අහිතකර දුම් පිටවන වාහන 93ක් අසාදු ලේඛණගත කෙරේ

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛණගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛනගත කර ඇති බවයි එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කළේ.

යම් වාහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත් දකුණ අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත් දකුණ අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

එක් සැකකරුවෙක් වෙඩික්කරුවන් හා ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවන ලද වෑන් රථ රියදුරු වන අතර, අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගය හරහා දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද සැකකාර රියදුරු වේ.

එම සැකකරු අදාළ කාලය තුළ විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග වට්ස්ඇප් මගින් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එම ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි සහ 36 හැවිරිදි වැලිපැන්න සහ අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

O/L ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේ නිකුත් කිරීමට හැකිවේවි – අධ්‍යාපන ඇමති

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

මේ වනවිට ප්‍රායෝගික පරීක්ෂණ අවසන් සතියේ ඇති බවත් උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට ප්‍රතිඵල ලබාදිය හැකි බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

2025 ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත මීළඟ සාමාන්‍ය පෙළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද අධ්‍යාපන අමාත්‍යවයා වැඩිදුරටත් සඳහන් කළා.

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශවකරුවන් කිහිපදෙනෙක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කෘත්‍රි​ම බුද්ධිය ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්

පාර්ලිමේන්තුව අද (24) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ ජූලි 24 වැනි බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් ගෙනෙනු ලබන “කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය (AI Technology) මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීමට දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය

බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි දේශීය දෙපාර්‌තමේන්තුවේ ආදායම් තීරණයක් පිළිබඳ අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නෙකුට එම තීරණය පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි සඳහන් වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් වන සිය තීරණය වසර දෙකක් නොඉක්මවීමට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් ලබා දිය යුතු වනවා. එකී තීරණය පිළිබඳව ද අතෘප්තියට පත්වන යම් බදු ගෙවන්නකුට එම තීරණය සමාලෝචනය කිරීම සඳහා බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර, එවැනි සමාලෝචන ඉල්ලීමක් ලැබුණු දිනයේ බදු අභියාචනා කොමිෂන් සභාවේ තීරණය දින 270ක් තුළ ලබා දිය යුතු බවද සඳහන්.

ඒ අනුව, එකී අභියාචන ක්‍රියාවලිය සඳහා වසර තුනකට ආසන්න කාලයක් ගත විය හැකි අතර, ඒ හේතුවෙන් පසුගිය කාලයේ රුපියල් බිලියන 73ක පමණ බදු මුදලක් රාජ්‍ය ආදායමට අය කර ගැනීමට නොහැකිව පවතින බවයි රජය පෙන්වා දෙන්නේ.

එම කරුණු සැලකිල්ලට ගෙන, බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ විධිමත් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අස්වැසුම දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදායින් අවසන් වෙයි

අස්වැසුම සුබසාධක වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර, එහිදී අයදුම්පත් 454,924ක් පමණ ලැබී තිබෙන බවයි සුබසාධක මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න සඳහන් කළේ.

එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවද ඔහු සඳහන් කළා.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන බවත්, එම සෑම අයදුම්පතක්ම සංගණනය වෙනුවෙන් තොරතුරු රැස්කිරීම IWMS මෘදුකාංගය හරහා සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

‘ආයතන 25ක දුෂණ වංචා ගැන දැනුම් දුන්නත් විමර්ශන නෑ‘

ආයතන 25ක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන්  අල්ලස්  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට  යොමු කර ඇතත්  නිසියාකාරව  විමර්ශන පවත්වා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ විමර්ශන සඳහා උපදෙස් දෙන ලෙස කතානායකවරයාගේ ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නිර්දේශ අදාළ විමර්ශන ආයතනවලට යවන්න පාර්ලිමේන්තුවට බලය තියෙනවා.    2007 වර්ෂයේ දී මම ඉදිරිපත් කරපු කෝප් වාර්තා දෙකේ  වංචනික ගනුදෙනු 16 ක්  සම්බන්ධයෙන්  විමර්ශන ආරම්භ කරන්න කියලා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යැව්වා. තවත් ආයතන  දහයක පමණ සිදුවූ වංචා සම්බන්ධයෙන් විමර්ශන කරන්න පොලිස්පතිතුමාට යැව්වා. කතානායකතුමා මේවා යැව්වත් ඒ ගැන හරියට විමර්ශන නොකිරීම ගැටලුවක්. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සාකච්ඡා කරලා කොහොමද ඒවා කෙරෙන්න ඕන කියලා උපදෙස් දෙන්න ඕන.

තහනම් ඖෂධ අ‘පුර බෙදාහැරි ජාවාරම්කරු ඇතුළු 6ක් අල්ලයි

පෞද්ගලික ඖෂධ  සමාගමක උතුරු මැද පළාත භාර අලෙවි නිලධාරියෙකු ලබා දෙන තහනම් ඖෂධ, තොග වශයෙන් අනුරාධපුර නගරය තුල සහ ඒ අවට බෙදා හැරී ප්‍රධාන ජාවාරම්කරු ලක්ෂ 3කට ආසන්න ඖෂධ කරල් 2400ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර  මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය පවසයි. 

එමෙන්ම එම ඖෂධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට සිල්ලරට විකුණූ පුද්ගලයන් 5ක් ඇතුළු හය දෙනෙකු ද    අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්වූ ප්‍රධාන සැකකරු අනුරාධපුර , මස්මඩුව පාර කාර්මික ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවත්  අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් , අනුරාධපුර විජයපුර , ජයසිරිපුර , දහයියාගම සහ නොච්චියාගම  ප්‍රදේශවල පදිංචි 21 සිට 37 දක්වා වයස් කාණ්ඩ වල පුද්ගලයන් බව පොලිසිය කියයි.

වෛද්‍ය නිර්දේශයක් ඇතිව රෝගීන් හට ලබා දෙන වේදනා නාශකයක් වන මෙම ඖෂධ කිසිදු අවසරයකින් තොරව ඖෂධ අලෙවි නිලධාරියා විසින් ප්‍රධාන සැකකරු හට තොග වශයෙන් ලබා දී ඇති බව පොලිසිය කියයි.

ගලෙන්බිදුණුවැව  ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම ඖෂධ නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

හිරුණිකාට ඇප

තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට තම පුද්ගලික ආරක්ෂකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරු වීසිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියකොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹමහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) ඇප නියම කළේය. 

රුපියල් පනස් දහසක මුදල් හා ලක්ෂ පහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත විත්තිකාරිය මුදා හැරිමට නියමකළ විනිසුරුවරයා ඇප තැබිමෙන් පසු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවිම ද තහනම් කරමින් ඇප කොන්දේසියක් ද පැනවීය.

අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයට යටත්ව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ ඇප මත මුදාහැරිණි.

ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් ඇයට කොන්දේසි සහිත ඇප නියම කල විනිසුරුවරයා වාත්තිකාරිගේ විදේශගමන් බලපත්‍රය අධිකරණයට බාර දිමටද නියම කළේය.