මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා’ – ප්‍රසන්න කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘පොහොට්ටු’ පක්ෂය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්ව ඇතත් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට හෝ ඔහුට සමීප කිසිවකුට මනාපය ලබා නොදෙන්නැයි කාර්මික

අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග ඉල්ලා සිටියි.

රාජපක්ෂ පවුලට වඩාත් සමීප පුද්ගලයකු ලෙස සැලකෙන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම ඉල්ලීම සිදුකළේ මිනුවන්ගොඩ විගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේ ද කීවේය.

“මම හොද ශ්‍රී ලංකා කාරයෙක්. හැබැයි මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ එල්ලුවාට පස්සේ අපි ඒ පක්ෂයෙන් ඉවත් වෙලා නියම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සහිත නව දේශපාලන පක්ෂයක් ගොඩ නැගුවා. අපේ නායකයා මහින්ද මහත්තයා.

මේ පක්ෂය හදනකොට මෛත්‍රී අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දනවා බවට තර්ජනය කළා. අපිව පක්ෂ සංවිධායක ධූර වලින් ඉවත් කළා. අපෙන් පළිගන්න බොරු නඩු පැටලෙව්වා. අදටත් අපි ඒ නඩු වලට යනවා. එහෙම කරලා බැලුවේ අපිව නවත්තන්න. හැබැයි ජනතාව හිටියේ අපිත් එක්ක.

රටටත්, පක්ෂයටත් කරපු විනාශයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වග කිව යුතුයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවන්න ශ්‍රීලනිපය එකතු වුණු බව ඇත්ත. ඒත් මේ මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේනව එකතු කර ගැනීම මා පෞද්ගලිකව විරුද්ධයි. ඔහුට අපේක්ෂකත්වය දුන්නු එක වැරදියි.

මෛත්‍රී හැමදාම කළේ පාවා දීම්. කොයිවෙලේ ඔහු අපිව පාවා දෙයි ද මට නම් සැකයි. ගියපාර ජනාධිපතිවරණයේ දී මෛත්‍රී වචනයක් කථා කළේ නෑ. යටින් උදව් කළේ සජිත්ට.  ඒ නිසා අපිට සැකයක් තියෙනවා ඔහුගේ කණ්ඩායමක් දිනවගෙන අපිට කිසියම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මම කිව්වේ මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා.”

මේ මැතිවරණයේදී අපි බලය ඉල්ලනවා මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න – ඥානසාර හිමි

මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න මේ මැතිවරණයේදී බොදු බල සේනා සංවිධානය ජනතාවගෙන් බලය ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව අපේ ජන බල පක්ෂයෙන් කොඩිය ලකුණ යටතේ සියලු ජාතික බලවේග එකතු කරගෙන මෙවර මැතිවරණයට තමන් වහන්සේ ඉදිරිපත් වෙන බව උන් වහන්සේ අවධාරණය කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි.

අපේ මුතුන්මිත්තන් උප නූපන් දරුවන්ට දිනාදුන් වටිනාකම් ආරක්ෂා කර තැබීම වෙනුවෙන්, මේ දිනූ ජයග්‍රහණය කෙලෙසන්නට ඉඩ නොදී එය ආරක්ෂා කරදීම වෙනුවෙන් ජාතිකවාදී වැඩපිළිවෙළක් මේ රට ඉල්ලා සිටි මොහොතක තමයි විවිධ තැන්වල බෙදිලා විසිරිලා වෙන්ව වැඩ කරපු මේ සියලු බලමුළු අද එක රොදකට ගොනු උනේ. අපිට උවමනයි මේ මහ මැතිවරණයේදී දැයම එක රොදකට ගොනු කරල වට්ටපු ජාතික නැගිට්ටවන්න. ඒ වගේම, නිදහසෙන් පස්සේ මේ මාරුවෙන් මාරුවට රට කරපු දේශපාලන ව්‍යාපාරය වෙනුවට අලුත් වැඩපිළිවෙලකට මේ රට යොමුකරවන්න අපිට උවමනායි. ඒ නිසා මේ මහ මැතිවරණයේදී මොනතරම් දුෂ්කරතා වුනත්  සිංහලයාගේ ආරක්ෂාව වෙනුවෙන් සහ සිංහලයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් අපට උවමනායි මේ බලය අභ්‍යාස කරන්න.

