සෞඛ්‍ය වෘත්තීය සමිති 22 වනදා විරෝධතාවකට සැරසෙයි

සෞඛ්‍ය අර්බුදයට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළකරමින් එළඹෙන 22 වනදා දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිය ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කරන බවයි.
ආණ්ඩුව සෞඛ්‍ය සේවය නොසලකා හැරීම හේතුවෙන් ජනතාව සමඟ එක්ව මෙයට පිළිතුරු සෙවීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඖෂධීය කංසා වගාව සඳහා අවසරය හිමිවෙයි

ආයුර්වේද පනත සංශෝධනය මඟින් ආයුර්වේද ඔසු වගා කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබාදුන් බවද, ඒ හරහා කංසා වගා කිරීම සඳහා අවසර හිමිවන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
ඒ අනුව වාණිජමය වශයෙන් ඔසු වගාව සිදුවිය යුතු අතර ඖෂධීය කංසා සම්බන්ධයෙන් අදාළ නීති රාමුව තුළ දක්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඖෂධීය කංසා වගා වැඩසටහන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමඟ ඒකාබද්ධව සිදුකරන බවත්, මෙම අවසරය හරහා මෙරට විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවද ඔහු සඳහන් කළා.
ආයුර්වේද නීති සංග්‍රහය, ඖෂධීය ශාක සහ නීතිමය රාමුවක් ගැසට් නිවේදනයක් මඟින් ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවද මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාව ලෝකයට සරසවියක් විය යුතුයි – ජනපති

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින මෙම අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බවයි උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64fa98db336e8pdf_page_0

64fa98db69e00pdf_page_1

නිල සංචිත වත්කම්වල සුළු අඩුවීමක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 4.4% ක සුළු අඩුවීමක් සිදුව ඇති බව මහ බැංකුව පවසනවා.

ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4 ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නව දුෂණ විරෝධි පනත මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක වෙයි

නව දුෂණ විරෝධි පනත මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ සඳහා අදාළ ගැසට් පත්‍රය ද ඉදිරියේ දී පළ කිරීමට නියමිත බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට පවතින අල්ලස් නීතිය ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අංශයට හා දේශපාලඥයන්ට පමණක් බවත්, නව පනත තුළින් පෞද්ගලික අංශයේ දූෂණ සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කිරීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සලෙයිගේ අතීතය බැලුවම එයා මේක කරා කියලා මං විශ්වාස කරනවා – සරත් ෆොන්සේකා

සලෙයිගේ අතීතය බැලුවම එයා මේක කරා කියලා මං විශ්වාස කරනවා – සරත් ෆොන්සේකා

Channel 4 නවතම චිත්‍රපටය රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් – ගෝඨාභය රාජපක්ෂ

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සහිත Channel 4 වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව Channel 4 නවතම වැඩසටහන 2005 සිට පැවති රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ.

ඇතැම් පුද්ගලයින් දේශපාලනික ස්ථාවරයක සිට තමන්ට චෝදනා එල්ල කළ ද, තමන් රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම කර ඇති බවද ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය පහතින්.

64f98358165d3pdf_page_0

64f9835825a72pdf_page_164f9835836bb9pdf_page_264f9835847509pdf_page_3

පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – මානව හිමිකම් කොමිසම

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව, ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
රජය නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රනයක් යෝජනා කළද, සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර වරදකරුවන්ට දඬුවම් ලබාදීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක් ලබාදීමට සියලුදෙනා කැපවිය යුතු බවත්, ඒවා ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අධිෂ්ඨානයක් තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
මහජන විරෝධතාවලින් බලාපොරොත්තු වූ ආකාරයේ ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ පරිවර්තනයක් සිදුව නොමැති බවත්, මේ නිසා දිගු කලක සිට පවතින අභියෝගවලට විසඳුම් සැපයීම තවදුරටත් පමා වන බවයි ඔහු පෙන්වා දී ඇත්⁣තේ.
ශ්‍රී ලංකාව අඛණ්ඩව වගවීමකින් තොරව කටයුතු කරමින් සිටින බවද, මෑත කාලීනව මානව හිමිකම් උල්ලංඝණය හා අනිසි ලෙස බලය භාවිතා කිරීම රට තුළ දැකගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක්

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා නව කුලපතිවරයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 09 වනදා සිට බලාත්මක වන පරිදි මහාචාර්ය ජයන්ත බලවර්ධන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

64f963a94ccad