ජල විදුලිය නිපදවන්න ප්‍රමාණවත් ජලය ජලාශවල නැහැ – මහවැලි අධිකාරිය

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් ප්‍රමාණවත් ජලය නොමැති බවයි මහවැලි අධිකාරිය විසින් ලිපිය හරහා දැනුම් දී තිබෙන්නේ.

දැනට පවතින ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් ජල විදුලි නිෂ්පාදනය සඳහා මුදා හැරිය නොහැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී ඇති බව කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කරනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කටයුතු කළා.

Slave Island භාෂා ත්‍රිත්වයෙන්ම කොම්පඤ්ඤවීදිය ලෙස හැඳින්වීමට තිරණය කෙරේ

ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් පරිදි හැත්තෑපස් වෙනි නිදහස් දිනයට සමගාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා හා කොළඹ මහ නගර සහාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුම්වත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිංහල හා දෙමළ භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙස භාවිතා කළ ද යටත් විජිත සමයේ එම පෙදෙස හැදින්විමට යොදාගත් Slave Island යන නාමකරණය මේ දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත කළා.

පැරිස් සමාජය ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීමට ඉදිරිපත් වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් විවෘත කිරීමට අවශ්‍ය ප්‍රධාන පියවරක් වන ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික සැපයීමට පැරිස් සමාජය සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය හිමියන්ද ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් නුදුරේදීම නිවේදනය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ ඉඩම් අක්කර 108 ක් හෙට නිදහස් කිරීමට පියවර

ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව හෙට (03) දින එම කටයුතු සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව, එම ඉඩම් පවුල් 197ක් අතර බෙදාදීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති කළ ප්‍රකාශය රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා.

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහ නාහිමිවරු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවට මහා සංඝරත්නය එමගින් අවධාරණය කරන බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

469df32420d7fc6ccd8e5025e96b8b93

නිදහස් දිනය වෙනුවෙන් කොළඹ මාර්ග වසා තැබීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරිදි එම මාර්ගවල රථවාහන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

e0b09983a610845fdc1140f43adbc4ae

බදු ප්‍රතිපත්තිය පිළිබඳව පිළිගත හැකි විසඳුමක් අද හෝ හෙට අවශ්‍යයි – වෘත්තීයවේදීන්

රජයේ අසාධාරණ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් අද (02) හෝ හෙට (03) දිනයේ බලාපොරොත්තු වන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (03) වෘත්තීය සමිති 30 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

ඒ අනුව ආණ්ඩුව මේ සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් ආණ්ඩුවට දැනෙන ආකාරයේ පිළිතුරක් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පෙට්‍රල් මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400 ක් වනවා.

එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

8dbb6a8863bc907cc4ffc843d46841c5

විදුලි කප්පාදුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.