ආර්.එෆ්.එම්.සුහෙල් – ඉන්දියා හයිද්‍රාබාද් ප්‍රාන්තයේ සිට.
ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳව දෙසතියක වැඩමුළුව සඳහා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජන මාධ්‍ය වෘත්තිකයන් උණුසුම් ලෙස පිළිගැනේ .
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කොළඹ හම්බන්තොට මහනුවර යාපනය යන සියලුම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල හරහා තෝරාගත් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය වෘත්තිකයන් තිස් දෙනෙකු සඳහා ආචාර්ය එම්.සී.ආර් අධ්‍යාපන ආයතනයේ දී සති දෙකක කාලයක් පුරාවට පැවැත්වීමට සංවිධානය කර තිබෙන ජනමාධ්‍ය කළමනාකරණ පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වීමට දිවයිනෙන් (23) දහවල් 02.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත් වූ කණ්ඩායම පස්වරු 04.30 හයිඩ්‍රාභාත් ගුවන් තොටුපලට ගුවන් තොටුපලට ළඟා වීමත් සමග එම්.සී.ආර් අධ්‍යාපන ආයතනයේ දී මෙම පිළිගැනීමේ වැඩසටහන සංවිධානය කර තිබිණ ,
උදෑසන යෝගා පුහුණුවත් සමග දින පහළොවක වැඩමුළුවක් වශයෙන් සංවිධානය කර තිබෙන මෙම වැඩසටහන දේශන ක්ෂේත්‍ර චාරිකා මෙන්ම ජනමාධ්‍ය හා සම්බන්ධ නොයෙකුත් ඉසව් රාශියක් සමග ඉතාමත් උද්යෝගිමත් අයුරින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත ,
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන අංශ ප්‍රධානීන් , රාජතාත්ත්‍රිකයන්ගේ හා ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් මාධ්‍යවේදීන් හා නිදහස් මධ්‍යවේදින් තිස් දෙනෙකු සහභාගි කර ගැනීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කර ඇත ,
24 වන සඳුදා දින උදෑසන 10 .00 ට නිල වශයෙන් ආරම්භ වන මෙම වැඩසටහන එළඹෙන ජූලි මස හත් වන දින මෙම වැඩසටහන නිමා වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් කණ්ඩායම එදින සවස හයිඩ්‍රොපාත් ගුවන් තොටුපොළින් කොළඹ කරුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතය .
Category: news_sub
ජිල් බෝලයක්වත් ගහපු නැති උන් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නැහැ – හරීන්
තමා ක්‍රීඩා ඇමතිවීමෙන් පසුව පැවැත්වූ ක්‍රිකට් තරග 12 න් 7 ක්ම ජයග්‍රහණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ලෝක කුසලානයේදී තරග දෙකක් පමණක් පරාජය වූ බවත් එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු බවයි අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
රටක් වශයෙන් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන්ට උදව් කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කරමින් ජිල් බෝලයක් හෝ ගසා නොමැති පුද්ගලයින් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේම ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බවට යමෙක් ප්‍රකාශ කරන්නේ නම්, එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.
LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කරයි
LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.
දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් TGTE ය විසින් LTTE තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.
ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් මෙරටට අමතර කොටස් තොගයක්
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායට අයත් සුරක්‍ෂා නෞකාවට අවශ්‍ය අමතර කොටස් ලබාදීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් Sachet නෞකාව කොළඹට පැමිණ තිබෙනවා.
ඉන්දීය රජය විසින් ප්‍රදානයක් ලෙස මෙම අමතර කොටස් තොගය ලබා දී ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක් බවයි සඳහන් වන්නේ.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විධිමත් භාරදීමේ උත්සවයක් පැවැත්වුනු අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා නාවික හමුදාපති, සහ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වුනා.
හිටපු ජනපති සිරිසේනගේ කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගතයි – කාදිනල් හිමි
පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ඒ අනුව, ඒ පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
වෛද්‍ය ප්‍රතිකාර, විශේෂඥ ප්‍රතිකාර ලබාගැනීම සඳහා, පෞද්ගලික ආරෝග්‍ය ශාලාවල වියදම්, අනාථ වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම ආදි ලෙසට ප්‍රහාරයට ලක්වූ ජනතාවට උදව් අවශ්‍ය වී තිබුණු බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
රුපියල් මිලියන 500 ක් පමණ මුදල් එකතු කරගත් බවත්, අදාළ නිවැරදි දත්ත තමා සතුව ඇති අතර, ඒවා ඕනෑම වේලාවක පරීක්ෂා කිරීමට හැකි බවත්, එම රුපියල් මිලියන 500න් මිලියන 460ක් පමණ මේ වෙනකොට බෙදා දී ඇති බවයි අගරදගුරුතුමන් සඳහන් කළේ.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පැවසූ කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගත හා වැරදි එකක් බවද, එවන් දෙයක් ප්‍රකාශ කිරීමට පෙර සැබෑවටම සිදුවූයේ කුමක් දැයි අදාළ පාර්ශවයන්ගෙන් විමසා බැලීම එතුමාගේ යුතුකමක්ව පැවති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
උප්පැන්න සහතිකයක් නොමැතිවීම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු පුද්ගලයින්ට තවදුරටත් අවස්ථාව පවතිනවා – පු.ලි.දෙ.
