Category: news_sub
බත්තරමුල්ලේ ඉදිවන ‘අමරදේව අසපුව
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් විසින් ශ්‍රී ලාංකේය සංගීතයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සැලකිල්ලට ගනිමින්, එතුමන්ගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදාය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම සඳහා ‘අමරදේව අසපුව’ ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම අසපුව ස්ථාපනය කිරීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රය තුළ පිහිටි පර්චස් 100ක ඉඩම් කොටසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මට එල්ල කරන චෝදනා අසත්‍යයි
කළුතර කාර්මික වෙළෙඳ කලාපයක් ඉදිකිරීමේ සැලසුමක්
කළුතර, මිල්ලනිය ප්‍රදේශයේ කාර්මික වෙළෙඳ කලාපයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ තායිලන්ත සමාගමක් අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද්‍ර රත්නායක සහ තායිලන්ත රොජානා සමාගමේ සභාපති ඩිරෙක් විනිච්බුටර් යන මහත්වරුන් අද පෙරවරුවේ එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුණි.
2018 වසරේ දෙසැම්බර් මාසයේ මෙම කාර්මික වෙළෙඳ කලාපයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර රැකියා දස දහසක් ඒ තුළින් නිර්මාණය වන බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.
උතුරු නැගෙනහිර තරුණ තරුණියන් සඳහා ද එමඟින් රැකියා ලබාදීමට අපේක්ෂිත බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
පරිසර තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් අක්කර 400ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ උපදෙස් මත ආයෝජන මණ්ඩලය මඟින් පහසුකම් සපයන බව රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා සඳහන් කළේය.
රවීන්ද්‍ර විජේගුණරත්න වයිස් අද්මිරාල් ධූරයට
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය සදහා ජනපතිවරයා විසින් පත් කළ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අඟහරුවාදා (22) දිනයේ එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබේ.
මේ වන විට නාවික හමුදාපතිධූරයේ කටයුතු කරන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 22වනදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු වයිස් අද්මිරාල් සින්නයියා මහතා එදින සිය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයට පත් වන දෙවන නාවික හමුදාපතිවරයා වන්නේ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතායි.
මීට පෙර අද්මිරාල් දයා සඳගිරි මහතා 2005 වසරේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයේ කටයුතු කරනු ලැබීය.
නල්ලූර් කෝවිලේ තේර් පූජාව අද
යාපනය – නල්ලූර් කෝවිලේ අවසන් තේර් පූජාව අද (20) දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී පැවැත්වෙයි.
මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ පහකට වැඩි පිරිසක් පූජාවන් වෙනුවෙන් සහභාගී වූ බව කෝවිලේ භාරකාර මණ්ඩලය පවසයි.
විදේශගත දමිළ ජනතාව විශාල පිරිසක් මෙවර නල්ලූර් මංගල්‍ය වෙනුවෙන් පැමිණීමද විශේෂත්වයකි.
දින 25ක කාලයක් පැවති මංගල්‍ය පූජා කටයුතු හෙට පැවැත්වෙන දිය කැපීමේ පූජාවෙන් අනතුරුව නිමා කිරීමට නියමිතය.
