පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින්  ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර  ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කර තිබෙනවා.

පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified  Rice)  පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිදු කරනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්.රිෆ්ලාන්ගේ අධීක්ෂණයෙන් මෙම බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කිරීම අද ආරම්භ වූ අතර එය හෙට (20) දිනයේද ක්‍රියාත්මක අතර අදාළ ප්‍රදේශයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මෙම සහල් තොගය පාසල් වෙත භාරදීම සිදු කරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66224227bb53bpdf_page_0

සිරිල් ගාමිණි පියතුමන් CIDයට කැඳවයි

සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට තීරණයක්

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැටලීම් සිදු කරන බවයි එහි අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ සඳහන් කළේ.

වැඩි මිලට ආහාර විකිණීම් සහ සංචාරකයින් අපහසුතාවට පත්වන ආකාරය සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

O/L විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර, පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

අද උණුසුම් කාලගුණයක් පවතින ප්‍රදේශ ගැන දැනුම්දීමක්

පළාත් 7ක උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල උණුසුම ද අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

6620a065354a2 6620a0652a035

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව දල්වයි

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ගිනිසිළුව දැල්වීම ග්‍රීසියේ ඇතන්ස් නුවරදී සිදුකර තිබෙනවා.

ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසිය තුළ දින 11 ක් ධාවනය කර ලබන අප්‍රේල් 26 වැනිදා ඇතැන්ස් නුවර පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටු නියෝජිත පිරිසට භාරදීමට නියමිතයි.

පසුව ජුලි 26 වනදා පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සත්කාරක ක්‍රීඩාංගණයට රැගෙන ඒමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

සංචාරකයින් සඳහා e-Visa ක්‍රමය අද සිට ක්‍රියාත්මකයි

සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට e-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආරම්භයේදී භාෂා පහකින් e-Visa අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

මාර්ගගත ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම් www.srilankanevisa.lk වෙබ් අඩවිය හරහා සිදු කෙරෙන බවද සඳහන්.

නව ක්‍රමවේදය හරහා සංචාරක වීසා මාස 6ක කාලයකට ලබා ගත හැකි බවයි හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

අවුරුදු සමයේ නීති කැඩූ වෙළඳුන් 700 කට නඩු පැවරීමට පියවර

අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා වැටලීම් 700ක් සිදුකල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම වැටලීම්වලදී නීතියේ රැහැනට කොටුකර ගත් පිරිසට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බවයි එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කළේ.

භාණ්ඩ මිලදී ගැනීමේදී මිල වෙනස් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් සහ මිලදී ගන්නා භාණ්ඩයට බිල්පතක් ලබා ගැනීමටද පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පහළට – බේකරි හිමියන්

මෙම වසරේ කේක් නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව 75% කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බිත්තර නිෂ්පාදකයින් අසාමාන්‍ය ලෙස බිත්තර මිල ඉහළ දැමීම මෙම තත්ත්වයට හේතුවූ බවයි එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

ඒ අනුව බිත්තර ආනයනය නැවැත්වීමක් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, එසේ නතර කිරීමක් සිදු කළහොත් යළි බිත්තර මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර එම අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි පොලීසිය සඳහන් කළේ.

බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බවත් මේ හේතුවෙන් රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.