දර්ශනගෙන්, ඩයනාගේ විදේශ ගමන් බලපත්‍රයට එරෙහිව CIDයට පැමිණිල්ලක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කූට ලේඛන සකස් කර රාජකාරී ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඟවා රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අදාළ ව්‍යාජ ලේඛන සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම දැන් පැවරී ඇත්තේ ආගමන විගමන පාලකවරයාට බවද මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ජාතියේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා – පාලිත රංගේබණ්ඩාර

පැවැත්වීමට සුදුසුම මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා.

ඒ අනුව එම ජනාධිපතිවරණයේ ජාතියේ අපේක්ෂකයා ලෙස සහ ජාතිය බේරාගැනීමට හැකි එකම අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ඇති බවත් ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේදී ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රට ‌ගොඩ ගන්න මිලියන 14.1ක් වියදම්කර IMF ගිය නන්දලාල්

ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට පටි තදකර ගැනිම සදහා උපදෙස් දෙන, ජනාධිපති ගෝඨාභයගේ මහ බැංකු අධිපතිගේ IMF සංචාරයේ වියදම් අනාවරණය වෙමින් තිබේ. LNN දේශපාලන වාර්තාකරු සදහන් කළේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා යටතේ ගෝඨාභය ජනාධිපතිවරයා විසින් අමෙරිකාවේ, වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර
මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී කල කණ්ඩායමේ වැඩිම වියදමක් දරා ඇත්තේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් බවයි.

අප්‍රියෙල් 18 වනදා පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර දින 05ක කාලයක්
සාකච්ඡා පැවැත්වූනා. ඒ සදහා එවකට මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු
අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් කේ.එම්.එම්
සිරිවර්ධන ඇතුළු විශේෂඥ කණ්ඩායමක් එක්වු අතර එම කණ්ඩායම සදහා දරා තිබුන මුළු වියදම රුපියල් මිලියන 14.1ක්.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් සිය ගුවන් ගමන සදහා ලක්ෂ 24ක් වියදම් කර ඇති අතර ඔහුගේ ඇදුම්,ආයිතම් (Out-Fit) වෙනුවෙන් හයලක්ෂ විසිතුන්දහසක (623,000) මුදලක් වියදම් කර තිබේ. මිට අමතරව ඔහුගේ හෝටල් බිල මිලියන 1.3 ඉක්මවා ගොස් ඇති අතර අමතර වියදම් සදහාද මිලියන 4කට වඩා භාවිතා කර තිබේන බවද වාර්තා වේ.

ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට නොකා නොබි අරගල කරන්න සුන්දර කතා කියන නන්දලාල් ගුවනේ යෑමටම පමණක් ලක්ෂ 24ක් වියදම් කර හමාරය. අදින්න ඇදුම් නැති නන්දලාල් IMF යැමට ලක්ෂ 6ක් ඉක්මවා ඇදුම් ගත්තේ ඇයිද යන්න රටේ ජනතාව ප්‍රශ්ණ කලයුතුය.පාන් රාත්තලක් ගැනිමට නොහැකිව තම දරුවන් සමග බඩගින්නේ නිදියන ජනතාව් සිටින රටක ලක්ෂ 6ක් යනු සොච්චම් මුදලක් නොවනු ඇත.ඒ අනුව බැලුකල නන්දලාල් ලා සහ රාජපක්ෂලා අතර ඇත්තේ කෙස්ගහක පමණ වෙනසකි.

උන්ඩියෙල් ජාවාරම!

උන්ඩියෙල් ජාවාරම රාජපක්ෂලාගේ ව්‍යාපාරයක් බවත් හිටපු මහ බැංකු
අධිපතිවරයා ද ඒ පසුපස සිටි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක
ලේකම් දුමින්ද නාගමුව පසුගියදා අනාවරණය කර තිබුනා.අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

නන්දලාල් වීරසිංහ අපුරුතම සංචාරයේ සියලුම වියදම් සම්බන්ධයෙන් වහාම රටට අනාවරණය කරන ලෙස තොරතුරු දැන ගැනිමේ පනතට අනුව ඉල්ලා සිටිමට මේ වනවිටත් කටයුතු කරමින් සිටි.

