කථානායකවරයාට එරෙහිව ව්ශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරනවා – ජී.එල්. පීරිස්

Online Safety පනතට අදාළ නියමිත සංශෝධන සිදු නොකර, සම්මත කර අත්සන් කිරීමට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

Online Safety පනත සම්මත කිරීම සිදුකළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි ආකාරයෙන් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී විපක්ෂ නායකවරයා නායකත්වය ගනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම් ලබාදෙයි

76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,239 දෙනෙකු වෙත එම උසස් වීම් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 754 කට නිදහස

නිදහස් දිනය වෙනුවෙන් ජනපති සමාව හිමි වූ සිරකරුවන් 754දෙනෙකු අද (04) දිනයේ නිදහස් කර තිබෙනවා.

ඒ අතර කාන්තා රැඳවියන් 25 දෙනෙකුද වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අදට යෙදී ඇති නිදහස් දිනය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීමට අවසර හිමිව තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

රු.10,000 ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

යතුරු පැදිකරුවෙකුගේ වරද සඳහා නීති මගින් කටයුතු නොකිරීමට අල්ලස් ලෙස පොලිස් නිලධාරින් දෙදෙනා අදාළ යතුරුපැදිකරුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් පසුව එම මුදල අඩුකර රුපියල් 10,000 මුදලක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේදී සැරයන්වරු දෙදෙනා අත් අඩංගුවට ගත් බව කොමිෂන් සභාව වැඩිදුරටත් පවසනවා.

විදුලි සැර වැදීමෙන් මිය ගිය දළ ඇතකුගේ මළ සිරුරක් රඹෑව ප්‍රෙද්ශයේ තිබීය දී අනුරාධපුර වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබේ.

අනුරාධපුර වනසත්ව අඩවි කාර්යාලයට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් සිදුකළ කළ සෝදිසියකදී එම ඇතාගේ මළ සිරුර සොයාගෙන ඇත. ඒ අනුව, රඹෑව අළුත්ගම ප්‍රෙද්ශයේ බඩඉරිගු හේනක වැටී සිටියදී එම දළ ඇතාගේ මළ සිරුර සොයා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබේ. මින් දිනකට පමණ ඉහතදී එම දළ ඇතා මිය යන්නට ඇතැයි යන ජීවී නිලධාරීහු පවසති.
මෙලෙස මිය ගොස් ඇති දළ ඇතා වයස අවුරුදු 35-40ක් පමණ වන හොදින් වැඩුනු දළ යුගලක් ද හිමි ඇතෙකි.
මෙම ඇතාගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීඹ සදහා වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පවත්වනු ලැබිණ. ඒ, අනුරාධපුර පණ්ඩුලගම වනසත්ව සෞඛ්‍ය කලමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි. පැවැති එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී විදුලි සැර වැදීමකින් එම දළ ඇතා මිය ගොස් ඇති බව අණාවරණය විය. මිය ගිය දළ ඇතාගේ ශරීරයෙ ස්ථාන කිහිපයක තිබී විදුලි සැර වැදුනු බවට වන සාක්ෂි සලකුණු කිහිපයක්ද වනජීවී පශු වෛද්‍යවරු විසින් මෙහිදී හදුනාගැනින.
ඒ අනුව මෙම දළ ඇතා ගේ මරණය ස්වභාවික එකක් නොව ඝාතනයක් යන්න හෙළීව තිබේ. ඒ අනුව විදුලි සැර යොදා මෙම දළ ඇතා ඝාතනය සැකකරුවන් කවුරුන්දැයි යනන් අනාවරණය කර ගැනීමටත් එම ඇතාගේ ඝාතනයේ සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමටත් අනුරාධපුර වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් මේ වනවිට වැඩි දුර විමර්ශණ ආරම්භ කර තිබේ.
ඡායාරූප
60- විදුලි සැර වැදීමෙන් දළ ඇතා මිය ගොස් සිටි අයුරු

WhatsApp Image 2024-02-02 at 18.20.57 (3) WhatsApp Image 2024-02-02 at 18.20.57 (2) WhatsApp Image 2024-02-02 at 18.20.57 (1) WhatsApp Image 2024-02-02 at 18.20.57

විශ්ව බුද්ධ නමින් පෙනී සිටි අය යළි රක්ෂිත බන්ධනාගාරයට

විශ්ව බුද්ධ නමින් පෙනී සිටි පුද්ගලයා පෙබරවාරි 16 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව නඩුව අද (02) යළි කැඳවූ අවස්ථාවේදී ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළ ‘විශ්ව බුද්ධ’ යන නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේ මොහුට විරුද්ධව චෝදනා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ ක්‍රියාකාරීන් 9 දෙනෙකුට ඇප

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ඊයේ (31) විරෝධතාවයේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට පත් වූ සමාජ ක්‍රියාකාරීන් 9 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මෙම පිරිස ඊයේ විරෝධතාවයේ නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම විනිසුරුවරිය විසිනුයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඊයේ (31) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අමාත්‍යවරයාට දැනුම් දී තිබුණු නමුත් ඔහු ඒ සදහා නොපැමිණ ඇති අතර, හෙට (02) උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරේ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

ඒ අනුව නඩුව අද (31) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.