ගාල්ල ප්රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතාපැවසුවේ ලබන වසරේ ජනවාරි මස 09 වනදාට පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණක් කැඳවිමේ හැකියාවජනාධිපතිවරයාට සතුව පවතින බවයි.

අද (18) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසූයේ පක්ෂ තීරණය නොතකා ආණ්ඩුවට එක්වන අයට ඇමති තනතුරු නොදෙන බවට ජනපති ප්ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමි වූ බවයි.

බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන්නේ නම් ඔහුව මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවයි.
 උන්වහන්සේ මේ බව කියා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ජනපතිගේ කළ ඉල්ලීමට මැදිහත්වන්නැයි ඉල්ලමින් අද දින  මහනුවර දී අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුවයි.
අනිද්දා දින නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මෙහිදී තිස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මන්ඩලයේ ජේෂ්ඨ අමාත්‍ය ධූර එක්සත් ජාතික පෙරමුණ වෙත ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම වෙනුවෙන් නිට්ටඹුව නගරයෙහි පේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්වීම් ත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීම්ට කටයුතු කර තිබෙනවා.
මෙහි දී එක්සත් ජාතික පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායකවරයා  අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එහි සේවයෙන් යුතු නිලධාරීන්ට බැනවදිමින් ඔවුන්ගේ රාජකාරිය කටයුතුවලට බාධා කර තිබෙනවා.
මෙම අවස්ථාවේ දර්ශන ප්රාදේශීය සභාවේ සවිකර තිබූ CCTV කැමරාවල ද සටහන් වී තිබුණා.
රටේ මතු වී ඇති වාතාවරනය හමුවේ රාජ්‍යඅමාත්‍යාංශවල  හිටපු අමාත්‍යවරුන් හෝ ආධාරකරුවන් කලබල ඇති කළහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය සඳහා යුද හමුදාව යෙදවීම සඳහා සීරුවෙන් තබන්න නියෝග කර තිබේ .

රජය විසින් රජයේ මුදල් පාලනය අමතක කරනවා නම්, රටකට එහි විපාක විඳීමට සිදු වෙනවා – රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකන් ගුවන්සේවය ඩොලර් කෝටි 74ක් ණය අරන් තිබේන බවත්රජය විසින් රජයේ මුදල් පාලනය අමතක කරනවා නම්රටකට එහි විපාක විඳීමට සිදු වෙන බවත් මේ වනවිට යම් මුදල් පාලනයක් ඇතිකරගෙන තිබෙන බවද  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (13) පාර්ලිමේන්තු සංකීරණයේ  පැවැති 2015 මූල්‍ය වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවෙමින් සහ කාර්යසාධනය පිළිබඳව සතුටුදායක ප්‍රතිඵල අත්කරගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන ප්‍රදානෝත්වයට සහභාගීවෙමිනි.

එහිදි වැඩිදුරටත් අගමැතිවරයා මෙසේ ද කිවේය.

පාර්ලිමේන්තුවට ප්‍රධාන කාර්යය තුනක් තිබෙනවා. එකක් නීති සම්පාදනයවිධායකයට විශ්වාසය පළ කිරීම සහ මූල්‍ය පාලනය කිරීම. මුදල් පාලනය කරන්නේ මේ කොමිටි මාර්ගයෙන්. රජයේ මුදල් පාලනය අමතක කරනවානම් රටකට එහි විපාක විඳීමට සිදු වෙනවා.

එදා පාර්ලිමේන්තුවේ මුදල් පාලනය අඩු වුණා. රට පසුගිය වසර පහ හය තුළ කඩා වැටුණා. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ පාර්ලිමේන්තුවේ මුදල් බලය යළි තහවුරු කරනවා කියල අප ප්‍රකාශ කළා.

මුදල් නීත්‍යාණූකූලව වියදම් කිරීම යහපාලනයේ කොටසක්. වර්තමානයේ එය පාලනය කිරීම අපේ කොටසක්. අප දකිනවා සමහර ව්‍යාපෘතිවලට ගෙවා තියෙන මුදල තුන්ගුණයක් විතර වටිනවා. ශ්‍රී ලංකන් ගුවන්සේවය ණය අරන් තියෙනවාතියෙන ණය මුදල ඩොලර් කෝටි 74ක්.කෝටි 40ක් ජාතික බැංකුවලට අයිතියි. කිසිම මුදල් පාලනයක් නෑ.

රාජ්‍ය මුදල් කාරක සභාවක් ඇති කළාපාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය ආරම්භ කරනවා. යම් කිසි මුදල් පාලනයක් ඇතිකරගෙන යන්නේ.ඉදිරි වසර දෙකෙ දී එය සිදුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වසර 2020වනවිට ණය බර අඩු කරලාධනභාවය වැඩිකරගන්න පුළුවන්. මේ ණය ඊළඟ පරම්පරාවට ගෙවන්න දෙන්න බෑ. ඒ පව් අප ගෙවා දමමු. මේ ප්‍රශ්නයට යහපාලනය අත ගැසුවා. අප විසඳුමක් සොයා යනවා යැයි ද අග්‍රමාත්‍යවරයා පැවසී ය.