මේ ්ගලික වියදම් රැසක් දරා ගනිමින් රටේ ජනතාව විදින දුක් වෙනුවෙන්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල IMF සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්විමට මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් ඇමති සහ පිරිස සමත් වුයේ නෑ.”ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු ය,” යනුවෙන්

මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල්
අමාත්‍යාංශ නව ලේකම්වරයා ලෙස කේ. එම්. එම්. සිරිවර්ධන ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ අතින් අප්‍රේල් 7 දා පත්වීම් ලබා ගත්හ.

නන්දලාල්ගේ කුජීත මාධ්‍ය මෙහෙයුම!

හිටපු මහ බැංකු අධිපති වන කුප්‍රකට සොරෙකු වන අජිත් නිවාඩ් කබ්‍රාල් ජනතා
අප්‍රසාදය හමුවේ ඉල්ලා අස්වීමෙන් පසුව ඔහුගේ ඉතිරි ධුර කාලය සඳහා ආචාර්ය
වීරසිංහ පත් කල අතර ජූලි පළමු වැනිදා එම ධුර කාලය නිමාවිමට නියමිතයි.
පවතින තත්ත්වය හමුවේ අධිපති ධුරයේ රැදී සිටිම නන්දලාල් විවිධ
ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ජනතා ප්‍රශ්ණ විසදිම පසෙකලා තනතුර වෙනස්
නොවී තබා ගැනිමේ මෙහෙයුම් දියත් කර තිබෙන බවයි LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

තත්ත්වය එසේ පවතිද්දී තමන්ගේ කඩතොලු වසා ගැනිම සදහා මහ බැංකුවේ විශ්‍රාම ලත් විධායක නිලධාරීන්ගේ සංසදය ඇතුලු විවිධ සමාජ ජාලා මාධ්‍ය කරුවන් භාවිතාකරමින් ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව තමන් ඉවත් කිරිමට යන බවට පුවත් පලකිරිමට නන්දලාල් කටයුතු කර තිබේ.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක්
ඇති බව මහ බැංකුවේ විශ්‍රාම ලත් විධායක නිලධාරීන්ගේ සංසදය පවසයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංසදය පවසන්නේ මෙම ඉවත් කිරීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව බවත්, එය නැවැත්වීමට වහාම කටයුතු කරන ලෙසත්ය.

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ අතර විරසකයක් ඇති බවට පළවන ඇතැම් වාර්තා තරයේ ප්‍රතික්ෂේප
කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් අවධාරණය කර තිබේ. රටේ ආර්ථික ප්‍රශ්ණ කප්පරකට ගොඩගැසී තිබේන අවස්ථාවක සමාජ ජාලා හරහා විවිධ අසත්‍ය පුවත් මවමින් එවාට එවාට මහ බැංකු නිළ සමාජ ජාලා හරහා පිළිතුරු සැපයිම ගුජුප්සාජනක බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙලිවූ කෝටි ගණනක වංචාව

කෝප් කමිටුව මගින් පසුගියදා (07දා) ආයතන කිහිපයක සිදුකළ විමර්ශනයකදී
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකළ ගෙවීමක පරස්පරතාව සම්බන්ධයෙන්
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු
මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත
සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී ‍ඖෂධ තොග කළමණාකරණ පරිගණක පද්ධතිය සම්බන්ධව විමර්ශනය සිදුකළ අතර ඒ සඳහා එවකට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය රත්නායක විසින් ඉදිරිපත් කොට තිබූ ඊට අදාල කරුණු පාදක වූ බවද සභාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධ පෞද්ගලික පාර්ශ්වයක් වූ ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ්
නම් සමාගම විසින් කෝප් විමර්ශනයේ වැරදි සහගත බවක් ඇතැයි මාධ්‍ය වෙත කරුණු දක්වා ඇති අතර ඔවුන්ගේ ස්ථාවරය 2022 ජූනි 03 වැනිදින කාරක සභාව වෙත ලිපියක් මගින් ඉදිරිපත් කර තිබේ.

සභාපතිවරයා පැවසුවේ, ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ලිමිටඩ් දක්වා ඇති පරිදි
ඔවුන් ඉහත පද්ධතිය වෙනුවෙන් ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන
223,120,458.73ක් බවයි.

