ජාතික තරුණ සේවා සභාපති ධූරය වෙනස් වේ!

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ධූුරයට මනුල චමල් පෙරේරා මහතා පත් කර තිබෙනවා.
මෙම පත් පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනුයි.

හක්මන වෙඩි තැබීමකින් අයෙක් මරුට

අද දින පස්වරුවේ හක්මණ කැබලියපොල ප්‍රදේශයේදි යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකදී තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ පිරිස් වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව එතනින් පළා ගොස් ඇති අතර හක්මන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 37කින් සම්මත වී තිබේ.
අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 53ක් හා ඡන්ද 16ක් ප්‍රති විරුද්ධව හිමිව තිබේ.
අදාළ පනත් කෙටුම්පත අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
“මේ පනතේ විධිවිධාන ඉදිරියට තිබෙන වරදවල් වලට පමණයි. අතීතයේ වරදවල් පනතින් වරදක් ලෙස සළකන්නේ නෑ. පුද්ගලයන් බාරදීමක් ලෙස වගන්තියේ සඳහන් නෑ. ලංකාවේ නීතිය බලාත්මක වෙන්නයි නීතිය ගේන්නේ. පනතේ විධිවිධාන අනුව, සම්මත වූ පසුව සිදුවන දේවල් වරදක් ලෙස සළකන්නේ යැයි“ ද විවාදය ආරම්භ කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

යාපනය සරසවි සිසුන් මාරාන්තික උපවාසයක

ද්‍රවිඩ ජාතික දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා යාපනය විශ්වවිද්‍යාල සිසුන් අද(17) යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

තමන් නිදහස් කරන ලෙසට ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරත දේශපාලන සිරකරුවන්ට සහයෝගය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් උපවාසය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවසුවේ රජය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට අවස්ථා ගණනාවකදී පොරොන්දු ලබාදුන්නද අදාළ පොරොන්දු ඉටු නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා සමඟ ඊයේ(16) සාකච්ජාවක් පැවැත්වූ අතර, එහිදී ආණ්ඩුකාරවරයා පැවසූවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට විශ්වවිද්‍යාල සිසුන් වෙත අවස්ථාවක් ලබාදෙන බවයි.

ආණ්ඩුකාරවයාගේ අදාළ පොරොන්දුව නොතකා විශ්වවිද්‍යාල සිසුන් අද(17) දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මාරාන්තික උපවාසය ආරම්භ කරනු ලැබීය.

උපවාසයට එක්වූ විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරනතෙක් තමන් අඛණ්ඩව උපවාසය පවත්වන බවයි.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් 200 ක පමණ පිරිසක් උපවාසයට එක්ව සිටියි.

මහින්දගෛ් ගෙදරට හොරෙක් ඇතුළු වෙලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජයරාම මාවතේ පිහිටි නිවසට තියුණු ආයුධයක් රැගෙන බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහ කිරිමේදී අත්අඩංගුවට ගත් තරුණයා මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවට කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 21 වනදා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවීමට උත්සහ කිරිමේදී අදාල තරුණයා කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූණි.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අදාල නඩුව අද(6) යලි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ එම තරුණයා මීට පෙර ද මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි.
ඔහුට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය  බව සඳහන් කළ පොලීසිය ඔහු මානසික රෝහලට ඇතුළත් කර නේවාසික ප්‍රතිකාර ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර ලබාදී ඇති අතර සැකකරු ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගත කෙරුණු බව

මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයින් බූස්ස හමුදා රැඳවුම් භාරයට

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ රදවා  සිටි මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයින් පිරිස බූස්ස හමුදා රැඳවුම් භාරයේ තැබීමට කටයුතු කළ බව පොලීසිය පවසයි.

මේ වසරේ අප්‍රේල් මාසයේදී වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගත් මෙම සරණාගතයින් 30 දෙනා මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ සිට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්්‍යාලයට භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් උසාවි නියෝගයක් ලැබෙන තෙක් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව සඳහන්ය.

Sri Lanka probes ‘Longest Saree’ wedding for using kids!!!

