Category: politics
Politics
අලුත් පක්ෂයක් හදනවානම් නම්බුකාර ලෙස ශ්‍රීලනිපයෙන් ඉවත් වන්න – මහින්ද අමරවීර
අලුත් දේශපාලන පක්ෂයක් හදනවා නම් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින එකී වුවමනාව ඇති පිරිස නම්බුකාර ලෙස ශ්‍රීලනිපයෙන් ඉවත්විය යුතු බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.
දික්ඹ්විට ධිවර වරායේ පැවැති උත්සවයකට එක් වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බව පැවැසූ ඇමැතිවරයා සියලු දෙනා පක්ෂයේ තබා ගන්නවා මිස කිසිවකු ඉවත් කිරීමට අදහසක් නැති නමුත් වෙනත් පක්ෂ හදන අය අයින් කරන්නට සිදුවන බවද පැවැසීය.
සිල්රෙදි බෙදාදීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්
පක්ෂයේ ස්වර්ණමය යුගය හදපු නායකයාට සංවත්සරයට ආරාධනා කරන්න මතක් වෙන්නේ අහම්බෙන් – මහින්ද රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව ඉලෙක්ෂන් ෆෝබියාවෙන් පෙලෙනවා – ඩලස්
ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ අගමැතිගේ වුවමනාවට
ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වුවමනාවකට හෝ තමාගේ වුවමනාවකට නොවන බවත්, අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ වුවමනාවකට බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ (23) දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවට එක්වෙමිනි.
පසුගිය දින 100 වැඩපිළිවෙළ සහ ජාතික ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළක් නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
එය රටේ දැවෙන ප්‍රශ්න විසඳීමේ අරමුණින් අමාරුවෙන් සකස් කළ වැඩපිළිවෙළක් බවද ඒ මහතා කියා සිටියේය.
එය දකුණු ආසියාවේ ප්‍රථම අත්හදා බැලීමේ වැඩක් බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසීය.
පක්ෂයක් හදවාට වඩා රටත් හදන එක අසීරු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක් ස්ථාවරයක සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර අනාගතේ දේශපාලනය පවා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන බවත්, අග්‍රමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා දේශපාලන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මේ අතර ආණ්ඩුව යම් යම් පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ලබන අතර සමූහික තීණ්දු පොදු ක්‍රමවේදයක් අනුව තීරණය කරනු ලබන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ඇවන්ගාඩ් නඩු තීන්දුව පිළිබඳව යළි සලකා බැලීමක් සිදුකරන ලෙස නව අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.
විජයදාස රාජක්ෂ ගැන තීරණ ගන්න විශේෂ යෝජනාවක්
ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි – රවි
ඉතිහාසය හා කාලය මට හිමි තැන තීරණය කරාවි යනුවෙන් හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානයක මහතා ඊයේ (10th) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එ් මහතා මෙසේ පැවසුවේ විදේශ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමිනි. සිය විශේෂ ප‍්‍රකාශයෙන් අනතුරුව මන්ත‍්‍රීවරයා පසුපෙල මන්තී‍්‍රවරුන්ගේ ආසනයකට ගොස් අසුන් ගත්තේය.
එ් මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙමින් කළ විශේෂ ප‍්‍රකාශය මෙසේයි
පසුගිය දින කීපයේ ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මා සම්බන්ධ විවිධ ප්‍රවෘත්ති පළ වුණා. අදහස් හුවමාරු වුණා. පාර්ලිමේන්තුවේදීත්, මන්ත්‍රීවරුන් යම් යම් මත පළ කළා. මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවකුත් බාර දී තියෙනවා.
ඒ නිසා මම හිතුවේ මේ ගරු සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරන්නයි. කොළඹ 03 මොනාක් නිවාස සංකීර්ණයේ නිවෙසක මා පදිංචි වී සිටීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවුණා. ඒ නිසා බැඳුම්කර කොමිසම හමුවේ මම කරුණු ඉදිරිපත් කළා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා වගකිවයුතු ඇමතිවරයෙක් හැටියට මේ ගරු සභාව ඉදිරියේ කරුණු පැහැදිලි කිරීම හා මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම වැදගත් කියා මා සිතුවා.
මම මුලින්ම මේ පිළිබඳ සත්‍ය කරුණු මේ ගරු සභාව ඉදිරියේ පැහැදිලි කරන්නම්. අප පදිංචිවී සිට බත්තරමුල්ලේ නිවාසයේ අලූත්වැඩියා කටයුතු නිසා, වෙනත් නිවසකට යෑමේ අවශ්‍යතාවයක් මතුවී තිබුණා. මට නිල නිවාසයක් ද තිබුණේ නෑ. ඒ නිසා පවුලේ උදවිය වෙනත් නිවාසයක් සෙව්වා. නහිල් විජේසූරිය මහතාගේ දියණියට අයත් නිවාසයක් ලැබුණ බව අපේ පවුලේ අය මට පැවසුවා. අප ඒ නිවසේ පදිංචියට ගියා.
නහිල් විජේසූරිය මහතාගේ දියණිය මගේ දියණියගේ පාසැල් මිතුරියක්. නමුත් ඇය දේශපාලනඥයෙකුගේ නමට නිවෙස බදු දීමට අකමැති වී තියෙනවා. ඒ නිසා මේ දෙදෙනාගේම පාසැල් මිත්‍රයෙක් වූ අර්ජුන ඇලෝසියස් ගේ සමාගමක් වෙත මේ නිවෙස බදු දෙන ලෙස මගේ දියණිය යෝජනා කළා. ඒ සමාගමේ නමට නිවෙස බදු දුන්නා. අපේ දියණිය බදු මුදල් ඒ සමාගමට ප්‍රතිපූර්ණය කළා.
පසු කලෙක නිවෙස විකුණා දැමීමට හිමිකාරිය තීරණය කළ නිසා අපේ පවුලේ සමාගමක් විසින් එය මිලදී ගත්තා. ඒ සඳහා සෙලාන් බැංකුවෙන් ණය මුදලක් ලබා ගත්තා. Seylan Bank – Ref: No – WTL/CRD/2016 – 1535, 29September 2016 දරණ එම ණය මුදල සම්බන්ධ ලේඛන මම සභාගත කරනවා.
මේ ණය වාරික ගෙවීම් සමාගම වෙනුවෙන් සිදු කළේ සමාගමේ සභාපතිවරයායි. මේ සියළු ගෙවීම් සමාගමේ ගිණුම් ගතවී තියෙනවා.මේ ක්‍රියාදාමය පිළිබඳ සැඟවීමට කිසිවක් නැහැ. සවිස්තර තොරතුරු අවශ්‍ය අධිකාරීන් වෙත, අවශ්‍ය අවස්ථාවන්හි ලබා දීමට අපට පුළුවන්.
