ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දිවයිනට සැපත් ෙවයි

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට සම්ප්‍රාප්ත විය.

ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට ළඟාවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග 65 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක්ද මෙරටට පැමිණ තිබේ.

වන අතර හෙට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හැටන් දික්ඔය මූලික රෝහලේ ඉදි කළ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම සඳහා ද සහභාගී වන බව වාර්තා වේ.

අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව  නරේන්ද‍්‍ර මෝදි මහතා මෙරටට පැමිණෙන දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2015 වසරේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේ ය.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියානු නිල සංචාරයක

යෝජිත ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුම සදහා අද දිනයේ (26) ඉන්දියානු සංචාරක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුරදී අත්සන් තැබීමට නියමිත බව  සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

මෙම ඉන්දු ලංකා ගිවිසුම සදහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දීය රජයට  බදු
දීම ඇතුළු වෙනත් කරුණු 10ක් ඇතුළත් බවද ඒ මහතා සදහන් කළේය. ගිවිසුමේ ඇතුළත් එම කරුණු සදහා මෙම සංචාරය ඇතුළතදී අත්සන් නොතැබෙන බවත් ඒ ඒ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව විෂයභාර අමාත්‍යවරුන් අත්සන් තබනු ඇති බවත් හෙතෙම පැවසීය.

අද ( අප්‍රේල් 26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ
මහතා මේ බව සදහන් කළේය.

මෙම ගිවසුම් සම්බන්ධයෙන් විවිධ පාර්ෂව විරෝධතා පල කළත් ත්‍රිකුණාමලයේ
තෙල් ටැංකි වසර 50කට පමණක් බදු දීම පමණක් මෙම ගිවිසුම ප්‍රකාරව සිදු වන
බව පැවසූ අමාත්‍යවරයා වල් වැදී ප්‍රයෝජනයක් නොගෙන මෙම තෙල් ටැංකි තබාගෙන ඇත්තේ පුරාවස්තු ලෙස රැකගෙන  වන්දනාමාන කිරීමට දැයි ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මෙම ගිවිසුම සකසා ඇත්තේ මෙරටට වැඩි වාසි අත්වන ලෙසින් යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

නිවාස අහිමී මී තොටුමුල් ජනයාගෙන් 30කට අද නිවාස

මීතොටමුල්ල කසළ කන්ද නායයාමේ නිවාස අහිමි වූ ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ නිවාස 30ක් ලබාදීම අද(21) සිදු කෙරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිවාස ලබාදීම සිදු කෙරුණු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඔවුන්ට නිවාස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් දෙලක්ෂ 50,000ක මූල්‍ය ප්‍රදානයක් ද එහිදී ප්‍රදානය කර තිබේ.

විපතට පත් සියලු ජනතාව වෙත සහය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා රුපියල් දසදහසක මුදලක් ද හිමි වනු ඇත.

පූර්ණ වන්දි ලබාදෙන තෙක් හෝ ස්ථිර නිවාසයක් ලබා දෙන තෙක් අවදානම් කලාපයෙන් ඉවත් වන පවුල් වෙනුවෙන් මාසික දීමනාවක් ලෙස මෙම රුපියල් පනස්දහසක මුදල ලබා දීමට තීරණය විය.

මෙම අය වෙනුවෙන් මාස තුනක් ඇතුළත නිවසක් හෝ තක්සේරු වන්දිය ලබාදීම ජනාධිපතිගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ අමාත්‍යාංශ එකඟත්වය පලකෙරිණි.

නිවාස ලබා ගැනීමට අකමැත්තක් දක්වන පවුල් සිටින බව නිරීක්ෂණය වූ බැවින්  ඒ පවුල් සඳහා තක්සේරු වටිනාකම මත සාධාරණ වන්දියක් ගෙවීමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.

