දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව කොටසේ ගමනා ගමනයට තවදුරටත් බාධා

නායයෑමක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කොටසේ එක් මන්තීරුවන් ධාවනය සඳහා විවෘත කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම මාර්ගය පිළිසකර කරන තෙක් අදාළ ස්ථානය මග හැර ගමන් කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ඊයේ (11) පස්වරුවේ පැවති වර්ෂා තත්ත්වයත් සමඟ සිදුවු නායයෑම හේතුවෙන් පින්නදුව සහ ඉමදුව අතර 102 කිලෝමීටර කොටසේ ගමනාගමන කටයුතු ඇණහිට තිබුණා.

6527a274717d1

ගංවතුර අනතුරු ඇඟවීම් යළිත් දීර්ඝ කෙරේ

ගිං ගඟ ද්‍රෝණියට හා නිල්වලා ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නිල්වලා ගංගා ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාවත් සමග එම ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර මට්ටම නැවත ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය අඩුවෙමින් පැවතිය ද ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අවදානම් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමන් කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද

“පනාපුත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මහජන ගෞරව දැක්වීම සඳහා දේහය අද දහවල් 12.00 දක්වා නිවසේ තැන්පත් කර ඇති අතර සවස 3.00 ට නිවසේ ආගමික පිළිවෙත් ආරම්භ කිරීමට නියමිතයි.

නිවසේ ආගමික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අවමංගල පෙරහර රාගම පේදුරු පාවුළු දේවස්ථානයට ලගා වීම සිදු කෙරෙන අතර සවස 5.00 ට දේහය මිහිදන් කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඔහු හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස 16 වතාවක් දිනාගෙන තිබෙනවා.

නිල්වලා ගඟේ පහත් බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමක්

නිල්වලා ගඟ ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පානදුගම ජල මාපාංකයේ පවතින සුළු ගංවතුර මට්ටම මීටර් 6.20ක් දක්වා ඉහළගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම් වෙත නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

652691ae00d89pdf_page_0

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 02 ක් ඉදිරිපත් වෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ සමාජ සාධාරණත්ව පක්ෂය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් භාෂණයේ හා ප්‍රකාශනයේ මූලික අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවයි පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ.

එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමතවී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ප්‍රබ​ල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ස්ථාන රැසක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් බදුල්ල, වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

652692b69d22e

රට හැර ගිය පිරිස නැවත ලංකාවට එනු ඇතැයි අප විශ්වාස කරනවා – ජනපති

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අද අප සිටින්නේ රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩගනිමින් සිටින අවස්ථාවක බවත් අපට අවශ්‍ය භාණ්ඩ ආනයනය කළ යුතු අතර ඒ සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය වන බවත් ඒ සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය අපට නොමැතිවීම හේතුවෙන් ණය ලබා ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

අපි ණය චක්‍රයේ සිටිනවද ඉන් ඉවත්වී ඉදිරියට යනවද කියන එක පිළිබඳ අප අවධානය යොමු කළ යුතු බවත් මේ නිසා රටේ ඉතා තරගකාරි ආර්ථිකයක් සමඟ ලෝක වෙළෙඳපොළ වෙත ගමන් කර වෙළෙඳ භාණ්ඩවලින් සහ සේවාවලින් අපට ලැබෙන ආදායම වැඩි කර ගෙන අතිරික්තයක් පවත්වාගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ ආකාරයට කටයුතු කිරීමෙන් රට හැර ගිය පිරිසත් නැවත ලංකාවට එනු ඇතැයි අප විශ්වාස කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ඇස් රෝගයක් පැතිරයාම ගැන අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු වුවත් රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම ඇස් රෝගය වෛරසයක් හේතුවෙන් පැතිර යන අතර ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදීය එහි රෝග ලක්ෂණ වනවා.

එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි අතර එය සිදුවන්නේ රෝගී පුද්ගලයාගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් අතරද මෙම රෝගය ව්‍යාප්තවී ඇති අතර එම රෝගී දරුවන් වාර්තා වූ පන්ති කිහිපයක් පැවැත්වීම තාවකාලිකව නතර කළ බවයි එහි විදුහල්පතිවරයා සඳහන් කළේ.

නියෝජ්‍ය පොලිස්පතිවරු 08ක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරින් 12 දෙනෙකු ස්ථාන මාරු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.

ඒ අනුව කේ. කඩුපිටිය බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ දිසාව භාර තනතුරට ස්ථාන මාරු කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති ජි.එම්.එච්.බී.  සිරිවර්ධන ප්‍රවාහන හා සංදේශ දිසාවේ සිට පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

එසේම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකු ට හා රාජකාරි ඉටුකිරිම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබාදී ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට හා පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

ආයුර්වේද ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත ඊයේ (09) සිට බලාත්මක වන බවයි සඳහන් වන්නේ.

1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කරන ලද ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී තිබුණා.