Category: news_main
Latest News
Mugunth Vaithylingam has been the recipient of the Life Time Achievement award at the eighth annual Las Vegas Top Tech Exec Awards held recently.
Raised in Sri Lanka and India, and a Southern Nevada resident for the past decade, Mugunth Vaithylingam said it all started with high-fidelity sound equipment.
“I got interested in building my own tube amplifiers, so I decided to study applied electronics in college at Bharathiar University in India,” said Vaithylingam, who earned a bachelor’s of science in the discipline. “I decided also from an early age that I had a passion for leadership, so I always looked for opportunities to meld these two interests, which is why I pursued my MBA from the University of Hartford after beginning to work professionally in higher-education technology.”
The eighth annual Las Vegas Top Tech Exec Awards, a collaboration between Cox Business and VEGAS INC, recognize Southern Nevadans who are helping shape the future before our very eyes. These are people who are often on call 24-7, asked to solve problems that may never have happened before in a rapidly evolving industry.
With previous experience as a systems analyst and later a manager in the application department with the University of Hartford, and as director of enterprise applications at Valencia College, Vaithylingam — a 2017 participant in Harvard University’s Emerging Leaders program — originally joined College of Southern Nevada as chief technology officer in February 2009 and was promoted to chief information officer just seven months later.
The recipient of the Most Influential Global CIO Award at the Global CIO Leadership Summit in August 2018, Vaithylingam developed and led implementation at CSN for a new web presence that includes public-facing, marketing-driven content; an internal site that separates college community content from external persons seeking information about the institution; and a single sign-on portal for easy access to commonly-used web-based applications and platforms.
He also spearheaded a partnership with Cox Communications for SIP trunking, with 150 trunks implemented — burstable to 300 — that will provide CSN with additional standard capacity and result in a savings of nearly $3,500 a month in recurring service fees over the prior POTS.
Vaithylingam — who supports Nevada Youth Network, Three Square and Opportunity Village — said 2019 will bring new technology-driven student unions with the tools to help students success. CSN is also partnering with the City of Las Vegas to integrate the collage into its Smart City initiative.
Courtesy: Las Vegas Sun
පෙට් ස්කෑනරය සමගින් සහජීවනයේ සොදුරුතම කතාන්දරය පවසන පින් බිම අපේක්ෂා රෝහල
සටහන: නිරාශා පියවදනි පින්නවල
එළඹෙන ජනවාරි 25වන දා පෙට් ස්කෑනරය ශ්‍රී ලංකාවට
අදුරට සාප කිරීමට කාලය නාස්ති නොකළ ඔහු අදිටන් කරගත්තේ අදුර නසන්නට එක පහනක් හෝ දැල්වීමටය..ඒ පහන් සිලේ දැලේලෙන් රටක් ආලෝකමත්වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි..
සිය ආදරණීය පුතණුවන්ගේ ජීවිතය උදුරා ගත්තද තවත් ජීවිත ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමෙන් වළකා ගැනීම ඔවුන්ගේ පැතුම විය. අකාලයේ මිලිනව ගිය ඒ ආදරණීය පුතණුවන් හමීඩ්ගේ සහ පියාණන් වූ මොහොමඩ්ගේ ඒකායන අරමුණ වූයේ කෙසේ හෝ පෙට් ස්කෑනරයක් මෙරටට ගෙන්වා ගැනීමයි.
පෙට් ස්කෑනරය? කුමක්ද ඒ? පෙර දී තරමක් නුහුරු ඒ වදන මෙරට සුවහසක් ජනයා අතර ජනප්‍රිය වූයේද මේ උතුම් මෙහෙයුම නිසාමය.

පිළිකා රෝගය සිරුර පුරා ඔඩු දුවා රෝගියාගේ තත්ත්වය උත්සන්න වනතුරු බලා නොසිට කල් යල් ඇතිව ප්‍රතිකාර කරමින් සුවදායී ආයුෂ සහිතව ජීවිතයක් බේරා ගැනීමට Positron Emission Tomography හෙවත් (PET) Scanner තුළින් ලැබෙන්නේ අනගි පිටුවහලකි.
ඒ උතුම් මෙහෙයුම පිළිබදවත් ඒ වටා රොද බැදගත් සුවහසක් උතුම් මිනිස් කැලකගේ දහදිය කදුලින් බිහි කර ගත් Fight Cancer Team පිළිබදවත් තවත් අටුවා ටීකා ටිප්පනි ඇවසි නැත. ඒ දහදිය කදුළුවල අභිමානවත් ප්‍රතිඵලය උදා කරමින් පෙට් ස්කෑනරය එළඹෙන ජනවාරි 25 වෙනි දින ලංකාවට සැපත් වීමට නියමිත බවට සටහන් තබන්නේ හදපිරි තුටිනි.

ඒ පිිළිබද Fight Cancer Team නිර්මාතෘ මොහොමඩ් මහතා බොස්ටන් ලංකා හා සිය අදහස් පළ කළේ මෙලෙසිනි.
“ශ්‍රී ලංකාවේ යල් පැන ගිය ටෙන්ඩර් ක්‍රමය නිසා තමයි මේ විදියට පෙට් ස්කෑනරය ලංකාවට පැමිණීම ප්‍රමාද වුණේ. මෙහෙයුමක අසීරුතම කාර්්‍යය වෙන්නෙ අවශ්‍ය මුදල සොයා ගැනීම. නමුත් මෙතනදි කියන්න ඉතා සතුටුයි අපේ පරිත්‍යාගශීලී මහජනයා නිසා එය ඉක්මනින් සාර්ථක කර ගත හැකි වුණා. මහජනයා පිරිනැමූ ඒ මුදල අප රජයට පරිත්‍යාග කළා. නමුත් සිදු වුණේ කිසිසේත් නොසිතූ ප්‍රමාදයක්.
ප්‍රමාදය පිළිබද රජයට දොස් නගන්න බැහැ. කාලයක් පුරා පැවතගෙන එන ටෙන්ඩර් පටිපාටිය නිසා මෙතනදි රාජ්‍ය අංශයත් අසරණ වුණා. මේ යල් පැන ගිය ක්‍රමය වහා වෙනස් විය යුතුයි.

මෙම පෙට් ස්කෑනරය තාක්ෂණයෙන් ඉතා ඉහළයි. තවමත් රෝහල් කාර්්‍යය මණ්ඩලයේ නිළධාරීන් මෙය භාවිතා කිරීම සදහා පුහුණු කර නැහැ. ඔවුන් ඉතා හොදින් ඒ සදහා පුහුණු විය යුතුයි. නැත්නම් වැරදි ලෙස මෙම යන්ත්‍රය භාවිතා කිරීමට ගොස් වෙනත් අනතුරු වෙන්න ඉඩ තිබෙනවා.”
පෙට් ස්කෑනරයෙන් සිය මෙහෙයුම නවතා දැමීම FCT හි අභිලාශය නොවේ. ගෙවෙන සෑම තත්පරයකම පිළිකාවෙන් විඩාබර රෝගීන් සිත ගත සැනසීමට පත් කළ හැකි සෑම අංගෝපාංගයකින්ම සපිරි පින්බර භූමියක් බවට මහරගම අපේක්ෂා රෝහල පත් කිරීම FCT හි මීළග වෑයමයි.
