2024 අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීමක් අවශ්‍යයි – රාජ්‍ය සේවකයින්

2024 අයවැය තුළින් රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ, විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල්, පාසල් වෑන් රථ ගාස්තු ගෙවූ පසු රාජ්‍ය සේවකයින්ට කාර්යාලයට පැමිණීමට ප්‍රවාහන වියදම හෝ සොයා ගැනීමට අපහසුවී ඇති බවයි.

මෙවර අයවැය තුළින් රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් සිදු නොවුනහොත් නොවැම්බර් 13 වනදායින් පසු දෙවැනි අරගලයක් ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර අනතුරුව ඇප මත මුදා හැරුණු පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

සැකකාර හිමිගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසත් එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

චීන නෞකාව අද කොළඹ වරායට

මෙරටට පැමිණීමට අවසර ලබාදුන් චීනයේ “Shi Yan 6” නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

එම  නෞකාව එළඹෙන නොවැම්බරයේ දිවයිනට පැමිණීමට අවසර දුන් බවට මීට පෙර සඳහන් කර තිබූ අතර කෙසේ නමුත් අදාළ නෞකාව සඳහා නිල අවසරය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ යන විදියට ගියොත් විදුලිබල මණ්ඩලය විතරක් ඉතුරු වෙලා අනිත් ඒවා වැහිලා යාවි – දිලුම්

නැවතත් විදුලිබිල වැඩි කිරීමට කටයුතු කිරීම තුළින් ආයෝජන ප්‍රවර්ධන කර්මාන්ත රැසක් වසා දැමීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ කඩා වැටීම මඟින් සිදු කිරීමට අපේක්ෂිත ආර්ථික දියුණුව ගැන ගැටලු සහගත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ආදායම හා වියදම සමබර කිරීමේ උපාය මත මේවා සිදුවන බවත් මේ යන ආකාරයට ගියහොත් විදුලිබල මණ්ඩලය පමණක් ඉතිරීවී අනෙක් සියල්ල වැසී යනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට ආයෝජනය කරන ලෙස ආයෝජකයින්ට ආරාධනා කර විදුලි බිල වැඩි කිරීමෙන් පසු එම ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම ඉතා අපහසු කාරණයක් වී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයක මහජන විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (24) රාත්‍රියේත් මහජන විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව කඩවත, දෙබරවැව, හෙම්මාතගම, ගාල්ල යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගුරු – විදුහල්පති විරෝධතාව​යට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන් පා ගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයක විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (23) රාත්‍රියේ විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව පන්නිපිටිය, රන්න, දඹුල්ල, වෙන්නප්පුව, හලාවත, වේයන්ගොඩ, මහබාගේ, කටුගස්තොට යන ප්‍රදේශවල ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

653757695a8e3 6537576972d08 653757696b418

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙක් අසාදු ලේඛනයෙන් ඉවත් කෙරේ

ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් සහ මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන පුද්ගලයින්ගේ නම් මෙලෙස ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඉවත් කිරීම සිදුකර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

653751d6e2511pdf_page_0

ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය, ගඟ වට කෝරලයේ ප්‍රදේශය, කොළඹ, නුගේගොඩ, ගොතටුව, ගම්පහ සහ අත්තනගල්ල යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

වසරේ මේ දක්වා ඩෙංගු රෝගින් 66,500 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් මියගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරටට වීසා නොමැති​ව ඇතුළුවීමට රටවල් 7 කට අවසර

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මෙය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

653743a376230