එළඹෙන වසර අමාරු වසරක් – වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 – රනිල්

එළඹෙන වසර ආර්ථිකමය වශයෙන් අපහසුතාවලින් පිරි වසරක් වන බවත්, වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 වසරවලදී බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (10) හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

යහපාලන රජය බලයට පත්වූ පසුව ආදායම වැඩි කර ණය ගෙවීමට හැකි තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. නමුත් අපට තවදුරටත් ණය ලබා ගැනීමට සිදු වෙනවා. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය දියුණු කිරීමට, සෞඛ්‍ය  දියුණු කිරීමට ණය ගන්නට සිදු වෙනවා. අප බලාපොරොත්තු වූයේ ණය මුදල් ලබා ගෙන අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රවලට වැඩිපුර යෙදවීමටයි. රජයේ අවසන් අරමුණ වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදීමටයි. එය කළ හැක්කේ ආර්ථිකය ශක්තිමත් නම් පමණයි.

එක් පැත්තකින් ලබන වසර අමාරු අවුරුද්දක් බව කිව යුතුයි. වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 වසරවලදීයි. 2018 වසරේ දී නව අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. 2019 වසරේ දී අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් මුදල් යෙදවිය යුතුව තිබෙනවා. ලබන වසරේ දී කොතරම් ප්‍රශ්න තිබුණත් “ළඟම පාසල හොඳම පාසල“ බවට පත් කිරීමේ ව්‍යාපෘතියට අමතරව සියලූම දෙනාට වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ මූලික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එම අත්හදා බැලීම් අනුව ඊළඟ වසර දෙකේ දී වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම ක්‍රියාත්මක කරනවා.

ඒ වැඩසටහන වෙනුවෙන් නව ගුරුවරුන්, නව විෂය පද්ධති උගන්වන ගුරුවරුන්, කොට්ඨාශ බාර ප්‍රධානීන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන් ආදී සියලූ දෙනාම පුහුණු කළ යුතුව තිබෙනවා. මේ වැඩකටයුත්ත සාර්ථක කර ගත හැකි වන්නේ එලෙස ලබාදෙන පුහුණුව මතයි.
දෙවෙනි කාරණය පළාත් සභා, ප්‍රාදේශීය සභා යටතේ තිබෙන පාසල්වල සංවර්ධනය පිළිබඳ  වාර්තා ලබාගැනීමයි. වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන අතරම පාසල් ළමුන්ට ටැබ්ලට් පරිගණක ලබාදීමටත් අප කටයුතු කරනවා.  එය පළමුවෙන් අත්හදා බැලීමක් ලෙස සිදුකර පසුව ලක්ෂ 5කට අධික උසස් පෙළ සිසුන්ට එම ටැබ්ලට් ලබාදීමට අප තිරණය කර තිබෙනවා. 2030, 2035 පමණ වන විට අධ්යා පන වැඩකටයුතු සදහා පාසැල් ළමුන් ටැබ්ලට් පරිගණකය භාවිත කරන තත්වයක් ඇතිවේවි.

එවාගේම අපි වයි – ෆයි ගමට ගෙනයාමේ වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා. එහිදි විශේෂයෙන්ම උසස් පෙළ විෂයන් උගන්වන පාසැල් තිබෙන ගම්මානවලට ප්‍රමුඛතාවය දී කටයුතු කිරීමට අප තීරණය කර තිබෙනවා. මේ කාරණා දෙකම දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා.
වසර 13ක අධ්‍යාපනයෙන් පසු සියලූම දරුවන් විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වීම අනිවාර්ය නැහැ.
ඔවුන්ට උසස් පෙළ විභාගයෙන් පසු කාර්මික අධ්‍යාපන පුහුණුව ආදී ද්විතික අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. ඒ ආකාරයට අධ්‍යාපනය ලබා ඉදිරියට යාමේ හැකියාව අනෙක් විභාග සදහා මුහුණ දීමේ හැකියාව දරුවන්ට ඇතිවෙනවා. ඒ වැඩකටයුතු අප දැන් සිදුකරමින් සිටිනවා.