2012 ඉඳලා මේ රට ගිලගනිමින් සිටින ඉස්ලාමීය උන්මත්තක අන්තවාදය ගැන කතා කරා. සාක්ෂි සාධක ඇතිව සහරාන්ගේ පුපුරවා ගැනීම දක්වා මේ වගේ සිද්ධියක් ඇති වෙන්න පුළුවන් මොනයම් හෝ වෙලාවක කියලා පෙන්නල දුන්නා. දැන් මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාස කිහිපයක් ගතවෙලා තිබෙනවා. මොකද්ද  අරගෙන තියන ක්‍රියාමාර්ගය? අවම තරමින් හැට නම ලක්ෂය පැත්තකින් තියමුකෝ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය තුන්සිය ගණනකට වත් සාධාරණය ඉෂ්ට කරාද? මේ ත්‍රස්තවාදය… උන්මත්තක අන්තවාදය පෝෂණය කරපු, ඔවුන්ට වැඩෙන්න දේශපාලනිකව සහයෝගය දුන්නු එක පුද්ගලයෙක් ටවත් නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. අවම තරමේ එක දවසකට වත් සිරගත කරන්න පුළුවන් වෙලා නෑ. ඒව තවමත් කතා විතරයි.

අපිට මේ රටේ සමස්ත මුස්ලිම් ප්‍රජාව සමග ගැටුමක් නෑ. ස්වදේශික සාම්ප්‍රදායික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මිනිස්සු අපේ මිනිස්සු. පහුගිය කාලේ ආණ්ඩු කරපු හැම පක්ෂයක්ම වග කියන්න ඕනේ මේ රටේ සමාජ බෙදුම්වාදය බරපතළ විදිහට ගොඩනැගෙන්න දුන්නට. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා.. අනතුර අපි කලින්ම පෙන්නල දුන්නා… ඒ කියපු විදිහටම ඒ අනතුරු මේ මහ පොළොවේ යථාර්ථයක් වුනා. ඒ අනතුරෙන් මුදවා ගැනීම සඳහා නීති අණපනත් හදන්න අවශ්‍යයි. ඒ නීති අණපනත් හදන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ වෙනුවෙන් අරගල කරන්න අපිට එතැන නියෝජනය වෙන්න අවශ්‍යයි. අපි අවුරුදු කීයක් තිස්සේ සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව වෙනුවෙන් අණපනත් සකසන්න කියලා කතා කරලා තියෙනවද? එක පනතක් සම්මත කර ගන්න බැරි වුණා. මේ පාර්ලිමේන්තුවේ එක පනතක් වත් සම්මත කර ගන්න බැරි වුණා.

ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ ඉන්න අයගේ ලැයිස්තු ටික අරගෙන බැලුවාට පස්සේ පේනවද  මේ රටේ හැම මිනිසෙකුගේම මුහුණුවලට හිනා මල් කැන්දන්න පුළුවන්  වැඩපිළිවෙලක් එක්ක ජාතික ප්‍රතිපත්තියක් සෑදිය හැකි කවුරුත් ඉන්නවා කියලා? හොරකම වංචාව දූෂණය ගැන කතා කරනවා. ඒවා නවත්තන්න පුළුවන් ඒවා ජීවන භාවිතාවේදී  අභ්‍යාස කරපු මිනිස්සු ටිකක් ඉන්නවද?  බැලින්නම් අර පරණ බඩු සෙට් එකමයි ඉන්නේ. මේ පරණ සෙට් එකම තෝරලා ආපහු පාරක් පාර්ලිමේන්තු යවන්න නම් කෝටි 600ක් 700 ක් වියදම් කරලා ඡන්දයක් තියන්න ඕනෙද? පරණ ටිකම නං යන්නෙ ඒගොල්ල නම් දැනටමත් ඉන්නේ මෙච්චර කාලයක් ඒගොල්ලෝනම් කෙරුවේ උඹලම බෙදාගෙන කාපල්ලා කියලා ඡන්දෙ නොතියා හිටිය නං ඉවරයිනේ.

