සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කරන බවයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කරන බවයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතවී තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.
ව්‍යවස්ථාවේ ඇති වගන්ති යොදා ගනිමින් විවිධ වූ සට කපට නීති ඇති කර, ශිෂ්ට සම්පන්න සම්ප්‍රදාය මුලුමනින්ම ඉවත්කර, තමන්ගේ පාලන බලය දීර්ඝ කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම්, ජනතා නැගිටීම් හමුවේ එය කළ නොහැකි බව මතක තබාගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ගේම්වලින් බලයේ රැඳී සිටීමට උත්සාහ කරන ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත්, ගේම්වලින් බලයේ සිටින අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අනිවාර්යෙන්ම ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට ඉවත් වන ලෙස මරණ තර්ජන එල්ලවී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.
මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
මෙය ඉතා බරපතළ කරුණක් බවත් මෙය මැතිවරණය කල් දැමීමේ උපක්‍රමයේ එක් කොටසක් ලෙස දකින බවයි ඔහු සඳහන් කළේ.
මැතිවරණ කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩකඩ සකස් කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට බවයි පැෆරල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.
නව අමාත්‍යවරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී තිබෙනවා.
එසේම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයාට වෙනත් අයෙකු පත්කිරීමට අවස්ථාව සලසමින් තමා මෙලෙස වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙනවා.
එම තීරණය ගෙන ඇත්තේ අද (18) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා අවස්ථාවේ දීය.
මෙම විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අණ පනත් මගින් ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එවන් කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.
එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙලෙස ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ හඬට සවන් නොදී බලහත්කාරයෙන් අණපනත් නීතී ගෙනවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක් බවයි.
එම කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු නොවන ලෙස විපක්ෂ නායකවරයා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් ඉල්ලීමක්ද කර සිටියා.
ජනතාව එකතුවිය යුත්තේ ජනවරමක් ඇති පාලනයකට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා.
වර්තමානයේ ඇති බොහෝ බදු 2020 පැවති ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවත් එම ඉක්මයෑම සිදුවී ඇත්තේ, උද්ධමනය විශාල ලෙස වැඩිවී ඇති අවස්ථාවක සහ ආදායම් විශාල ලෙස අහිමි වී ඇති අවස්ථාවක බවයි ඔහු සඳහන් කළේ.
යම්කිසි පුද්ගලයෙක් ලක්ෂ 3 ක වැටුපක් ගත් පමණින් එම මුදල ඔහුගේ අතට නොලැබෙන බවත් ඔහු එම මුදලින් නිවාස ණය ,වාහන ලීසිං වාරික සහ දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කළ පසු ඔහුගේ අතට ලැබෙන්නේ එම වැටුපෙන් කුඩා ප්‍රමාණයක් බවත් මේ වන විට රජය එම වැටුපට බද්දක් අයකර ඇති අතර මෙම බද්ද නිසා මෙරට සිදුවන විශාලතම බුද්ධිගලනය නැවැත්වීමට නොහැකි බවද අනුර කුමාර දිසානායක සඳහන් කළා.
ඒ අනුව ජනතාව මෙම බදු පැනවීම යුක්ති සහගත නොවන බවත් ජනතාව මත අසීමිත ලෙස බදු පටවන අවස්ථාවේ මෙරට ආර්ථිකය අර්බුදයට පත්කළ පුද්ගලයින් පොත් ලියන බවද ඔහු සඳහන් කළා.
නිදහස් සැමරුම වෙනුවෙන් රජය මුදල් වැය කරන බවට ඇතැමුන් චෝදනා නැගුවත් එය අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
නිදහසේ සියවන සැමරුම දක්වා වූ වසර 25කදී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙල වෙනුවෙන් නව ආයතන ගණනාවක් ඇති කිරීමට පියවර ගන්නා බවයි අද (17) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබාගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,