මෙරටේ වෘත්තීය පුහුණුව අනෙක් විශාලම ගැටළුවයි. එය රටේ දුර්වලම අංශයක්. අපි එම අංශය සංවිධානාත්මකව සකස් කළ යුතුයි. දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදුන්නත් රැකියා කරගෙන යාම සදහා අවශ්‍යම පුහුණුවක් ලැබෙන්නේ නැහැ. පුහුණුව සඳහා අවශ්‍ය කර්මාන්තශාලා සහ ආයෝජකයන් තෝරා ගනිමින් කරගනිමින් එම වැඩසටහන අප ආරම්භ කළ යුතුයි.
තුන්වෙනුව මේ රටේ විශ්ව විද්‍යාලවල දියුණුව වෙත අවධානය යොමු කළ යුතුයි.

විශේෂයෙන්ම අනාගත පරම්පරාව මේ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. ඉදිරියේදී අප වටා තිබෙන අනෙක් රටවල ජනගහණය වර්ධනය වෙනවා. ඉදිරියේදී ඉන්දියාව ලෝකයේ ජනාකීර්ණම රට බවට පත්වෙනවා. ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය යන රටවල් පිළිබද සලකා බලන විට එම කලාපයේ අඩුම තරමින් මිලියන 500 ක් ඉක්මවූ ජනගහනයක් ජීවත් වෙනවා. නමුත් 2050 වන විට ලංකාවේ ජනගහනය වැඩිවෙන්නේ ලක්ෂ 20කින් පමණයි. ලෝකයට අවශ්‍ය යන්ත්‍ර සහ රොබෝ යන්ත්‍ර ආදිය නිෂ්පාදනය කරදීමට අපට මෙය හොඳ අවස්ථාවක්. එසේ නම් අප එළඹෙන වසර 20, 30 පිළිබදව අවධානය යොමුකරමින් අපේ අධ්‍යාපන ක්‍රමය සකස් කළ යුතුයි.

රවීට එහෙි විශ්වාසභංගයට තව දින 08යි

විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අමාත්‍යවරයෙකුට එරෙහිව මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු පළමුව කථානායකවරයා විසින් එහි අනුකූලතාව පිළිබඳ තීරණය ලබා දීම කළ යුතු බවයි.

අනතුරුව එය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පරිවර්තනය කිරීම සිදු කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.

අදාළ විශ්වාසභංග යෝජනාව දින රහිත යෝජනාවක් ලෙස න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා පැවසුවේය.

එතැන් සිට දින 07 ක කාලයක් ගත වූ පසු පක්ෂ නායකයන් රැස් වී එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන කාල වකවානු තීරණය කෙරෙන බව සඳහන්ය.

ඒ අනුව ලබන සභා වාරයේදී මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි.

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වන කාරණා සම්බන්ධයෙන් මෙහිදී අවධානය  යොමු කිරීමට නියමිතය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රවී කරුණානායක මහතාට එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව පිලිබඳව අද දිනයේ රැස්වන පක්ෂ නායක රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බවයි.

රවී සමාව අයදී

තමන් මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වීමටත් පෙර සිට අර්ජුන ඇලෝසියස් පවුල දන්නා බවත් ඔහුගේ පවු‍ලේ විවාහ මංගල්‍යයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයින් 25 හෝ 30ක් පැමිණ සිටි බවත් හිටපු මුදල් අමාත්‍ය වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (02) බැඳුම්කර විමර්ශන විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

බැඳුම්කර වංචා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) රැස්වූ අවස්ථාවේ නීතිඥ චානක ද සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ සඳහන් කළේය.