වයස අවුරුදු 40 ට වැඩි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම මාසයේ 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී සඳහන් කරන්නේ.
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු 8ක ගිණුම් 19ක් පරික්ෂා කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) අවසර ලබාදුන්නේය.

අංක 15, නව කොළොන්නාව පාර, රාජගිරිය ලිපිනයේ පදිංචි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළදී නවීන පන්නයේ මෝටර් රථ, මහල් නිවාස මිලදී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන හෙයින්, ඇය නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකර මෙම මුදල් උපයාගත්තේද? යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම විමර්ශනයේදී පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 780කට මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ CBM – 1949 දරන රෙන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාර්තා කැඳවා ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
එම ජීප් රථය පියුමි හංසමාලි විසින් සත්‍ය වශයෙන් මිලදී ගත් මුදල හා මුදල් ගෙවීම් සිදුකළ ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට අදාළ ජීප් රථයේ පෙර හිමිකරු වන වික්‍රමරත්න පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ නාවල පදිංචි හේවා තොන්ඩිලගේ ජනක ජයදිනුම් යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය දන්වා සිටියේය.
තම ඥාතියකු වන මදුර වික්‍රමරත්න යන අය දැනට වසර 35ක් 40ක් පමණ කාලයක සිට යුද හමුදාව වෙත ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවක් සිදුකරන බවත්, එම කොන්ත්‍රාත්තුවේදී විවිධ දේශපාලනඥයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හඳුනාගත් බවත් පියුමි හංසමාලි මිලදී ගත් ජීප් රථය 2019 වසරේදී එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ බවත්, එය විකිණීමට නොහැකි වූ බැවින් වාහන අංගනයේ නවතා තිබියදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාවිත කළ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රේන්ජ් රෝවර් ජීප් රථය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා 2020 වසරේදී ලබාදුන් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.
නැවත 2021 වසරේදී එම ජීප් රථය ලබාදීමෙන් පසුව තම වාහන අංගනයේ විකිණීම සඳහා තබා තිබූ බවත්, ඒ සඳහා ikman.lk හා Hit add යන වෙබ් අඩවි මගින් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව පියුමි හංසමාලි හා ප්‍රගීත් යන අය සමග 2023 මාර්තු 7 දින ජීප් රථය පරික්ෂා කර රුපියල් ලක්ෂ 5ක මුදල් අත්තිකාරමක් හා රුපියල් ලක්ෂ 100ක මුදලක් බැංකු ගිණුමකට බැර කර ඉතිරි මුදල් තමාගේ ගිණුමට වරින් වර තැන්පත් කළ බවත්, රුපියල් ලක්ෂ 480ක් සඳහා ලීසිං සමාගමකින් කල්බදු පහසුකමක් ලබාගෙන රුපියල් ලක්ෂ 780ක මුදලකට මෙම ජීප් රථය පියුමි හංසමාලි විසින් මිලදී ගත් බවත් ජනක ජයදිනුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම රේන්ජ් රෝවර් ජීප් රථය මිලදී ගැනීම සඳහා පියුමි හංසමාලි විසින් රුපියල් ලක්ෂ 400ක මුදලක් සඳහා ෆිනෑන්ස් පහසුකමක් ලබාගත් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ අලෙවි විධායක නිලධාරි එළුබාබලගේ ගිහාන් බුද්ධික යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම ජීප් රථය සඳහා ජාතික හැඳුනුම්පත් අංක 199282700335 හිමි පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය විසින් අවස්ථා තුනකදී ෆිනෑන්ස් පහසුකම් ලබාගෙන ඇති බවත්, එහි ඇපකරුවන් ලෙස අගම්පොඩි ප්‍රගති තනුෂ්ක මැන්දිස් සහ ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් අත්සන් තබා ඇති බවත්, ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශය ලබාදෙමින් පවසා තිබේ.