වන්දි ලබා ගන්නා පුද්ගලයින් වෙනුවෙන් ද ප‍්‍රවාහන හා ගෘහ උපකරණ වෙනුවෙන් ලබා දීමට යෝජිත දීමනා හිමිවනු ඇත.

පූර්ණ හානියට පත් නිවාස 60ක්ද අර්ධ හානියට පත් නිවාස 22ක්ද අවදානම් කලාපයේ පිහිටා ඇති යැයි, දැනට නිගමනය කර ඇති නිවාස 211ක් වෙනුවෙන් ද මෙම වැඩපිළිවෙළ කඩිනමින් අනුගත කරනු ඇත.

කුණු කන්ද නායයෑමෙන් හානියට පත් දහම්පුර හා පන්සල්හේන ප‍්‍රදේශවල නිවාස හිමියන්ට නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දී තිබූ නිවාස ණය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව එම ප‍්‍රදේශවල පදිංචිකරුවන් පමණක් නොව,අවදානම් කලාපයේ පදිංචිකරුවන් නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස ණය ලබා ගෙන ඇත්නම්  එම නිවාස ණය ද අහෝසි වනු ඇත.

මින් ඉදිරියට මෙවැනි ව්‍යසනයන් සිදුවීම වැළැක්වීම සඳහා ඝණ අපද්‍රව්‍ය අපහරණය කිරීමේ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය අගමැතිතුමා විසින් පෙන්වා දෙන ලදී.

ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෑම සතියකට වරක්, අගමැතිතුමා ඇතුඵ අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ නිලධාරීන් එක්ව සාකච්ඡා කර කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කිරීමට තීරණය විය.

මීතොටමුල්ල කසල එම ස්ථානයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර මාස හයක් තුළ ගන්නවා -අමාත්‍ය ඉසුර දේවප්‍රිය

මීතොටමුල්ල කසල එම ස්ථානයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඒ සදහා අවශ්‍ය පියවර මාස හයක් තුළ ගන්නා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කළ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය

අද (අප්‍රේල් 19) බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය
හමුවකදී හෙතෙම මේ අදහස් පළ කළේය.

එසේම මීතොටමුල්ල කුණු කන්ද පවතින ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් එකක් බැවින් ඉඩම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවට කිසිවක් කළ නොහැකි බවද හෙතෙම සදහන් කළේය. කරදියාන කසල අංගනයට කොළඹ කසල බැහැර කිරීමට තීරණය කර ඇත්තේ තමාගේ අනුදැනුමින් තොරව බවද කෙසේ වුවත් එය තාවකාලිකව පමණක් ක්‍රියාත්මක වන බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් කළබල විය යුතු නැතියි ඒ මහතා සදහන් කළේය.

කරදියාන, දොම්පේ වැනි කසල බැහැර කිරීමේ අංගනයන් ඉතා විධිමත්ව පවත්වාගෙන යන ඒවා බැවින් මින් පසුව විධිමත්ව වර්ග නොකරන ලද කසල බස්නාහිර පළාතේ කසල බැහැර කිරීමේ අංගනයන් වෙත භාර නොගැනීමට කටයුතු කරන බවද මහ ඇමතිවරයා අවධාරණය කළේය. බස්නාහිර පළාත් සභාවට අයත් සෙසු මහ නගර සභා සහ නගර සභා විධිමත්ව කසල බැහැර කරතත් කොළඹ මහනගර සභාවේ පමණක් වෙන් කිරීමකින් තොරව
කසල බැහැර කරන බව විශාල ගැටලුවක් බව ඒ මහතා පෙන්වා දුන්නේය. ජනතාව නිවෙස් වලින් කසල වෙන් කර ලබාදුන්නත් කසල එකතු කිරීමේ කටයුතු වල නිරත වන පුද්ලගලික අංශයේ සේවකයන් ඒවා වෙන් නොකිරීම නිසා ගැටලුව ඇති වී තිබෙන බව මහ අැමතිවරයා පෙන්වා දුන්නේය.

