ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සපයන්නන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි..

2024.03.20

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සපයන්නන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා අතර සාකච්ඡාවක් 2024.03.19 දින කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ආචාර්ය සුබ්‍රමනියම් එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ අතර 2024 ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබා දීම පිළිබඳ ව තීරණය කරනු ඇතැයි ප්‍රකාශ කළේ ය.
රජය දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා දැනුවත් කළ අතර සමාජයේ දුර්වල කොටස් සඳහා මූල්‍ය ආධාර ලබා දෙන සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පැහැදිලි කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය වී. ඩී වික්‍රමාරච්චි යන අය මෙම අවස්ථාවට සහභාගි වූහ.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමු වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සපයන්නන් වන ලසාඩ් ෆ්රෙරස් (Lazard Frères SAS) සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Clifford Chance LLP) සමාගම්වල නියෝජිත පිරිසක් පැරිස් ක්ලබ් සාමාජිකයින් සහ අනෙකුත් ණය හිමියන් සමඟ පැවැත් වූ සාකච්ඡා පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.
නියෝජිත පිරිසට ලසාඩ් ෆ්රෙරස් සමාගමේ විධායක අධ්‍යක්ෂ ජෙරොම් ඇලෙක්සිස් (Jerome Alexis), සහකාර අධ්‍යක්ෂ වැලෙරේ පියරාඩ් (Valère Pierard), විශ්ලේෂක ෆ්රැන්සෙස්කා රෙෆෝ (Francesca Reffo) සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේ හවුල්කාර ඩෙබොරා ස්න්ඩ්ස්ට්රා (Deborah Zandstra), ජ්‍යෙෂ්ඨ සහ සහකාර ජේම්ස් කෙල්ටන් (James Kelton) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යොහාන් සමරතුංග යන මහත්වරු ද ඇතුළත් වූ හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

WhatsApp Image 2024-03-21 at 16.23.11

රත්මලාන ප්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් නොහොත් ” රත්මලානේ උපුලා ” නමැත්තා හොරයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය21) සඳහන් කරයි

දර්ශාන් කානිල් ප්‍රනාන්දු – මොරටුව 0773710807
21/03/2024

රත්මලාන ප්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් නොහොත් ” රත්මලානේ උපුලා ” නමැත්තා හොරයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය21) සඳහන් කරයි
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු මෙම ජාවාරම්කරු සම්බන්ධයෙන් යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා සහ පොලිස් කණ්ඩායමක් විසින් රත්මලාන දුම්රිය පොල ප්‍රදේශය වටලා වයස අවුරුදු 40 ක් වන රත්මලාන ප්‍රදේශයේම පදිංචි මෙම සැකකරු මත්ද්‍රව්‍ය සිය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පැරිස් රාජ්‍යයේ සිට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන “පැරිස් අංජු යන අනුවර්ත නාමයෙන් හදුන්වන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංජු නමැත්තාගේ ගෝලයෙකු වන මෙම සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහරින බවත් මීට පෙර විශාල අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර ඇති බවත් ගල්කිස්ස පොලිසිය පැවසීය.
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් පො.සැ.71342- ගුණවර්ධන, පො.කො. 82423 – වීරතුංග, පො.කො. 51568 – උදයංග, පො.කො.රි. 80193 – කුලරත්න යන නිලධාරීන් විසින් විමර්ශණ සිදුකරන බව ගල්කිස්ස පොලිසිය මූලස්ථානය පැවසීය.

WhatsApp Image 2024-03-21 at 16.00.06

ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ පුද්ගලයින් 29ක් අත්අඩංගුවට

ජන අරගල ව්‍යාපාරය අද (20) දහවල් කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් ද වන බවයි වාර්තා වෙන්නේ.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණා.

පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය පිරිස විසුරුවාහැරීම සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කළා.

මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය ප්‍රමාදවීමේ අවධානමක්

පිලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරිය මේ වන විට එම ස්ථානයේම පිලී ගත කිරීමේ කටයුතු සිදු කර තිබෙනවා.

කෙසේ නමුත් අදාළ අවහිර වූ මාර්ගය යළි යථා තත්ත්වයට පත් කිරිමට සවස 6.00 පමණ වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් අද දින සවස මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකි අතර ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු වලටද මේ හේතුවෙන් බලපෑමක් සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

උදෑසන දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු කල අතර සවස දුම්රිය ගමන් වාර 04 ක් ද අවලංගු කිරීමට නියමිතයි.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තෙල් සංස්ථාවෙන් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන් වූ රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බවයි සඳහන් වෙන්නේ.

අදාළ පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශ මඟින් සපයා ගැනීමට හැකි වන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ස්ථාපනය කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු. 308 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද (19) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.29 ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 308.90 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

එරාන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.

ඒ පිළිබඳ ලිපිය කතානායකවරයා වෙත භාරදුන් බවයි අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් අනුමත වෙයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමත කර තිබෙනවා.

මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන ලෙස විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගීන් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

උෂ්ණාධික කාලගුණ තත්ත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Online වෙන්කර ගන්නා දුම්රිය ආසන ප්‍රවේශ පත්‍ර දැන් PDF ලෙසින්

දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම Online සිදු කිරීමේ හැකියාව මේ වන විට ලබාදී ඇති අතර රාත්‍රී 7.00 සිට දුම්රිය ආසන වෙන් කිරීම කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නව ක්‍රමවේදයට අනුව දුම්රිය ආසන වෙන් කිරීම https://seatreservation.railway.gov.lk/mtktwebslr/ යන වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකි බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ සඳහන් කළේ.

එලෙස වෙන්කරගත් දුම්රිය ආසනයට අදාළ ප්‍රවේශ පත්‍රය PDF file එකක් ලෙස download කරගත හැකි අතර එය මුද්‍රණය කර හෝ ජංගම දුරකථනයෙන් පෙන්වීම මඟින් අපහසුතාවකින් තොරව ගමන් කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.