ගරු කතානායකතුමෙනි,
මම දේශපාලනයට පිවිසුණේ අපේ රටේ හිටපු ශ්‍රෙෂ්ඨ දේශපාලන නායකයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා සමග තිබුණු සමීප ඇසුර නිසයි. එතුමාත් දේශපාලනයෙන් හම්බ කරපු කෙනෙක් නෙවෙයි. ඒත් එතුමාටත් නැව් ගිලපු ලලිත් කියමින් අපහාස කළා. චෝදනා කළා. නමුත් කාලයත් සමග ඒ චෝදනා සියල්ල බොරු බව ඔප්පු වෙලා තියෙනවා. එතුමාගේ ඇසුර නිසා දේශපාලනයට අවතීර්ණ වෙත්දී මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මම මගේ පුද්ගලික මුදල් දේශපාලනය නිසා නැති කරගත්තා මිස, දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ.
නීති විරෝධී ලෙස හෝ, අනිසි ලෙස හෝ නිවසක් ලබා ගැනීමට තරම් අවශ්‍යතාවයක් මට නැහැ. මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මගේ බත්තරමුල්ලේ නිවසට පැමිණ තියෙනවා. අපේ පැත්තේ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. අනික් පැත්තේ අයත්. විවිධ දේශපාලන සාකච්ඡා වලට ආවා. හිතවත් කමට ආවා. කාලා බීලා සතුටු වෙන්නත් ආවා. පක්‍ෂ මාරු කරන්නත් ආවා.
ඒ ආපු හැමෝම මගේ වත්කම් ගැන දන්නවා. මම නීති විරෝධී විදියට මුදල් හම්බ කරලා නැති බවත් දන්නවා. මගේ ව්‍යාපාරික කටයුතු සඳහා කිසිම අවස්ථාවක දේශපාලන බලය පාවිච්චි කරලා නැති බවත් දන්නවා. මම දේශපාලනයෙන් මුදල් හම්බ කරලා නැති බව, මට විරුද්ධ විශ්වාස භංග යෝජනාව අත්සන් කරපු හුඟක් අය පුද්ගලිකවම දන්නවා.
ගරු කතානායකතුමෙනි,
ඉස්සර ඇමතිවරයෙක් තියා ඇමතිවරයෙකුට ගෑවුණු කෙනෙක්වත් කොමිසම් ඉස්සරහට කැඳවලා නෑ. බලයෙන් ඔළුව පුම්බාගත්තු ඇමතිවරු ඒ කාලයේ හැසිරුණු ආකාරය අපි දන්නවා. අගමැතිවරු කටයුතු කරපු හැටි අපි දන්නවා. ජනාධිපතිවරු කටයුතු කළේ රජවරු වගෙයි. ඒ අය තවමත් නීතියට මුවා වෙන්න උත්සාහ කරනවා.
අපි එහෙම නෑ. අපි නීතියට ගරු කරනවා. යුක්තියට හිස නමනවා. බැඳුම්කර කොමිසම වෙත සාක්‍ෂි කරුවෙන් ලෙස ගිහින් සාක්‍ෂි ලබා දී මා පෙන්නුම් කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි. නව දේශපාලන සදාචාරයයි.
බැඳුම්කර කොමිසම පත් කළේ බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදුවූ කරුණු පිළිබඳව සොයා බලන්නයි. නමුත් දැන් ප්‍රසිද්ධ සංවාද පැවැත්වෙන්නේ පුද්ගලික සමාගම් හා නිවාස බදු දීමේ ප්‍රශ්නයක් ගැනයි.
බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා මගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ අවස්ථා කීපයකදීම විනිශ්චයකාරවරුන් මැදිහත් වුණා. ඔහුට අවවාද කළා. කොමිසමේ විනිශ්චයකරුවන් මැදිහත් හා අපක්‍ෂපාතී ලෙස කටයුතු කොට සත්‍යය සොයා ගන්නා බව මට විශ්වාසයි.
අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයාගේ හැසීරීම ගැන හෝ, වෘත්තීය නිපුණත්වයේ අඩුපාඩු ගැන හෝ මම මෙතන කතා කරන්න යන්නේ නෑ. ඔහු ඒ තරමටම ආවේගශීලීව හැසිරීමට හේතුව අපට ළඟදීම හෙළිදරව් වේවි. උසස්වීම් ලබා ගැනීමේ තරගයක ප්‍රථිපලයක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්.
නමුත් මම මෙතන අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන කරුණක්.
රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට, තමන්ගේම රජයේ ඇමතිවරයෙක්ව ආවේගශීලීව වුණත් ප්‍රශ්න කරන්න පුළුවන් නිදහසක් අද තියෙනවා. එදා ඇමතිවරයෙක්ව ප්‍රශ්න කරන්න තියා ඇමතිවරයෙක් සම්බන්ධ ෆයිල් එකක් ඇරලා බලන්නවත් නීතිපති දෙපාර්තමේන්තුවට නිදහස තිබුණේ නෑ. ශක්තිය තිබුණේ නෑ.
අනික් අතට, මේ අවස්ථවේ පිටු 8803 ක් පැය 48 ක පමණ කෙටි කාලයක් තුළ විමර්ශණය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වුණා. එය යහපත් ලක්‍ෂණයක්.
අප නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ රටට ලබා ගන්නා ණය ආධාර සම්බන්ධයෙනුත් ඒ ආකාරයෙන්ම කඩිනමින් ක්‍රියා කරන ලෙසයි. යහපාලනය වෙනුවෙන් රජය ගෙන එන පණත් පිළිබඳවත් ඒ ආකාරයෙන්ම කඩිනමින් කරන ලෙසයි. කලින් රජයේ මැති ඇමතිවරුන්ගේ දූෂණ හා වංචා සෙවීම සම්බන්ධ කාර්යයන්හිදීත් මේ කාර්යක්‍ෂමතාවයම පවත්වාගෙන යන ලෙසයි. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ පවත්වා අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ලිපිගොනු 87සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන්ම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
ගරු කතානායකතුමෙනි,
මම එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් අවුරුදු 32 ක් තිස්සේ වෙහෙසුණා. පක්‍ෂයේ දුෂ්කර කාලයන්වලදී ඒ අභියෝගයන්ට මුහුණ දුන්නා. මගේ පුද්ගලික අභිලාශයන් සියල්ල පක්‍ෂය වෙනුවෙන් කැප කළා. ඒ නිසාම මට ජීවිත තර්ජන ආවා. මට බොරු චෝදනා එල්ල කරමින් නඩු පැවරුවා. මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. විදේශ විනිමය නඩුවකට මාව පටලවා අවුරුදු 10 ක් තිස්සේ නඩුව ඇහුවා. අන්තිමේදී මාව නිදොස් කොට නිදහස් කළා. ඒ නඩුවෙන් චෝදනා ලැබූ රාජ් රාජරත්නම් මහතා ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද මහබැංකුවේ අධිපති. මා මේ කරුණු කියන්නේ විපක්‍ෂයේ දී අපව දේශපාලන පළිගැනීම් වලට ලක් කළ බව පෙන්වා දෙන්නයි. ඒ කාලේ දේශපාලන වශයෙන් පළිගත්තා. දැන් චරිත ඝාතනය කරනවා.
