රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ : සරත් වීරසේකර

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙරටට විදෙස් විනිසුරැවන් නොගෙන්වන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දුන්නද රජයේ නියෝජිතයා වශයෙන් එක්සත් ජාතින් ඉදිරියේ පෙනී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කරන්නේ ඊට සපුරා පුතිපක්ෂ දෙයක් යැයි නාවික හමුදා රියර් අලුමිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

ඉකුත්දා පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට රාජ්‍ය නොවන සංවිධානයක මාර්ගයෙන් ඉදිරිපත් වූ ලද අත්දැකීම් පිළිබද සදහන් කරමින්  මාර්තු 30 බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මංගල සමරවීර මහතා ඉකුත් පෙබරවාරි 23 වැනි දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසේන් කුමරැ ශ්‍රී ලංකා හමුදාවට ප්‍රතිපක්ෂව ඉදිරිපත් කර ඇති කරැණු අනුමත කරමින් කතා කළ බවද හෙතෙම කීය. එසේම අමාත්‍යවරයා මේ පිළිබද සලකා බැලීමට වසර දෙකක කාලයක් ඉල්ලා සිටි මුත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරැණු ඉදිරිපත් නොකළ බවද ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ නොකළ බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ හැකියාව පැවතියදී එසේ නොකර සිටින බවද ඒ මහතා සදහන් කළේය.

රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තමාට එහිදී කරැණු දැක්වීම සදහා ලැබුණේ විනාඩි එක එමාර බැගින් වූ අවස්ථා දෙකක් බවද දෙමළ ඩයස් පෝරා නියෝජිතයන්ට එවන් අවස්ථා විස්සක් පමණ හිමි වූ බවද හෙතෙම කීය. උසාවියක මෙන් සාක්ෂි සහිතව මෙහිදී කතා කිරීම අනවශ්‍ය බැවින් ඔවුන් හමුදාවට තම අභිමතය පරිදී අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය.

එබැවින් ලබන වසරේදී මීට වඩා වැඩි කාලයක් ලබා ගැනීමටත් වඩා හොද වාර්තාවක් සකස් කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.

තමාට විශ්ව විද්‍යාල ආචාර් සංගමයේ සමාජිකයන් වැනි විද්වතුන් සකස් කර දුන් වාර්තාවක් එහිදි ඉදිරිපත් කළ බවත් ඒ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට ඇති යුධ අපරාධ චෝදනා සාක්ෂි සහිතව ප්‍රතික්ෂේප කරමින් සකස් කළ බවත් ඒ මහතා සදහන් කළේය.

මෙම අවස්ථාව සදහා මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරැන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන යන මහත්වරැවන්ද සහභාගී වූහ.

ජීනීවා එකඟතා ජනපතිගේ ස්ථාවරයට යටත් විය යුතුයි – සුසිල් ප්‍රේම්ජයන්ත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී ගෙනා 30/1යෝජනාවලියට අදාළව සහ ඊට තවදුරටත් සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇතත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනටමත් ප්‍රකාශ කර ඇති ස්ථාවරයට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

මෙකී යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට තවත් වසර 2 ක කාලයක් ලැබී ඇතත් ඊට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාව එකඟතාව පළකර ඇතත් “ඔය එකඟතාව පළ කළ අය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරයට අනුගතව ක්‍රියාත්මක වීමට වගබලාගත යුතුයි. ජනාධිපතිවරයාගේ ස්ථාවරය ශ්‍රීලනිපයේ ස්ථාවරයයි”යනුවෙන් මේ ගැන කළ විමසීමක දී ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ‘සත්හඬ’ ට පැවසීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියාවේ නිල සංචාරයට සහභාගි වෙමින් සිටි ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් දුරකථන මඟින් අප කළ විමසීමේ දී ප්‍රකාශ කළේ කවරාකාරයක හෝ දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියකට එකඟ නොමැති බවට දැනටමත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දරන ස්ථාවරය ශ්‍රීලනිපයේ ද ස්ථාවරය බවයි.

“අපි කතා කරන්නේ, විමසන්නේ සංහිඳියාව ගැන පමණයි. සම අනුග්‍රහය දක්වන්නට ජිනීවාහි දී තවදුරටත් එකඟතාව පළ කළ අය ජනාධිපතිවරයාගේ ස්ථාවරයට අනුව ක්‍රියාත්මක වීමට දැනගත යුතුයි.” ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රීලනිපයේ ප්‍රධාන පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ රජයේ නියෝජිතයන් මෙම යෝජනාවට තවදුරටත් එකඟතාව පළ කළ ද තවත් වසර දෙකකින් පසු ඇති විය හැකි අර්බුදය ගැන අවධානය යොමු කර නොමැති බවය.

