කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් දැලේ

24-07-22
කැකිරාව කුෂාන් ජයවර්ධන

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් දැලේ
=========

ඉඩම් ඔප්පුවක් පිළීයෙල කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රැපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබා ගත් කැකිරාව ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් නිලධාරීන් අද (22) පස්වරුවේ සමත්ව තිබිණ.
කැකිරාව ප්‍රෙද්ශයේ ව්‍යාපාරියකයකු විසින් අල්ලස් නිලධාරීන්ට කර තිබූ පැමිණීල්ලකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර ඉඩම් නිලධාරීයා අත්අඩංගුවට ගැනීමට අල්ලස් නිලධාරීන් සමත්ව තිබේ.
ඉඩම් ඔප්පුවක් සැකසීම සඳහා සැකකාර ඉඩම් නිලධාරියා විසින් කැකිරාව ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකාගෙන් රැපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ අතර එයින් රැපියල් ලක්ෂ දෙකක මුදලක් අද දිනයේ අදාළ ඉඩම් නිලධාරියා විසින් ලබා ගත් අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගැනීඹට අල්ලස් නිලධාරීන් සමත්ව තිබිණ. අද පස්වරුවේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේදී එම ඉඩම් නිලධාරීය මෙම අල්ලස් මුදල ලබා ගෙන තිබින.
අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇති එම ඉඩම් නිලධාරියා 33 හැවිරිදි වියේ පසුවන්නෙකි. පොලොන්නරුව දිවුලන්කඩවල කුසුම්පොකුණ ප්‍රෙද්ශයේ ස්ථීර පදිංචිකරුවකු වන ඔහු හබරණ පලුගස්වැව ගල්කඩවල පාර ප්‍රෙද්ශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති අයෙකි.
අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකාර ඉඩම් නිලධාරියා අද පස්වරුවේ කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් නිලධාරීන් කටයුත කරනු ලැබීය. එහිදී සැකකාර නිලධාරියා ලබන අගොස්තු මස 02 වනදා දක්වා රක්ෂීත බන්ධනා ගාර ගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් ඩී.පී.එම්.එස්. කරුණාරත්න මහත්මිය විසින් නියෝග කරනු ලැබූ අතර එදිනට සැකකාර නිලධාරියා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධීකරනය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී බන්ධනාගාර අධීකාරීවරයාට නියෝග කරනු ලැබීය.

කරන්දෙනිය ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වූ බව කරන්න පොලිසිය කියයි.

කරන්දෙනිය ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වූ බව කරන්න පොලිසිය කියයි.
කරන්දෙනිය උණ ගස්වල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී අබිරහස් අයුරින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලද තොරතුරක් මත සොයා ගැනීමට කරන්දෙණිය පොලිසියට හැකි විය.මියගිය පුද්ගලයා ඉකුත් 21 දින උණ ගස් වල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක කුලියට එම ඉඩම උදුලු ගෑම සඳහා පැමිණි අයෙක් බව එම ඉඩම හිමි තුසය හකුරු ෂරෝකා නමැති අය හඳුනාගෙන ඇත.ඉන්පසු මිය ගිය අයගේ ඥාතීන් පැමිණ මියගිය අය හඳුනාගෙන ඇති අතර ඔහු කරන්දෙනිය අනුරුද්දගම පදිංචි අයෙකු බව තහවුරු විය. ස්ථානීය මරණ පරීක්ෂණය කරන්දෙනිය හදිසි මරණ පරීක්ෂක පී සොමිරත්න මහතා විසින් සිදුකළ අතර එහිදී මියගිය අයගේ හිසෙහි සහ අත්වල තුවාල ඇති බව හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මිය ගිය අයගේ සිරුර බලපිටිය මූලික රෝහල වෙත රැගෙන යන ලදී.කරන්දෙනිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි

WhatsApp Image 2024-07-22 at 16.47.23

කළුතර වෙරලේ තීරයේ පාරිසර සංරක්ෂණ ක්‍රියාවලියකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව ඇතැයි පවසමින් රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

ගල්පාත චන්දන පෙරේරා

කළුතර වෙරලේ තීරයේ පාරිසර සංරක්ෂණ ක්‍රියාවලියකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව ඇතැයි පවසමින් රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ රෝහල් ගතව ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු බව අනාවරණය වී ඇත.

