මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (23) අවසන්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 න් එම කටයුතු අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අද දිනය තුළ සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත්, තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Category: politics_sub
අපිට කිසිම අභියෝගයක් නෑ, අපි වැඩ කරපු ආණ්ඩුවක් – මහින්දානන්ද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේ කිසිඳු අභියෝගයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
වත්මන් ආණ්ඩුව කතාවට පමණක් සීමා නොවූ බවත් යුද්ධය සහ කොරෝනා වසන්ගතයද අවසන් කළ ආණ්ඩුවක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ඒ හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කුරුණෑගල නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක්
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ තුෂාර සංජීව විතාරණ ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවට දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
කුරුණෑගල මහ නගර සභාවේ 2023 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ අයවැය ලේඛනය පරාජයට පත්වීම හේතුවෙන් ඔහු මෙලෙස ඉවත් කර ඇති අතර කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි – මාර්තු 09
පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීම අද (21) දහවල් 12 ට අවසන් වුනා.
ජනපති රනිල් පළාත් පාලන මැතිවරණය නම් කොහොමටවත් තියන්න ඉඩ තියන්නේ නෑ – පී. හැරිසන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිසේත් ඉඩ නොතබන බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසනවා.
ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දුන්නේ ඉතාමත් නරක පූර්වාදර්ශයක් – පාඨලී
මැතිවරණයට අවශ්‍ය මුදල් නොමැති බව කියමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් අධිකරණයට කළ දැනුම් දීම ඉතාමත් නරක පුර්වාදර්ශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
මෙය ඉදිරියේ දී ජනාධිපතිවරණයක දී පවා සිදු කිරීමට හැකි දෙයක් බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.
රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (20) දිනයේ දැනුම් දුන්නා.
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන්
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (21) දහවල් 12ට අවසන් වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ඊයේ (20) දිනයෙන් අවසන් වුණා.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදායින් අවසන් වීමට නියමිත බවත් වාර්තා වනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ ද විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් පළ වූ බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,


පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිසමට දැනුම්දෙයි
මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බවයි සඳහන් වන්නේ. මුජිබර් රහුමාන් මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2023 ජනවාරි 20 වැනිදා සිට බල පැවැත්වෙන බවද මහ ලේකම්වරයා දන්වා තිබෙනවා.
මැතිවරණයට අවශ්‍ය මුදල් සොයාගැනීම දැඩි අභියෝගයක් – මුදල් අමාත්‍යංශ ලේකම්
රාජ්‍ය ආදායම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඡන්දයට අවශ්‍ය මුදල් සොයා ගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් විය හැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා. රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ රීට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව රාජ්‍ය වැටුප් ගෙවීමට පවා අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් රාජ්‍ය සේවක වැටුප් කොටස් දෙකකින් ගෙවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල යෝජනාවක්ද සම්මත කරගෙන ඇති බවද දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා මුදල් වෙන් කිරීම අපහසු තත්ත්වයක් නිර්මාණය වී තිබියදී මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම මහා භාණ්ඩාරයට දැඩි අභියෝගයක් වනු ඇති බවද, ඒ හේතුවෙන් මෙරට ආර්ථික තත්ත්වය වඩාත් අයහපත් තත්ත්වයට පත්වනු ඇති බවද මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සිය දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර තිබෙනවා.
