුණ දී සිටින්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකට වුවද එම අභියෝග ජය ගනිමින් රටේ ආර්ථිකය නිවැරදි දිශාවකට ගෙන ඒමේ මාවත මෙම වසරේ අපට විවෘත වී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