පළමු අවස්ථාවේදී එනම් 2023 මාර්තු 7 වන දින රුපියල් ලක්ෂ 400ක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ තම ආයතනය ලබාගත් බවත්, අදාළ රථයේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ 800ක් බවත්, අදාළ ෆිනෑන්ස් පහසුකම මේ වන විටත් සක්‍රිය තත්ත්වයේ පවතින බවත් සෑම මසකම වාරික මුදල ගෙවීමට ඇති දිනට පෙර ආයතනය මගින් පියුමි හංසමාලිට දුරකථන ඇමැතුමක් දී දැනුවත් කිරීමේදී ගෙවීමට ඇති මුදලට වඩා වැඩි මුදලක් ගෙවන ලෙස දන්වමින් ණය චෙක්පත් ලබාදෙන බවත්, අවස්ථා කිහිපයකදීම ඇයගේ කොළඹ හිල්ටන් රෙසිඩන්ට්හි පිහිටි නිවස වෙතද ගොස් චෙක්පත් අත්සන් කර පැමිණ තිබෙන බවත් ගිහාන් බුද්ධික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
පියුමි හංසමාලි විසින් වෝඩ් පෙදෙස, කොළඹ 7 පිහිටිද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ නිවසක් රුපියල් මිලියන 148කට මිලදී ගෙන අති බවට කරුණු අනාවරණය වූ හෙයින් ප්‍රයිම් ගෘෘප් පුද්ගලික සමාගමේ ප්‍රධාන ගණකාධිකාරිනී සුද්දත්චාරිගේ කුමාරි කාංචනා ප්‍රනාන්දු යන අයගෙන් අදාළ නිවස මිලදී ගැනීමට අදාළව හා මුදල් ගෙවීම් කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
2023 අප්‍රේල් 21 වන දින පියුමි හංසමාලි විසින්ද ග්‍රෑන්ඩ් නිවාස සංකීර්ණයේ 23 වැනි තට්ටුවේ නිවසක් මිලදී ගෙන ඇති බවත්, එම නිවස සියලු ගෘහ භාණ්ඩ සහිතව වර්ග අඩි 1440කින් සමන්විත බවත්, එහි කාමර 3ක්, නාන කාමර 3ක්, බැල්කනි 4ක්, මුළුතැන්ගෙයක් සහ කෑම කාමරයක් ඇති බවත්, එහි වටිනාකම රුපියල් මිලියන 148ක් බවත්, අවස්ථා 15කදී රුපියල් මිලියන 3 සිට මිලියන 50 දක්වා ගෙවීම් කරමින් 2023 දෙසැම්බර් 27 දින වන විට ගෙවීම් අවසන් කළද අදාළ ඔප්පුව මේවන තෙක් පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර නොමැති බවත් කාංචනා ප්‍රනාන්දු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
පියුමි හංසමාලි විසින් එම වත්කම් මිලදී ගැනීමේදී තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ඇය පවත්වාගෙන යන ‘LOLLIA SKIN CARE (PVT) LTD’ ආයතනය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල බහා තබනු ලැබීය.

මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකමින් උන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් වෙන් කර ඇති පොසොන් සතියේදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙන ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
24-06-19
කැකිරාව කුෂාන් ජයවර්ධන
මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකමින් උන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් වෙන් කර ඇති පොසොන් සතියේදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ආගමික වතාවත්වල යෙදෙන ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
මෙවර ද ජාතික පොසොන් පුණ්‍ය මහෝත්සවය අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු ජාතික පොසොන් උත්සව කමිටුව විසින් සූදානම් කර ඇති බව ද උන්වහන්සේ පවසති.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරට වැඩම කිරීම සිහිපත් කරමින් මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමත් උන්වහන්සේගේ ගුණානුස්මරණය කිරීමත් වෙනුවෙන් වෙන් කර ඇති පොසොන් සතියෙහි ශ්‍රද්ධාවෙන් සහ භක්තියෙන් යුතුව සියළු බැතිමතුන් කටයුතු කළ යුතු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ අවධාරණය කරති.
පොසොන් උදාවත් සමඟ අනුරාධපුර අටමස්ථානය ඇතුළු ආගමික ස්ථානයන්හි දී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදුකරමින් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරිම බෞද්ධයින්ගේ අරමුණ වී තිබේ. බැවින් ඒ සදහා අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් මෙම පූජා භූමිය අපවිත්‍ර නොකොට දැහැමි සිතින් යුතුව සිය ආගමික වතාවත්වල නිරත වන ලෙස ද ආගමික ස්ථාන වැඳපුදා ගැනීමට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගෙන් අටමස්ථානාධීපති නායක හිමියෝ ඉල්ලා සිටිති .
ශ්‍රී ලංකා කණ්ඩායම සිල්ක් රූට් පර්යන්තයෙන් දිවයිනට
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔවුන් අද උදෑසන 8.40 ට පමණ දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
වෙනදා සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට ඔවුන් පැමිණියද මෙවර මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු “සිල්ක් රූට්” පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.