ඒ කාලයේ පීඩනයට පත් කළේ මාව විතරක් නෙවෙයි. අංශභාගය සැදී අසනීපයෙන් සිටි මගේ අම්මා ට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස් අතපය එව්වා. ඒ සියළු දෙනා භීතියට පත් කෙරෙව්වා. ඒ සියල්ල මැද මම එක්සත් ජාතික පාක්‍ෂිකයන් වෙනුවෙන් මගේ සේවය අකුරටම ඉටු කළා. පක්‍ෂය දෙකඩ කරන උත්සාහයන් වැලැක්වුවා. නායකත්වය වෙනස් කිරීමේ කුමන්ත්‍රණ පරාජය කළා. පක්ෂයත්, පක්ෂ නායකතුමාත් ආරක්‍ෂා කළා.
මම ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් දිගටම පෙනී සිටනවා. අපේ පාක්ෂිකයාත්, පක්ෂයත්, පක්ෂ නායකත්වයත් ආරක්‍ෂා කරනවා. එතනදී මගේ පුද්ගලිකත්වයට වඩා පක්‍ෂය ගැන හිතනවා. රට ගැන හිතනවා.
2015 ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට සියළු ප්‍රගතිශීලී බලවේග එක්විය යුතු බව අප විශ්වාස කළා. පොදු අපේක්‍ෂකයෙකු ඉදිරියට ගෙන ආ යුතු බව අප පැවසූවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස නම් කළ අවස්ථාවේ ජනාධිපතිවරණය සඳහා හංසයා ලාංඡනය ලබා දුන්නේද මමයි. ඒ සියල්ල කළේ රටේ අනාගතය වෙනුවෙනුයි.
ගරු කතානායකතුමෙනි,
දැන් මට මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවසර දෙන්න.
මම මගේ අමාත්‍ය ධූරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්නයි. අවුරුදු 20 ක් පමණ තිස්සේ විවිධ අසාධාරණයන්ට ලක්වුණු අපේ පාක්‍ෂිකයන්ට සාධාරණය ඉටු කරන්නයි. රට වෙනුවෙන් හරි දේ කරන්නයි. පැය 24 ම මගේ දුරකථනය විවෘතව තිබුණු බව මේ සභාවේ ඉන්න පක්ෂ, විපක්ෂ සැවොම දන්නවා. මම තනතුර පාවිච්චි කළේ සේවය කරන්න මිස බලය හා වරප්‍රසාද භුක්ති විදින්න නෙවෙයි.
මේ තනතුරු, මැති ඇමතිකම්, බලය ආදිය තාවකාලිකයි. සදාකාලික වන්නේ අප කළ සේවයයි. අපගේ ගුණයහපත් කමයි. අපගේ අවංක කමයි. නමුත් මේ බව බොහෝ දෙනෙක් වටහා ගන්නේ නෑ. ඔවුන් තනතුරු සදාකාලික බව සිතනවා. බලය සදාකාලික බව සිතනවා. ඒ නිසා බලයෙන් පහ වුණාට පසුවත් බලය පිළිබඳවම සිහින මවනවා. බලය ලබා ගැනීම සඳහා ඕනෑම බාල වැඩක් කරනවා. තමන්ට බලය ලැබෙනවා නම් රටට හෙණ ගැහුවත් ඔවුන්ට කමක් නෑ.
නමුත් ජනවාරි 08 වන දා විප්ලවයෙන් අප වෙහෙසුණේ ඊට වඩා වෙනස් සමාජයක් බිහි කරන්නයි.
මට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක් නෑ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්ඩායම් සහ මාධ්‍ය දැනටම මා වැරදිකරුවෙක් කර තියෙනවා. පසුගිය දින දහය ෙදාළහ තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක කටයුතු නොකළ ආකාරයකටයි. ඔවුන් මාව කුරුසියට දක්කා ඇන ගැසිය යුතු බව පවසනවා. මම ඒවායින් සැලෙන්නේ නෑ.
යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ට අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. බුදු රජාණන් වහන්සේටත් අපවාදවලට මුහුණ දීමට සිදු වුණා.
අට ලෝ දහමට අනුව මෙවැනි අවස්ථාවන් හා අභියෝගයන් ඕනෑම කෙනෙකුගේ ජීවිත වලට එල්ල වෙනවා. ඒ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය මට තියෙනවා.
නමුත් මට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින්, යහපාලන රජය අස්ථාවරත්වයට පත් කිරීමේ කුමණ්ත්‍රණයක් දියත් වන බව මට වැටහෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ක්‍රියත්මක වන බව මට දැනෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ අය, දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූ අය, අපරාධ සිදු කළ අය, මේ කුමන්ත්‍රණකාරී උත්සාහයන් පිටුපස ඉන්නවා. තමන්ගේ වැරදි වලට ලැබෙන දඬුවම් වලින් ගැලවීම සඳහා ඔවුන් යළි බලය ලබා ගැනීමට උත්සාහ දරනවා.
ගරු කතානායකතුමෙනි,
මේ බලලෝභී අවස්ථාවාදී කුමන්ත්‍රණකරුවන්ට එක්සත් ජාතික පක්‍ෂය විනාශ කරන්නට ඉඩ දෙන්නට බැහැ. මේ බලලෝභී කුමන්ත්‍රණකරුවන්ට යහපාලන රජය බිඳදමන්නට දෙන්න බැහැ. මේ කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් ප්‍රජාන්ත්‍රවාදී වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමයෙන් විනාශ වූ රට යළි ගොඩනැගීමේ වෑයම දුර්වල කරන්න දෙන්න බැහැ.