A Sri Lankan couple is under investigation for deploying hundreds of school children to carry the train of the bride’s saree during a wedding ceremony, authorities said Friday.

About 250 students of a state-owned school carried the train of the 3.2-kilometre (two-mile) long saree worn by the bride as she and the groom walked down a main road in the central district of Kandy Thursday, local media reported. Another 100 students served as flower girls at the wedding.

wedding 2

The students were from a school named after Central Province Chief Minister Sarath Ekanayaka who was a special guest at the wedding, according to media reports, which said the saree was the longest ever worn by a bride in Sri Lanka.

The National Child Protection Authority (NCPA) said it was probing the incident.

“We have started an investigation,” NCPA Chairman Marini de Livera told AFP. “We are going all out because we don’t want this to become a trend.”

De Livera said deploying students for such ceremonies during school hours was against the law, with violators facing up to 10 years in prison.

“What they (the wedding party) did is a violation of child rights,” de Livera said. “Depriving children of education, risking their security and harming their dignity are criminal offences.”

යෝෂිත රාජපක්ෂ මූල්‍ය අපරාධ කොට්ඨාශයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) උදේ 10 ට මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ඇත. 
ගල්කිස්ස ප‍්‍රදේශයේ ඉඩම් මිලදී දෙකක් මිලදී ගෙන එක් එක් ඉඩමක සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවීම සම්බන්ධයෙන්ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා එ් මහතා අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. 
 
ගල්කිස්ස මිහිදු මාවතේ පර්චස් 31ක ඉඩමක් මිලදී ගැනීම සහ රත්මලාන කෙකටිය පෙදෙසේ පර්චස් 31.5 ඉඩමක් මිලදී ගෙන තෙමහල් නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවිම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

සිරකරු දිනයට සමගාමීව මරණ දඩුවම ලැබූවන් හා පවුල් අතර හමුවක්

සිරකරු දිනය අදයි(12). සිරකරු දිනය නිමිත්තෙන් අද දිනයේ රට පුරා පිහිටි සෑම බන්ධනාගාරයකම රැුදවූවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමේ අවස්ථාව ලබා දී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුසාර උපුල්දෙණිය මහතා පැවසීය.
මෙහිදි පිටින් ගෙනෙන ආහාර රැුදවූවන්ට ලබා දීමේ අවස්ථාවද ලබා ද ඇත. සිරකරු දිනයට සමගාමීව පසුගිය දා (10) මරණ දඩුවම ලැබූවන් හා පවුල් අතර හමුවක් ද සෑම බන්ධනාගාරයකම පැවැත්විණි.

දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම අද

බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම අද (06) දිනය තුළ බොහෝ දුරට සිදුවනු ඇති බව වාර්තා වෙයි.

අදාළ කොමිසමේ නිල කාලය පසුගිය තුන් වන දිනෙන් අවසන් වු අතර  ඒ සඳහා තවත් මාස 6ක කාලයක් ලබාදෙන ලෙස කොමිසම විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කළේ කොමිසමේ නිල කාලය අවසන් වුව ද තවමත් එම කාර්යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි.

පසුගිය රජය සමයේ සිදුවු වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම පිහිටුවනු ලැබීය.

එම කොමිසමට පැමිණිලි 2000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් බරපතළ ගණයේ පැමිණි විමර්ශනය සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් විමර්ශන කටයුතු අවසන් කර පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු වාර්තා ජනාධිපිතවරයා වෙත බාර දී ඇති බව එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කරයි.

තවත් පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු විමර්ශන අවසන් කර ඇති අතර එම විමර්ශනවල වාර්තා මේ වන විට  සකස් කරමින් සිටින බව බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.

ඊට අමතරව තවත් පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකරමින් පවතියි.

එම පැමිණිලි විභාග කිරීමට සහ විමර්ශනය කරන ලද පැමිණිලිවල වාර්තා සකස් කර අවසන් කිරීම සඳහා තවත් මාස 6ක කාලයක් සඳහා කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා අද දිනය තුළ බොහෝ දුරට අනුමැතිය හිමිවනු ඇති බව වාර්තා වෙයි.