ලොවටම පිළිකාවක් වි ඇති පිළිකා රෝගයෙන් ශ්‍රී ලංකාවෙ තුළ වාර්ෂිකව මියයන සංඛ්‍යාව ආසන්නතම වශයෙන් 15000ක් පමණ වන බැව් පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීරගේ මතයයි.
වාර්ෂිකව පිළිකා රෝගීන් 16,000 ත් 20,000 ත් අතර පිරිසක් හඳුනා ගැනීමට මේ වන විට හැකිව තිබෙන බවද විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරයි. 2013 වසරේදී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 25,515 ක් ලියාපදිංචිව සිටි අතර 2014 වසරේදී එය 26,341 දක්‌වාද 2015 වසරේදී 28,474 දක්‌වාද ලියාපදිංචි පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද වාර්තාවේ.
රෝගය වේදනාබර බව සැබෑය. නමුත් ඒ විඩාබර ජීවිත සුවපත් කිරීමට මෙරට සෑම ජාතියකම දූ පුතුන් එකාවන්ව එක් රොක් වන හෙයින්ම එ් භූමිය පින්බරය. මහරගම අපේක්ෂා රෝහල පවසන්නේ සහජීවනයේ අපේක්ෂාව මුදුන්පත් කිරීමට මං සලසන සොදුරුතම කතාන්තරයක් බැව් රහසක් නැත…
“නිවසක් තනා පරිත්‍යාග කරන විට ඔවුන් ජීවත් වූ බංකරය මතක සටහනක් ලෙසින් ඉතිරි කළා” – හිටපු යුධ හමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ
මේ තනන්නේ වංශය කබල් ගාමින් හිගන්නාගේ තුවාලය පෑරීමට නොවේ…මුළු ලංකාද්වීපයම ලේ ගලන තුවාලයක් බවට පත් කළ යුගය නිමා කරන්නට සිය සිනහව, යෞවනය, ආදරය, අධ්‍යාපනය මතු නොව අන්තිම හුස්මද පූජා කිරීමට ගොස් දිවි ගලවා ගත් ප්‍රජාවකට සිදුව ඇති අසාධාරණය හෙළි කරන්නටය.
එකිනෙකාගේ පාදඩ දේශපාලන අවශ්‍යතාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් නිර්මාණය වූ සටනකට සිහිනෙන්වත් උඩගෙඩි නොදුන් ලක්ෂ ගණනකගේ ලේ වලින් ලියූ ඉතිහාසයක් මේ ලංකා ඉතිහාසයේ වසර 30කටත් වඩා අරක්ගෙන ඇති බව දැන්නම් ඉස්කෝලේ ඉතිහාස පාඩමේවත් උගන්වනවාදැයි සිතීමත් සැක සහිතය.
ඔවුන් සටන් වැදුණේ තෝරා බේරා ගත් එක් ජාතියක් පමණක් රකින්නට හෝ සියලු ජාතීන් වනසා දමා සිය ජාතිය පමණක් රජ කරවීමට නොව සිහල දමිළ මුස්ලිම් බර්ගර් ආදී මෙරට සියලු ජන වර්ගයාගේ ජීවත් වීමේ අයිතිය රැක දීමටය..ඔවුන්ට කට පුරා රණ විරුවන් කියන්නේද මෙරට සියලු මනුෂ්‍යයා වෙනුවෙන් සිය ජීවිත කැප කළ හෙයිනි.
හමුදා නිල ඇදුමට මුවා වී තිරිසන් ජන්මයක් රග දැක්වූවන් හා සසදමින් මේ උදාර ජීවිතයන්ට නිගරු කිරීමට වෙහෙස නොගන්න .මේ ඉඩහසර වෙන් වන්නේ එවන් මුග්ධයන්ට නොව වෘත්තිය හදවතින්ම ඉටු කර ගෞරවනීය ලෙසින් යුධ බිමෙන් නික්ම ආ උදාර මිනිසුන් උදෙසාය.
අබලන් වූ රෝද පුටු උඩ සහ කිහිලි කරු, ඇදන් මත ඉකි ගසන එකී ජීවිත කතාන්තර හුදු කතාන්තර විලසින්ම මියෙන්නට ඉඩ නොදී මේ ලිපිය මත ගෙත්තම් වීම පිටු පස ද කතාවක් ඇත. ඒ කතාව නිර්මාණය කරන්නේ ද මනුෂ්‍යත්වය උත්තුංග තලයකට රැගෙන ගිය සහෘද කැලකි.
2008 මාර්තු 07 වන දින ඒ උදාර මිනිසුන්ගේ එකමුතුවෙන් බිහි වූ ආර්යා පදනම ආබාධිත සොල්දාදුවන්ගේ ශාරීරික හා ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා දියත් කර ඇති මෙහෙයුම මේ අකුරු කරනවා තරම් පහසු වූවක් නොවේ.
දේශපාලන හස්තයන්ගේ සෙවණැල්ලවත් නොවැටුණු ඒ මෙහෙයුමද ගෙත්තම් වී ඇත්තේ කැපකිරීම්, රස්තියාදු වීම්, අපේක්ෂා කඩවීම් හා දිවා රෑ නොතකා හෙලන දහදිය කදුළු මතිනි.
චරිත් කිරි ඇල්ල
මේ උදාර එකමුතුවේ නිර්මාතෘවරයෙකු මෙන්ම ආරම්භයේ සිට මේ දක්වා කොදුනාරටිය මෙන් ශක්තිය දෙන ප්‍රවීණ මාධ්‍යෙව්දී චරිත් කිරිඇල්ලයන් ආර්යා හරහා ඉටු කරන්නේ අමිල මෙහෙවරකි. යුධ වාර්තාකරණයේ කැපී පෙනෙන සේවාවක් ඉටු කළ ඔහු මාධ්‍යෙව්දියෙකු ලෙස පන්හිදෙන් ඉටුකරන කාර්්‍යභාරයෙන් ඔබ්බට ගොස් සමස්ත ශ්‍රී ලාංකිකයන් සතු වගකීම කරට ගෙන දිවා රෑ වෙහෙසෙන්නේ ආබාධීත වූ සොල්දාදු ජීවිතය එක් පියවරකින් හෝ නගා සිටුවීමේ පිපාසයෙනි.
වසර 08ක ගමන් මග තුළ ආර්යා පදනම ඉටු කරන කාර්්‍යභාරය සහ අරමුණ පිළිබද ඔහු බොස්ටන් ලංකා හා අදහස් පළ කළේ මෙලෙසිනි.