ඒ නිසා මුළු රටටම ආදර්ශයක් දෙමින්, අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා.
ගරු කතානායකතුමෙනි,
ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරාවි.
අපේ පක්‍ෂයේ ප්‍රබලයින් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස, ජේ ආර් ජයවර්ධන, මැතිතුමන්ලා සියළු දෙනාටම චෝදනා එල්ල වුණා. නමුත් ඒ සියල්ල පදනම් විරහිතබව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා.
ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා.
“සත්‍ය වසන් කිරීමට කෙතරම් උත්සාහ දැරුව ද, සත්‍ය කිසිවකට යටපත් නොවන්නේය. සත්‍ය වසන් කිරීමට උත්සාහ දරන්නන්ට හිමි වනුයේ අන්ත පරාජයයි.”
ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරන බව මම පවසන්නේ ඒ නිසයි.
තිරුක්කුරල් නම් දෙමළ කාව්‍ය සංග්‍රහයේ මෙහෙම කවියක් තියෙනවා. “සදාචාරාත්මකව නිවැරදි දේ කරන්න. හැම අවස්ථාවකදීම. හැම තැනකදීම.”
මගේ චේතනාව නිවැරදි දේ කිරීමයි මගේ අරමුණ අවංකව සේවය කිරීමයි. කවර චෝදනාවක් එල්ල වුණත්,මම දිගින් දිගටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. අපරාධ හා දූෂණ මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් සටන් කරනවා. අපේ පාක්‍ෂිකයන් රැකබලා ගැනීම සඳහා වෙහෙසෙනවා. ජනවාරි 08 වෙනිදා විප්ලවයෙන් අප ආරක්‍ෂා කරගත් දේශපාලන හා සමාජ අගයයන් වෙනුවෙන් කැප වෙනවා.
ගරු කතානායකතුමෙනි,
මම ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකකින් හෝ කම්පාවකින් නෙවෙයි. ආඩම්බරයෙන්.
මම මගේ තනතුර කැප කරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්‍ෂයට සැබැවින්ම ආදරය කරන මැතිඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ මගේ ඡන්දදායකයින් වෙනුවෙන්. අපේ පක්‍ෂයට ආදරය කරන සියළු දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතිය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන්. මම මේ තනතුර කැප කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා.
මෙතනදී මගේ බිරිඳ සහ දරුවන් මුහුණ පා ඇති මානසික පීඩනය ගැනත් සඳහන් කළ යුතුයි. අපේ සමහර මාධ්‍යයන් සහ පුද්ගලයන් මගේ බිරිඳගේත්, දූවරුන්ගේත් චරිත ඝාතනය කරනවා. ඔවුන්ටත් පහර ගහනවා. ඔවුන් දැන් ඉන්නේ ඒ සියළු පීඩනයන් හා අපහාස විදිමින්. ඒ සියල්ල මැදත්, ඔවුන් මට මේ තීරණය ගැනීමට ශක්තියක් වුණා. ඒ ශක්තිය මට ලබා දීම ගැන, මෙලා ඔබටත්, ඔනෙල්ලා, ෂෙනෙල්ලා, මිනෙල්ලා දියණියන්ටත් ස්තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි.
ගරු කතානායකතුමෙනි,
බුදුන් වහන්සේගේ ශ්‍රේෂඨ ධර්මය අඩංගු ධම්ම පදයේ එක් ගාථාවක මෙසේ දැක්වෙනවා.
“යමෙක් අනුන්ට ද්වේෂ නොකළ, නිරපරාධ වූ පිරිසිදු පුද්ගලයෙකුට අපරාධයක් කරයි ද, උඩු හුළඟට දැමූ දූවිල්ලක් සේ, එහි පව එය කළ පුද්ගලයා කරාම එයි.”
ධම්ම පදයේ තවත් ගාථාවක මෙහෙම සඳහන් වනවා.
“ඝන ගල් පව්ව සිව් දිගින් හමන සුළඟින් නොසෙල්වෙන්නේ යම් සේ ද, එසේම නින්දා ප්‍රශංසා දෙකේදී පණ්ඩිතයෝ නොසැලෙති.”
අන්න ඒ නිසා ම, මගේ පක්ෂය සහ මගේ රට වෙනුවෙන් මම අද ගත් මේ තීරණය පිළිබඳව මම නැවතත් ආඩම්බර වෙනවා.
ජවිපෙ ඡන්දය විශ්වාසභංගයට පක්ෂවයි – විජිත හේරත්
2015 ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේත් ප‍්‍රධාන සටන් පාඨය බවට පත්වී තිබුණේ වංචාවට හා දූෂණයට එරෙහිව පියවර ගන්නා බවට සහ යහපාලනය ඇතිකරන බවට වූ පොරොන්දුව නමුත් මේ ආණ්ඩුව ඒ ප‍්‍රධාන පොරොන්දුවම බලයට පත්වී මාසයක් යනවිටම උල්ලංඝණය වූ බව ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
2015 ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේත් ප‍්‍රධාන සටන් පාඨය බවට පත්වී තිබුණේ වංචාවට හා දූෂණයට එරෙහිව පියවර ගන්නා බවට සහ යහපාලනය ඇතිකරන බවට වූ පොරොන්දුවයි. නමුත් මේ ආණ්ඩුව ඒ ප‍්‍රධාන පොරොන්දුවම බලයට පත්වෙලා මාසයක් යනකොට උල්ලංඝණය කළා. ලංකා ඉතිහාසයේ මහ බැංකුවේ විශාලම බැඳුම්කර වංචාව මේ ආණ්ඩුව යටතේ සිදු කළා. එය මුලින්ම මේ රටේ ජනතාව හෙළිදරව් කළේ, ජනතා විමුක්ති පෙරමුණයි. අපේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මේ වගේම මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ බව රටට හෙළිදරව් කළා. නමුත් ආණ්ඩුව කිසිඳු පියවරක් ගත්තේ නැතුවා විතරක් නෙමෙයි. පහුගිය රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ හොරකම් සම්බන්ධයෙන් පවා පරීක්ෂණ සිදුනොකොට ඒ හොරුන් සමගත් අත්වැල් බැඳගෙන ආණ්ඩුව පිහිටවූවා.