පහරකැමට ලක්වූ බව කියන පරිපාලන නිළධාරියා පෙරේදා (21) කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇතිවූ කතාබහකින් පසු පහරදීම සිදුව ඇති බව රේගු නිලධාරියා සදහන් කර ඇත.

පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් කළුතර වෙරලේ ගැවසෙන සොර සතුරන් සහ බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්වීම නිරීක්ෂණය සදහා සිවිල් ඇදුමින් යොදව ඇති බව එහිදී සිදුකල පරීක්ෂාවේදී අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකිව ඔහු පොලිසියට ගෙන්වා ඇපමත මුදාහල බවත් කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර දකුණ පොලිසිය මගින් මේ පිලිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඡායාරූපය

පහරකෑ බව කියන පුද්ගලයා රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියා රෝහලේ ප්‍රතිකාර ලබන අයුරු.

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගැබිණි ගුරුවරියකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියකට සම්බන්ධ එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලකට අනුව එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා 21 වෙනිදා දහවල් අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගැබිණි ගුරුවරියකට ලිංගික අතවරයක් කළැයි කියන
සිද්ධියකට සම්බන්ධ එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලකට අනුව එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා 21 වෙනිදා දහවල් අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා 56 හැවිරිදි අයෙකු වන අතර අතවරයට ලක්වුනේ යැයි කියන ගුරුවරිය අවුරුදු 30 පමණ වයසති ගුරුවරියක් බවත්, ඇය මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබෙන බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසූරිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පසුගිය18 වෙනිදා විද්‍යාලයේදී මෙම සිද්ධිය සිදු වී ඇති අතර, සිද්ධිය සම්බන්ධව විද්‍යාලයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා අවට ලක්කරූ බවත්, ඒ පිළිබඳව අනෙකුත් පරීක්ෂණ කටයුතු කර සියලු වාර්තාවන් දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය කියයි.
මේ පිළිබඳව අදාළ ගුරුවරිය විසින් 18 වෙනිදා පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති බවද සිරිපුර පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා 22 වෙනිදා දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසුරිය මහතා වැඩිදුරටත් කීවේය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී නෙත්සූරිය මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

LPL 2024 Final : කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය Jaffna Kings හා Galle Marvels කණ්ඩයම් අතර අද (21) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

බංග්ලාදේශයේ සිසු විරෝධතාවලින් 105ක් මරුට

බංග්ලාදේශයේ ක්‍රියාත්මක සිසු විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රට පුරා පැතිර ගොස් ඇති නොසන්සුන්තාව හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති අතර, ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් ද කැඳවා තිබෙනවා.

රජයේ රැකියා ලබාදීමේ විශේෂ කෝටා ක්‍රමය අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය යළි සක්‍රීය කරන්නැයි අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන් මෙම සිසු විරෝධතා ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.

ඊයේ (18) රාත්‍රී හඟුරන්කෙත, මතුරට හරහා හමා ගිය දැඩි සුළඟ හේතුවෙන් ගසක අත්තක් කඩා වැටී මතුරට, අම්පිටිගොඩ පදිංචි අවුරුදු (45) හතළිස් පහක් වයසැති අයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

ඊයේ (18) රාත්‍රී හඟුරන්කෙත, මතුරට හරහා හමා ගිය දැඩි සුළඟ හේතුවෙන් ගසක අත්තක් කඩා වැටී මතුරට, අම්පිටිගොඩ පදිංචි අවුරුදු (45) හතළිස් පහක් වයසැති අයෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

මොහු දෛනික රාජකාරී අවසන් කොට නිවස බලා පැමිණ සිටියදී එම අවස්ථාවේ පැවති දැඩි සුළඟට තම නිවස ආසන්නයේම තිබූ ගසක අත්තත් කඩාවැටි මෙම අනතුර සිදුවී ඇත.