මීට පෙර අවස්ථාවකදී සුසිල් කිදෙල්පිටිය මන්ත්‍රීවරයා ඉංජිනේරුවන් සමග කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මීතොටමුල්ල කුණු කන්ද නාය යන බව පැවසී යැයිද එම අවස්ථාවේ ජනතාව වෙත පූර්ව දැනුම් දීමක් කළ බවත් ඒ මහතා පැවසීය. එම අවස්ථාවේ ජනතාවට රුපියල් 15000ක නිවාස කුලියක් මසකට ලබාදීමට එකගව ජනතාව එම ස්ථානයෙන් ඉවත්කීරීමට උත්සාහ ගත්තද යම් යම් කණ්ඩායම් වල උසි ගැන්වීම් නිසා එය අසාර්ථක වූ බවද දේවප්‍රිය මහතා සදහන් කළේය. මෙවන් අවස්ථාවට විවිධ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විවිධ කණ්ඩායම් මෙම ගැටලුවට මැදිහත් වී
ජනතාවට තීරණයක් ගැනීමට ඉඩ නොදීම මහත් අසාධාරණයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මීතොටමුල්ල නායයාමෙන් අතුරුදන් වූ ප්‍රමාණය පිළිබද නිසි සදහනක් නෑ

මීතොටමුල්ල නායයාමෙන් අතුරුදන් වූ ප්‍රමාණය පිළිබද නිසි සදහනක් නොමැති
බැවින් ලැබී ඇති තොරතුරු මත පිහිටා අතුරුදන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව  සිදු කරන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අතුරුදන් වූවන් පිළිබද තොරතුරු රැස්කිරීමේ මධ්‍යස්ථානය වන මීතොටමුල්ල
ශ්‍රී රාහුල විද්‍යාලයේදී ඊයේ (18) නීතිය සාමය හා දක්ෂිණ අමාත්‍යවරයාගේ
ප්‍රධානත්වයෙන් ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පැවති රැස්වීමකින්
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙම සිදුවීමෙන් කොපමණ පුද්ගලයන් ප්‍රමාණයක් අතුරුදන්ව ඇතිදැයි නිශ්චිතව
පැවසිය නොහැකි බවත්  30කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවට විශ්වාස කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පැවසීය.

මීතොටමුල්ල නායයාමේ සිද්ධිය  සිදු වන අවස්ථාවේ ප්‍රදේශයේ කොපමණ පිරිසක් සිටියාද යන්න පිළිබදව මේ වන විට නිසි සදහනක් මේ වනතෙක් නොවීම අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු සදහා බාධාවක් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතාද සදහන් කරයි.

ඒ අනව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් සපයනු ලබන අවිනිශ්චිත තොරතුරු මත අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු වල නිරත වන බව හෙතෙම සදහන් කළේය.

කෙසේ නමුත් සෝදිසි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒ මහතා අවධාරණය කළේය. එසේම අද දිනයේ කරන ලද මෙහෙයුම් වලදී මළසිරුරු තුනක් සහ එක් ශරීර කොටසක් සොයා ගැනීමට හමුදා භටයින් සමත්ව තිබේ.

එසේම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව නිවාස 79ක් පූර්ණ වශයෙන් සහ නිවාස 17ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබේ. පවුල් 228කට අයත් පුද්ගලයන් 980ක් ආපදාවෙන් හානියට පත්ව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. මීතොටමුල්ල ටෙරන්ස් එන් සිල්වා විදුහලේ පවුල් 26 කට අයත් පුද්ගලයන්  180ක් මේ වන විට රදවා ඇත.

එසේම ආපදාවෙන් හානියට පත් වූ දේපල පිළිබද තක්සේරු කිරීම සදහා ත්‍රිවිධ
හමුදාව, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තක්සේරු දෙපාර්තමේන්තුව,
කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 50කගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට පත් කර ඇත.