පසුගිය පාලන සමයේ සිදුවූ ඇවන්ගාඞ් සිදුවීම ආරක්ෂා කිරීමට ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙක්ම එම වංචාව යටගහන්න කටයුතු කළා. අපි ඒ ඇමතිවරුන් පිළිබඳව ජනතාවට හෙලිදරව් කළා. ඒවායේ ප‍්‍රතිඵලයක් විදිහට තිලක් මාරපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදුවුණා. තාවකාලිකව එහෙම කරලා සිදුවීම යටපත් කරලා දැන් නැවතත් ඔහුට ඇමතිකමක් දී තිබෙනවා. ඇවන්ගාඞ් හොරුන්ට තවමත් නීතිය කි‍්‍රයාත්මක වෙලා නැහැ. එවැනි සිදුවීම් ගණනාවක් ආණ්ඩුව විසින් යටපත් කරමින් සිටිනවා. පසුගිය ආණ්ඩුවේ හොරු වත්මන් ආණ්ඩුවේ ඇමති ධුර අරගෙන සුවසේ සිටිනවා. ඔවුන් පිළිබඳ පරීක්ෂණත් නිසි ලෙස සිදුවන්නේ නැහැ. යටපත් වෙමින් තිබෙනවා.
මහ බැංකු බැඳුම්කර වංචාව ගත්තොත් දැන් සියල්ල හෙළිදරව් වී අවසන්. උසාවියෙන් අහවලා වැරදිකාරයා කියා කිව්වෙ නැති වුණාට, ජනතා අධිකරණයෙන් මේ වරදකරුවො කවුදැයි තීන්දු කර අවසානයි. මේ පිළිබඳ පළමු පරීක්ෂණය පැවැත්වුණේ කෝප් කමිටුවේදීයි. එහිදී සත්‍ය තොරතුරු එළියට ගන්න අරගලයක් කරන්න සිදුවුණා. ඒ කමිටුව ඇතුළෙත් මේ වංචාව යටගන්න උත්සාහ කරපු බොහෝ අය හිටියා. අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුව පාවිච්චි කරලා මේ වංචාව සිදුකරපු දේශපාලන අධිකාරිය කෝප් කමිටුව තුළ එය යටපත් කරන්න හැදුවා. එහෙත් එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති සහෝදරයත් තවත් මන්ත‍්‍රීවරුත් එකතු වෙලා මෙහි විමර්ශන කටයුතු සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව නීතිපති දෙපාර්තමෙන්තුව නඩු දැමිය යුතුව තිබෙනවා. ඒත් තවමත් අධිකරණයේ නඩු පවරා නැහැ.
දැන් ජනාධිවරයා විසින් පත් කරන ලද කොමිසම හමුවේත් අලූත් කරුණු හෙළිදරව් වෙමින් තිබෙනවා. රවී කරුණානායක ඇමතිවරයා පිළිබඳ බොහෝ කරුණු හෙළිවුණා. තවත් කරුණු හෙළිවෙමින් තිබෙනවා. ඒත් කෝප් කමිටුව ඇතුළෙ වගේම කොමිසමේදීත් එජාපය මෙම වංචාව සැඟවීමට උත්සාහ කරමින් සිටිනවා. එදත් කෝප් කමිටුවේ ෆුට් නෝට් කල්ලියක් මේක ආරක්ෂා කරන්න හිටියා. මෙතන වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන්න කිසිම හිරිකිතයක් නැතිව ෆුට් නෝට් කල්ලිය මාධ්‍ය ඉස්සරහට ආවා. අද කොමිසමේ ක‍්‍රියාවලිය ඇතුළේ මෙම වංචාව තවත් හෙළිදරව් වෙමින් තිබෙනවා.
රුපියල් කෝටි 5500ට වැඩි මුදලක් මේ සිදුවීමෙන් ජනතාවට අහිමි වුණා. පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව දුක් මහන්සියෙන් එකතු කරපු අර්ථසාධක අරමුදලේ මුදල් මේ හරහා අහිමි වුණා. රටේ ජනතාවගේ දහඩිය මහන්සිය ආණ්ඩුවේ ප‍්‍රධානීන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කර තිබෙනවා. මේ වංචාවේ වරදකරුවන්ට අනිවාර්යයෙන් දඩුවම් පැමිණවිය යුතුයි. එහි ප‍්‍රමාණය කවරක් වුවත් කමක් නැහැ. රාජිත ඇමතිවරයා පසුගියදා කියා තිබුණා, රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් එක්ක බැලූවාම මේක ලූනු බිකක් කියලා. ඔහුත් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. රවීගේ වැරැද්ද ලූනු බිකක්නම් ඒ කාලයේ ඔවුන්ගේ, ඔවුන්ගේ ආණ්ඩුවේ හොරකම් කොහොමදැයි ජනතාවට සිතාගත හැකියි. ඔහු ධීවර ඇමති ලෙස හිටපු කාලයේ මෝදර ධීවර වරාය විදෙස් සමාගමකට බදු දීමේදී සිදු කරන ලද වංචාව රුපියල් කෝටි 47ක් පමණ වෙනවා. ඒවත් ලොකු හොරකම්. මේවත් ලොකු හොරකම්.
ඇත්තටම එදා රාජපක්ෂ ආණ්ඩුව සිදුකරපු හොරකම් අභිභවා යන්න මේ ආණ්ඩුව තරගයට හොරකම් කරමින් ඉන්නවාදැයි අපට හිතෙනවා. අපිට හොරකම්වල ලොකු පොඩිකම් මනින්න බැහැ. ලොකු හොරුන්ගෙයි පොඩි හොරුන්ගෙයි වෙනසක් නැහැ. මේ ඉන්නේ නැව් ගිලපු හොරුන්ට මේක ලූනු බිකක් වුණාට මේ හොරකම් කරලා තියෙන්නෙ රටේ ජනතාවගේ මුදල්. එදා සහ අද වෙන සියලූ හොරකම්වලට එරෙහිව වෙනසකින් තොරව නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි.
ෆයිසර් මුස්තාපා ඇමතිවරයා කියනවා, හොරකම් නැති ආණ්ඩුවක් මේ රටේ තිබිලා නැහැ කියලා. ඔහු පිළිගන්නවා, මෙච්චර කල් තිබුණෙ හොරුන්ගෙන් පිරුණු ආණ්ඩු කියන එක. ඒ කියන්නේ, මේ රටේ ජනතාව ඡුන්දෙ දීලා තියෙන්නෙ හොරුන්ගෙ ආණ්ඩුවලට. එහෙනම් ජනතාව අලූතෙන් හිතා බලන්න ඕනෙ තවදුරටත් හොරුන්ගේ ආණ්ඩුවලට ඡුන්දෙ දෙනවද කියන එක. දෙගොල්ලන්වම කිරලා මැනලා බලන්න අවස්ථාවක් දැන් ජනතාව හමුවේ තිබෙනවා. දැන් බැසිල් කියනවා, එයාලා හොරෙන් ප්ලේන්ටියක්වත් බීවේ නැහැ කියලා. එහෙනම් මල්වානේ මාළිගය හැදුවේ කොහොමද? ඒ සල්ලි ආවේ කොහොමද? ඒ ඉඩම ගත්තේ කොහොමද? ඒවා ඉබේ ඉදිවුණාද? මේ මහබැංකු බැඳුම්කර හොරකමෙන් රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ හොරකම් වහන්න බැහැ. අද මේ විශ්වාසභංග යෝජනාව ගේන්නේ එවැනි චෝදනා තියෙන අයයි.