එමෙන්ම මේ සම්බන්ධව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් කොප් කමිටුව වෙත
දක්වා ඇති ලිඛිත ස්ථාවරය අනුව ඊ විස් ඉන්ෆොමේෂන් සිස්ටම් ආයතනය වෙත
රුපියල් මිලියන 458,591,910.6ක් ගෙවා ඇති බවත් ඊ විස් සොලියුෂන්
ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන 66,176,348.98ක් ගෙවා ඇති
බවත් සඳහන් බව සභාපතිවරයා පැවසීය.

ඒ අනුව මුළු එකතුව රුපියල් මිලියන 524,768,259.4ක් ගෙවා ඇති බව සඳහන් කොට තිබේ.

කෝප් සභාපති චරිත හේරත් මහතා මෙම වාර්තා දෙකම සභාගත කළ අතර මේ පිළිබඳ වි‍ශේෂ පරික්ෂණයක් පැවැත්වීමට විගණකාධිපතිවරයාට කෝප් කමිටුව නිර්දේශ කළ බවත් එම වාර්තාව මසක් ඇතුළත ලැබෙන බවත් ඉන්පසු මේ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් රට හමුවේ තැබීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මනි ඕඩර් කරපු මදි වුන රුපියල

පසුගියදා ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමූ බලශක්ති ඇමති කංචන විජේසේකර ඊට හේතු දක්වමින් පවසා සිටියේ දිගටම පාඩු ලබන නිසා මෙසේ ඉහළ දැමූ බවත් වෙනස් කර ඇති නව මිල පවා රුපියලක් රජයට පාඩු ලබමින් මිල නියම කළ බවයි.

මෙම ප්‍රකාශය පාරිභෝගිකයින්ගේ කෝපයට මෙන්ම උපහාසයටද හේතුවූ අතර පසුගිය දිනවල ඉන්ධන පිරවුම්හල් රැසක ‘කංචනට රුපියලක්‘ රැස් කිරීමේ කැට තබා තිබුණි.

එහි දෙවන පියවර වශයෙන් අනුරාධපුර නගරයේ පිරවුම්හල් වලින් එක්රැස්වූ
රුපියලේ කාසි එකතුව කංචන ඇමතිවරයා වෙත යොමු කිරීමට පිරිසක් කටයුතු කර තිබේ. ඔවුන් රජයේ ඛණිජ තෙල් අමාත්‍යංශ කාර්යාලයට ගොස් එය යොමු කළ හැකි ආකාරය විමසා සිටීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ලිපිනයට කංචන විජේසේකර නමට කැටයට එක්රැස්වූ මුදල් ප්‍රමාණය මනි ඕඩරයක් හරහා යොමු කරන්නටද කටයුතු කර තිබුණි.

ඔවුන් දැක්වූ සටහනේ දැක්වෙන්නේ ‘කංචන මෙන්න රුපියල අපි ණය නෑ‘ යනුවෙනි.

ජොන්ස්ටන් ඇතුළට ගන්න – නීතිපති

පසුගිය මැයි 09 වනදා සාමකාමී අරගලයට පිරිසක් පහරදීම සඳහා කුපිතවන ලෙස කතා පැවැත්වූ හා ඒ සඳහා සැලසුම් කළ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති
දෙපාර්තමේන්තුව මගින් පොලිසියට දන්වා තිබේ.

මින් ඉහත පොලිස් අපරාධ කොට්ඨාසය මන්ත්‍රීවරයාගෙන් පැය 5 ක් ප්‍රකාශයක්
ලබාගත් නමුත් ඔහු අත්අඩංගුවට ගත්තේ නැත. ඔහු පිටවන දොරටුව අසළ
විරෝධතාකරුවන් ඔහුව අත්අඩංගුවට ගන්නැයි බලකරමින් සාටන් පාඨ කියවමින් සිටි බැවින් රහස් පොලිසියේ පස්සා දොරින් මන්ත්‍රීවරයාට පිටව යාමට
අවස්ථාවක්ද ලබාදී තිබුණි.

ජනපති හා අගමැතිට ඉතා සමීපව කටයුතු කරන්නෙකු ලෙස ප්‍රකට ජොන්ස්ටන්
ප්‍රනාන්දු සිය බලයේ ආනුභාවයෙන් නිරුපද්‍රිතව සිටින බවට මේ වනවිට ජනතාව
තුළ මතයක් නිර්මාණයවී ඇති අතරම නීතිය සැමට එකසමාන නැති බවටද මේ නිසා සාකච්ඡාවට ලක්ව තිබේ.