රවි කරුණානායක මහතා ඊයේ උදේ 9.30ට පමණ කොමිසම හමුවට පැමිණි අතර ප.ව. 3.30 දක්වාම කොමිසම පැය 6ක් ඔහුගේ සාක්ෂිය ලබාගත්තේය. රවි කරුණානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, රිෂාඩ් අමීන්, චාමින්ද්‍රි අර්සකුලරත්න, තේජිත කෝරලගේ, නාමල් කරුණාරත්න, ශෂීන් අර්ස කුලරත්න, උදාර මුහුන්දිරම්ගේ තිළිණ පුංචිහේවා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුලි ද ලිවේරා මහතා සාක්ෂි මෙහෙයවූ අතර අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු රජයේ නීතිඥ කණ්ඩායමක් ඔහුට සහය විය.

මෙහිදී කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රවි කරුණානායක මහතා සඳහන් කළේ මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැන්වුවත් රාජකාරි හේතුවෙන් එසේ පැමිණීමට නොහැකි වීම ගැන සමාව අයැද සිටින බවයි.
මෙහිදී දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේද කීවේය. ජී.ටී.එල්. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මගේ බිරිඳ හා දුව ඉන්නවා. ඔවුන් මිලදී ගත් නිවසක තමයි මම දැන් පදිංචිව ඉන්නේ. ඒ නිවස කොටස් දෙකකින් සමන්විත වර්ග අඩි 4000ක් බව මම පිළිගන්නේ නැහැ. එහි වපසරිය වර්ග අඩි 2000ක් පමණයි.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා මේ කොමිසමේ තිබෙන සාක්ෂි අනුව එම නිවස සහිත භූමිය වර්ග අඩි 4000ක් බව හෙළි වී තිබෙනවා.

රවි කරුණානායක මහතා –
ස්වාමීනි  ඒක පිළිගන්න බෑ. මා සිටින නිවස නිදන කාමර 3ක් කෑම කාමරයක් ඇතුළු ‍පොඩි ඉඩක් තිබෙන තැනක්. ඒ ප්‍රමාණය වර්ග අඩි 4000ක් වෙන්න පුළුවන් කමක් නෑ. ඒ ගැන නැවත පරීක්ෂා කරන්න කියලා මම ඉල්ලනවා.

‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුලිද ලිවේරා මහතා –
මේ නිවසට කුලී ගෙවා තිබෙන්නේ අර්ජුන ඇලෝසියස් සතු සමාගමකින් නේද?

රවි කරුණානායක මහතා –
ඒ ගැන මම දන්නේ නෑ. මම දන්නා විදියට මගේ බිරිඳ හා දරුවන් අධ්‍යක්ෂ ධුර දරන ජී.ටී.එල්. සමාගම මෙම නිවසට මුදල් ගෙවූ බවට රිසිට් තිබෙනවා.

රවි කරුණානායක මහතා මෙසේද කීවේය,
මම ජී.ටී.එල්. සමාගමෙන් 2015 ජනවාරි අයින් වුණා. ඉන් පසු බිරිඳ හා දරුවන් තමයි එය පවත්වාගෙන ගියේ. ඔවුන් අපි දැනට පදිංචි නිවස මිලදී ගත්තා කියලා මට කීවා. මම ඒ නිවස මිලදී ගැනීමේ ගනුදෙනු ගැන දන්නේ නැහැ. මගේ බිරිඳගෙන් ඒ ගැන අහන්න ගියෙත් නෑ.

මම මුදල් ඇමැති සමයේ 2015.02.26 දින අපේ අමාත්‍යාංශයේදී මලික් සමරවික්‍රම, කබිර් හෂීම් ඇතුළු පහළොස් දෙනකුගෙන් පමණ කණ්ඩායමක් සමග රැස්වීමක් පැවැත්වූවා. ඒ රැස්වීමේදී ගත් තීරණයක් අනුව එවකට මහා මාර්ග ඉදිකිරීම් සඳහා ගෙවීමට තිබූ හිඟ මුදල් ගෙවන්න කටයුතු කළ යුතු බවට තීරණයක් ගත්තා. ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍ර මහතාට මම යවපු ලිපියේ අත්සන මගේ බව පිළිගන්නවා. එහි දින හා ලිපිගොනු අංකයක් සඳහන් නොවුණත් ඒ ලිපිය රාජකාරි ලිපියක් විදියටයි මහ බැංකු අධිපතිවරයාට යවා තිබෙන්නේ.

