අනුර ඇතුළු පිරිස කේරලයේ Vikram Sarabhai අභ්‍යාවකාශ මධ්‍යස්ථාන​යේ සහ Technopark හි සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බලය හොබවන කේරල ප්‍රාන්තයේ අද (09) සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී කේරල ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve සාකච්ඡා පවත්වා තිබෙන ඔවුන්, ඉන් අනතුරව ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරන Vikram Sarabhai අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී එහි අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡාවකට එක් වී තිබෙනවා.

පසුව ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි Technopark හි ද ඔවුන් සංචාරයක නිරතවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව GTech ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගිවී ඇති ඔවුන් කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වී තිබෙනවා.

65c630ea7af98 65c630ea6ecd0 65c630ebbe230 65c630ea8fb5f 65c630ea9e124

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වය නැවතත් හර්ෂට

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

මීට පෙරද ඔහු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

නව කැලණි පාලමේ කොටසක් අද රාත්‍රි​යේ සිට වැසේ

නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තබන බව අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දෙනවා.

ඒ අනුව කටුනායක දෙසින් කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව අද (09) රාත්‍රී 9 සිට පෙබරවාරි මස 12 වන දා අලුයම 5 දක්වා වසා තබන බව සඳහන්.

එසේම ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය) දෙසට යන වාහන සඳහා පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ නමුත්, අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බව වැඩිදුරටත් සඳහන් වනවා.

පෙබරවාරි මුල් දින හතර තුළ සංචාරකයින් 28,493 ක් දිවයිනට

2024 පෙබරවාරි මාසයේ මුල් දින 4 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 28,493 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 236,746 ක් බවයි සිය වාර්තාව මඟින් එම අධිකාරිය සඳහන් කරන්නේ.

පෙබරවාරි මාසයේ පළමු දින 4 තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය හා ජර්මනිය යන රටවලින් බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

65c4bd1025477

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ජනවාරි ඉහළ නැංවීමට කටයුතු කරනවා – ෂෙහාන් සේමසිංහ

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතයි.

මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ධීවරයෙක් මරුට

අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආඝ්‍රහණය වීම නිසා එක් ධීවරයෙක් මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියෙන් ධීවරයින් 08 දෙනෙකු රෝහල්ගතකර ඇති බවත්, පසුව එයින් එක් පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති බවත්, සෙසු ධීවරයින් 07 දෙනා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය වැඩිදුරටත් පවසනවා.

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන පුද්ගලයින් සොයා අද සිට මෙහෙයුම්

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද (07) සිට ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

ඒ සඳහා රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරීනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 234 ක් අනියුක්ත කර ඇති බවයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර සඳහන් කළේ.

එසේම, කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් 109 ක්ෂණික අංකයට ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.

අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ Observer Research Foundation බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි

ඉන්දියාවේ සංචාරකයකට එක්ව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නව දිල්ලියේ පිහිටි Observer Research Foundation නම් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (Think Tank) හමුවී තිබෙනවා.

Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයක් බවයි සඳහන් වන්නේ.

අනතුරුව ඔවුන් ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නිරීක්ෂණය කර ඔවුන් සමඟ සාකච්ඡාවක ද නිරත වී ඇති බව වාර්තා වෙනවා.

රෝහල්වලට සූර්ය බලයෙන් විදුලිය ලබාදීමට ජපානයෙන් ආධාර

පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල සූර්ය බල ශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මගින් විදුලි පහසුකම් සපයා ගැනීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හරහා ජපන් යෙන් මිලියන 1230ක ව්‍යාපෘති ආධාරයක් (රුපියල් බිලියන 2.8ක) ලබා දීමට ජපන් රජයේ එකඟතාවය පළ කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ පුනර්ජනනීය නොවන බලශක්ති භාවිතය අවම කිරීම, සෞඛ්‍ය සේවයේ සමස්ත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම හා තිරසර සංවර්ධන ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65c20c74e5eca

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හෙට (06) දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් විසින් මෙම සැකකරුව ඊයේ (05) හබරාදුවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු වෙඩික්කරුවන් සතුව තිබූ ගිනි අවි අකුරැස්සේ සිට ගාල්ල කරාපිටිය දක්වා සැකකරුවන් දෙදෙනකු විසින් යතුරුපැදියකින් ගෙන ගොස් තිබූ අතර එම යතුරුපැදිකරුවන්ට ආරක්ෂාව දී ඇත්තේ මොහු බවට හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.