“අද අපි නිදහසේ හෙලන සෑම හුස්මපොදක් පාසාම අපි ඔවුන්ට ණයගැතියි. සමස්ත ශ්‍රී ලාංකිකයන් සතුවම මොවුන් පිළිබද වගකීමක් තිබෙනවා. මෙම සංවිධානයේ පරමාර්ථය ඒ වගකීම ඉටු කරමින් ආබාධිත සොල්දාදුවන්ගේ ජීවිත නගා සිටුවීමට උර දීමයි. මෙතනදි බොහෝ අය නොදන්නා දෙයක් තිබෙනවා. යුද්ධය ආබාධිත කළේ රණවිරුවන්ගේ ශරීරාංග මිසක් සිත නෙවෙයි. ඔවුන් සිතින් ඉතාම ජවසම්පන්නයි. ක්‍රීඩාවට කලා හැකියාවන් සහ වෙනත් ශල්පයන් සදහා පුදුමාකාර දක්ෂතා දක්වන ආබාධිත සෙබළුන් සිටිනවා. දෑස් අද වුවත් ඉලක්කයට දුනු විදීමේ ශිල්පයේ හපන්කම් දක්වන සෙබලෙක් සිටිනවා.ඔහු ලබා ඇති දෙස් විදෙස් ජයග්‍රහණ ගැන මාධ්‍ය අහලාවත් නැතුව ඇති.ඔවුන්ට නිසි සහයෝගය ලැබුණොත් ජාත්‍යන්තරයේ ජයග්‍රහණ රැසක් මෙරටට රැගෛන එන්න පුළුවන්.
2008 වසරේදි මුලින්ම කලා කලාකරුවන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වෘත්තීය වේදීන් පිරිසක් එකට එකතුවෙලා තමයි මේ සංවිධානය පටන් ගත්තෙ.
අපේ විධායක් අධ්‍යක්ෂතුමන් වන හිටපු යුධහමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා තමන්ගේ ජීවිතේ තරුණ ජවය මුළුමනින්ම යුද්ධය සදහා කැප කරලා විශ්‍රාම ගිය පසුත් තමන්ගේ සේවය සෙබලුන්ගේ ජීවිත නගා සිටුවීම සදහා කැප කර තිබෙනවා. එය අපිට විශාල ශක්තියක්. එසේම ප්‍රවීණ කලා ශිල්පී ඩග්ලස් රණසිංහ මහතා මෙම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. කොපමණ කාර්්‍යබහුල ජීවිත ගත කළත් මේ පිරිස ආර්යා පදනම හරහා සිදු කරන කරන සේවය සදහා කැපවෙන්නේ හදවතින්මයි.
ආරම්භයේ සිටම අපිට හැකි අයුරින් අාබාධිත හමුදා නිළධාරීන් සහ සෙබළු වෙනුවෙන් ආධාර ලබා දෙන වැඩසටහන් රැසක් සිදු කළා. මේ වසර මුලදී පනාගොඩ සිංහ රෙජිමේන්තුවේ ආබාධීත පිරිස 40කට ද්‍රව්‍යමය ආධාර ලබා දීමට අපි කටයුතු කළා. ඒ සදහා රොෂාන් මහනාම මහතා ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අප හා අත්වැල් බැද ගත්තා.
සෑම මසකම එක් ප්‍රෙද්ශයක රෙජිමේන්තුවක් තෝරාගෙන එහි සිටින ආබාධිත සෙබළුන්ගේ අවශ්‍යතා සොයා බලා අපි හැකි පමණ ආධාර කිරීම මේ දක්වා අඛණ්ඩව සිදු කළා. මේ එළඹෙන දෙසැම්බර් 09 වන දින අපි අනුරාධපුර ගජබා රෙජිමේන්තුවේ 500ක් පමණ වූ සෙබළුන්ට ද්‍රව්‍යමය ආධාර පිරිනැමීමේ වැඩසටහනක් සිදු කරනවා.
මේ සංවිධානයේ තිබෙන විශේෂත්වය තමයි 100%ක විනිවිද භාවය. මේ සෙබළුන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට ජාති බේදයකින් තොරව අප හා අත්වැල් බැද ගන්න පුළුවන්.”
හිටපු යුධහමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ
මේ උතුම් සහෘද කැලට නායකත්වය දෙන එහි විධායක අධ්‍යක්ෂ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා බොස්ටන් ලංකා වෙත සිය අදහස් පළ කළේ මෙලෙසිනි.
“මම ආර්ය පදනමට සම්බන්ධ වුණේ ප්‍රවීණ මාධ්‍යවේදීදී චරිත් කිරිඇල්ල සහ ප්‍රවීණ නළු ඩග්ලස් රණසිංහ කළ ආරාධනාව මත.
විශ්‍රාම ගිහින් හිටියත් වසර 36ක යුධ හමුදා සේවය තුළදී ලද අත්දැකීම් නිසාම මේ සේවයේ අත්‍යවශ්‍යතාව මා වටහා ගත්තා.
ඔබ කවුරුත් නොදන්නවා ඇති…ඇතැම් ආබාධිත හමුදා සෙබළුන්ගේ තත්ත්වය කොතරම් ඛේදනීයද කියනවානම් ඔවුන්ට ගෙදර යන්න බැහැ. මේ ආබාධිත තත්ත්වෙන් ගෙදර යන සෙබලාව රැකබලා ගන්න නඩත්තු කරන එක පවා ඒ පවුල් වලට බරපතල ප්‍රශ්නයක්. ඔවුන් ආර්ථිකව ඒ තරම් ශක්තිමත් නැහැ. ඒ නිසා ඔවුන් දරු පවුල්වලින් ඈත් වෙලා ගෙදර නොගොස් රණවිරු සෙවණවල්වල රැදී සිටිනවා. සෙබළුන් ජාති බේද කිසිවක් නොතකා රටේ සියලු වැසියන් වෙනුවෙන් ජීවිතය කැප කරලා අද වෙනකොට ගෙදරවත් යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියනවා.
මම දන්නෙ නැහැ මෙය ශ්‍රී ලාංකිකයන්ටම උරුම ලක්ෂණයක්ද කියා…යුද්ධය අවසන් වූ පසු දැන් අපේ බොහොමයක් ජනතාවට රණවිරුවන් යනු කවුරුන්ද කියාවත් මතකයේ නැහැ. යුද්ධයේ භයංකරත්වය අත් විදපු පරම්පරාවත් එසේ හැසිරෙනවනම් නව පරපුර ගැන කවර කතාද..එනිසා මා ඉල්ලා සිටිනවා ජාති බේද අත හැර මේ අසරණව සිටින සොල්දාදුවන් හට හැකි අයුරින් පිහිට වන්න කියා.”
ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මැතිදුන් ආර්යා පදනම ඉකුත් වසර 08 තුළ දී ලබා දුන් සේවාවන්වලදී මතකයේ ගැඹුරු තැනක පැලපදියම් වූ සංවේදී අත්දැකීම් ද ගෙනහැර දැක් වූයේ මෙලෙසිනි.
“මෑතකදී අපිට වැලිඔය සේවයේ නිරත වෙලා ඉන්න වෙලාවේ උදරාබාධයක් හැදිලා මිය ගිය සෙබළකුගේ පවුලට නිවසක් ලබා දීමට හැකි වුණා. ඔහුගේ බිරිදත් දරුවන් තිදෙනාත් ජීවත් වුණේ ඇතා වැටුණු වැව නම් දුෂ්කර ප්‍රෙද්ශයේ. යුධ සමයේ ඒක නිතරම මෝටාර් ප්‍රහාරවලට ලක් වෙන ප්‍රෙද්ශයක්. එනිසා ඔවුන් නිවෙස් වලට යාබදව පොඩි කොන්ක්‍රීට් බංකරයක් හදාගෙන හිටියා. මෝටාර් ප්‍රහාර එල්ල වන සැම විටම ඔවුන් ආරක්ෂාව පතා දිව ගියේ එතනට.