නමුත් අපි දැකපු දේ තමයි ජනාධිපතිවරණයේදී මේ රටේ සාතිශය බහුතරයක් සිංහල මිනිස්සු කල්පනා කළේ මේක තමයි ජාතියට ලැබෙන අවසාන අවස්ථාව කියලා. මිනිස්සු බඩ ගැන හිතුවේ නෑ.. මොනවත් ඉල්ලුවෙත් නෑ.. කොන්දේසි විරහිතව අපිට අපේ රටේ ජාතික ආරක්ෂාව හදාගන්න පුළුවන් නායකයෙක්, නිර්දේශපාලනික අපේක්ෂකයෙක් ඕනි කියලා ජනාධිපති කෙනෙක් පත් කර ගත්තා. ඔහුගේ දේශපාලනික භාවිතා පිළිබඳව අපිට තර්කයක් නෑ. ඔහු මේ දක්වා රටට කරලා තියෙනවා හැමෝටම වඩා වෙනස් දෙයක්. නමුත් ඔහුට මේ රටේ නීති හදන්න බෑ තනියම. ඒකයි අපි තරග කරන්නේ. නීති හදන්නෙ පාර්ලිමේන්තුවේදී. ඒක නිසා පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා සියලු ජාතික බලවේග එක රොදකට ගොනු කරල අපි ඉල්ලනවා බලය ඉල්ලනවා.  මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න. ඊට අදාළ අණපනත් ටික හදාගන්න. ඒවට බලපෑම් කරන්න පුළුවන් කිහිප දෙනෙක් මෙතන ඉන්න ඕනේ. අපිට ජාතික අභිලාෂය වැදගත්. අපි වෙන වෙන පාරවල් වලින් ආවත්, අපි මොන පාට සිවුරු ඇන්දත්, එකක්වත් වැදගත් නෑ. අපිට අපේ ජාතික අභිලාෂය තමයි වැදගත්. ඒ නිසා අපි ඒ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවාර්යයෙන්ම ඕනෑම අභියෝගයට එරෙහිව ඒ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා හැමෝම එකාවන්ව එක්සිත්ව වැඩ කරනවා.

Samagi Jana Balawegaya party office opened in Kotte

The main office of the newly formed Samagi Jana Balawegaya was declared open in Kotte today.
Samagi Jana Balawegaya leader Sajith Premadasa and others in the new alliance attended the opening.
Speaking at the opening ceremony, Premadasa noted that the United National Party Working Committee had endorsed the new alliance and also supported him being appointed as the leader of the alliance.
He said that the new alliance will push for democracy and clean politics.
Premadasa invited political parties and politicians, including UNP leader Ranil Wickremesinghe to join the new alliance.
“Our doors are open to all,” he said.
Premadasa said that no one needs to fear anyone and assured that the Samagi Jana Balawegaya will ensure democracy in the alliance

මගේ කුඩුවේ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ – හිටපු ජනපති

තමන් සෑදු කුඩුවල අනුන්ට බිත්තර දැමීමට ඉඩ නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටිනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ චීනය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලබාදුන් වකුගඩු රෝහලට පත්වීම් ලබා දීමට රජයේ ඇතැම් පුද්ගලයින් සිදුකරනු ලබන මැදිහත්වීම් වලට පිළිතුරු දෙමින්.

” මෙම රෝහල චීනය විසින් තමන්ට ලබාදුන් තෑග්ගක්. මමයි ඒ රෝහලට පත්වීම් ලබා දෙන්නේ. දේශපාලන අවශ්‍යතාවයන් අනුව ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව පත්වීම් දෙන්න බැහැ. මම හදපු කුඩුවල බිත්තර දාන්න ඉඩ දෙන්න නැහැ” යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

රනිල් අඩියක් පස්සට : සජිත් සමග අවබෝධතා ගිවිසුමකට

අඩියක් පස්සට තබා ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සමග සාකච්ජා කිරිමට තමන් සුදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද සවස රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කර ගනිමින් ජාතික සමගි ජනබලවේගය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමේ වගකීම නීතිඥ මන්ඩලයක් වෙත භාර කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසරය හිමිව ඇත.

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය පත් කිරිමට සහ එය අනුමත කිරිමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සමගී ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ කබීර් හෂීම් ඊට අයත් වනවා.

