යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීමේ නිවේදනය නිකුත් කෙරේ

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජන අදහස් විමසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහජන අදහස් විමසීම පිළිබඳ දැන්වීම නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව 66.2% ක ආදායම් ඉහළ දැමීමක් ඉලක්ක කෙරෙන බවයි.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින අතර, ලිඛිත අදහස් පහත සඳහන් තැපෑලෙන්, ඊමේල් හෝ ෆැක්ස් මඟින් ඉදිරිපත් කළ හැකියාව පවතිනවා.

ඒ අනුව මහජන අදහස් සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා වෙළඳ කුළුණ, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනයට හෝ consultation@pucsl.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතිනවා.

44a33d3c66018666849c20083a331f59

මාර්තු 20 වනදා වන විට පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

2023 වර්ෂය සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් මාර්තු 20 වනදා පමණ වන විට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

චීන රජයෙන් මේ වන විට මෙරට පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදිපිළි අවශ්‍යතා‍වයෙන් 70%ක් සපුරා ඇති අතර අදාළ නිල ඇඳුම් රෙදිපිළි ඉදිරි දින කිහිපය තුළ සමුපකාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ යොදාගෙන බෙදාහරින බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

 

උසස් පෙළ උපකාරක පන්ති ජනවාරි 17 සිට තහනම්

2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 17 වනදා සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම සහ සංවිධානය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති අතර ඊට අදාළ විෂයානුබද්ධ දේශන සහ වැඩමුළු පැවැත්වීමත් තහනම් කොට තිබෙනවා.

එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම එවැනි දේවල් ප්‍රසිද්ධ කරමින් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් සිදු කිරීමත් තහනම් කර ඇති බව එම නිවේදනයේ සදහන්.

උසස් පෙළ විභාගය ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

f8945a07e8e2ef1b94fd69044568382f

2023 වසරේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සඳහා චීනයෙන් රෙදිපිළි පරිත්‍යාගයක්

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා.

මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) විසින් අදාළ රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත ඊයේ (13) දිනයේ දී කොළඹ වරාය පරිශ්‍රයේ භාරදෙනු ලැබුවා.

සිසුන්ට සෘජුව ම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වන විටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂමට කරුණු දක්වයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් පසුගියදා පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර නොගන්නා ලෙස නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම හමුවේ කරුණු දක්වා තිබෙනවා.

අදාළ ලිපිය නිකුත් කිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට යම් අපහසුතාවක් සිදු වුයේ ඒ සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බවයි එහිදී ඔහු පවසා තිබුණේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් පමණක් මෙම ලිපිය නිකුත් කල බවයි.

ea7974e8dc7a0782d20a7d4f84b23e4c

ජනපති මැදුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීමේ නඩුවෙන් වසන්තට ඇප

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අල්ලා ගත් අවස්ථාවේ දී එහි තිබූ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හට ඇප හිමි වී තිබුණා.

ඒ ඊයේ (14) දිනයේ ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී යි.

පුද්ගලයින් 72 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර කොටුව පොලිස් ස්ථානය විසින් වසන්ත මුදලිගේ එම නඩුවේ 73 වෙනි සැකකරු ලෙස නම් කර තිබුණා.

කෙසේ වෙතත් වසන්ත මුදලිගේ නැවතත් ජනවාරි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

comment loading imageමහජන ප්‍රතිචාර

හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නියෝගයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ ජුලි 9 අරගලය අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහස සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබා ගන්නා ලෙසයි නියෝග කර ඇත්තේ.

තෙල් සහ ගෑස් ගවේෂණයට අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කර අවසන් – කංචන විජේසේකර

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි අවසන් කර අත්සන් තබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මේ සමඟ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ කොටස් 900ක පමණ ප්‍රමාණයක ඇති ඛණිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්,

6c258716ff56d7514d51b6f159cda8ab

ගංජා පැළ සමඟ අත්අඩංගුවට SSPගේ වැඩ තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගෙන තිබුණා.

f37136267bed8db1e9033af563f13c6e

ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේ ණය ගෙවන්න තවත් මාස 06ක කාලයක්

ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් සලකා බලමින් බංග්ලාදේශ රජය විසින් එරටින් ලබාගත් ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට තවත් මාස 06ක කාලයක් ලබාදී තිබෙනවා.

බංග්ලාදේශ මහ බැංකුව ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සඳහා මෙම සහන කාලය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.