අන්තිමට අම්මටයි ළමයි 3 දෙනාටයි නිවස වුණේත් ඒ බංකරයමයි. මෙය එක්තරා පුවත්පතකින් අනාවරණය කළ නිසා අපට දැන ගන්නට ලැබුණා. ඒ අනුව අපේ පදනමෙන් නිසි සොයා බැලීම් කර පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කර ඔවුන්ට නිවසක් තනා දීමට කටයුතු කළා. ඒ කාර්්‍යයට ඒ ප්‍රෙද්ශයෙ සිටින හමුදා නිළධාරීන්ගෙන් විශාල සහයෝගයක් හිමි වුණා. කාමර 3ක
පෙර පැවසූ බංකරය ඉවත් කළේ නැහැ. නාන කාමරය ලෙසින් පාවිච්චියට ගත හැකි ලෙස නිවසටම එය එක් කළේ එය ඔවුන්ට මතක සටහනක් ලෙස ඉතිරි කරමින්.”
රොෂාන් මහානාම
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කිරීමට දායක වෙමින් සිය ජනප්‍රියත්වයේ නිකැලැල් නාමය අදටද රැකගත් රොෂාන් මහානාමයන් ද ආර්යා පදනමේ ආරම්භයේ සිට මේ දක්වා රැදී සිටින පුරෝගාමියෙකි. මේ වන විට විදෙස්ගතව සිටියත් බොස්ටන් ලංකා වෙත ඔහු සිය මේ පිළිබද අදහස් පළ කළේ මෙලෙසිනි.
“ආර්යා පදනම ක්‍රියාත්මක වෙන්නේ කිසිදු දේශපාලන අරමුණකින් හෝ දේශපාලන හස්තයකින් නෙවෙයි. මෙහි සාර්ථකත්වය ද එයයි.
ස්වේච්ඡාවෙන් එකට එකතු වූ අවංක මිනිස් කැලකගේ වෙහෙස මහන්සිය වසර 08ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ඒම පහසු කාර්්‍යයක් නෙවෙයි.
අද රෝහල් ඇදන් මත රෝදපුටු මත තාරුණ්‍යය ගෙවා දමන සෙබළුන් වගේම දෑස් අද සෙබළුන් වෙනුවෙන් ආබාධිත රණවිරු පුස්තකාල ව්‍යාපෘතිය දියත් කිරීම පසුගිය සේවාවන් අතර විශේෂයි.පශ්චාත් යුධ සාහිත්‍යයක් ගොඩ නැගීම සදහා තැබූ ශක්තිමත් පියවරක් ලෙසින් එය හදුන්වන්න පුළුවන්.
අතීතය සහ වර්තමානය සියලු දේ අමතක කරන ශ්‍රී ලාංකික ජාතියට තමන් වෙනුවෙන් දිවි පුද කළ සෙබළුන් හට කෘතගුණ දැක්වීමේ වගකීම සිහිපත් කරවන ආර්යයන්ගේ සේවය උතුම් ආදර්ශයක්.”
BY: Nirosha Piyawadani
බොස්ටන් ලංකා විශේෂ වාර්තාකරු
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
එළඹෙන දෙසැම්බරයේ ඡන්දය තියන්න පුළුවන් – මහින්ද දේශප්‍රිය
පළාත් පාලන මැතිවරණ පනත සම්මත වීම හේතුවෙන් කිසිඳු බාධාවකින් තොරව එළඹෙන දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
දෙසැම්බර් මාසයේ දී මැතිවරණය පවත්වන්නේ නම් එය දෙසැම්බර් නව වැනිදා පැවැත්විය යුතු බව ඔහු සඳහන් කළේය.
ටී.වී.දෙරණ ඔස්සේ විකාශය වන 360 වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කෙළ්ය.
මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
දඹුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
යුද හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ නම් තානාපති කාර්්‍යාල ලැයිස්තුවල
ශ්‍රී ලංකා යුද හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ නම් ගම් විවිධ තානාපති කාර්යාලයන්හි ලැයිස්තුගත කරනු ලැබ ඇති අතර ඔවුන්ට එම රටවල සංචාර සඳහා වීසා ලබාගැනීමේදී දුෂ්කරතා මතුවී ඇති බව ජනරාල් ජගත් ජයසූරිය පවසයි.
බ්‍රසීලයේ තානාපති පදවිහි සිය දෑවුරුදු නිල කාලය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජනරාල් ජයසූරිය එම ප්‍රකාශය කළේ, යුද අපරාධ චෝදනා යටතේ බ්‍රසීලයේ අධිකරණයක ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකදීය.
“අපේ නම්ගම් පුවත්පත්වල පළ වෙනවා. බොහෝ තානාපති කාර්යාල වල යුද අණදෙන නිලධාරීන්ගේ නම් ලැයිස්තුගත කරලා තියෙනවා. ඒ නිලධාරීන් පිටරටකට වීසා ලබා ගන්න ගියාම කියනවා ඔවුන් නීතිය කඩ කරපු බවක්. උදාහරණයක් හැටියට මගේ පෞද්ගලික උවමනාවකට ඇමෙරිකාවට යන්න වීසා ඉල්ලුවත් මට වීසා දුන්නේ නැහැ. ඒක නිල ප්‍රතික්ෂේප කිරීමක් නොවෙයි. නමුත් ඔවුන් වීසා නොදීමට හේතු පැහැදිලි කරන්නේ නැහැ. මම දන්නවා ඒ ගොල්ලන් ළඟ අපේ නම් ගම් තොරතුරු තියෙන බව. ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳන්න ඕන” ජනරාල් ජයසූරිය කියා සිටී.
බීබීසී කොළඹ වාර්තාකරු දුරකතනය මගින් කරන ලද එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනරාල් ජගත් ජයසූරිය “යුද්ධයේ දී තමාට ඉදිරි පෙළේ මෙහෙයුම් කාර්යභාරයක් නොපැවරුණ” බව සඳහන් කළේය.
කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය සටනට අණදෙන ලද්දේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වන අතර එම මෙහෙයුම් සඳහා සියලු අණදීම් කරන ලද්දේ තමා බව ෆීල්ඩ් මාර්ෂල්වරයා විසින් ඍජු ලෙසම භාර ගනු ලැබ ඇති බව ජනරාල් ජගත් ජයසූරිය පවසයි.
“අපි කවුරුත් දන්නවා-යුද මෙහෙයුමට අණ දුන්නේ එවක හමුදාපති පදවියේ සිටි, දැන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව. එතුමා කෙළින්ම කියල තියෙනවා- යුද මෙහෙයුම් වලට අණ දුන්නේ තමා බව. මට පැවරුණේ යුද හමුදාවට අවශ්‍ය සැපයුම්වලට (logistical support) අදාළ කාර්යයි. මම එහි නිරත වෙමින් සිටියා ” ජනරාල් ජයසූරිය පවසයි.