මම දිනකට ලිපි 500ක් පමණ අත්සන් කරනවා. උදේ 7.00 සිට රාත්‍රී 11.00 පමණ වනතුරු මම රාජකාරි කටයුතු කරනවා. ඒ නිසා මගේ පෞද්ගලික දේවල් මගේ බිරිඳ හා දරුවන් ඉටුකරනවා. ඒ අනුව තමයි මට අමාත්‍යාංශයට යන්න පහසුකම් තිබෙන තැනකින් නිවසක් ගන්න ඔවුන් උනන්දු වුණේ. මේ නිවස මිලදී ගත්තේ කොහොමද ඒ සඳහා සල්ලි කොහෙන්ද කියලා මම ඇහුවේ නෑ. මම හිතන්නේ බිරිඳ හා දරුවන් අධ්‍යක්ෂ ධුර දරන ජී.ටී.එල්. සමාගමේ මුදල්වලින් මෙම නිවස ගත්තා කියලයි. ඔවුන් ඊට මුදල් ගෙවූ රිසිට් තිබෙනවා.

මෙහිදී රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් දප්පුලි ලිවේරා මහතා දින රහිතව රවි කරුණානායක මහතා මහ බැංකු අධිපතිවරයා වෙත යවා ඇති ලිපිය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම නිසා කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසේන මහතා එකම ප්‍රශ්නය දිගින් දිගට විමසා කාලය නාස්ති නොකරන ලෙස ලිවේරා මහතාට දැන්වීය. අවස්ථා කිහිපයකදීම ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයාද ලිවේරා මහතා එකම ප්‍රශ්න යළි යළි විමසීම නිෂ්ඵල බව පෙන්වා දුන්නේය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ දීර්ඝ ලෙස එක දිගට පැය 6ක (තේ විවේකය විනාඩි 15ක් හැර) සාක්ෂි දුන් රවි කරුණානායක අමාත්‍යවරයා නැවත කොමිසම හමුවට කැඳවීමක් ගැන ඊයේ (2) දැනම් දුන්නේ නැත.

රණවිරුවන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ – රුවන් විජේවර්ධන

රණවිරුවන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
 
(23) දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
 
දීර්ඝ කාලීන පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් කොමදොරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට පත් වු අතර යම් වැරැද්දක් සිදු කර ඇති නම් එයට නීතියෙන් දඬුවම් ලැබීමට සිදුවන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 
කෙසේ වෙතත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය ද කිසිවිටෙකත් මිනීමරුවන් වෙනුවෙන් පෙනී නොසිටන බවද කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රණවිරුවන් දඬයම් කිරීම පසුගිය ආණ්ඩුව තුළින් සිදුවු දෙයක් බවයි.
 
එහි පළමු සිදුවීම වශයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සිදුවු තත්ත්වය පෙන්වා දිය හැකි බවත් පසුගිය රජයට සාපේකෂව අද වන විට රණවිරුවාගේ ගෞරවය ආරක්ෂා වන පරිදි රජය ක්‍රියා කරන බවත් රුවන් විජේවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. 

Nethmi – Ms. International Sri Lanka 2017

The 2017 Ms. International Sri Lanka title has been taken by Nethmi Wickramabahu.

Nethmi will represent as the Mrs. Sri Lanka for Mrs. International 2017 at the Ms. International Pageant held on August 11th and 12th in Charlston, West Virginia  in USA.

As the franchise holder for Sri Lanka for this pageant, Boston Lanka Media has chosen Nethmi after selection process that has taken many months.  Chitral de Mel is Country Director for Sri Lanka.

MSLP8713

Being the premiere pageant for married women, Mrs. International has given a chance to open doors for married women around the world.  The event will give each contestant the opportunity to learn about customs and family life in other countries, along with the chance to share her beliefs and make new friends during the entire week of activities.

MSLP8310

A pageant that started 28 years ago, this unique and extravagant Mrs. International Beauty pageant is to showcase the beauty, glamour and personality of women 21 to 56 years old, married at least six months and a resident of the state or a citizen of the coutry she represents.