ප්‍රභාත් වීරරත්න

සත්හඬ’

වියත්මග සංවිධානය අද වත්මන් රජයට දේශ ද්‍රෝහින් යැයි චෝදනා කරනවා:මංගල සමරවීර

වියත්මග සංවිධානය දකින විට එය හොරුන්ගේ මිනීමරුවන්ගේ සංවිධානයක් දැයි තමාට සැකයක් ඇති වන බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

තමන්ගේ ධූර කාලයේ කරන ලද විවිධ වංචා දූෂණ වසා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙවන් සංවිධාන පිහිටුවාගෙන තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම සංවිධානයේ මූලිකව කටයුතු කරන දයාන් ජයතිලක යනු සිංහල ඊලාම් හිතවාදියෙක් යැයිද, භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් ඝාතනයට පවා සම්බන්ධ අයෙක් යැයිද ඩග්ලස් දේවානන්ද යටතේ අවි පුහුණුව පවා ලබාගත් අයෙක් යැයිද අමාත්‍යවරයා චෝදනා කළේය.

එවන් භයානක අතීතයක් සහිත පුද්ගලයන් අද වත්මන් රජයට දේශ ද්‍රෝහින් යැයි චෝදනා කරන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

එසේම මහින්ද රාජපක්ෂ මහතා සමග අද සමීපව කටයුතු කරන හිටපු මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ශ්‍රී ලංකා හමුදාව පාවා දෙන ලොකුම ලියවිල්ල වන නන්දිකඩාල් රචනා කළ බවද හෙතෙම කීය.

මෙම කෘතියේ වැඩි පුර අන්තර්ගත වන්නේ කැඩුම් බිදුම් පිලිබදව නිසා ගෙවල් කඩාල්, හන්දි කඩාල් යනුවෙන් පොත නම් කළ යුතු යැයි අමාත්‍යවරයා යෝජනා කළේය.

මෙම කෘතියේ ඉංග්‍රීසි පිටපත් මේ වන විට දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් යුරෝපය පුරා බෙදා හරිමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළේය.

හමුදාව පවා දෙමින් තමන්ගේ සාක්කුව පුරවා ගන්නා මෙම පොත කියවීමට තරම් වටිනා එකක් නොවන බවත් දේශ ප්‍රෙමින් මෙය ඉදිරියේදී ගිනි තබනු ඇති බවත් හෙතෙම කීය.

එසේම රණවිරැවන්, යුද වීරයන් කිසි විටකත් කාන්තාවන් දූෂණය කරන්නේ වත් දරැවන් අහිංසකයන් ඝාතනය කරමින් ගෙවල් කඩා බිද දමන්නේ නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාතයවරයා මේ බව සදහන් කළේය.

ඒකාබද්ධවිපක්ෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට සන්දේශයක්

වත්මන් රජය පළාත්පාලන මැතිවරණය පැවැත්වීම දින නියමයක් නැතුවම කල් දමමින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගෙනඇති හෙයින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජයට බලකරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට සන්දේශයක් භාරදීමට ඒකාබද්ධ විපක්සය තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්තී” රෝහිත අබේගුණවර්ධන මහතා ඒ සදහා මේ වන විටත් ජිනීවා නුවරට ගොස් ඇති අතර මාරුත් 22 දා එම සන්දේශය භාර දිමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ සිදු වන බාධා මැඩ පැවැත්වීමට කතා නායක වරයා මීට වඩා මැදිහත්විය යුතුයි

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉකුත්දා පාර්ලිමේන්තුමේන්තුවේ කටයුතු වලට දිගින් දිගටම බාධා කරන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබින් ඉවත්ව ගියේ විරෝධතාවය පල කිරීමට නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසා ඇතැම්විට පාර්ලිමේන්තුවේදී විපක්ෂය සදහා වෙන් කර ඇති අසුන් වල අසුන් ගන්නා බවත් සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී එම සියලු දෙනා එක්තැනකට එක්ව සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කල යුතු නිසා විනයානුකූලව එසේ සභා ගැබින් පිටත්ව ගිය බවද හෙතෙම අවධාරණය කළේය.

එසේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කතා කිරීමෙන් තමන්ට අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරැන් අතර මේ අවස්ථාවේ යම් නොසන්සුන්තාවයක් ඇති වූ බවද හෙතෙම පැවසීය.

ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

එසේම කථානායක කරු ජයසූරිය මහත්මයා වෙනත් කථානායකවරයෙකු ලබා නොදෙන තරම් අවස්ථා ගණනාවක් දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දුන් බවද අමාත්‍යවරයා සදහන් කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව කතානායකවරයා විවේචනය කරන මුත් ඒ මහතා කටයතු කළේ ඉතා ඉවසීමෙන් යුතුව වෙනත් ඕනෑම කථානායක වරයෙක් කටයුතු කරන ආකාරයෙන් බවද අමාත්‍යවරයා සදහන් කළේය.

අදාළ සිදුවමේදී කරු ජයසූරිය මහතා ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ බවත් දිනේෂ් ගුණවර්ධන මහතාට විනය නීති ක්‍රියාත්මක කිරීම සදහා පැවති ඡන්ද විමසීමේදී සිය පාර්ෂවයේ සියලු ඡන්ද පවා ඔහුට අහිමි වීමෙන් ඒකාබද්ධ විපක්ෂයේ තත්ත්වය පැහැදිලි වූ  බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම කතානායක තනතුරට වෙනත් පුද්ගලයෙක් පත්කීරීමේ කිසිදු අදහසක් නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ඇති වන මෙවන් බාධා කිරීම් ත්ත්වයන් මැඩ පැවැත්වීම සදහා කතා නායක වරයා මීට වඩා මැදිහත්විය යුතු යැයි එම අවස්ථාවට සහභාගී වූ ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සදහන් කළේය. කතානායකවරයාගේ ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් තමා මෙන්ම ඇතැම්  මන්ත්‍රීවරැන් ඇතැම් අවස්ථාවල එකග නොවන මුත් පාර්ලිමේන්තුවේ නීතියට අනුව එය පිළිගත යුතු බවත් ගරු කළ යුතු බවත් අමාත්‍යවරවා වැඩිදුරටත් සදහන් කළේය.

මෙරට අධිකරණය ශක්තිමත්! ජාත්යන්තර අධිකරණය ක් අවශ්ය නැහැ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයකට එළඹ නැතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සදහන් කළේය.

ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙරට ශක්තිමත්,ස්වාධීන  අධිකරණ පද්ධතියක් තිබියදි ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවයක් නැතැයිද අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් ජාත්‍යන්තර අධිකරණ වල සහාය ලබා ගත හැකි බවද ඒ මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ෂව විවිධ අදහස් පැවසුවත් රජයේ ස්ථාවරය ජාත්‍යන්තර දෙමුහුන් අධිකරණයක් අනවශ්‍ය බව යැයි අමාත්‍යවරයා වැඩුදරටත් සදහන් කළේය.

කමිටු නිර්ණායකවලට අනුව සයිටම් අහෝසි විය යුතු බවට තීරණය වෙයි

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කරන ලද කමිටුව සහ සෙසු කමිටු වල නිර්ණායක අනුව මාලඹේ වෛද්‍ය විද්‍යාලයට තවදුරටත් නීත්‍යානුකූල නොවන බැවින් එයට සිසුන් බදවා ගැනීම සහ උපාධි ප්‍රදානය කිරීම වහා නැවැත්විය යුතු බවට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, සියලුම වෛද්‍ය පීඨ ආචාර්යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

එසේම දැනට පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය නීතිය ඉදිරියේ සහතික කළ යුතු බවට අභියාචනාධිකරණය තීරණය කර ඇති බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් හැකි ඉක්මනින් ගැසට් කළ යුතු බවද උක්ත සංගම් අවධාරණය කරයි.

එසේම සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් තාක්ෂණික වාර්තාව අභියාචනාධිකරණය පෙන්වා දෙන පරිදී බලාත්මක කර නොමැති බැවින් එයට අදාළ නීතිමය වලංගුභාවය ලබා දීමට අමාත්‍යවරයා පියවර ගත යුතු බවද එම සංගමය පෙන්වා දෙයි.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් ආයතනයට අදාළ අනුකූලතා සහතිකය මෙතක් ලබා නොමැති බව අධිකරණයට දැන්විය යුතු බවද එම සංගම් පෙන්වා දෙයි.