බ්‍රසීලයේ සහ කොලොම්බියාහි පවරා ඇති නඩුකර පිළිබඳව බීබීසි විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් ජනරාල් ජයසූරිය, වධ හිංසා සිදු කිරීම් පිළිබඳව තමාට එරෙහිව නැගෙන චෝදනා පිළිබඳව අන්තර්ජාල වෙබ් අඩවි මගින් කියවන්නට ලැබුණ බව සඳහන් කළේය.
රටේ ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක සිටීම ලැජ්ජාවක් – විජේදාස රාපක්ෂ
රටේ ජාතික සම්පත් විකුණන කැබිනට් මණ්ඩලයක වැඩ කිරීම තම හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවට කරුණක් බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඉතිහාසයේ සෑම අධිකරණ අමාත්‍යවරයෙකුටම එල්ල වූ චෝදනාවට වඩා වෙනස් වූ චෝදනාවක් තමන්ට එල්ල කරමින් තමන්ව ධූරයෙන් පහ කළ බව ඒ මහතා කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද(23) දිනයේ අමාත්‍යවරයා දරණ සියලු කැබිනට් අමාත්‍ය ධූරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය යොමුකළ ලිපිය සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා කියා සිටියේ ඉතිහාසයේ සෑම අධිකරණ අමාත්‍යවරයෙකුටම එල්ල වූ චෝදනාව වූයේ අධිකරණයට බලපෑම් කිරීම හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීම යැයි වුවත් තමන්ට ඇති චෝදනාව වූයේ අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකිරීම බවයි.
එමෙන්ම අප රට තුළ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අමාත්‍ය මණ්ඩලයක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වෙනි ව්‍යවස්ථාව අනුව හම්බන්තොට ගිවිසුම වැනි ගිවිසුමකට ඇතුළුවීමේදී එය අත්‍යවශ්‍ය යෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම මෙම හම්බන්තොට ගිවිසුම අත්සන් කරනු ලැබුවද එය කඩදාසියකට පමණක් සීමා වූ බල ශූණ්‍ය වූ කොළයක් පමණක් බවද ඒ මහතා කියා සිටියේය.
එය හෙළිදරව්වීමත් සමඟ යම් කුපිත වූ කණ්ඩායමක් විසින් තමන්ට මෙම තත්ත්වය උදා කළ බවත්, එවැනි ජාතික සම්පත් විකුණා දමන කැබිනට් මණ්ඩලයක් තුළ සිටීමට සිදුවීම තම හෘද සාක්ෂියට අනුව ලැජ්ජාවට කරුණක් බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම තමන් මේ ආකාරයෙන් කතා කරන්නේ අස් කළ අමාත්‍යවරයෙකු ලෙස බවද ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම මහ බැංකු බැඳුම්කර මඟඩිය වැනි මහා පරිමාන දූෂණ හා වංචා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම හමුවේ දිග හැරෙමින් තිබෙන බවත්, ඒ හේතුවෙන් එහි මහ මොළකරුවන්ද එළියට එන බවත් කියා සිටි ඒ මහතා පවසා සිටියේ ඔවුන් මේ වන විට බිය වී ඇති බවයි.
එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව පවත්වාගෙන ආ බවත්, ඒ නිසාවෙන් වැරදි වසා ගැනීමට හා යට ගැසීමට සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට මෙලෙස ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවේ කොදු නාරටික කඩා දැමූ බවද ඒ මහතා පැවසීය.
එමෙන්ම පසුගිය 15 දා දින චන්ඩි මන්ත්‍රී මැති ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති මන්දිරයට රැස්වී නීතිපතිවරයාට විවිධ ලෙස දෑ ප්‍රකාශ කර බලපෑම් කර ඇති බවත් , එහිදී තරහකාරයින්ගේ නඩු හැකි විගස විභාගයට ගන්නා ලෙසද ප්‍රකාශ කර ඇති බව ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමඟ තමාගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රචාරයන් පතුරමින් තමන්ව බිල්ලට දීමට මේ ආණ්ඩුව උත්සහ කරන බවද ඒ මහතා පවසා තිබේ.
එමෙන්ම පසුගිය සමයේ එජාපය විසින් ලංගම විකිණූ බවත්, තමන් නඩු කියා එය නැවත ලබා නොගත්තේ නම් මේ වන විට ලංගමක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
ඒමෙන්ම රක්ෂණ සමාගම විකිණීම, ඇපලෝ රෝහල විකිණීම, කොළඹ වරායේ අක්කර ගණනක් විකිණීම යනාදී ජාතික සම්පත් විකිණීමේදී ඒ සෑම අවස්ථාවකදීම නීති මාර්ගයෙන් එය නැවත ලබා ගැනීමට තමන් පෙරමුණ ගෙන කටයුතු කළ බවද ඒ මහතා පෙන්වා දුනි.
එමෙන්ම ඇවන්ගාඩ් නඩුවට තමන්ව සම්බන්ධ කරමින් විවිධ ප්‍රකාශයන් සිදු කළ බවත්, එම නඩුව හරි ආකාරව විභාගයට ගන්නවානම් වර්තමාන ආරක්ෂක ලේකම්ගේ සිට පිරිස් අත්අඩංගුවට ගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.
එනම් මේ වන විට නාවික හමුදාවට අයත් තුවක්කු 500ට වඩා එහි තැන්පත් කර ඇති බවත්, එයත් නීති විරෝධී කටයුත්තක් බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම තමන් අමාත්‍යධූරයෙන් ඉවත් නොවූ බවත්, ඉවත් කළ බවත්, තමන්ගේ ගමන ඉදිරියේදී ප්‍රකාශ කරන බවත්, එතෙක් තමන් ස්වාධීනව කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික ආණ්ඩුවක් ගෙනාවෙ රට හදන්න – රනිල්
ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා සමඟ මා මේ පළාතේ සංචාරය කළා. මා මෙලෙස සංචාරය කළේ කාලයකට පසුවයි. මා කාලයකට ඉහත මෙලෙස සංචාරයකට ගොස් විල්පිට නිල්වලා අධ්‍යාපන පීඨය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ගැන දයානන්ද වික්‍රමසිංහ මැතිතුමා සමග සාකච්ඡා කළා. එකල අප මේ හැම ප්‍රදේශයකම සංචාරය කළා. ඒ දියුණුවෙන් පසුව අදත් දියුණුවක් ඇරැඹිමට සූදානමින් සිටිනවා. ඒ දියුණුව ඇතිවන්නේ මුළු දකුණු පළාතම කේන්ද්‍ර කරගෙනයි. බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. මාධ්‍ය අතර ඉන්නවා. ඒ අයුරින්ම බිම් මට්ටමේ ගම් මට්ටමේ කටයුතු කරනවා. ඒක හොඳයි. වසර 30 කින් පසුව අකුරැස්සට නැවත දියුණුවක් ලබාදී තිබෙනවා. පතිරණ මහතාගේ වැඩකටයුතු හැමදාම මේ ප්‍රදේශයට සීමාවන්නේ නැහැ. සෙසු පළාත්වලටත් සේවය කරනවා. නමුත් ආසනය වෙනුවෙන් කරන සේවය අප විශේෂයෙන්ම අගය කරනවා.