MSLP8377

Each contestant has the opportunity to select a platform of her choice that she spends the year promoting. Husbands are a direct part of the show, escorting their wives in the Evening Gown competition, and the husband crowns his wife titleholder.

Nethmi is expected to excel in this beauty pageant and Boston Lanka hope that she will bring fame to Sri Lanka and keep its flag flying high on the world stage.

MSLP8232MSLP8655MSLP8291MSLP8329MSLP8262

කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් ඇති නොවන අයුරින් කටයුතු කරන්න- ජනපති

සියලු ජාතීන්ට සහ ආගම් වලට අයත් ජනතාව අතර සංහිඳියාව ගොඩනඟමින් රට තුළ ස්ථිරසාර සාමයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ උදෙසා එක්වීම සියලු දෙනාගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් ඇති නොවන  අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් බව  ඔහු පවසයි.

කුමන විවේචන හමුවේ වුවද වත්මන් රජය කැපවී සිටින්නේ එවන් අභාග්‍යසම්පන්න සිදුවීම් වලින් රටත් ජනතාවත් ගලවා ගනිමින් සියලු ජන කොටස් සහෝදරත්වයෙන් සහ සංහිඳියාවෙන් ජීවත් වන සාමකාමී දේශයක් ගොඩනැඟීමට බව අරන්තලාව ජාත්‍යතර බෞද්ධ මධයස්ථානයේ පැවති ගුණ සමරු උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා  කියා සිටියේය.

එමෙන්ම අන්තවාදය සහ බලලෝභය අවසන් කරමින් මාතෘ භූමියේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහෝදරත්වයෙන් පෙළගැසීම සියලු දෙනාගේ යුග මෙහෙවර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

US LANKA FASHION WEEK IN NEW YORK: June 22-25

The Sri Lankan fashion week in New York will be the first ever event to promote Sri Lankan fashion exclusively in New York City for a duration of one week. In addition to the prestigious fashion designers coming from Sri Lanka, there will be opportunities for US based Sri Lankan origin fashion designers, beauticians and fashion models to be involved in this week long fashion program.

AmilaniBrian 2KamilFlyer 2A

The Sri Lankan fashion week will feature three prominent fashion designers Amilani Perera, Brian Kerkoven and Kamil Hewavitharana. Their exotic, luxurious and fashion forward creations will be the forefront of US Lanka fashion week and introduce Sri Lankan talent to the US fashion industry.  Melache one of the top names in the Sri Lankan fashion industry will also be part of the grand finale of the Fashion show.  Boston Lanka is proud to announce Celebrity Hair stylist, Make-up artist and owner of Capello Salons, Romesh Atapattu as the official Beautician.  He will be assisted by the senior hairstylist and make up artist at Capello Salons Suranjee Hewapathiranage.  Dammin Senerat will be the official Photographer for this event.   The week long activities will comprise of media events, photo-shoots, community engagement events, retail exhibit and the much anticipated headline event: The US Lanka Fashion Show; Fashion Forward.

11112Image-1 (61)

All activities will commence on June, 22nd at the Hilton Garden Inn, Staten Island, NY with #MediaDay focusing on the official press conference, one-on-one interviews with the Fashion designers followed by a series of Photo-shoots. The Headline event: US Lanka Fashion Show will take place on June, 23rd at the Hilton Garden Inn with three individual fashion shows showcasing each designer creations followed by the Grand Finale bringing all forces together.  According to Chitral De Mel, Project Director and Founder of Boston Lanka, “we want to create a platform for Sri Lankan fashion designers to showcase their fashion and Sri Lankan culture in USA. This forward thinking event will create opportunities for Sri Lankan fashion designers, beauticians, jewelry designers and fashion models to interact with American media, retailers, and entertainment industry.”

The Sri Lankan Ambassador to USA, Mr. Prasad Kariyawasam and Sri Lankan Permanent Representative for the United Nations, Dr. Rohan Perera will guests of Honor at the fashion show. Mr. Shan Halamba, Honorary Consul for the State of Texas will also attend as a special guest.

