යුරෝපා සංගම් ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් LTTEය ඉවත් කිරීමේ සැලසුමක්

යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණයක් තීරණය කර ඇති බව වාර්තා වේ.

එසේම පලස්තීනයේ ඉස්ලාමීය සංවිධානයක් වන හමාස් සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී ලැයිස්තුවේ තැබීමට ද ඔවුන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් වු එල්. ටී. ටී. ඊය පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ කිසිඳු ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව යුරෝපා සංගම් අධිකරණය පෙන්වාදී තිබේ.

තවදුරටත් අදාළ ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය රඳවා තැබීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද සඳහන්ය.

යුරෝපා සංගම් අධිකරණයේ මෙම තීරණයත් සමග එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත් අරමුදල් තහනම් කිරීම ද නතරවනු ඇත.

යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවක් නිර්මාණය කරනු ලැබුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා පෙන්ටගනයට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයත් සමගය.

එය අවසන් වරට පසුගිය ජනවාරි මාසයේදී යාවත්කාලීන කර තිබේ.

එම ත්‍රස්තවාදී ලැයිස්තුවට මේවන විට ත්‍රස්තවාදීන් 13 දෙනෙකු සහ සංවිධාන 22 ක් ඇතුළත්ය.

පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම පේරු රාජ්‍යයේ මාවෝ සංවිධානය ද ඊට ඇතුළත් වෙයි.

හමාස් සංවිධානය යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවේ 2003 වසරේදීය.

එල්. ටී. ටී. ඊ. සංවිධානය 2006 වසරේදී ත්‍රස්තවාදී ලැයිස්තුවට එක්කර තිබේ

ලාබාලම පක්ෂය ළඟදීම ආණ්ඩුවක් පිහිටුවනවා – බැසිල් රාජපක්ෂ

රටේ ලාබාලම පක්ෂය බවට පත්ව ඇති පොදු ජන පෙරමුණ ළඟදීම ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙනේ ඊයේ (23) පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

පක්ෂයට සාමාජිකයන් ලක්ෂ විස්සක් එකවර බඳවා ගැනීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ රටේ ආර්ථිකය දැන් හොඳටම කඩාවැටිලා. කෘෂිකර්මය නැත්තට නැති වෙලා .එදා ඩී.එස්.සේනානායක මහත්තයාගෙන් පස්සේ මේ රටේ සහල්, බඩඉරිඟු අපනයනය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. අද මේ අය රටින් හාල්, බඩ ඉරිඟු ගෙන්වනවා.

තායිලන්තයේ අගමැති මගෙ හිතවතෙක්. මම එයාත් සමග දුරකථනයෙන් කතා කළා. ඉස්සර අපි ඒ රටවලින් අහනවා අපේ හාල් ටිකක් තියෙනවා ඕනද කියලා. දැන් හාල් කිලෝ එකක් ගෙනල්ලා ගොවියාගේ වී කිලෝ එකහමාරක් විකුණන්න බැරි තත්වයට පත්කරලා.

ලැජ්ජ නැතුව ඉතිහාසයේ පළමු වතාවට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. මේ නිසා අපි පොදුජන පෙරමුණ ඇති කළා. ඒ සඳහා තමුන්නාන්සේලා පෙළ ගැහෙන්න. අපි මේ ආණ්ඩුව ළඟදීම පෙරළනවා” යනුවෙන් සඳහන් කර සිටියේය.

සංහිදියාවට බාධා කරමින් ආගමික අන්තවාදය පතුරුවන ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් වාරණයට!

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ වෙනත් පෞද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය මගින් විසුරුවා හරින බෞද්ධ සහ ඉස්ලාම් අන්තවාදී වැඩසටහන් සම්බන්ධයෙන් දිනපතා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ඇතැම් වැඩසටහන් හරහා ඉස්ලාම් ආගම අදහන දරුවන්ට එමඟින් ආගමික අන්තවාදය සම්බන්ධයෙන් උපදෙස් රැසක් ලබා දෙන අතර ඇතැම් බෞද්ධ වැඩසටහන් අවසානයේ බෞද්ධ දර්ශනයට පූර්ණ හානිකර සහ සංහිදියාවට බාධා වන ප්‍රකාශ නිකුත් කරන බවද බලධාරීන්ගේ අවධානයට ලක් වී ඇත.ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති සුදර්ශන ගුණවර්ධන ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට ද ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී අදාළ සංවේදී කරුණු වාර්තා කරන ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ද දැනුවත් කෙරෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

ජනපති GMOA සමග කිසිදු සාකච්ඡාවකට එකග නැහැ – රාජිත සේනාරත්න

ජනාධිපතිවරයා, සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග කිසිදු සාකච්ඡාවකට සූදානම් නැතැයි සම කැබිට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

වෛද්‍ය සභාව, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සමග මිස වෘත්තිය සමිති සංගමයක් සමග සාකච්ඡා කිරීම ජනාධිපතිවරයා ප්‍රතික්ශේප කළ බවද හෙතෙම කීය.

වෘත්තිය අරමුණු පසෙකලා දේශපාලන කටයුතු වල යෙදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීන්දු තීරණ රටේ සමස්ත වෛද්‍යවරුන්ගේ මතය නොවේ යැයි පැවසූ අමාත්‍යවරයා  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරකම් වලට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දැන් දැන් වෛද්‍ය සංගම් නැගී සිටින බවද පෙන්වා දුන්නේය.

එසේම නෙවිල් ප්‍රනාන්දු රෝහල මිස සයිටම් විශ්ව විද්‍යාලය ජනසතු කිරීමක් පිළිබද සදහන් කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ඇති නොවූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතාගේ කාලය දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්ද තීරණයක් මෙතෙක් ගෙන නොමැති හෙයින්  ඉදිරියේදී ඒ පිළිබද දැනුම් දෙන බවද හෙතෙම පැවසීය.

ඊයේ (ජුනි 28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද නුදුරු දිනෙක ගැසට් කරන බව අමාත්‍යවරයා පැවසීය. නිතර ඇති වන වෛද්‍ය වැඩ වර්ජන නිසා විදේශ වෛද්‍යවරුන්  ගෙන්වීමට යෝජනාවක් ඇතත් තීරණයක් නැතැයි අමාත්‍යවරයා පැවසීය.

ලංගමට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් මහින්දට එරෙහි නඩුව 26ට කල් යයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ලබාගත් බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු  රුපියල් මිලියන 142ක මුදලක් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව ලබන 26 වනදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එම නඩුව ගොනුකර ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ අනුර ප්‍රියදර්ශන මහතාගේ නම් ඉවත්  කරමින්  පැමිණිල්ල ඉදිරිපත් කර සංශෝධිත පැමිණිල්ලට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා සහ සෙසු විත්තිකරුවන් තිදෙනෙකු අධිකරණයට මූලික විරෝධතාවක් ගොනු කර තිබේ.

ඊට විරෝධතා ගොනු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවසන් වරට දින ලබා දෙමින් එම නඩුව ලබන 26 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළේය.

රටට හිතකර කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී – රාජිත

රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී සිදුකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ හා අග්‍රමාත්‍යවරයාගේ එකඟත්වය ලැබී ඇති බව ඔහු පවසයි.

නව ඖෂධවේදීන් 52කුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදීමට වත්මන් රජය පියවර ගත් බවය.

සෞඛ්‍ය  සේවකයින් සඳහා මෙම වසරේ අතිකාල දීමනා ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 04ක අමතර මුදලක් අවශ්‍යව ඇති අතර මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරනු ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටියේය.

අගමැති හෝ ජනපතිගෙන් හිගා කා ඇප ලබා ගන්න ඕනෙ නැහැ: විමල් වීරවංශ

ඉකුත් ජනවාරි 10 වනදා සිට සිරගතව සිට අද (07)  අධිකරණයෙන් ඇප ලබා ගත් විමල් වීරවංශ මහතා තමාට අගමැති හෝ ජනපතිගෙන් හිගා කා ඇප ලබා ගැනීමේ උවමනාවක් නොතිබූ බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේය.

අද (07) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරි අවස්ථාවේ දින 87කට පසු මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘ මට ඇප ලබා දෙන්න කියලා නීති අංශවලට අගමැතිවරයා උපදෙස් දී ඇත්නම්  එයින් පැහැදිලි වෙන්නේ, මාව දින 87ක් රඳවාගෙන ඇත්තෙත් ඔහුගේ උපදෙස් මත බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට ඉන් ඔහු කර ඇති අවමානය ඉතාමත් බරපතළයි. අද පළව ඇතැයි කියන ප‍්‍රවෘත්තියෙන් පෙනී යන්නේ ‘ බළලා මල්ලෙන් එළියට පැන’ ඇති ආකාරයයි.