මීතොටමුල්ල කණු කන්ද ආශ්‍රිතව තවදුරටත් නායයාමේ අවදානමක්

මීතොට මුල්ල කුණු කන්දේ සිට මීටර් 40 සිට මීටර් 100ක් අතර දුර ප්‍රෙද්ශය අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති බව ජාතික ෙගාඩනැගිලි පර්යේෂණ අායතනෙය් නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර  මහතා පවසනවා.  මේ හේතුවෙන්  තවත් නිවාස 130 -135 ක් පමණ අවදානම් තත්ත්වයේ පවතින බවයි ඒ් මහතා සදහන් කලේ.

“කුණු කන්ද ෙහ්තුෙවන් ඒ් පෙදසට අැති වූ අධික බරට පසුගිය දිනවල හට ගත් වර්ෂා පතනය අමතර බරක් විදියට ඒකතු වුණා. ඒ් බර හරහට විස්තාපනය වීෙමන් තමයි ෙමම විනාශය සිදු වුණේ. ඒ් අනුව නිවාස පොළවෙන් උඩට තල්ලු වී ඉස්සීමක් සිදුව තිෙබනවා. 
 
 දැනට කුණු කන්දට සමාන්තරව මීටර් 400ක් දිගට අවදානම් කලාපයක් ලෙස අප පර්යේෂණ වලින් හදුනාගෙන තිබෙනවා.  ෙමම නාය යාම නිසා දැනටමත් ඒ් ප්‍රෙද්ශයට ඒන ජල පවහන මාර්ග අවහිර ෙවලා තියනවා.
 
 ඒ් නිසා ඒ්  ප්‍රෙද්ශයට ඒන වතුර මට්ටම ඉහළ නැගීම හේතු කොටගෙන සුළු ගංවතුර තත්ත්වයක් හට ගැනීෙම් අවදානම තිෙබනවා.  ඉදිරිෙය්දී තද වර්ෂාපතනයක් අැති වුනොත් ගංවතුර තත්ත්වයක් අැති ෙවන්නත් ඉඩ තියනවා.”

 එසේම වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා  පැවසුවේ, වර්ෂාපතනයක් සිදුවුවහොත් එම කසල කඳු තල්ලු වීම වැඩි විය හැකි බවයි.

අධි අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශයේ කොටසක් නම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ගණන මේ වනවිට 26 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර කුණු කන්දට යට වූ පුද්ගලයින් සොයා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කෙරෙන්නේ යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙනි.

මීතොටමුල්ලේ සෝදිසි මෙහෙයුම් සඳහා මේ වන විට ආරක්ෂක අංශ නිලධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් යොමු කර තිබේ.

මාධ්‍ය වාර්තා මිය ගිය පුද්ගල ගණන සහ විනාශ වූ නිවාස සංඛ්‍යා දත්ත පිළිබද වැරදි තොරතුරු ප්‍රකාශ කරනවා – මීතොට මුල්ල ප්‍රෙද්ශවාසීන්

පින්තූර සහ වාර්තාකරණය – නිරාශා පියවදනි (බොස්ටන් ලංකා)

මාධ්‍ය වාර්තා මිය ගිය පුද්ගල ගණන සහ විනාශ වූ නිවාස සංඛ්‍යා දත්ත පිළිබද වැරදි තොරතුරු ප්‍රකාශ කරනවා – මීතොට මුල්ල ප්‍රෙද්ශවාසීන්

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

නමුත් දේශීය මාධ්‍ය වාර්තා මිය ගිය පුද්ගල ගණන සහ විනාශ වූ නිවාස සංඛ්‍යා දත්ත පිළිබද වැරදි තොරතුරු ප්‍රකාශ කරන බවට විපතට පත් ප්‍රෙද්ශවාසීන් දැඩි ලෙස ආවේගශීලීව බොස්ටන් ලංකා අප හා පවසා සිටියහ.