ඔවුන්ට ඒ සඳහා සදාචාරාත්මක අයිතියක් තියෙනවාද කියන ප‍්‍රශ්නේ තියෙනවා. මේ ඇතිවී තියෙන තත්ත්වය හමුවේ එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුව තියෙනවා. අපි කිව්වා, එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි කියලා. නමුත් මේ කණ්ඩායම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් තියෙනවා. ඔවුන් කියන්න හදනවා, ඔවුන් කරපු හොරකම්වලට වඩා මහබැංකු බැඳුම්කර වංචාව ලොකුයි කියලා. ඒකේ ඇත්තක් නැහැ. දෙගොල්ලම කරපු හොරකම් එකයි. ඒ දෙකේ වෙනසක් නැහැ. මේක හරියට කේතලේ මුට්ටියට කළුයි කිව්වා වගේ වැඩක්. කේතලෙත් කළුයි. මුට්ටියත් කළුයි. රටේ ජනතාව බලන්න ඕන දැන් ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා. දෙකම එකයි. එක වරදක් තවත් වරදකින් වහන්න බැහැ. එක වරදක් තවත් වරදකින් ශුන්‍ය වෙන්නේ නැහැ. කෙනෙක් දෙක දෙකෙන් බෙදුවාම බිංන්දුවයි කිව්වා වගේ ශුන්‍ය වෙන්නේ නැහැ. දෙක දෙකෙන් බෙදුවාම බිංදුව වෙන්නේ නැහැ. පාලනයන් දෙකේම වරදවල්වලට අදාළව නීතිය කි‍්‍රයාත්මක වෙන්න ඕනැ. ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් කි‍්‍රයාමාර්ග ගත යුතුව තියෙනවා.
ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් විදිහට වංචා දූෂණ හොරකම් සම්බන්ධයෙන් කටයුතු කරන්න විශේෂ අධිකරණයක් පිහිටුවන බව කිව්වා. අජිත් පෙරේරා ඇමතිවරයා කියනවා විශේෂ අධිකරණයක් පිහිටුවන්න බැරිව ඉන්නේ තමන්ගේ ආණ්ඩුවේ විජේදාස රජපක්ෂ අධිකරණ ඇමතිවරයා හින්දා කියලා. එහෙත් ආණ්ඩුවට ඕන වුණ තීන්දු ගන්න ඇමතිවරයාගේ පෞද්ගලික අදහස සලකන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයට තීන්දුවක් අරගෙන කි‍්‍රයාත්මක කළ හැකියි. දැන් වරාය විකුණන්න අදාළ හිටපු ඇමතිවරයා එපා කිව්වා කියලා වරාය විකුණන එක නතර වුණාද? අධිකරණ ඇමතිවරයා පිට පටවලා ආණ්ඩුවට ඇඟ බේරගන්න බැහැ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තියෙනවා නම් එවැනි දෙයක් කළ හැකියි. විශේෂ අධිකරණයක් පිහිටුවන්න ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වෙනවා නම්, ඒක දුෂ්කර නම් ආණ්ඩුවට වෙනම අධිකරණයක් පිහිටුවන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ දැනට තියෙන උසාවිවලින්ම එක උසාවියක් වෙන් කරලා මේ සියලූ වංචා-දූෂණ සම්බන්ධ නඩු ඒකට යොමු කරන එක. එහෙම පිහිටුවලා මේ නඩු කඩිනම් කරන්න පුළුවන්. එහෙම නොවුණොත් මේ වංචා-දූෂණ කොයි තරම් එළිදරව් වුණත් නීතිය කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාද වෙනවා.
දැන් බැඳුම්කර කොමිසම මේ පරීක්‍ෂණය මෙහෙයවනවා. ඔවුන්ගේ අවසන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි. ඔවුන් නැවත මෙය අධිකරණය වෙත යොමුකළ යුතුයි. මේ කි‍්‍රයාවලිය අවසන් වෙනකොට තව අවුරුදු දෙක-තුනක් යනවා. ඒ වෙනකොට මේ ආණ්ඩුවේ ආයුෂ ඉවරයි. ඒ කියන්නේ කිසිදු චූදිතයෙකුට මේ ආණ්ඩුවේ කාලය ඇතුළත දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එක. එතකොට දේශපාලනය වෙනස් වෙලා. පහුගිය කාලයේ සිද්ධ වුණේ එහෙම දේවල්. ඒ නිසා දැනට මෙහෙයවන නඩු කටයුතු පවා වෙනම අධිකරණයක් මගින් කි‍්‍රයාවලිය වේගවත් කරලා වරදකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුයි.
දැන් විශ්වාසභංගය පාර්ලිමේන්තුව හමුවේ තියෙනවා. ආණ්ඩුව ප‍්‍රාදේශීය සභා ඡුන්දේ කල් දැම්මා. දැන් පළාත් සභා ඡුන්දේ කල් දාන්න හදනවා. ඒ වගේ විශ්වාසභංගෙට අදාළ ඡුන්දෙත් කල් දාන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ ඒවට ඉඩ දෙන්න බැහැ. එය වහාම විවාදයට ගත යුතුයි. අපේ පැත්තෙන් අපි අවධාරණය කරන්නේ, මෙය ඉක්මනින් විවාදයට අරගෙන ඉක්මනින් ඡුන්දය තියන්න කියලා. මේ විශ්වාසභංගයේදී අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා ජනතා විමුක්ති පෙමරමුණ විදිහට ඊට පක්‍ෂව ඡුන්දය දෙන්න. රවී කරුණානායක තමන්ගේ මුදල් අමාත්‍ය ධුරය පාවිච්චි කරලා බැඳුම්කර ගනුදෙනුව ආශි‍්‍රතව කරපු ඒ දූෂිත ගනුදෙනුව වැරදි සහගතයි. ඒ නිසා ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතුයි. ඔහු විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් ඔහු මෙම ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ මුදල් ඇමතිවරයා විදිහට. ඔහු මුදල් අමාත්‍යාංශයේ යාන්ත‍්‍රණය පාවිච්චි කළා මේ ගනුදෙනුවට. මේ රටේ ජනතාවගෙන් ඔහු සමාව ගත යුතුයි.