අද අප ප්‍රාදේශීය සභා කාර්යාල විවෘත කිරීම, වතු නිවාස යෝජනා ක්‍රම විවෘත කිරීම, ආදී වැඩසටහන් රාශියකට සහභාගී වුණා. තිබ්බටුවාව සතිපොළ විවෘත කිරීමේ වැඩසටහනට පැමිණියේ අවසාන වැඩසටහන ලෙසයි. බුද්ධික පතිරණ මහතාත් මෙවර පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකක් පිරෙනවා. අපත් මේ වතාවේ පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකක් ගතවී තිබෙනවා. අප ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ රටට යහපතක් කිරීම සඳහායි. 2015 ආණ්ඩුව ලබාගෙන රටට කළයුතු මූලික වැඩකටයුත් පසුගිය අවුරුදු 2ක් ඇතුළත සිදු කළ නිසා එහි ප්‍රතිඵල අද ලැබෙමින් පවතිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වශයෙන් පත්වී ජනාධිපති ධූරයට පත් වුවායින් පසුව අගෝස්තු මස 16 වැනිදා මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා. එක්සත් ජාතික පක්‍ෂයට 2/3 බලය ලැබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග ජාතික ආණ්ඩුවක් ඇති කරන බව ප්‍රසිද්ධියේ කියා සිටියා.
ජනාධිපතිතුමාත්, මමත් එදා සාකච්ඡා කරලා එම ඓතිහාසික වැඩකටයුත්ත සිදු කළා. ඩී.එස්. සේනානායක මහතා මේ රටට නිදහස ලබාගත්තා. එදා එතුමාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණේ නැහැ. කෙසේ හෝ ආණ්ඩුවක් ඇති කළා. ඉන් අනතුරුව දේශපාලනයේ විශාලම පෙරළිය ඇති වුණේ 1956 වසරේය. එක්සත් ජාතික පක්‍ෂය පරාජය වී බණ්ඩාරනායක මහතා අගමැති වෙලා 2/3 බලය සමග ආණ්ඩුවක් ඇති කළා. මීළඟ දේශපාලන හා ආර්ථික පෙරළිය ඇති වුණේ 1977 ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැති වුණායින් පසුවයි. එම පාර්ලිමේන්තුවට 5/6 ක බලයක් හිමුවුණා. මමත් පාර්ලිමේන්තුවට ඒ සමයේ පැමිණියා. විවෘත ආර්ථිකය ඇතුළු විශාල සංවර්ධනයක් එදා ඇති වුණා. මෙම කාල වකවානු දෙකේදීම 2/3 බලය සමග ඉදිරියට ගියා.
ඊළඟ විප්ලවය ඇති වුණේ 2015 වසරේදීය. පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැතිවත් ඒ විප්ලවය ඇති කර තිබෙනවා. ප්‍රධාන පක්‍ෂ 2 එකට එක්වී ජාතික ආණ්ඩුවක් ඇති කර තිබෙනවා. දකුණු ආසියාවේ කව්රුත් එය සිදු කළේ නැහැ. අපේ ජාතික ආණ්ඩුවේ මුල් වසර දෙක අවසන් වනවිට මුදල් ඇමැතිතුමන් සමග සාකච්ඡා කොට යම් සහන කීපයක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණා. සියයට 10ක් ලෙස තිබූ අන්තර්ජාල බද්ද ඉවත් කොට ඒ වෙනුවට ඔබලාත් සහනයක් දෙන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටියා. ඒ නිසා දැන් 20% ක සහනයක් ලැබෙනවා. ඒ අනුව අන්තර්ජාල භාවිතය තවත් වැඩිවීමෙන් ආදායම තවත් වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව මගේ විශ්වාසයයි. දැවන්න වාහන මිල අඩු කිරීමයි. ආර්ථික වශයෙන් වැදගත් වන කුඩා වාහන මිල අඩුකර තිබෙනවා. “බට්ටා” වාහනවල බද්ධත් අඩුකර තිබෙනවා. ඒ අනුව ලක්‍ෂ තුනකින් පමණ ඒවායේ මිල අඩුවේවි. මේ ප්‍රදේශවලට එම වාහන අත්‍යවශ්‍යයි.
තේ ප්‍රවාහනය, බඩු භාණ්ඩ ප්‍රවාහනය, ආදියට අවශ්‍යයි. ආර්ථිකය දියුණුවීමත් සමග බඩු භාණ්ඩ, මගින් ප්‍රවාහන කටුයුතු සඳහා වාහන අවශ්‍යයි. අප කුඩා වාහන ගෙන්වීම අරම්භ කළේ 1977 දී මුල්වරට ත්‍රීරෝද රථ ගෙන්වීමෙන්. ගංවතුරෙන් පසුව කුඩා වාහන මිලදී ගෙන ආර්ථිකය යළි ගොඩනංවා ගැනීම සඳහා අප ඒවායේ මිල අඩුකර තිබෙනවා. මේ කාරණා දෙකෙන්ම ආර්ථිකයට විශාල රුකුලක් ලැබේවි. එමෙන්ම කුඩා යතුරු පැදි සඳහා වන බද්දත් ඉවත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට රුපියල් 50,000 ක පමණ වාසියක් ලැබේවි. තරුණයන් සඳහා යතුරු පැදි අත්‍යවශ්‍යයි. සමහරුන්ට විශාල ප්‍රමාණයේ යතුරු පැදි මිලදීගත හැකියි. නමුත් කුඩා වාහන මිලදී ගන්නා අයට අප විශේෂ සහනයක් ලබාදී තිබෙනවා. එම වාහන ගෙන්වීම අපරාධයක් නාස්තියක් නොවේ. එයින් කුඩා ගම්මාන වල ආර්ථිකය දියුණුවට ගත් වෙනවා.
මා වසර 40 කට හෝ 45 කට පෙර මෙහි එනවිට මේ වෙළෙඳ සැල් එකක්වත් මෙහි තිබුණේ නැහැ. එකළ බාබර් සාප්පුවක් පමණක් තිබුණා. අද තත්ත්වය වෙනස්වෙලා. ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අපේ අරමුණයි. යහපාලන රජයේ මූලික වැඩ කටයුත්ත එයයි. රජය බාරගන්නා විට මේ තත්ත්වය තිබුණේ නැහැ. රට ඉදිරියට ගෙන යාමට බැරි තත්ත්වයක් උද්ගතවී තිබුණා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ණය පොලිය ගෙවා දැමීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුයේ නැහැ. මෙහෙම ආණ්ඩුවක් බාරගන්න පිස්සුදැයි සමහරුන් ඇසුවා. මුලින් රට බාර ගනිමු. ඊට පසුව රට හදමු යැයි මා පැවැසුවා. ඉතින් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව මැතිවරණයට ගොස් රට බාරගත්තා.
