හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඊයේ (12) පැවති රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා එම රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ.
මිය යන විට ඔහු 75 වන වියේ පසු වුණා.
හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඊයේ (12) පැවති රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති හිටපු මහ ඇමතිවරයා එම රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ.
මිය යන විට ඔහු 75 වන වියේ පසු වුණා.
ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගෙන තිබුණා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 6 දෙනෙකු 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබුණා.
පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශා කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මහාචාර්ය ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදළව ඇය ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණා.
ලංකා විදුලි බල මණ්ඩලය අධ්‍යනයක් සිදුකර අඛණ්ඩව විදුලි බලය ලබාදිය හැකි ක්‍රමවේදයක් සකස් කර ඇති බව විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසනවා.
කෙසේ නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍ය බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වාදුන්නේ.
එසේම විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන්නේ විදුලි බල මණ්ඩලය මුහුණපා ඇති මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇති අවම හානිදායක ක්‍රමය එය නිසා බවත් ගල් අඟුරුවලට මුදල් ගෙවීමේදී දැඩි මූල්‍ය අර්බුදයක් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවද අත්පිට මුදල් නොමැති නම් තෙල් ලබා නොදෙන බවට දැනුම් දී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ
මෙම වසරේ ජනවාරි 1 වනදා සිට ආණ්ඩුව විසින් කිසිඳු මුදලක් ලබා නොදෙන බවට ප්‍රකාශ කර ඇති බවත් විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ හොත් විශාල අර්බුදයකට ගමන් කිරීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.
මහජන ප්රතිචාරහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක තීන්දුව ලබා දෙමින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් පියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි අධිකරණය නියම කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ හමුවීම සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.
ඒ අනුව එම නිලධාරීන් කණ්ඩායම වසන්ත මුදලිගේ රඳවා සිටි රැඳවුම් ස්ථානය වෙත ගොස් ඇති අතර ඔහුගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කර එය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.
මේ සඳහා එම කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, අධීක්ෂණ හා ඇගයුම් අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා ඇතුළු කණ්ඩායමක් ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.
ආදර්ශා කරදන පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහාචාර්ය ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.
එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 440ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 433ක්, පුත්තලම ප්‍රදේශයෙන් 273ක්, කල්මුණේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 147ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 128 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු ( Satoshi Fujimaru) මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීමට රජය දරන උත්සාහයන් පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව කටයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය යටතේ මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩදිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