මේ වන විටත් විපතට පත්වූවන් සොයා ත්‍රිවිධ හමුදාව අඛණ්ඩව මෙහෙයුම්වල නිරතව සිටින අයුරු අප එහි සිදු කළ ගවේශණයන්හිදී දැකගත හැකි  විය.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් වූවන්ගේ සුවදුක් බැලීමට ඇමති සාගල රත්නායක හා මන්ත‍්‍රී මරික්කාර් පැමිණි අවස්ථාවේ අවස්ථාවේ එහි සිටි ජනතාව ‘හූ’ කියමින් විරෝදය පල කලහ.

ජනතාවට ඇමතිවරයාට කියා සිටියේ මිය ගිය පසු පැමිණ සුව දුක් විමසීමෙන් ඇති ඵලය කුමක්ද යන්නයි.

මේ සදහා නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සහ පොලිස්පති පූජිත ජයසුන්දර සහභාගී වූහ

විශේෂයෙන්ම සාගල රත්නායක අමාත්‍යවරයා පැවසූවේ අගැමැතිතුමා විපතට පත් ජනතාවට කඩිනමින් සහන ලබා දීමට කටයුතු කරන ලෙසට අගමැති තුමා උපදෙස් ලබා දුන් බවයි.

IMG_4515 IMG_4547 IMG_4576

ඇමරිකානු ආරක්ෂක අංශ වලින් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

ISIS ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කිරීම සඳහා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කරමින් පවතින බවට ඇමරිකානු ආරක්ෂක අංශ මෙරටට අනතුරු හඟවා තිබේ. ආසියානු ෆැසිපික් කලාපයේ ඇමරිකානු හමුදා ප්‍රධානියෙකු වන Major General Bryan Fenton මහතා පසුගියදා මෙරට කල සංචාරය අතරතුර ඉහළ පෙලේ නිලධාරීන් වෙත මේ බව ප්‍රකාශ කර තිබේ.

මාලදිවයින් රාජ්‍යයේ දැනට 900 පමණ ISIS ත්‍රස්තවාදීන් පිරිසක් හදුනාගෙන තිබෙන බවටද තොරතුරු වාර්තා වී ඇත. පකිස්තානය,ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉතා සිඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර එම රටවල් ස්වභාවයෙන්ම මුස්ලිම් රටවල් නිසා මෙම තත්වය මර්ධනය කල නොහැකි මට්ටමට පත් වී තිබේ.

ශ්‍රී ලංකාව තුල රැදෙමින් රුසියාව වැනි ප්‍රභල රටකට ප්‍රහාරයක් එල්ල කිරීම, ගුවන් යානා පැහැරගැනීමක් සිදුකිරීම හෝ ආසියානු කලාපයේ මහා පරිමාණ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමට ISIS ත්‍රස්තවාදීන් කටයුතු කරනු ඇතැයි අනාවරණය වී තිබේ.

මුස්ලිම් රටවලින් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම තහනම් කිරීම සහ රට තුල විශේෂ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කරවීම හරහා මෙම ගැටලුවට ඉක්මන් විසඳුම් ලබාගත යුතු බවටද ඇමරිකාව ලංකාවට පෙන්වා දී තිබේ.

රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානය

පාලිත අබේලාල්

රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද 45 වන රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානය ඉකුත් මාර්තු 27 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

මෙම වසරේ පෙබරවාරි මාසයේ 15 වනදින සිට 28 වන දින දක්වා මරදාන ටවර් රඟහලේදී රංග ගතවූ සිංහල අංශයේ දිගු නාට්‍ය 10 ක්, කෙටි නාට්‍ය 09 සහ දමිළ අංශයෙන් කෙටි නාට්‍ය 05 ක් අතුරන් ප්‍රශස්ත දක්ෂතාවයන් දැක්වූ නිර්මාණ කරුවන් මෙහිදී සම්මානයට පාත්‍රවිය.