අප රට බාරගනිද්දි ආදායම වැඩි කරන්න තවත් මර්ග තිබුණා. එදා පැවැති ප්‍රෙටල් ගාස්තුව මතකද? සියලූම දේ වැඩිකර තිබුණා. අපි ඒ සියලූම භාණ්ඩ මිල අඩු කළා. අප වෙළෙඳ පොළේ මිලට භාණ්ඩ දෙන බවත් වෙළෙඳපොළේ පළ අඩු වන විට අඩුවෙනුත් වැඩිවන විට වැඩිපුරත් භාණ්ඩ දෙන බව පැවැසුවා. වාසිය හා අවාසිය දෙකම ජනතාවට දිය යුතුයි. අවාසිය ජනතාවට දී වාසිය ආණ්ඩුවේ අයගේ සාක්කුවට දමා ගැනීමේ පිළිවෙත වැරදියි. ඒ වැඩකටයුතු කරද්දී රජයේ ආදායම අඩු වුණා. ඒ වගේම අපි පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. කෙසේ හෝ අප රට ඉදිරියට ගෙන ගියා. අප දැන් කෙසේ හෝ මුදල් සොයාගත යුතුව තිබුණා. ආර්ථිකය ස්ථාවර නොකළොත් සියල්ල කඩා වැටෙනවා. ඒ නිසා අපට අලූත් බදු පැනවීමට සිදු වුණා. අන්තර්ජාල බද්දක් පැනවුයේත් ඒ අනුවයි. තරුණයෝ අපට ෙදාස් නැගුවා. අන්තර්ජාල භාවිතය වැඩි කරන බව මැතිවරණ සමයේ පවසා දැන් කරන්නේ කුමක්දැයි විමසුවා. මේ බදු වැඩි කරන්නේ තාවකාලිකව බව අප එහිදී පැවැසුවා. ආර්ථිකය හැදෙන තුරු කල් දෙන ලෙස ඉල්ලා සිටියා. ඇතැම්විට අපට අමාරු තීරණ ගන්නට සිදු වෙනවා. බැනුම් අහන තීරණ ගන්න වෙනවා.
නමුත් අද වනවිට අපේ ආදායම ණය ගෙවා දැමිය හැකි මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. ඒත් සංවර්ධන වැඩ සඳහා ණය ගත යුතුව තිබෙනවා. එයින් ප්‍රතිඵලයක් ලබාගත යුතුයි. මේ වනවිට රටේ ආදායම ටිකෙන් ටික වැඩිවෙනවා. ඒ නිසා මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කොට අන්තර්ජාල බද්ධ ඉවත් කිරීමට අප තීරණය කළා. අප 10% බද්ධ අඩු කළා පමණක් නොව සමාගම්වලින්ද සහනයක් දෙන ලෙස අප ඉල්ලා සිටියා. ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇතිවී තිබෙනවා. අපේ පරම්පරාව ගත් ණය අපේ පරම්පරාව විසින් ගෙවා දැමිය යුතුයි. මතු පරපුරට ඒ ණය ඉතිරි කරන්නට හැකියාවක් නැහැ. අපේ කාලේ අඩු පාඩු, කළ වැරදි අපිම ගෙවා දැමිය යුතුයි. දැන් ඒ කටයුතු ටිකෙන් ටික සිදු කරමින් සිටිනවා. වැඩිපුරම ණය ගෙවීමට තිබෙන්නේ 2020 වසර වනවිටයි. 2025 වනවිට ණය ගෙවීම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එවිට අපේ ආදායම වැඩි වෙනවා.
දැන් අපි සංවර්ධනය පටන් ගන්නවා. මෙරට ආර්ථික සංවර්ධනය නැවත අරඹනවා. වසර 40 කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනපති යටතේ විශාල සංවර්ධනයක් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.
අප මහවැලි ව්‍යාපෘතිය ඇරැඹුවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය කොට පාර්ලිමේන්තුව ඉදිකළා. කටුනායක, බියගම, සීතාවක ආදී වෙළෙඳ කලාප ඇරැඹුවා. උදාගම්මාන ඇරැඹුවා. නිල්වලා යෝජනා ක්‍රමය පටන්ගත්තා. කොග්ගල වෙළෙඳ කලාපය ඇරැඹුවා. ප්‍රේමදාස ජනපති සමගත් අප කර්මාන්තකරණය ඇති කර ඇඟලූම් කම්හල් 200 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වුණා. ඒ ආකාරයේ සංවර්ධනයක් ඊට පසුව මේ රට දැකලා නැහැ. අප සංවර්ධනය කළේ ණය වෙලා නොවේ.
ජේ.ආර්. ජයවර්ධන ජනපතිටවත්, ප්‍රේමදාස ජනපතිටවත් මුහුණදීමට සිදු නොවූ තත්ත්වයකට මටත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිටත් මුහුණ දීමට සිදුවී තිබෙනවා.
ණය ගෙවා සංවර්ධන කිරීම අපේ අරමුණ වුණා. අප මුලින් අත ගැසුවේ අමාරුම තැනටයි. හම්බන්තොට නැව් නැති වරායක් තිබුණා. මා එය නම් කළේ ලොව විශාලතම පිහිනුම් තාටාකය ලෙසයි. ඒ වරාය නඩත්තු කිරීම සඳහා අප රුපියල් බිලියන 40 ක් වියදම් කර තිබෙනවා. ණය ගෙවන්න මුදල් නැහැ. එය විශාල පාඩුවක් බවට පත් වුණා. අනෙක් පැත්තෙන් මත්තල ගුවන් තොටුපොළක් තිබුණා. ඊට ගුවන් යානා එන්නේ කොහෙන්ද? අපේ ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පමණක් පැමිණියා. වෙනත් ගුවන් යානා නම් ආවේ නැහැ. ඒ ගුවන් තොටුපොලේ ණය ගෙවන්නත්, නඩත්තු කරන්නත් අපට හැකියාවක් නැහැ. ගුවන් තොටුපොළ පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙනුයි.
පළමුවෙන්ම අප චීනය සමග සාකච්ඡා කළා. මේ ණය ගෙවීමට නොහැකි බව පැවසුවා. අප වෙනත් ක්‍රමයක් සොයා ගනිමුයැයි චීන ජනපති අපට පැවැසුවා. දැන් අප වසර 70 ක් සඳහා චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමකට එහි කළමණාකරන මෙහෙයුම් දී තිබෙනවා. ඇතැමුන් ඊටත් කෑ ගහනවා. මේ පියවර නිසා අපට ලැබී තිබෙන මුදල ඩොලර් බිලියන 1.1 ක් වනවා. ඩොලර් බිලියන එකහමාරක ණය මුදලෙන් කොටසක් අප තබාගෙන ඉතිරි කොටසට ගෙවීමට ඇති මුදල ලැබී තිබෙනවා. ඒ ණයත් අවසන්, ඒ ගැන බයවෙන්න එපා. මත්තල ගුවන් තොටුපොල වැඩිදියුණු කොට කළමණාකරන මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ කාරණයත් මේ වසර අවසන් වීමට පෙර කළ හැකියි. එසේ නම් දැන් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටපොළ යන දෙකේම බර නැහැ. එතැන් සිට දියුණුව පටන් ගත හැකියි. ගුවන් තොටුපොළ සහ වරාය ලාබ ලබන තත්ත්වකට පැමිණේවි.
