ශ්‍රීලනිප මහලේකම්ට එරෙහි වාරණය ඔක්තෝබර් 6 වනදා දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායකට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා දැනුම්දුන් අතර විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රීලනිප මහලේකම්ට එරෙහි වාරණය ඔක්තෝබර් 6 වනදා දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායකට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා දැනුම්දුන් අතර විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (23) පස්වරු 06.00 සිට පැය 12ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල කාප්පාදුව සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරණ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂි​ත පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමට පියවර

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බවයි වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක සඳහන් කළේ.

නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනය වී නොමැති බවත්, අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය සේවකයන් අද දහවල් කෑම පැ​යේ විරෝධතාවල

රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්‍රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (22) රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව දහවල් කෑම පැය තුළ මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති අතර රෝගී ප්‍රතිකාර සඳහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

සමස්ත ලංකා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය මධුර සෙනවිරත්න වැඩිදුරටත් සඳහන් කළේ, ක්ෂේත්‍රය තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළ මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි.

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිපා (Nipah) වෛරසය මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති අතර මෙය මුල්වරට හඳුනාගෙන ඇත්තේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිර ගිය අවස්ථාවේදී බවයි සඳහන් වන්නේ.

මෙවර මෙම වෛරසය පැතිර යන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවට වන අතර ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීම බවද සඳහන්.

දැනට පවත්නා විද්‍යාත්මක  දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය බවයි සඳහන් වන්නේ.

වෛරසය සිරුරට ඇතුලු වී දින 4 – 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇතිවන බවත් හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත් සඳහන් වනවා.

මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වා ගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙන අතර මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නොමැති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම අරමුණයි – ජනපති

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි  අපේක්ෂා කරන බවයි ඊයේ (21) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා සිය ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව. 10.00 ට පමණ ආරම්භ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (23) පස්වරු 6.00 සිට පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

2024 වස​රේ රජයේ සේවකයන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන දින‍යන්

2024 වර්ෂයේ වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දිනයන්, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දිනයන්, විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ දිනයන් පහතින්.

650c180b970fe

ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත්කිරීම අත්හිටුවයි

ඉන්දියාව කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැනේඩියානු පුරවැසියෙක් ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය මෙයට හේතුව බවයි සඳහන් වන්නේ.