2017 වර්ෂය සඳහා වන නාට්‍ය කීර්ති සම්මානය

ප්‍රවීණ නාටයකරුවකු මෙන්ම සාහිත්‍ය නිර්මාණ කරුවකු වන මානා මක්කීන් මහතා

ප්‍රවීණ නාට්‍යවේදී මානෙල් වීරමුණි මහතා

දිගු නාට්‍ය අංශය

හොඳම දිගු නාට්‍ය – රාජිත දිසානායකගේ නැතුවම බැරි මිනිහෙක් නාට්‍ය

හොඳම නාට්‍ය නිෂ්පාදනය – රාජිත දිසානායක (නැතුවම බැරි මිනිහෙක්)

හොඳම ස්වීය රචනය – රාජිත දිසානායක (නැතුවම බැරි මිනිහෙක්)

හොඳම ස්වීය නොවන රචනය – ජයවතී ජයසිංහ (ප්‍රේමවන්ත කුමාරයෝ)

හොඳම නළුවා – ධර්මප්‍රිය ඩයස්  ( නැතුවම බැරි මිනිහෙක්)

හොඳම නිළිය – දිනූපා කෝදාගොඩ (ගිරිකූඨ කාශ්‍යප)

හොඳම සහය නළුවා – ශ්‍යාම් ප්‍රනාන්දු (නැතුවම බැරි මිනිහෙක්)

හොඳම සහය නිළිය – බිම්සරා ප්‍රේමරත්න ( නැතුවම බැරි මිනිහෙක්)

හොඳම රංග වින්‍යාසය – විශ්ව චින්තක තිලකරත්න ( Mr.Wහෙවත් අත්තනායකගේ අවසන් දවස් )

හොඳම සංගීත නිර්මාණය – ලහිරු මාඩිවිල (ගිරිකූඨ කාශ්‍යප)

හොඳම වේදිකා පරිපාලනය – බිම්සර හතරසිංහ ( Mr.Wහෙවත් අත්තනායකගේ අවසන් දවස් )

හොඳම අංග රචනය – ලක්ෂිත සංකල්ප ජයකොඩි, චමරි නිසංසලා සහ අශාන් උඩුපිල්දෙණිය (ප්‍රේමවන්ත කුමාරයෝ)

හොඳම පසුතල නිර්මාණය – අනුරාධ මල්ලවආරච්චි  ( නැතුවම බැරි මිනිහෙක්)

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය – අනුදත් රාජපක්ෂ සහ අඛිල සපුමල් (ගිරිකූඨ කාශ්‍යප)

හොඳම රංගාලෝක නිර්මාණය – අනුරාධ මල්ලවආරච්චි  ( නැතුවම බැරි මිනිහෙක්)

කෙටි නාට්‍ය (සිංහල)

හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදන -1ආනනද චන්ද්‍රකුමාර (ලද ලබ නාට්‍ය)

2 සමන්ත පරණලියනගේ (කිරිඅම්මා අවතාරේ)

3සුදර්ශන ක්‍රිෂාන්ත (ස්වර්ණ භූමි)

හොඳමරචනය – 1 දමිත් වැලිකල (ලද ලබ නාට්‍ය)

                          2 සමන්ත පරණලියනගේ (කිරිඅම්මා අවතාරේ)

3සුසිත් විජයමුණි (ආණ්ඩුවේ රස්සාව )

හොඳම නළුවා 1 (සම සම්මාන) ජනක මුණසිංහ සහ ක්‍රිෂාන්ත ජයබාහු (ලද ලබ නාට්‍ය)

                      2සුදර්ශන ක්‍රිෂාන්ත (මිඩ්නයිට් ඩ්‍රීම්ස්)

                      3 ජූඩ් ක්ලෝඩියස් (කිරි අම්මා අවතාරේ)