එදින රාත්‍රී නිවසට නොපැමිණි බැවින් මොහු පිළිබඳව සොයා බැලීමේදී පසුදින උදේ (19) ඔහු නිවස ආසන්නයේ වැටී සිටි අතර, ඔහුගේ සිරුර මතට ගසක අත්තක් වැටී ඇති බව තම පුතාට දැකගන්නට ලැබුණු බවයි පවසන්නේ.

මේ වන විට මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගිය බවත්, මතුරට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. එල්. කේ. හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි මතුරට පොලිසිය සඳහන් කරන්නේ.

සම්පත් විජේරත්න, රිකිල්ලගස්කඩ

2024 ජූලි 24 වන දින සෙනසුරු චන්ද්‍රයාගෙන්‌ මුවාවීමේ සංසිද්ධිය

දර්ශාන් ප්‍රනාන්දු
මොරටුව
19.07.2024
දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක්‌ වන සෙනසුරු චන්ද්‍රයාගෙන්‌ මුවාවීමේ සංසිද්ධිය 2024 ජූලි 24 මධ්‍යම රාත්‍රියෙන්‌ පසුව( 2024 පූලි 25 වැනි දින පෙ.ව. 00:50 ට) පමණ ආරම්භ වී ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇතැයි නවීන තාක්ෂණ පිළිබඳ ආතර්‌ සී ක්ලාක්‌ ආයතනය සඳහන් කරයි.
ජූලි (25 වැනිදා) පෙරවරු 00.40ට පමණ සඳ දෙස බැලීමෙන්‌ මෙම සංසිද්ධිය නිරීක්ෂණය කළ හැකිය.
දුරේක්ෂයක්‌ හෝ දුරදක්නයක්‌ තිබේ නම්‌, මෙම සංසිද්ධිය වඩාත්‌ හොඳින්‌ නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇතැයි ආතර්‌ සී ක්ලාක්‌ ආයතනයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ යෙදවුම්‌ අංශය සඳහන් කරයි.
එක්‌ ආකාශ වස්තුවක්‌ තවත්‌ ආකාශ වස්තුවක්‌ ඉදිරියෙන් ගමන් කිරීම නිසා එහිදර්ශනය අවහිර වීමෙන් මෙවන සංසිද්ධියක්‌ සිදුවේ. චන්ද්‍රයා සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන්‌ ගමන්‌ කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්‌, ආසන්න වශයෙන්‌ පැය එකයි මිනින්තු විස්සක්‌ පමණ චන්ද්‍රයාගෙන්‌ වැසී පවතින අතර මෙම සංසිද්ධිය පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට පමණක් දැකගත හැකිය. ශ්‍රී ලංකා විවිධ ප්‍රදේශවලට මෙම සිදුවීම දර්ශනය වන වේලාවන් සුළු වශයෙන් වෙනස් වේ.
සෙනසුරු චන්ද්‍රයාගෙන් කොළඹ, යාපනය , වව්නියාව , අම්පාර , ත්‍රිකුණාමලය, අනුරාධපුර , පුත්තලම , මහනුවර , බදුල්ල , බලංගොඩ , මාතර යන ප්‍රදේශයන්හි සෙනසුරු චන්ද්‍රයාගෙන් ආවරණය වීම සහ නිවාරණය වීම දැකගැනීමට හැකි වේ.

නැවත වරක්‌ මෙම සංසිද්ධිය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන්නේ 2037 අප්‍රේල්‌ 24 වැනිදා බව ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය සඳහන් කළේ, පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම ලංසු කැඳවීමේ ක්‍රියාවලිය වෙනුවට විකල්ප ක්‍රමවේදයක් ඉදිරියේදී අනුගමනය කිරීමට රජය පියවර ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Microsoft Windows භාවිතා කරන ලොවපුරා පරිශීලකයින් රැසකට එකවර BSOD දෝෂය හටගනියි

Microsoft Windows භාවිතා කරන ලොවපුරා පරිශීලකයින් රැසකගේ Blue Screen of Death (BSOD) දෝෂය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා සමාගම්, බැංකු සහ රජයේ කාර්යාල කිහිපයකට බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Microsoft සමාගම සඳහන් කරන්නේ මෑත කාලීනව CrowdStrike හි සිදුකළ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බවයි.