මැතිවරණ වියදම් පාලනයට නීති සම්පාදනය කිරීමේ සැලැස්මක්

මැතිවරණ වියදම් පාලනයට නීති සම්පාදනයට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මැතිවරණ වියදම් අවම කිරීමේ අරමුණ මුලික කර ගනිමින් සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මත මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
යම් ඡන්ද විමසීමක දී යම් පක්ෂයක් හෝ අපේක්ෂයෙකු ජනතාවගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් කිසිදු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමඟින් ජනතා කැමැත්තට යම් සැළකිය හැකි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඒ සඳහා මෙම තීරණය ගනු ලැබූ බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බව අමාත්‍යවරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම ජනවාරියේදී

පළාත් පාලන මැතිවරණය එළඹෙන ජනවාරි මාසයේ දී අනිවාර්යයෙන්ම පැවැත් වෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ජනතාවට පිළිතුරු දිය හැකි ලෙස කොට්ඨාශ ක්‍රමය හා මිශ්‍ර ක්‍රමයක් යටතේ කඩිනමින් මැතිවරණයක් වෙත යෑම තමන්ගේ ද ඉල්ලීම වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පළාත් පාලන මැතිවරණය සීමා නිර්ණය කිරීම මාස 4ක් ඇතුළත පනතට අනුව සිදු කළ යුතු බවත් ඉන් පසු මැතිවරණයක් වෙත යොමු විය හැකි බවත් ඔහු සඳහන් කළේ

වහාම තනතුරින් ඉල්ලා අස්වී ගෞරවාන්විතව ගෙදර යන්න – මැ.කො.මහින්ද දේශප‍්‍රිය

ආණ්ඩුව මැතිවරණ පැවැත්විමට ඉඩ නොදෙන්නේ නම් එ්බව රට හමුවේ ප‍්‍රකාශ කර සත්‍යවාදී බව තහවුරු කොට වහාම තනතුරින් ඉල්ලා අස්වී ගෞරවාන්විත මිනිසෙකු ලෙස ගෙදර යන ලෙස මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අභියෝග කරන බව ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
 
කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මැතිඳුන් කියන අන්දමට ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට තීරණය කරන තුරු කොමිසමට කල හැකි දෙයක් නැත්නම් කොමිසම හා කොමිෂමේ සභාපතිවරයා වැනි අය මහජන මුදලින් නඩත්තු කරන්නේ කුමටදැයි එම නිවේදනයෙන් ප‍්‍රශ්න කර ඇත.
 
ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමමින් සිටීම තමන්ට ද මහා ප‍්‍රශ්නයක්ව ඇති බව කියන්නට මැතිවරණ කොමිසමේ බලධාරියා ගන්නා උත්සාහය තම තනතුර රැක ගැනීමට කරන රංගනයක් මිස සත්‍ය නොවන බව ජනතාව මේ වන විට තේරුම් ගෙන ඇති බැවින් ‘මට කියන්නේ ගිනි තියාගන්නද’ වැනි අතිශය බොළඳ, භාවතිෂ ප‍්‍රකාශ නිකුත් කිරීමද ආණ්ඩුවේ සැලසුමේ ම දෙබස් බව ජනතාවහොදින්ම දන්නා බවද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.
මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට සූදානම් යැයි කියන්නේ එළැඹෙන වසරේ දෙසැම්බර් මාසය වන තෙක් මැතිවරණ නොපැවතුනහොත් බව කියන ප‍්‍ර‍්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මැතිවරණ නැතැයි නාහෙන් හඩමින් කොමිෂමේ නිල කාලය අවසන් වන එළැඹෙන දෙසාම්බරය දක්වා තනතුරේ රැුදි සිටීමට බවත් එම නිවේදනයෙන් කියැවෙයි.
 
ඊනියා යහපාලන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී , නිර්ලජ්ජිත. බල ලෝභී ක‍්‍රියාදාමයේ කොටස් කරුවෙකු යැයි මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට චෝදනා කර ඇති එම නිවේදනයේ් ජනාධිපතිවරණය සමයේ ඡුන්ද නාමලේඛණය කඩි මුඩියේ ප‍්‍රකාශයට පත් කිරීම, මැතිවරණ අක‍්‍රමිකතා සිදුවිය හැකි බවට එකළ ඔහු කළ ඉඟි ආදියෙන් දැක්වූ සේවය වෙනුවෙන් සන්තෝෂම ලෙස ලැබි ඇත්තේ විශ‍්‍රාම වයස පසු කළ වහාම ඊනියා ස්වාධින මැතිවරණ කොමිෂම ස්ථාපිත කර එහි සභාපතිවරයා ලෙස පත් කිරිම යැයිද වැඩි දුරටත් සදහන් කර ඇත.