වැඩබලන අමාත්‍යවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශ කිහිපයකට වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබෙනවා.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කර ඇති අතර වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කනක හේරත් පත්කර ඇති අතර වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සහ වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබෙනවා.

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ පත් කෙරේ

මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙය බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට ඒකමතික එකඟතාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය පළකර තිබෙනවා.

ඒ අනුව අද (21) දින පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති බවත් අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එසේ භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජන්ද තියන නායකයා එළෙව්වට පස්සේ ඡන්ද ගැන කතා කරලා වැඩක් නෑ – ජොන්ස්ටන්

නියමිත වේලාවට මැතිවරණ පැවැත්වූ නායකයා එළවා දැමීමට කටයුතු පිරිසක් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව ඡන්ද නියමිත වේලාවට පැවැත්වූ නායකයා එළවා දැමූ පසු මැතිවරණ ගැන කතා කිරීමේන් ඵලක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සංවිධාන කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව මෙම සතිය සඳහා අද (19) දිනයේ සිට ලබන 22 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21වන බ්‍රහස්පතින්දා සහ ලබන 22වන සිකුරාදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව අද (19) දිනයේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරණ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

වැඩබලන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් බැහැරව සිටීම හේතුවෙන් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම වැඩබලන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්,  රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රීලනිප මහලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා සාරතී දුෂ්මන්ත පත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එම පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් දැනුවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම හමුව පැවති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට වුණා.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 73 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 113 ක් හිමි වුණා.

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (08) පැවැත්වෙනවා.
ඒ අනුව අද තෙවන දිනටත් විවාදය පැවැත්වීමෙන් අනතුරුව සවස ඡන්ද විමසීමට සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

රනිල් දැන් වහාම සුරේෂ් සලෙයි සහ පිල්ලෙයාන් ගැන පරීක්ෂණයක් කළ යුතුයි – විජිත

පාස්කු ප්‍රහාරය නිශ්චිතවම බලයට ඇති කෑදරකම වෙනුවෙන් සැලසුම්සහගතව ක්‍රියාත්මක කරන ලද්දක් බව Channel 4 හෙළිදරව්වෙන් සනාථ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

එම වැඩසටහනෙන් චෝදනා එල්ලවන සුරේෂ් සලෙයි තවමත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන බවද, ඔහු එම ධුරයේ තබාගෙන පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කිරීමෙන් කිසි ඵලක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

එම නිසා රටේ ආරක්ෂක ඇමති ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම සුරේෂ් සලෙයි එම ධුරයෙන් ඉවත් කළ යුතු බවද, එසේ කිරීමෙන් අනතුරුව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවද අවධාරණය කරනවා.

එමෙන්ම අදාළ වැඩසටහනෙන් රාජ්‍ය අමාත්‍ය ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පිළිබඳවද නිශ්චිත තොරතුරු හෙළිදරව් කර ඇති හෙයින් ඔහු පිළිබඳවද පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කර යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම දෙදෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්ම කරන ලෙස ජාතික ජන බලවේගය රජයට බලකර සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.