පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කර තිබෙනවා.
අද එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කර තිබෙනවා.
අද එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පනවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.
අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනුකර තිබෙන පැමිණිලි තුනක් අද (23) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙනවා.
මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් 2023 පෙබරවාරි 22 දිනැතිව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
යම් නිලධාරියෙකුට ව්‍යාපාරික පංතියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට හැකියාව තිබෙන බවයි සඳහන් වන්නේ.
මැතිවරණය පවත්වන ලෙස බල කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.
රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් අද (22) සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට සමගාමීව වරාය සේවකයින් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක්ද පැවති බවයි සඳහන් වන්නේ. ඒ අනුව එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළේ, අද පැවැත්වෙන විරෝධතාවයට ප්‍රතිචාර නොදැක්වුවහොත් මාර්තු 1 වනදා එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.
රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද (22) කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
මෙය සංඥාවක් පමණක් බවත් සියලු ක්ෂේත්‍ර තමන්ගේ රාජකාරීවලින් ඉවත් වුවහොත් රට අකර්මන්‍ය විය හැකි බවයි ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.
අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි.
උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය කල්යාම ඉදිරි විභාගවලට බරපතළ ලෙස බලපාන බවත් මෙලෙස කල් යාමේ හේතුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කිසිවක් සඳහන් නොකරන බවද ඔහු සඳහන් කළා.
ඇගයීම් ක්‍රියාවලියට අවශ්‍ය පිරිසෙන් ප්‍රමාණවත් පිරිසක් අයදුම් කර නොමැති බවත් ඇගයීම් ක්‍රියාවලියට ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා ඊයේ (20) පවත්වා තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව කොළඹ, කළුතර, බදුල්ල යන ප්‍රදේශවල මෙම විරෝධතා පැවති අතර එහිදී ඔවුන් ඉල්ලා සිටියේ විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
වඩා හොඳ ප්‍රයෝගික යෝජනා සමඟ පැමිණෙන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජන බලවේගයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් ලබාදී එම යෝජනා ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
රටේ පවත්වන්නට යන මැතිවරණය ආණ්ඩු මාරු කරන ඡන්දයක් නොවන බවත් එම වැඩ කටයුතු සඳහා ආර්ථිකය ශක්තිමත් නොවන බවත් ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.
ඡන්දය පවත්වන දිනය සම්බන්ධයෙන් වන ගැටලුව දේශපාලන පක්ෂවලට අධිකරණයෙන් විසඳාගත හැකි බවත්, එහෙත් ආර්ථිකය සම්බන්ධයෙන් වන ගැටලු අධිකරණය හරහා විසඳා ගැනීමට නොහැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
තමා රටේ ආර්ථිකය බාර ගැනීමට කටයුතු කළේ කවුරුත් නොමැති අවස්ථාවක බවත් රට බේරා ගැනීමට ගොස් බැනුම් ඇසීමටද සිදුව ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.