දැන් ආණ්ඩුව උත්සාහ කරනවා, මේ සිද්ධිය රවී කරුණානායක ඇමතිවරයාගේ පිටින් තියන්න. නිධානය ගන්න බිල්ල බවට රවීව පත්කරන්න උත්සාහ දරනවා. නිධානය ගත්ත කට්ටිය පැත්තක ඉන්න පුළුවන්. ඒකට ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. ඔහුත් ඇතුළත්ව නිධානය ගත්ත මුළු හොරු කණ්ඩායමටම දඬුවම් ලැබිය යුතුයි. මේ නිධානයේ තියෙන්නේ ජනතාවගේ සල්ලි. ඒව නැවත ජනතාවට ලැබිය යුතුයි. හොරුන්ට දඬුවම් දීලා ජනතාවට ඒ සල්ලි ආපසු ලැබිය යුතුයි. දැන් ආණ්ඩුව හදනවා රවීට ඉල්ලා අස්වෙන්න කියලා මේක ගොඩින් බේරගන්න. අපි කියන්නේ ඔහු ඉල්ලා අස්වෙලා හෝ වෙනත් කිසිදු පියවරකින් මේ බැඳුම්කර වංචාව යටපත් කරන්න දෙන්න බැහැ. තිලක් මාරපන ඇමතිවරයා ඉල්ලා අස්වෙලා ඇවන්ගාඞ් සිද්ධිය යටපත් කළා වගේ කවුරු හරි ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙලා බැඳුම්කර සිද්ධිය යටපත් කරන්න දෙන්න බැහැ. අපි දැඩිව එම ස්ථාවරයේ ඉන්නවා. එහි වරදකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි. මෙම සිදුවීම සමඟ තවත් අයගේ නම් කියවෙනවා. ආණ්ඩුවේ ප‍්‍රධානින්ගේ නම් කියවෙනවා. මේ සිදුවීමේ ඇත්ත සැලසුම්කරුවෝ, ප‍්‍රබලයෝ හෙළිදරව් කරගත යුතුයි. ඒ සඳහා අපේ බලපෑම දිගින් දිගටම සිදුකරනවා. අපි අවධාරණය කරන්නේ, විශ්වාසභංගයට අදාළ විවාදය කඩිනමින් ගත යුතුයි. අපි ඊට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්,
ඉතා පැහැදිලියි මහ බැංකුව තිබුණෙත් තිබෙන්නෙත් අගමැතිවරයා යටතේ. එහි අධිපතිවරයා හැටියට අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ඔහුයි. එම නිසා මේ බැඳුම්කර ගනුදෙනුමට අදාළ විශේෂ වගකීමක් ඔහුට තියෙනවා. තමන්ගේ දෑත් පිරිසිදුයි කියලා ඔහුට කියන්න බැහැ. මේකෙන් ගැලවෙන්න ඔහුට බැහැ. මේ වංචාවට සම්බන්ධ අය ඇමතිවරු වෙන්න පුළුවන්, ප‍්‍රධානීන් වෙන්න පුළුවන්, තරාතිරම වැදගත් නැහැ. ඔවුන් සියලූ දෙනාම කොමිසමට කැඳවිය යුතුයි. ඔවුන් එම සිද්ධියට සම්බන්ධතාවයක් තිබේ නම් ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. අපි බලාගෙන ඉන්නේ, මේ ආණ්ඩුව ඇතුළේ එහෙම වෙයිද කියලා. නමුත් අපිට පේන දේ තමයි කොමිසම් පිහිටුවලා, සාක්‍ෂි කැඳවලා වාර්තා හදලා, නීතිපති වෙත යවලා, නඩු කි‍්‍රයාවලිය යනකොට බොහෝ කාලයක් යනවා. ඒ අනුව බැඳුම්කර හොරුන්ට මේ ආණ්ඩුව යටතේ දඬුවම් ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි.
මේ හොරකමෙන් පරණ හොරකම් වහන්න බැහැ. විශ්වාසභංගය ගෙනත් තමන්ගේ හොරකම් වහගන්න ඔවුන්ට බැහැ. ආණ්ඩුව ඇතුළේ ඉන්න ඇමතිවරුත් විශ්වාසභංගයට පක්‍ෂ වෙනවා කියලා කියනවා. ඒකෙන් විශ්වාසභංගය ගෙනාපු අයට පක්‍ෂ වෙන බවක් අදහස් වෙනවද? ඒ විශ්වාසභංගයයේදී රවී කරුණානායක ඇමතිවරයාට විරුද්ධව ඡුන්දය දීමේන් හොරු සමඟ එකට හිටගැනීමක් කොහෙත්ම අදහස් වෙන්නේ නැහැ.
අපි අවධාරණය කළේ මේ ආයතනය අගමැතිවරයා යටතේ තිබුණු ආයතනයක් බව. ඒ නිසා ඔහුට වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. මේ සිද්ධියේ වරදකරුවන් වෙන්නේ කවුද කියන එක, ඔහුගේ තරාතිරම මොකක්ද කියන එක අපට වැදගත් වෙන්නේ නැහැ. මේ වංචාවට සම්බන්ධ වුණු සියලූ දෙනාට නීතිය කි‍්‍රයාත්මක වෙන්න ඕනැ. ජේ.වී.පී. එකට ආණ්ඩුවක් දෙන්න, හොරුන්ට දඬුවම් දෙන හැටි බලන්න. මේක අපේ ආණ්ඩුවක් නෙමෙයි, මේක හොරුන්ගේ ආණ්ඩුවක්. හොරුන්ගේ ආණ්ඩුවකින් හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත. අපි ජනතාවට කියන්නේ මේ ඇත්ත.
