දුමින්ද -ලසන්ත -අමරවීර ඉවත් කළාට ශ්‍රීලනිපට අතුරු තහනමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර

ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අතුරු තහනම් නියෝගයක් අද (01) නිකුත් කළේය.

ස්වාභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කරමින් නිසි විනය පරීක්ෂණයක් හෝ පැවැත්වීමකින් තොරව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව තමන් තනතුරු වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනීතික සහ අත්තනෝමතික ක්‍රියා කර ඇතැයි පෙන්වා දෙමින් පෙත්සම්කරුවන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව අප්‍රේල් 08 දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් පෙත්සම් යළි කැඳවන අප්‍රේල් 08 වැනිදා විරෝධතා දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කළ දිසා විනිසුරුවරයා අතුරු තහනම් දැන්වීම් හා නොතීසි ද වගඋත්තරකරුවන් වෙත යැවීමටද නියම කළේය.

දුමින්ද දිසානයාක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර විසින් ගොනු කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහියංගන ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන නමැත්තන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගිය මාර්තු 30 වැනිදා පක්ෂයේ විධායක සභාව රැස්වී තමන් පක්‍ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි සඳහන් කරන එම පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර පක්ෂයේ විධායක සභාව ගත් එම තීරණය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.

තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් හෝ පැවැත්වීමකින් තොරව ස්වාභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කරමින් තමන් තනතුරු වලින් ඉවත් කිරීමට පක්‍ෂය කටයුතු කිරීම හේතූවෙන් තමන්ගේ කීර්ති නාමයන්ට හානි කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අනීතික සහ අත්තනෝමතික ආකාරයෙන් තමන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙමම පෙත්සම ලබන 08 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කුවේරා ද සොයිසා, චන්දක ජයසුන්දර පෙනී සිටියහ.

නඩු තීන්දුවෙන් පසු ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයට වෙත ගිය දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කිරීමක් කළේය.

හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන Emiretes ගුවන් සමගමට අයත්

ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇත.

ඔහු මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වී කැනඩාව බලා පිටවගොස් තිබීම බරපතල ලෙස ආන්දෝලනයට ලක්වූ කාරණයකි.

ඔහු කැනඩාවේ දේශපාලන සරණාගතභාවය සඳහා ඉල්ලීම් කර ඇතැයි ඒ දිනවල පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද ඔහු විසින් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබිණ.

යළි දිවයිනට පැමිණි රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න, අද දිනයේ පැවැත්වෙන සරසවි සම්මාන උලෙලට සහභාගී විමට නියමිත බව වාර්තාවේ.

අස්වැසුම වැඩවලින් ඉවත්වීමේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව

අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා.

ඔවුන් පසුගිය 15 වැනිදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වෙන්නේ.

අස්වැසුම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීමට විරෝධය පලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව එහි සභාපති නන්දන රණසිංහ සඳහන් කළා.

ජනාධිපතිවරයා නියත වශයෙන්ම එළැඹෙන මැතිවරණයේදී පරාජයට පත්වෙනවා – වසන්ත යාපා බණ්ඩාර

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන දෙකම මගහැරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා.

පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය මගහරින ලද ලද ආකාරයන්ම, පැවැත්වීමට නියමිත මැතිවරණ දෙකෙන්ද සැඟවීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

වත්මන් ජනාධිපතිවරයා නියත වශයෙන්ම එළඹෙන මැතිවරණයෙන් පරාජයට පත්වන බවත්, මැතිවරණවලින් සැඟවීමට කටයුතු කරන්නේ කෙසේ දැයි ඔවුන් සිතමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අද උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

අද (31) දිනයේ ප්‍රදේශ කිහිපයක කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිදුකර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු, දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් අධිකව හිරු එළිය වැටෙන දහවල් කාලයේ හැකිතාක් සෙවනට වී සිටින ලෙසත් ජලය පානය කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

6608b52833bf0pdf_page_3 6608b527593c7pdf_page_2

පාස්කු ඉරිදා දිනය අදයි

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට (31) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය සංහතිය පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසිය මත සිය ජීවිතය පූජා කර දින 3 කට පසු මරණයෙන් උත්ථානය වීම පාස්කු ඉරුදින මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.

මේ අතර අද පාස්කු ඉරුදින දේව මෙහෙයන් පවත්වනු ලබන කිතුණු දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙනවා.

මීට වසර 5 කට පෙර පාස්කු ඉරුදින දේව මෙහෙයට සහභාගී වූවන් ඉලක්ක කරගනිමින් දේවස්ථාන තුළ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයක් සිදු වූයේ 2019 වර්ෂයේ පාස්කු ඉරුදිනයි.

අද උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අවවාදාත්මක නිවේදනයක්

අද (31) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු, දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බවයි ඔවුන් පවසන්නේ.

එම නිසා ඒ පිළිබඳව මහජනතාවට විමසිලිමත් වන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

නිවේදනය පහතින්.

6608f7e5d98af

ඥාණසාර හිමි බලන්න හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මංත්‍රි අද්මිරාල් සරත් වීරසේකර මහතා වැලිකඩ යයි.

ඥාණසාර හිමි බලන්න හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මංත්‍රි අද්මිරාල් සරත් වීරසේකර මහතා වැලිකඩ යයි.

WhatsApp Image 2024-03-31 at 14.52.35

මාර්තු මාසයේ දින 27 ක් තුළ සංචාරකයින් 181,872 ක් දිවයිනට

2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර ඉන්දියාව, රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය හා ප්‍රංශය යන රටවල් ඉදිරියෙන් සිටිනවා.

අදාළ වාර්තාව පහතින්.

66069ef41eff4 66069ef4122b4 66069ef389e85

වතු පාසල් සඳහා ගුරු සහයක පත්වීම් 2,535 ක් ලබාදීමට තීරණය කෙරේ

ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහයකයින් 2,535 ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බවත් එළඹෙන මැයි මාසය වන විට එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.