සමන් දින 6ක් පාර්ලිමේන්තු ගොස් ලක්ෂ 120ක වාහන පර්මිට් එකක් ගනී

සමන් රත්නප්‍රිය මහතා ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිකයකු බව අමුතුවෙන් පැවසිය යුතු නැත. පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ රත්නප්‍රිය මහතා මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ 2015 ජනාධිපතිවරණය සමයේදීය. කෙසේ වෙතත් පසුගිය කාල වකවානුවේදී ශ්‍රී ලංකාවේ බොහෝ සමාජ ක්‍රියාකාරිකයන්ගේ පැහැදිලි නිහඬ බවක් දක්නට ලැබිණි. එවැනි පසුබිමක රත්නප්‍රිය මහතා නැවත වරක් කතාබහට ලක් වූයේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වීමත් සමඟිනි. ඒ ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙනි.
සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සිදු කෙරුණේ ඉකුත් ජනවාරි 23 වැනිදාය. ඒ මහතාගේ දිවුරුම් දීම සිදුවූයේ ඉකුත් පෙබරවාරි 05 වැනිදාය. දිවුරුම් දී දින කිහිපයකට පසු නැවත වරක් සමන් රත්නප්‍රිය මෙරට තුළ කතාබහට ලක්වන පුද්ගලයකු බවට පත් වී ඇත. ඒ තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඒ මහතා සූදානම් වන බවට පළ වූ පුවත සමඟින්ය. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් හිමි වන බව සියලුම දෙනා දන්නා කාරණයක් වුවද, රත්නප්‍රිය මහතා වාහන බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීම දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත. ඒ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන කාලය මතය. එමෙන්ම රත්නප්‍රිය මහතා සමාජ ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් එම අවධානය දෙගුණ තෙගුණ වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සමන් රත්නප්‍රිය මහතා දිවුරුම් දුන් සිට මේ දක්වා පාර්ලිමේන්තුව රැස් වී ඇත්තේ දින හයක් පමණි. මාර්තු මස 02 වැනි දිනට පෙර ජනාධිපතිවරයාට ලැබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් රත්නප්‍රිය මහතා සමස්ත පාර්ලිමේන්තු කාලය පුරාම ඒ සඳහා වැය කළ දින ගණන වන්නේ 06ක් පමණි. දින 06ක් පමණක් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකු තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම කෙතරම් යුක්ති සහගතදැයි බොහෝ දෙනකු විමසන්නේ රත්නප්‍රිය මහතා පසුගිය කාලය පුරා දූෂණය, වංචාව සහ නාස්තියට එරෙහිව නැඟූ හඬද, නැවත ආවර්ජනය කරමිනි.
වාර්තා වන ආකාරයට සමන් රත්නප්‍රිය මහතාට ලැබෙන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 65,000කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වේ. නවක මන්ත්‍රීවරයකු ලෙස තමන්ට හිමි වාහන බලපත්‍රය සඳහා රත්නප්‍රිය මහතා කළ ඉල්ලීම මේ වන විට අනුමත වී තිබෙන බවද පසුගිය වාර්තා විය. මේ පිළිබඳව අප කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියකුද ඒ බව තහවුරු කළ අතර මේ වන විට රත්නප්‍රිය මහතා නිල වශයෙන් වාහන බලපත්‍රයට හිමිකම් කියන බවද එම නිලධාරියා තහවුරු කර සිටියේය. කෙසේ නමුත් දින හයක් පමණක් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකුට වාහන බලපත්‍රයක් ලබා දීමේ යුක්ති සහගත බව සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් එම නිලධාරියා සඳහන් කළේ පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාද ඒ පිළිබඳ පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් නැවත විමසීමක් කළ බවය. එහෙත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සියලුම මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය සඳහා හිමිකම් කියන බවත්, එක් දිනක් හෝ පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයකුට වුවද, එම වරප්‍රසාද හිමිවන බැවින් රත්නප්‍රිය මහතා ඒ සඳහා සුදුස්සෙක් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම අනුමැතිය ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කර ඇත.
මෙතරම් විවේචන මධ්‍යයේ එක්කෝටි විසි ලක්ෂයක් වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගෙන්ද කරුණු විමසූ අතර ඒ මහතා සඳහන් කළේ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට හිමිවන සියලු වරප්‍රසාද තමාටත් හිමිවන බවය. “මම අවුරුදු 27ක් ජනතාව වෙනුවෙන් දේශපාලනය කරලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වුණාට පස්සේ අනෙක් මන්ත්‍රීවරුන්ට හිමිවන සියලු වරප්‍රසාද, සියලු අයිතිවාසිකම් සමන් රත්නප්‍රියටත් හිමියි. එහෙනම් අනෙක් මන්ත්‍රීවරු වාහන ගන්න එක ප්‍රශ්නයක් නොවෙන්නත්, රත්නප්‍රිය වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් වෙන්නත් බැහැ. හැමෝටම ඒ දේවල් පොදු වෙන්න ඕනේ.” නමුත් රත්නප්‍රිය මහතාට විවේචන එල්ල වන්නේ සීමිත දින ගණනක් පමණක් පාර්ලිමේන්තු ගොස් බලපත්‍රය ලබා ගැනීම නිසාය. එම විවේචන සම්බන්ධයෙන් රත්නප්‍රිය මහතාගේ පිළිතුරු මේ ආකාර විය.
මෙච්චර කාලයක් ජනතාවට සේවය කරලා මම මේ වාහනය ලබා ගන්නේ මගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් නෙවෙයි. ඒ හරහා තවදුරටත් ජනතාවට සේවය කරන එක තමයි මගේ බලාපොරොත්තුව. මම දශක දෙකකට වැඩි කාලයක් අඛණ්ඩව දේශපාලනයෙහි නියැළිලා ඉන්නවා. ඒ වගේම මම ඉදිරියටත් දේශපාලනයේ නියැළෙනවා. ජනතාවට සේවය කරනවා. ඒ හින්දා ඒකට කාටවත් වැරැද්දක් කියන්න බැහැ.”
තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව හෝ නොවන බව මෙතෙක් තීරණය කර නැති බව පැවසූ රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ කෙසේ වෙතත් ඉදිරියටත් තමන් කොයි ආකාරයෙන් හෝ අඛණ්ඩව දේශපාලනයේ නියැළෙන බවය. තමන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රචාරයක් ලබා දීම පිළිබඳ රත්නප්‍රිය මන්ත්‍රීවරයා මාධ්‍යයටද චෝදනා එල්ල කළේය.
මේ රටේ තීරුබදු රහිත රාජ්‍ය සේවකයන් 40,000කට වැඩියෙන් ඉන්නවා. වෛද්‍යවරු, පරිපාලන අංශයේ නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරු ඒ අතර ඉන්නවා. ඒ අය අවුරුදු පහෙන් පහට බලපත්‍ර මාරු කරනවා. හැබැයි මාධ්‍යයට ඒවා පේන්නේ නැහැ. හැබැයි මෙච්චර කාලයක් ජනතාවට සේවය කෙරුව සමන් රත්නප්‍රිය වාහන බලපත්‍රයක් ගත්ත එක ගැන තමයි මාධ්‍යය ලොකුවට කතා කරන්නේ. මේ රටේ මාධ්‍ය සදාචාරය ඒ වගේද කියලා එතැනදි ප්‍රශ්නයක් එනවා.” ඒ රත්නප්‍රිය මහතාගේ පිළිතුරය. දින හයක් පමණක් පාර්ලිමේන්තු ගොස් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා වාහන බලපත්‍රයක් මිලදී ගැනීමට වඩා ඒ ගැන ප්‍රශ්න කිරීම සදාචාර විරෝධීද? එම ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ ජනතාවය.