ඒ වගේම කියන්න  ඕනි, අපට අගමැතිවරයාගෙන් පමණක් නොවෙයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් හෝ හිගා කාලා ඇප ලබා ගන්න කිසිඳු උවමනාවක් නැහැ. අපි මාස තුනක් හිරේ හිටියේ ඒ අයගෙන් හිගා කාලා ඇප ලබා නොගත්ත නිසයි. අධිකරණයෙන් ලැබුණු ඇපවල  ලකුණු දමාගන්න කවුරුහරි බොරු ෂෝ දමනවා නම් ඒක ඉතා පහත් පෙළේ උත්සාහයක්.

ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා අගමැතිතුමාටත්, ජනපතිතුමාටත් කිසිඳු පිළිගතහැකි චෝදනාවකින් තොරව මාව මාස තුනක් හිරේ දාලා මේ රටේ දේශපාලනයේ ඉදිරි පරිච්ජේදය නව ජවයකින් ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දීම පිළිබඳව. අපි මතක්කර දෙන්න  ඕනෙ එක කාරණයක්.

‘‘ උඳුන රත් වුණාට පස්සේ තමයි වානේ හොදට පදම් වෙන්නේ. ’’ ‘‘ උඳුන ’’ රත් කරපු ඒ සියලූම  මහත්වරුනට මම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවනීතියේ අවනඩුවේදී  අපට සහාය දැක්වූ සියලූම මාධ්‍ය ආයතනවලටත්, අසත්‍ය පුවත් මවමින් අපට මඩ ගසා  අපේ සිතට ධෛර්යයක්ගෙනදුන් ඇතැමුන්ටත් අප ස්තුතිය පළ කරනවා.’’

විමල් වීරවංශ මහතාට ඇප ලබා දී මේදී සුවිශේෂී කරුණු ලෙස වීරවංශ මහතාගේ දියණිය රෝගාතුර වීම මෙවර අපොස සා.පෙ විබාගයට පෙනී සිටීම යන කරුණු අධිකරණය විසින් සළකා බැලිණි.

ජනාධිපති සිය බලතල භාවිත කිරීම ප්‍රමාණවත් නැහැ: ඩිලාන් පෙරේරා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල භාවිත කිරීම ප්‍රමාණවත්
නැතැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේය.

ජනාධිපතිවරයාට ඇතැම් අවස්ථාවලදී තමන් ජනාධිපති යැයි අමතක වන බවද මෙවර මැයි දින රැලියේදී ජනාධිපතිවරයාට සියබලතල භාවිත කළ යුතු බවට මතක් කර දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

ඇතැම් විට අග්‍රාමාත්‍යවරයා තමා තවමත් විපක්ෂ නායකවරයා ලෙස සිතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන් තවමත් ජනාධිපති යැයි සිතා කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

මීට පෙර සිටි සියලු ජනාධිපතිවරැන් සිය බලතල අභිබවා කටයුතු කිරීම
සම්බන්ධයෙන් චෝදනා පැවතියත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රථම වතාවට සිය බලතල අවම වශයෙන් භාවතකිරීම ඇතැම් අවස්ථාවල ගැටලුවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඊයේ (මාර්තු 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය
සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය ගාලු මුවදාර පිටියේදී

ශී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය ගාලු මුවදාර පිටියේදී පැවැත්විමට වරාය අධිකාරිය අවසර දී ඇතැයි ශී” ලංකා පොදු ජන පෙරමුණ සදහන් කරයි.

දේශපාලන කටයුතු සදහා ගාලු මුවදොර පිටිය ලබා නොදෙන බන වරාය අධීකාරිය මුලින් දැනුම් දී තිබුණත්පසුව කම්කරු දිනය සැමරීම දේශපාලන කටයුත්තක් නොවන නිසා ශී” ලංකා පොදුජන පෙරමුනේ මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටිය ලබා දෙන බව වරාය අධීකාරියෙන් දන්වා ඇතැයි ‍ශී” ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය ප”කාශක සංජීව එදිරිමාන්න මහතා සදහන් කලේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ මැයි දින සැමරුම් රැළිය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පවත්වන බවද ඒ මහතා සදහන ්කලේය.

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට පනතක්

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බව  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඊයේ ( අප්‍රෙල් 3) උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය අමාතයංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව සහ මෙරට විශ්ව විද්‍යාල ප්‍රමිතිගත කිරීම පිළිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ව්‍යාපෘතිය ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත වද අමාත්‍යවරයා පැවසීය.