රටේ මුල්‍ය බංකොලොත්භාවය සොයන කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස එස්.බී. දිසානායක පත් කෙරේ

රටේ මුල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාව සඳහා තවත් සාමාජිකයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව එහි සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පත්කර ඇති බවයි කතා නායකවරයා පාර්ලිමේන්තුව දැනුම් දුන්නේ.

රටේ මුල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පත් කර තිබුණා.

අද ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වයක්

අද (22) ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64e44055be1e6 64e44055b521c

මෙරට දෛනිකව හෘද රෝගීන් 170 ක් වාර්තා වනවා – විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ

මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසනවා.

මේ වන විට දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ වාර්තා වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ.

මෙම තත්ත්වය පසුගිය අවුරුදු කිහිපයක් පුරා ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් ඇති බවත් පවතින ජීවන රටාව සහ ආහාර රටාව මෙම හෘද රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ ගන්නා ආහාරවල බහුල ලෙස සීනි අඩංගු වන අතර මෙරට පුද්ගලයෙක් වසරකට සීනි කිලෝ 30 ක් භාවිතා කරන බවත් තෙල් සහ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගැනීමද මෙලෙස හෘද රෝගීන් වැඩිවීමට හේතුවන බවයි විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප වීම ගැන විශේෂ විමර්ශනයක්

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පවතින තත්ත්වය යටතේ සියලු රැඳවියන්ට මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්දී ඇති බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ.

හඳුනා නොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර රෝගී වූ 5 ක් රෝහල් ගතකර තිබෙනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කළේ.

රත්මලානේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් වන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැරේ සජීවී විකාශය

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (21) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෙරහැර දළදා වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය, යටිනුවර වීථිය, රජ වීථිය ඔස්සේ පෙරහර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතයි.

හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

හෙට (22) දිනයේ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

විදෙස් රැකියා දෙන බවට පවසා මුදල් වංචා ක​ළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය, කලපළුවාව, බුත්ගමුව පාරේ පදිංචි සලාහුදීන් මොහොමඩ් නවස්දීන් නැමැති සැකකරු රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා රු 813,000ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, ඒ අනුව මෙම පුද්ගලයා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම පැමිණිල්ලට අමතරව සැකකරුට විරුද්ධව පැමිණිලි 9ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අදාළව ඔහු වංචාකර ඇති මුදල රු 8,390,000 ක් බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැර තිබෙනවා.

උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 6 කට පසු අවලංගුවීමේ රෙගුලාසි ඉවත් කෙරේ

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු වන බවට පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවත්, යම් අවස්ථාවක දී උප්පැන්න විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ යන අමාත්‍යංශවලටත් ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව රන්දෝලි පෙරහැර ආරම්භ වන අගෝස්තු 26 වනදා සිට 31 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සැලැස්ම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ කාලසටහන පහතින්. (උපුටාගැනීම: RDMNS)

64e2efc167d57