ජනාධිපතිවරයා හරීන්ට දී ඇති උපදෙස

අමාත්‍ය ධූරයක් බාර ගත්තේ නම් කැබ්නට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දෙනු ලැබ ඇති බව වාර්තා වේ.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම දැනුම් දීම ජනාධිපතිවරයා විසින්
සිදු කර ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තැන් තැන්වල ගොස් විවිධ කතා නොකියා
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරගනිමින් අදහස් ප්‍රකාශ කරන ලෙසය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රසන්න රණතුංග
අමාත්‍යවරයාද පෙන්වා දී ඇත්‌තේ ඉකුත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්
වීම සදහා ඇමැතිවරුන් විසින් තැන්තැන්වල කළ ප්‍රකාශ මහත් සේ බලපෑ බවකි.

එම නිසා ඇමැතිවරුන් අදහස් ප්‍රකාශ කිරීමේදී වගකීම් සහගත විය යුතු බව
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාද මෙහිදී දැඩිව පෙන්වා දී ඇති බව දැනගන්නට
ඇත.

රනිල්, ඉල්ලා අස්වීමේ සූදානමක්

ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව ප්‍රතික්ෂේප වූ පුද්ගලයකු දිගින් දිගටම
රාජ්‍ය පාලනයට ඇඟිලි ගසමින් අනවශ්‍ය බලපෑම් එල්ල කිරීම හේතුවෙන් අගමැති
රනිල් වික්‍රමසිංහ මේ සතියේ ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි දේශපාලන අභ්‍යන්තර
ආරංචිමාර්ග සඳහන් කරයි.

පොදු ජන පෙරමුණේ ප්‍රබලයකු වන මේ තැනැත්තා තමන්ගේ බලය සහ මන්ත්‍රීධූරය අහෝසි වීමේ තර්ජනය සහ මෙතෙක් කරන ලද සියලු අක්‍රමිකතා අනාවරණය වීමේ ගැටලුව හේතුවෙන් තවදුරටත් ආණ්ඩුව අපහසුතාවට පත්කරමින් සහ ර‍ට අරාජික කරමින් සිටින බව දේශපාලන විචාරකයෝ කියති.

රට අරාජික තත්වයට පත්වෙද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිධූරය බාර ගැනිමට කොන්දේසි ඉදිරිපත් කළ අතර ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට අගමැතිධූරය පිරිනමන ලදී. රනිිල් වික්‍රමසිංහ ද අගමැති ධූරය බාරගන්නා ලද්දේ කොන්දේසි කිහිපයකට ජනාධිපතිවරයා එකඟකර ගැනීමෙන් අනතුරුව බව ප්‍රකාශ විය.

මේ අතර 20 වැනි සංශෝධනය බල රහිත කරන 21 වැනි සංශෝධනය ප්‍රමුඛ කාරණයක් විය.

19 වැනි ස‍ංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ විජේදාස රාජපක්ෂ අධිකරණ
අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර මේ වනවිට 21 වැනි සංශෝධනය ද කැබිනට්
මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය ආයතන විගණනය කිරීම, පොලිස් කොමිසම, ප්‍රසම්පාදන කොමිසම නැවත ස්ථාපිත කිරීම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරිම ඇතුළලු
කරුණු රැසක් අඩංගු බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය ලබා ගැනීමට පෙර දින ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපතිවරයා සමඟ කළ පැය තුනක සාකච්ඡාවේ දී  මෙම සංශෝධනය ගෙන ඒමට ජනාධිපතිවරයා එකගවී ඇතැයි වාර්තා වේ.

අනතුරුව රනිල් අගමැති වී රැස්වූ පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට
ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තැනැත්තා තම පක්ෂයේ සහචරයන් සමග ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිසිමට ඉඩ නොදෙමින් නියෝජ්‍ය කතානායක තේරීමේ අවස්ථාවේ පවා ගැටලුවක් බවට පත්කළේ යැයි දේශපාලනඥයෝම කියති. කාන්තාවක් නියෝජ්‍ය කතානයක කිරිමට සියලු දෙනාගේ අනුමැතිය හිමිව තිබිය දී එය නොතකා ඔහු අජිත් රාජපක්ෂගේ නම යෝජනා කර ඔහුට නියෝජ්‍ය කතානායක වීමට අවස්ථාව සළසා දුන් බව දැන් ප්‍රසිද්ධ රහසක් වී තිබේ. එමගින් ඔහු උත්සාහ ගෙන ඇත්තේ රනිල් අගමැති
වුව ද තම පදයට නැටිය යුතුය යන අනතුරු ඇඟවීම සිදුකිරීමයි.

මේ වන විටත් 21 වන සංශෝධනයේ වැදගත්ම වගන්ති ඉවත් කිරීමට දැඩි බලපෑමක් එම පුද්ගලයා විසින් මුල් පුරවැසියාට එල්ල කරමින් සිටින අතර ඉහල පුටුව ඔහුට තව දුරටත් අවනත වෙමින් 21 ගෙන ඒමෙන් අපේක්ෂිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට ඉඩ නොදෙන්නේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් අස්වීමට ද නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

උපුටා ගැනීම : rata

නව සන්ධානයක් ගොඩනගනවා – විමල්

මහින්ද රාජපක්ෂගේ සමුගැනීමත් සමග කඩාවැටීමට ලක්ව ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට අයිතිවාසිකම් කීමට විමල් වීරවංශ, උදය ගම්මංපිල හා වාසුදේව නානායක්කාර ප්‍රමුඛ පක්ෂ දහයේ කණ්ඩායම් ඉදිරිපත්ව තිබේ.

ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ පක්ෂ සියල්ල එක්වී නව සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒ අනුව පවසා තිබේ.
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.
ඉදිරියේදී මහමැතිවරණයකට මුහුණදීමේදී ශ්‍රී ලංකා පොදු ජනපේරමුණට අයත්ව
සිටි අතිමහත් බහුතර ඡන්ද ප්‍රමාණයක් මේ වනවිට අපේක්ෂා භංගත්වයට පැමිණ ඇති බවත් පවතින විපක්ෂය එයට විකල්ප නොවන බවත් පෙන්වාදී ඇති විමල් තමා ඇතුළු පිරිස තවමත් ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම කරට ගන්නා බව සඳහන් කර තිබේ.

මහින්ද සමු නොගත් නිසා අපි හැමෝම අමාරුවේ – චමල් රාජපක්ෂ

රාජපක්ෂ පවුලේ දේශපාලනය පිළිබඳව වර්තමාන පාර්ලමේන්තුවේ සිටින
ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සංවේදී කථාවක් කළේය.

“රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. අවුරුදු 90කට වැඩියි. 1932 විතර පටන් ගත්තේ. එහෙම නැත්නම් මෙච්චර කලක් දේශපාලනය කරන්න බෑ. අපි දේශපාලනය පටන් අරගෙන තියෙන්නේ තියෙන දේපල උගස් කරලා ඒවා මැතිවරණයට යොදවලා.

අපිට තවමත් බේර ගන්න බැරිවුණ ඒවා තියෙනවා. උගස්කරපු ඒවා බේරා ගන්න
බැරිවෙලා තියෙනවා. ඒ අවංකව දේශපාලනය කරපු නිසා තමයි ඒ දිස්ත්‍රික්කවල එදා ඉදන් අද වෙනකම් දේශපාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ.

ගරු අගමැතිතුමා (මහින්ද රාජපක්ෂ). එතුමාගේ ජනාධිපතිධුර දෙක ඉවරවුණාට පස්සේ සමුගත්තානම් හොඳයි. ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවටල ලක්වෙනවා.
විශාල පරිත්‍යාගයක් කරලා තියෙනාවා අවුරුදු 50ක දේශපාලන ඉතිහාසයේ. අද ඒ සියල්ලම නැතිවෙලා තියෙනවා.

අපි දේශපාලනය කරනවානම් අත්හැරිමත් කරන්න ඕන. අපි මේ තනතුරුවට ලෝභ වුණොත් මෙවැනි දේවල්වලට මුහණ දෙන්න වෙනවා. නියම වෙලාවේදී දැනගත්තෝත් අපිට මේ දේ කරන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිම වාසනාවන්තයි. 2015 දී බහුතරයක් නැතිව අගමැති වුණා. අද එක්කෙනෙක්වත් නැතිව අගමැති වෙලා ඉන්නවා. ඒකත් වාසනාව. ”