චයිනා මර්චන්ට් සමාගම වරායට නැව් ගේනවා. වරාය දියුණු කරනවා. එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. මේ ප්‍රදේශයට විදුලිබලය දීම සඳහා එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඇති කළ හැකිදැයි විමසා තිබෙනවා. ඒ කරුණු සඳහා අප ඉඩ ලබාදෙමු. හම්බන්තොට වානේ සමාගමක් ඇති කිරීම පිළිබඳව විමසා තිබෙනවා. නැව් තටාකයක් ස්ථාපිත කරනවා. සිමෙන්ති කම්හලක් පිහිටුවනවා. ඒ ඉදිකිරීම් පිළිබඳව දැන් ඉල්ලූම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් සාර්ථක වුවත් එය ප්‍රමාණවත්. හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඉදිකිරීම, මත්තල නව සංචාරක කලාපය, ගැන සිතන්න. දකුණ යනු සංචාරකයන් සඳහා හොඳම තැනයි. කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළට මැදිව දකුණු පළාත පිහිටා තිබෙනවා. ඒ තුළින් දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. එමෙන්ම මොණරාගල, මාතර, විශාල කර්මාන්ත දියුණුවක් ඇති කරනවා. ඒ කර්මාන්තකරණයේ වාසි අකුරැස්ස ප්‍රදේශයටත් එනවා. මේ හැම ගමකටම සංවර්ධනයේ වාසි ලැබනෙවා. ලබන වසරේ ආරම්භ කොට ඉදිරියට ගෙනයන්නේ එම සංවර්ධනයයි.
වසර දහයකින් මහවැලි ව්‍යාපාරය කළා සේ විශාල සංවර්ධන විපර්යාසයක් දකුණ කේන්ද්‍ර කර ගනිමින් සිදු කරනවා. හොඳම සංචාරක කලාපය දකුණයි. බෙන්තර සිට පිටබැද්දර දක්වා සංචාරක කලාප ඇති කිරීමට අක්කර 2000 ක් පමණ වෙන් කරනවා. මේ වසර අවසන් වනවිට දේද්දුව කේන්ද්‍ර කර ගනිමින් පළමු සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කරනවා. එවිට සංචාරක ආර්ථිකය එක් පැත්තකිනුත් කර්මාන්ත, ගුවන් තොටුපොළ, වරාය, ආර්ථිකය තවත් පැත්තකිනුත් දැක ගැනීමට හැකිවේවි. වැලිගම තවත් කර්මාන්ත කලාපයක් ඉදි කෙරෙනවා. මේ ආරම්භ කරන්නේ දියුණුවයි. සිංහරාජ අඩවිය ආශ්‍රිත ප්‍රදේශත් ඉබේම දියුණුවට පත්වේවි. හිනිදුම, දෙණියාය, රක්වාන ආදී ප්‍රදේශ දියුණුවට පත්වෙනවා. ඒ දියුණුවට මුහුණදීම සඳහා සූදානම් විය යුතුයි. මහවැලි ව්‍යාපාරයට වඩා වැඩි විපර්යාසයක් යහපාලන රජය විසින් සිදු කරනවා.
වැවිලි සමාගමේ සේවය කරන ජනතාවට නිවාස සහිත ඉඩමක් ලබා දෙන බව එදා 2015 මැතිවරණ සමයේ පැවැසුවා. වතුකරයේ ජනතාවට විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාවට ඔවුන්ගේම නමට බිම් අඟලක් තිබුණේ නැහැ. විශාල විදේශ විනිමය ගෙනත් දෙන මේ ජනතාවට ඔවුන්ගේම නමට බිම් අඟලක් නැහැ. මේ හේතු වෙන් එදා ඒ පොරොන්දුව ලබාදෙමින් අද එම පොරොන්දුව ඉටුකරමින් සිටිනවා.
වතුකරයේ ද්‍රවිඩ පාසල්වල උසස්පෙළ, විද්‍යාව විෂය පාසල් 25 ක ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපනයේ ඉහළටම යා හැකි මාර්ග උදාකර දී තිබෙනවා. දකුණේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් සිටියා. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතායි. ඔහු ගම්පෙරළිය ලියුවා. දැන් අපි දකුණේ පෙරලිය කරන්න යනවා. ඊළඟ වසර 10 තුළ දකුණේ පෙරලිය දැකගන්නට හැකිවේවි.
මේ ඉඩම්වල වටිනාකම දෙගුණයක් තුන්ගුණයක් වේවි. තංගල්ල, දික්වැල්ල ඉඩම් මිල ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. හම්බන්තොට පර්චස් 1ක් රුපියල් 100 බැගින් විකිණීමට සිටි ඉඩම්වල අද පර්චස් 1ක වටිනාකම රුපියල් ලක්‍ෂයකටත් වඩා වැඩියි. අප ඒ දියුණුව තවත් ශීඝ්‍ර කළ යුතුයි. ඉදිරියට ගෙන යා යුතුයි. එම ප්‍රතිලාභ මේ ප්‍රදේශයට ලබාදිය යුතුයි. දකුණේ දියුණුව, මොණරාගල, අම්පාර ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙනවා. මහනුවර සිට වැල්ලවාය තෙක් විශාල සංවර්ධන තීරුවක් ඇති කිරීම අපේ අරමුණයි. මහනුවර, වයඹ, බස්නාහිර මහා නගරය, දකුණු දියුණුව ආදී විශාල වැඩසටහන් තිබෙනවා. ඉන්පසුව ත්‍රිකුණාමලය දියුණුව සඳහා සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම්ද ආරම්භ කර තිබෙනවා.ඊළඟ පරපුරට මීට වඩා හොඳ ආර්ථිකයක්, ආදායම්, රැකියා ලබාදෙන වැඩසහන් අප ක්‍රියාත්මක කරනවා. පරණ පව් ගෙවන්න වසර දෙකක් ගත වුණා. කැඩුණු ආර්ථිකය ගොඩනගන්න වසර දෙකක් ගතවුණා. දැන් අපි කවුරුත් එක්ව ඉදිරියට යමු. පක්‍ෂ කීපයක් එක්ව රට ඉදිරියට ගෙන යනවා. අපට බනින අය ඉන්නවා. ඔවුන් ජනාධිපතිවරණය කලින් පැවැත්වූයේ ණය ගෙවන්න බැරි නිසයි. අපි බියවී දිව්වේ නැහැ. සහන ලබා දී වැඩකටයුතු කළා. දැන් අප සංවර්ධනය යුගය අරඹනවා. අලාභ ලැබූ දේ ලාභ ලබන දේවල් බවට පත් කළා. ජනතාවට බර පටවන්නේ නැහැ. තරුණයන්ගේ අනාගතය නැති කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඔබට හොඳ අනාගතයක් දෙනවා. ඒ ගමන අපි එකට යමු. ඊට ඔබේ සම්පූර්ණ සහය අවශ්‍යයි.