මෙච්චර කල් ඔබ ඡුන්දය දීලා තියෙන්නේ හොරුන්ට. ඔබ එක හොර ආණ්ඩුවක් අයින් කරලා තව හොර ආණ්ඩුවක් ගෙනත් තියෙනවා. ඔවුන් කලින් හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ. රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ ගමේ එක්සත් ජාතික පාක්‍ෂිකයා ගමේ කඩ මණ්ඩියට ගිහින් බය නැතිව කිවුවා ‘මහින්ද හොරා’ කියලා. අද ඔවුන්ට එහෙම කියන්න බැහැ. අද එහෙම කියපු ගමන් අහනවා, ‘ඇයි ඔහෙලගේ ලොක්ක’ කියලා. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කිවුවාම ඔවුන්ගේ කටවල් වැහෙනවා. ඒ නිසා මේ දෙගොල්ලන්ගෙන් හොරුන්ට දඬුවම් ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒ නිසා අපි ජනතාවට කියන්නේ අපිට ආණ්ඩුවක් දෙන්න. අපි පෙන්වනන්නම් හොරකම, වංචාව, දූෂණය නවත්වන විදිහ. අපි අමාත්‍යාංශ හතරක් මෙහෙයවූවා. අල්පෙනෙත්තක දෙයක් හොරකම් කළා කියලා චෝදනාවක් නැහැ. අපි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව කළා. වංචා-දූෂණ නැති කරලා තිස්ස සභාව හදලා පෙන්නුවා. ජනතාවට දැන් විශ්වාස කරන්න තියෙන එකම දේශපාලන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අපි වංචා-දූෂණවලට මේ තරම් විරුද්ධ මේ රටේ මහජනතාවගේ ධනය මේ වංචාවලින් දූෂණවලින් විනාශ වෙන නිසා. ඉස්කෝලේ ළමයින්ට පාසැල්වල ඩෙස් බංකු ටික නැතිව, ගුරුවරු නැතිව, ඉස්පිරිතාලවල බෙහෙතේ නැතිව දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ මේ කම්බා හොරු නිසා. මේ වංචාව-දූෂණය-නාස්තිය නැති කළොත් මේ රටේ ප‍්‍රශ්න සෑහෙන ප‍්‍රමාණයක් මේ සල්ලිවලින් විසඳන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ හොරුන්ගෙන් පිරුණු ආණ්ඩු පිහිටුවීම නවත්වලා වෙනත් විකල්පයක් වෙත හැරෙන්න කියලා.
ඇත්තටම මේ ආණ්ඩුවේ සාධනීය මට්ටමක් නැහැ. ඔවුන් සාධනීය වෙන්න හදන්නේ කථාවලින් විතරයි. ඔවුන් පරණ අයට දඬුවම් දෙන බව කියමින් ඉන්නවා. ඩුබායිවල කෝටි පන්දාස් ගණනක් තියෙන බව කිව්වා. ඇස් දෙකෙන් දැක්ක කියලා කිවුවා. කෝ? මේ වංචනිකයින්ට එරෙහිව පියවර ගත්තද? ජනතාවට කතා වැඩක් නැහැ. වැඩවලින් ඔප්පු කළ යුතුයි. ජනාධිපති කොමිසමක් පත් කළා කියලා මේවට කි‍්‍රයාමාර්ග ගත්තේ නැත්නම් වැඩක් නැහැ. මෙච්ච කරුණු ඔප්පු වුණු ඇවන්ගාඞ් සිද්ධියට අදාළවත් නීතිය කි‍්‍රයාත්මක් වුණේ නැහැ. දූෂණයට, වංචාවට විරුද්ධ නම් කි‍්‍රරයාමාර්ගවලින් ඒ බව පෙන්වන්න. අගමැතිවරයා කියනවා, ආණ්ඩුවේ හොරු හිටියොත් හොරුන්ට එරෙහිව පියවර ගන්නවා කියලා. ඒත් අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. ආණ්ඩුව වැඩවලින් ඔප්පු කරලා නැහැ නීතිය කි‍්‍රයාත්මක කරන බව.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින්,
ජනාධිපති කොමිසම ඉදිරියට ඇමතිවරු පැමිණීම හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඇමතිවරුන් ප‍්‍රශ්න කිරීම මේ ආන්ඩුව කැමැත්තෙන් ලබාදුන් නිදහසක් නෙවෙයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ වාඩි වෙන්නෙත් රනිල් වික්රමසිංහ මහතා අගමැති පුටුවේ වාඩි වෙන්නෙත් මේ ඇමතිවරු ඇමතිවරු ඇමතිකම් දරන්නේත් ජනතාව වංචාවට-දූෂණයට එරෙහිව දීපු ජනවරම නිසා. ඒ ජනවරම අනුව මෙහෙමවත් හැසිරීමක් පෙන්වන්නේ නැතිනම් ඔවුන්ට පැවැත්මක් නැහැ. මේ ඔවුන්ගේ කැමැත්ත නෙවෙයි. මේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනයේදී රවී කරුණානායක ඇමතිවරයා පිටින් සියලූ වැරදි තබා ගැලවීමට ආණ්ඩුවට බැහැ. මේ ගනුදෙනුව පිළිබඳ වගඋත්තරකරුවන් සෙවීම මූලික කුමන්ත‍්‍රණය සිද්ධ වෙච්ච 2015 ජනවාරි 15 මුදල් අමාත්‍යාංශයේ සිද්ද වෙච්ච සාකච්ඡාවේ සිටම ආරම්භ විය යුතුයි.
ඒ සඳහා සහභාගි වෙච්ච රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා, එවකට උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම්, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අගමැතිවරයාගේ නියෝජිතයා විදිහට සම්බන්ධ වූ මලික් සමරවික‍්‍රම යනාදීන් පිළිබඳව විමර්ශන සිදුවිය යුතුයි. බොහෝ එක්සත් ජාතික පක්‍ෂ නායකයින් මේ ගිලටීනයට අහු වෙනවා. ඒ වගේම තමයි මහ බැංකු බැඳුම්කර වංචනිකයින්ගෙන් අල්ලස් ගත්තේ රවී කරුණානායක විතරක් නෙවෙයි. ජනාධිපති විමර්ශන කොමිසම මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතුවලදී කෝප් කමිටුවේ ෆුට් නෝට් කල්ලියට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ දුරකතන පරීක්‍ෂා කර බැලූවොත් ඒ කාලයේ අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් එක්ක සම්බන්ධකම් පැවැත්වුවේ කවුද කියලා හොයා ගන්න පුළුවන්. කෝප් කමිටුවේ විමර්ශන තීරණාත්මකව යන වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් දුරකථන ඇමතුම් ලැබුණු එ.ජා.ප. මන්තී‍්‍රවරු එතන වාඩිවෙලා හිටියා. ඒ නිසා රවී කරුණානායකට විතරක් නෙවෙයි, ෆුට් නෝට් කල්ලිය ලෙස රටට එළිදරව් වුණු අජිත් පෙරේරා, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා, හර්ෂද සිල්වා ඇතුළු ඒ කල්ලියේම දුරකථන ඇමතුම් පරීක්‍ෂා කළොත් මීට සම්බන්ධ තව බොහෝ අය හොයාගන්න පුළුවන්.
