රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා. රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ රීට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව රාජ්‍ය වැටුප් ගෙවීමට පවා අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් රාජ්‍ය සේවක වැටුප් කොටස් දෙකකින් ගෙවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල යෝජනාවක්ද සම්මත කරගෙන ඇති බවද දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වයක් නිර්මාණය වී තිබියදී මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහා භාණ්ඩාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවද, ඒ හේතුවෙන් මෙරට ආර්ථික තත්ත්වය වඩාත් අයහපත් තත්ත්වයට පත්වනු ඇති බවද මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සිය දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබෙනවා.
මැතිවරණයට අවශ්‍ය මුදල් සොයාගැනීම දැඩි අභියෝගයක් – මුදල් අමාත්‍යංශ ලේකම්
-
අඹන්ගඟ කෝරලේ සජබ ප්‍රා.ස සභාපති සහ මාලිමා පා.ම පැටලෙයි…..
Read more >> -
හිටපු ඇමති චන්ද්‍රානිට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගයට දිනයක්…..
Read more >> -
නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යලි ඇරඹෙයි….
Read more >> -
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය…..
Read more >> -
විමල්ගේ නඩුවක සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගනියි…..
Read more >> -
සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳගෙන් අනාවරණයක්…..
Read more >> -
මහවැසි මැද රැස්වූ මුදල් කාරක සභාව…..
Read more >> -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය…..
Read more >> -
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
Read more >> -
නුවරඑළිය මහ නගර සභාවේ සිදුවූ මිලියන ගණනක ඩීසල් වංචාවක් ගැන හෙළිදරව්වක්……
Read more >>