Rosy’s son joins Sajith’s alliance to contest from Colombo

osy’s son joins Sajith’s alliance to contest from Colombo
Colombo Mayor Rosy Senanayaka’s son Kanishka Senanayake has joined the new alliance led by United National Party (UNP) Deputy Leader Sajith Premadasa to contest the Parliamentary election.
Kanishka Senanayake will seek nominations from the Samagi Jana Balavegaya to contest from the Colombo District.
Previously Kanishka Senanayake has served on the board of Mobitel and Sri Lanka Telecom.

යෝෂිත අම්පාරෙන්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඉදිරි මහමැතිවරණය තරග කිරීමේ සුදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. දැනට සේවයේ යෙදී සිටින නාවික හමුදා සේවයෙන් ඉවත් වීම සදහා ඉල්ලුම් කර ඇතත් මේ වන තෙක් ඊට අනුමැතිය ලැබී නැති බවද Boston වාර්තා වෙයි.

ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සදහා පූර්ව සූදානම් කටයුතුවල නිතර වන්නේ යයිද එම වාර්තාවන් පවසනවා.

කෙසේ නමුත් මේ පිළිබඳ පොදුජන පෙරමුණේ ප‍්‍රධානියෙකුගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ එවන් කිසිදු සූදානමක් මේ වනතුරු නොමැති බවයි.

SLFP rebels invited to join Sajith’s coalition

United National Party (UNP) Deputy Leader Sajith Premadasa has invited the Sri Lanka Freedom Party (SLFP) to join the newly formed alliance “Samagi Jana Balavegaya” or United National Power, led by him.

The UNP-led alliance was recently formed in view of the General Elections.
Premadasa had extended the invitation during discussions with a group of SLFP members, including Kumara Welgama, over the weekend.
UNP MP Harin Fernando told Colombo Gazette the “Samagi Jana Balavegaya ” was confident that a large group of SLFPers will join the UNP-led alliance.
A number of SLFP councilmen are among those who are set to join the “Samagi Jana Balavegaya” , he said.
MP Fernando added that Sajith Premadasa is reportedly set to make an official announcement in this regard to the media tomorrow (25).

තිස්ස නුවරින් සජිත්ගේ සංධානයෙන් වැඩ පටන් ගනී

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහා ලේඛම් තිස්ස අත්තනායක මහතා ඉදිරි මැතිවරණය සඳහා මේ වන විට සිය මැතිවරණ කටයුතු ආරම්භ කර ඇත.
Boston කළ විමසීමට පිළිතුරු දෙමින් හිටපු මහ ලේඛම් වරයා පැවසුවේ පාක්‍ෂිකයන්ගේ වැඩි කැමැත්ත අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සංධානය පෙරට ආ යුතු බවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය උදෙසා අනිවාර්යෙන් එජාපයේ සියල්ලන් එකට එකතු වේයැයි තමන් විශ්වාස කරන බවද ඔහු පවසයි. එමෙන්ම මේ වන විට ලකුණ සම්බන්දයෙන් මතුවී ඇති ගැටළුව සම්බන්දයෙන්ද අදහසක් දක්වමින් තිස්ස අත්තනායක මහතා පැවසුවේ මැතිවරණය ප්‍රකාශ වීමෙන් සතියක් ඇතුළත ඒ සම්බන්දයෙන් මැතිවරණ කොමසාරිස්වරයා  නිශ්ශිත පිළිතුර ලබා දෙනු ඇති බවත් ලකුණ සම්බන්දයෙන් පවතින ගැටළු නීතිමය තර්ක සතියක් ඇතුලතදී විසදෙන බවත්ය
හංසයා  හිමිකාරිත්වය රවී කරුණානායක මහතාට  හංසයා ලකුණ තුල නායකත්වය ලැබිය යුතු ඔහුට බව අප පසුගියදා වාර්තා කළෙමු. කෙසේ වෙතත් මෙයට පිළිතුරු  අත්තනායක මහතා පැවසුවේ ” අපි ඉල්ලන්නේ ප්‍රජාත්‍රන්තවාදී පක්ෂය නෙමෙයි. හංසයා ලකුණ. මම  හිතනවා ඔවුන් හංසයා ලකුණ  ජාතික සමගි බලවේගයට  දීමට ප්‍රජාත්‍රන්තවාදී පක්‍ෂය අත හරියි කියලා.” යනුවෙනි.
තිස්ස අත්තනායක මහතා නුවරින් තරඟ කරන අතරේ ඒ අනුව අත්තනායක මහතාගේ මැතිවරණ කාර්යාලය ඊයේ නුවර කටුගස්තොට විවුර්ත කෙරිණි.

By Ashanthi Warunasuriya