හොඳම නිළිය 1 ජීවන්ති පෙරේරා (කිරි අම්මා අවතාරේ)

                      2 සුරනි අනූපමා (ආණ්ඩුවේ රස්සාව)

                      3 මල්කි තාරුකා පෙරේරා (එම්බාම්)

හොඳම රංග වින්‍යාසය -ජූඩ් ක්ලෝඩියස් (ලද ලබ )

හොඳම සංගීත නිර්මාණය – සුදර්ශන ක්‍රිෂාන්ත සහ නිලූෂා දිල්හානි (ස්වර්ණ භූමි)

හොඳම වේදිකා පරිපාලනය – ආනනද චන්ද්‍රකුමාර (ලද ලබ )

හොඳම අංග රචනය – පසන් මල්ෂාන් (ස්වර්ණ භූමි)

හොඳම පසුතල නිර්මාණය -(සම සම්මාන) ප්‍රදීප් ඇරෑගම(ආණ්ඩුවේ රස්සාව)  සහ නුවන් දර්ශන ( මිඩ්නයිට් ඩ්‍රීම්)

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය – ආනනද චන්ද්‍රකුමාර (ලද ලබ )

හොඳම රංගාලෝක නිර්මාණය – ආලෝක සම්පත් ( මිඩ්නයිට් ඩ්‍රීම්)

 කෙටි නාට්‍ය (දමිළ)

හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය – 1එස්. කාර්තික්කේසු ( කල්ලරෛයියාන කරුවරෛයි)

2 එම්. කාලිදාස් ( තෝලන්)

හොඳම රචනය- 1 එස්. කාර්තික්කේසු ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම නළුවා -1 එස්.තුජාන් (Magic Box)

2 ආනා ප්‍රශාන්තන් ( කල්ලරෛයියාන කරුවරෛයි)

3 එස්. තුජාන් ( අර්ථම්)

හොඳම නිළිය- 1 ටී. මේගලාදේවි ( කල්ලරෛයියාන කරුවරෛයි)

2 ආර්. දර්ශණා ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම රංග වින්‍යාසයඑස්. කාර්තික්කේසු ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම සංගීත නිර්මාණයකේ. සංගුලක්ෂ්මි ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම වේදිකා පරිපාලනය – එන්. නිරුත්තිගන් ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම අංග රචනය – වී. සුදර්ශන් (අර්ථම්)

හොඳම පසුතල නිර්මාණය – ඒ. විමල්රාජ් ( කල්ලරෛයියාන කරුවරෛයි)

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය – එම්. ඉන්දුජා (Magic Box)

හොඳම රංගාලෝක නිර්මාණය – එම්. නවනීදන් (තෝලන්)

කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (1) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (2) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (3) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (4) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2 (5) කෙටි නාට්-ය හොදම නිලිය 1 සහ 2ලහිරු මාඩිවිල (1) ලහිරු මාඩිවිලසහය නළුවා සහ සහය නිළිය හොදම නළුවා සම සම්මාන කෙටි නාට්-ය (සිංහල)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා විමර්ෂණ ජනාධිපති කොමිසම ඉදිරියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (මාර්තු 24) බරපතල වංචා විමර්ෂණ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දීම සදහා පෙනී සිටියේය.

ඉකුත් සතියේද ඒ මහතා මේ වෙනුවෙන් පෙනී සිටීමට නියමිතව තිබුණද නොවැළක්විය හැකි කරුණක් හේතුවෙන් එදින තමාට පෙනී සිටිය නොහැකි බව ඒ මහතා නීතිඥයෙක් මාර්ගයෙන් දන්වා තිබුණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා රෑපවාහීනී සංස්ථාවේ පලකරන ලද දැන්වීම් වෙනුවෙන් අයවිය යුතු රැපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඒ මහතා කොමිසම වෙත පැමිණියේය.

මෙහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් විනාඩි 45කට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන ලදී. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වූහ