ඊට අමතරව සයිටම් ආයතනයේ අධ්‍යයන කටයුතු වල නිරත වන සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කිරීම සදහා ඒ පිළිබද අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කළ යුතු බවටද උක්ත සංගම් තීරණය කර ඇතැයි එකී සංගම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ශ්‍රී ලංකා රජය නව ජිනීවා යෝජනාවකට එකග වී ඇති බවට කරන ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවයක් නැහැ

ශ්‍රී ලංකා රජය නව ජිනීවා යෝජනාවකට එකග වී ඇති බවට කරන ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවයක් නැතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය. එසේම දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් ඇතිකිරීම පිළිබදවද කිසිදු සදහනක් නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

අද (මාර් 8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් ඇතිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඇතැම් පාර්ෂවයන් රටේ නොසන්සුන්තාවයක් ඇති කිරීමේ උවමනාවෙන් 2015 දී ඉදිරිපත් කළ ජිනීවා යෝජනා හා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් අල් හුසේන් කුමරු ඉදිරිපත් කළ වාර්තාව පටලවාගෙන කතා කරන බවටද හෙතෙම චෝදනා කළේය.

එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාට ඕනෑම වාර්තාවක් ඉදිරිපත්කළ හැකි නමුත් ඉන් ස්වෛරී රාජ්‍යන්ට බලපෑමක් කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම වැදගත් වන්නේ යෝජනා යැයිද වාර්තාව කිසිසේත්ම යෝජනා වලට බලනොපාන්නේ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කොට සියලු පාර්ෂව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සුදුසු වේලාවක ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පැවසීය. දැනටමත් මේ සමබන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

දිනේෂ් ගුණවර්ධනට සතියකට පාර්ලිමේන්තුවේ දොර වැසෙයි

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින්ට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස නියෝජනය විය නොහැකි බවට කථානායකවරයාගේ තීන්දුව ලබාදීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

එහිදී මෙම පිරිස් පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පැමිණ පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා පැමිණවීම නිසා  විනාඩි 10ට පාර්ලිමේන්තුව අත්හිටුවීමට ක්‍රියා කෙරුණු අතර  අනතුරුව අයුතු ලෙස හැසිරුණු දිනෙෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යන ලෙස කථානායකවරයා විසින් නියෝග කරන  ලදී.

එම නියෝගය පිළිනොගනිමින් දිගින් දිගටම කටයුතු කළ මන්ත්‍රීවරයාට කථානායකවරයා තෙවන වරටත් පාර්ලිමේන්තුවෙන් පිටව යන ලෙස නියෝග කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගර්භය තුළට වේත්‍රධාරී සමග පොලීසිය කැඳවීමට සිදුවිය.

එහෙත්  පිටවයාම  ප්‍රතික්ෂේප කළ දිනේෂ් ගුණවර්ධන මහතා තමා පාර්ලිමේන්තුවෙන් පිටව යන්නේ තමාට එරෙහිව මන්ත්‍රීවරයෙකු විසින් යෝජනාවක් ගෙනවිත් එය පාර්ලිමේන්තුවෙන් සම්මත කළහොත් පමණක් බව කියා සිටිමින් තවදුරටත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් එහි රැඳී සිටියේය.

අවසන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් පිටව යා යුතු බව හා සතියක කාලයක් ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවිය යුතු බවට යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාව සභා සම්මතවීම සිදුවිය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමේ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 85 ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 22 ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 114ක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි බවත්, තිදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.

 

සංහිදියාව නාමයෙන් සිදුකෙරෙන පාවාදීම් හිරිකිතයි! :මේජර් ජෙනරල් කමල් ගුණරත්න

මේජර් ජෙනරල් කමල් ගුණරත්න වර්තමානයේදී සංහිදියාව නාමයෙන් සිදුකෙරෙන පාවාදීම් සහ ශ්‍රී ලංකා හමුදාව අඩපන කිරීම් දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇති අයුරු මාධ්‍ය වාර්තා ඔස්සේ පළවෙමින් තිබේ.

වසර 55ක ජීවිතයේදී තමා මුහුණදුන් හිරිකිතම අවස්ථාව ආබාදිත රණ විරුවන්ට පොලීසිය පහරදීම බවත් ඉතා අමාරුවෙන් බේරාගත් රට බන්දේසියක දමා නව ව්‍යවස්ථාව මගින් පාවා දෙනතුරු නිහඩව සිටියොත් රටට ද්‍රෝහියන් වන බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියි.

පසුගියදා පැවති වියත්මග වාර්ෂික සමුළුව අමතා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙම අදහස් පළකර සිටියා.

සම්පුර්ණ කතාව….