බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව 54 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සැකකරු අදාළ රථය පදවාගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පොඩ්ඩක් තේරුම්ගන්න, මේක තුවක්කුවකට වඩා භයානකයි – සුනෙත් චිත්‍රානන්ද
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා.
ඒ අනුව පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ බලය ලබාදී ඇති බවයි.
මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත්, මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
නීතිඥ එකමුතුව වෙනුවෙන් ආචාර්ය දීපිකා උඩුගම විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අවශ්‍යතාවය මත කැබිනට් මණ්ඩලය අනුමත කර ඉහළ දැමූ වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මාසය තුල ලබාදීම අවහිර කිරීමේ උත්සාහයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි සැලැස්ම පිළිබඳව හෙට උදෑසන රැස්වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, මෙතෙක් සැකකරුවන් කවුරුන්ද යන්න තවම හඳුනාගෙන නොමැති බවයි.
ඒ අනුව මෙය සංවිධානාත්මක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත සිදුවූ දෙයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
පාර්ලිමේන්තුව විසින් විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු හිඟ ගාස්තු ඇති බවත්, ඒ අනුව මාස හයක් සඳහා රුපියල් කෝටි 07 ක විදුලි බිලක් ගෙවීමට ඇති බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසනවා.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට හා වෘත්තිය සමිති මර්දනයට එරෙහිව ලංකා විදුලි බල වෘත්තිය සමිති විසින් අද (22) කොළඹ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අත් පත්‍රිකා බෙදා හැරිය අතර, එහිදී ඔහු මේ බව සඳහන් කළා.
අගෝස්තු මස සිට මේ දක්වා ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ 09 කට අධික හිඟ මුදලක් ගෙවීමට ඇති බවත්, රටේ ජනතාවගේ විදුලිය විසන්ධි කිරීමට පෙර එම නොගෙවු විදුලි බිල අයකරගන්නා ලෙස ඇමතිවරයාට දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව කළගෙඩිහේන ප්‍රදේශයේදී අදාළ චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණා.
උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) අතර නිල හමුවවක් සිදුව තිබෙනවා.
මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහව ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවලදී රථවාහන පරීක්‍ෂා කිරීමටත්, නැවැත්වීමටත් කටයුතු නොකරන ලෙසට නව උපදෙස් මාලාවක් පොලිසියට නිකුත් කර තිබෙනවා.
මෙම උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
පසුගියදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදු කළ මෙහෙයුමක දී හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙරට දකුණු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින ධීවර යාත්‍රාවක් මෙලෙස සිය භාරයට ගත් අතර, එම යාත්‍රාවල සිටි පුද්ගලයන්ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ධීවර යාත්‍රා ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා.