අඩු ආදායම්ලාභීන්ට මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබාදීමට අනුමැතිය

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය බවයි සඳහන් වන්නේ.

මෙම වැඩසටන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිතා කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් අතර සහල් බෙදාදීමට නියමිත අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

d6a8463ab5403c8ab7d54d16e612db33

0a549670c4693b7128994a9a631480cf

අන්තරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අන්තරේ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අත්අඩංගුවේ සිටින එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්ත​රේ විරෝධතාවක

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බල කරමින් ඔවුන් විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

මේ හේතුවෙන් තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි සඳහන් වන්නේ.

wasantha-mudalige-protest

මැයි 09 දේශපාලනඥයින්ගේ නිවාසවලට හානි කිරීමේ සිද්ධියට අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි

දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය මැයි මස 09 වනදා දේශපාලකයින්ගේ නිවාසවලට පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබෙනවා.

පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහජන සාමය පිළිබඳ අමාත්‍යාශයේ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් – ඉන්දීය විදේශ ඇමති

වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්.

ජයිශංකර්ගේ මෙරට සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බව The Hindu පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එහිදී බලශක්ති, ආහාර සුරක්ෂිතතා සහ විනිමය හුවමාරු සම්බන්ධයෙන් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේදී මෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සදහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දියාව අපේක්ෂා කරන බවයි The Hindu පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ මස 19 වන දා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් දෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ගුවන්යානා අනතුර හේතුවෙන් අද නේපාලයේ ශෝක දිනයක්

නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුරෙන් පසු අද දින (16) එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (15) උදෑසන නේපාලයේ සංචාරක නගරයක් වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එහි විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68 දෙනෙකු සිටි බවයි නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ.

එම විදේශිකයන් අතරට ඉන්දියානුවන් පස් දෙනෙකු, රුසියානුවන් හතර දෙනෙකු, දකුණු කොරියානුවන් දෙදෙනෙකු සහ අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව සහ ප්‍රංශය යන රටවලින් එක් අයෙකු බැගින් සිට තිබෙනවා.

ආහාරවලටත් මිල සූත්‍රයක් හඳුන්වාදෙන්න – අසේල සම්පත්

ඉන්ධන සඳහා හඳුන්වාදුන් ආකාරයේ මිල සූත්‍රයක් ආහාර සඳහාද හඳුන්වාදෙන ලෙස ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

මේ අවස්ථාව වන විට මිනිසුන්ට තුන්වේලට කෑම සඳහා භාණ්ඩවල මිල ගණන් අඩුවී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එහි වාසිය ජනතාවට ලබාදීම සඳහා ආහාරවල මිල වැඩිවීම හෝ අඩුවීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන ලෙසයි අසේල සම්පත් ආණ්ඩුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

පුද්ගලයින් 72ක් සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි

මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු සමඟ නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මේ වන විට මළ සිරුරු 40 ක් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තව තිත්ත බෙහෙත් ගන්න තියෙනවා ගොඩ එන්න – ජනපති

IMF සහය පැතීම හැර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වෙනත් විකල්පයක් නොමැති හෙයින් ඉදිරියේදී තව තිත්ත බෙහෙත් ගැනීමට සිදුවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනතාව විඳින දුක තමන් හොඳින් දන්නා අතර පාසල් ළමුන්ට තියෙන අඩුපාඩුකම් සහ සෞඛ්‍ය ගැටළු සියල්ල ආර්ථිකය කඩා වැටීම සම්බන්ධ විපාක බවද ජනාධිවරයා පෙන්වා දෙනවා.

සියලු අසීරු තීරණ ගිය වසරේ දී ආණ්ඩුව ගනු ලැබුව ද, එම තීරණ ජනතාවට දැනෙන්න පටන් ගන්නේ ඉදිරි මාස තුන හතරේ දී බවද ජනාධිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනයේ සහාය බලාපොරොත්තු වෙනවා – ජනපති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා චීනයේ සහාය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා චීනයේ සහාය තවදුරටත් ඉල්ලා සිටි බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

මෙරට සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළකර ඇති අතර චීන ජනාධිපතිවරයා විසින් ලබාදුන් ලිපියක්ද චීන නියෝජිත පිරිස විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්,

f4b67b4b9ae82f4214fa5df14df91d25