Mrs. International World’ organization will be working closely with Boston Lanka as a partner in this event and its CEO Ms. Angela Posillico will coordinate with US fashion models.

Sithuvili Concept Group: Dinesh Wariyapperuma, Pawan Muhandiram & Prashad Nuwanpriya as our Media Strategy & Branding Partner provides us visibility and style.

SriLankan Airlines will be the Platinum sponsor and official Airline for US Lanka Fashion week.

There are more than 20 fashion models will take part in the fashion show and few top fashion models from Sri Lanka will also be part of the show.

Please contact Chitral @ Boston Lanka for further information.                        Phone: 5086485104.

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළට

දිවයිනේ දිස්ත්‍රික්ක 15ට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 111ක් අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

රත්නපුර, කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කෑගල්ල, මාතලේ, නුවර, වව්නියාව, මුලතිව්, කොළඹ, මඩකළපුව, ත්‍රිකුණාමලය, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

මෙම දිස්ත්‍රික්කවල පවුල් එක් ලක්ෂ 14,124කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 42,299 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 71ක් වාර්තා වන අතර තවත් විසි දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම දිස්ත්‍රික්කයේ පවුල් 7,642කට අයත් පුද්ගලයින් 33,248 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 134ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 43ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 68 දෙනෙකු අතුරුදන්ව සිටියි.

පවුල් 1398කට අයත් පුද්ගලයින් 5272 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 43ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික්කයේ මරණ 14ක් වාර්තා වන අතර පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ මරණ 8ක් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මරණ 5ක් ද , ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 3ක් ද , කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 2ක් ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 5048කට අයත් පුද්ගලයින් 21,918 දෙනෙකු අවතැන්ව ආරක්ෂිත ස්ථාන 43ක රැදී සිටින බව සඳහන්ය.

නව කැබිනට් සංශෝධනයේ ප්‍රතිඵල කරලියට

අද දිනයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍ය ධූර සඳහා 9 දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.

මීට අමතරව  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය මංගල සමරවීරට, විදේශ කටයුතු අමාත්‍ය ධූරය රවී කරුණානායකට , ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය ධූරය අර්ජුන රණතුංගට ,  වරාය හා නාවික අමාත්‍ය ධූරය මහින්ද සමරසිංහට ලබාදී තිබේ.

එසේම වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය වරයා ලෙස චන්දිම වීරක්කොඩි,
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක, විශේෂ සංවර්ධන අමාත්‍ය වරයා ලෙස තිලක් මාරපන, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාට මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට හිමිවී තිබේ.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය ධූරය දැරූ එස්.බී දිසානායක මහතාට එම විෂය ක්ෂේත්‍රයන්ට අමතරව ‘කඳුරට උරුමය’ නම් නව විෂය ක්ෂේත්‍රය ලබාදී ඇති අතර ඩබ්.ඩී.ජේ සෙ‍ෙනවිරත්න මහතාට කම්කරු , වෘත්තීය සමිති සබඳතා විෂයට අමතරව සබරගමුව සංවර්ධන නම් නව විෂය පථයක්ද හඳුන්වා දී ඇත.

මට තනතුරු දෙනවට සමහරු විරුද්ධයි

තමාට එක්සත් ජාතික පක්ෂයේ තනතුරු ලබාදීමට ඇතැම් පිරිස් විරෝධය පළ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ තමාට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කාලයකට ඉස්සර දැනුම් දී තිබූ බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේය.

පදවියක් තිබුණත් නැතත් තමන් කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂයේ හැමෝම දන්නා බවත්, ඒ නිසා තමන් තනතුරු ඉල්ලමින් පසුපස නොයන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් නියෝජ්‍ය නායක තනතුර ඇතුළුව තවත් තනතුරු කිහිපයක්ම තමාට දීමට යෝජිතව පැවති බවත්, ඒ නිසාම පක්ෂයේ කිහිපදෙනෙකු පමණක් ඊට එරෙහිව ක්‍රියා කරන බව තමාටද වැටහී ඇති බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය.