උත්සව සමය වෙනුවෙන් වෙළඳසැල් පරික්ෂාවට PHI වරුන් 3000 ක් යොදවයි

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්යය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික අවම වැටුප රුපියල් 17,500 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12500 ලෙස නියම කරනු ලැබ තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් එම වැටුප රුපියල් 17500ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර ඇති අතර, ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබෙනවා.

අදාළ කැබිනට් තිරණය පහතින්.

6602821df1e81 6602821c049e2

අධිවේගී මාර්ග ජාලය Sahasya Investment Ltd ආයතනයට පැවරීමට කැබිනට් අනුමැතිය

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග Sahasya Investment Ltd වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව නීතිමය හා මූල්‍යමය සක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් පැවරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6602bb7b8e06a

කෙහෙළියගේ ඇප ඉල්ලීම ගැන නියෝගය අප්‍රේල් 03 දැනුම්දීමට දින නියම කෙරේ

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය දැනුම්දී තිබෙනවා.

දීර්ඝ කරුණුවිමසා බැලීමකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා නොදීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළා.

ඇතැම් දේශපාලනඥයන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි මම සිතුවේ රට ගැනයි – රනිල්

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක්  තුළින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වු රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවයි උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

65ffcc094ee0dpdf_page_3 65ffcc07dca21pdf_page_2 65ffcc05edacdpdf_page_1 65ffcc0422c23pdf_page_0

මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට CIDයට කැඳවයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (25) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රකාශය ලබාගන්නා බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.

පාස්කු ප්‍රහාර ප්‍රකාශය කළ මෛත්‍රීට එරෙහිව CIDයට පැමිණිල්ලක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදුකළ යුතු බවයි එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩහැර තමා‍ගේ වගකීම පැහැර හැරීම නිසා අධිකරණයෙන් වරදකරු වී මිලියන 100 ක වන්දියක් නියම වූවත්, ඔහු විසින් අදාළ කරුණු උසාවියට ඉදිරිපත් කර නොමැති බව මන්ත්‍රීවරයා චෝදනා කරනවා.

ඇමතිවරුන්ගේ පුද්ගලික ජල විදුලි බිල් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවන්නයි යන්නේ – විජිත හේරත්

අමාත්‍යවරුන්ගේ පුද්ගලික විදුලි බිල්පත් හා ජල බිල්පත් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බව ජාතික ජන බල‍වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

පුද්ගලික වියදමින් විදුලි බිල ගෙවීමට අමාත්‍යවරයාට අසීරු බැවින් අමාත්‍යාංශයට වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් එය ගෙවා දැමුවාට කමක් නැතිදැයි විමසා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‍ලේකම් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවද, එසේ ගෙවීම අනුමත කර නැවත ලිපියක් එවා ඇති බවද, කෙසේ නමුත් එය නීති විරෝධී බවද ඔහු පෙන්වා දුන්නා.

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ගේ ගැටළු පිළිබඳව ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කල අතර, මෙවැනි තත්ත්වයකදී ගොවියාට වී කිලෝවකට රුපියල් 140 ක් ‍ගෙවීමට නොහැකි යැයි පැවසීම කිසිදු ‍ආකාරයකට සාධාරණීකරණය කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියලා මම දන්නවා – මෛත්‍රී

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් අද (22) දින එක් වූ ඔහු අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළකර තිබෙනවා.

එසේම එය රහසිගතව තබා ගැනීමට විනිසුරුවරුන්ගේ කාර්යක් වන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 7% දක්වා පහළට

Verité Research ආයතනය සිදුකළ “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 ඔක්තෝබර්  මාසයේ දී 9% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 පෙබරවාරි මාසයේදී 7% ක් දක්වා පහත වැටී ඇති බවයි එම සමීක්ෂණය මඟින් පෙන්වා දෙන්නේ.

වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට 2023 ඔක්තෝබර් මාසයේ 16% ක් වූ ප්‍රතිශතය 2024 පෙබරවාරි මාසයේදී 9% ක් දක්වා පහත වැටී තිබෙනවා.

65fd40ea40e21