රන්මිණිතැන්​න ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ කළමණාකරණයට අනුමැතිය

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

රාහුල් ගාන්ධිට වසර දෙක​ක සිර දඬුවමක්

සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දීය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2019 වසරේදී මැතිවරණ රැලියක් අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගාන්ධි වරදකරු බවට තීන්දු කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, ඔහුට ඇප නියම වී ඇති අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ දීම සඳහා ඔහුගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී සහ හිටපු ගුජරාට් අමාත්‍ය පූර්ණේෂ් මෝඩි විසින් රාහුල් ගාන්ධිට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙ​ස පැවැත්වෙයි

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණා.

මෙවර සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත නොවන අතර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් මෙවර භාවිතා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙවර ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ Everything Everywhere All at Once චිත්‍රපටයයි.

හොඳම නළුවා සම්මානය The Whale චිත්‍රපටය වෙනුවෙන් Brendan Fraser විසින් දිනාගත්තා.

හොඳම නිලිය සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටය වෙනුවෙන් Michelle Yeoh දිනාගත්තා.

Daniel Kwan සහ Daniel Scheinert මෙවර හොඳම අධ්‍යක්ෂනයට හිමි සම්මානය හිමිකරගත් අතර ඔවුන් අධ්‍යක්ෂනය කළ Everything Everywhere All at Once චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන රැසක් දිනාගැනීමට සමත්වුණා.

එමෙන්ම මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොදම චිත්‍රපට ගීතය සඳහා ඉන්දීය චිත්‍රපටයක් වන S.S. Rajamouli විසින් අධ්‍යක්ෂනය කළ “RRR” හි “NAATU NAATU” ගීතය දිනාගත් අතර එහි සංගීත නිර්මාණය M.M. Keeravaani සහ පද රචනය Chandrabose සිදුකර තිබෙනවා.

38d89dfdd31e18d30566f24440bf1e1a 52c0f4e7afd24cb76acd023c265c85e7 29fb6a3c2d2c07a06fd19db6227080b3

විසාකේස සහ මනුවර්ණ IFFR අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන ලබයි

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ චිත්‍රපටයක් වන ‘මුන්නල්’ නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) හි දී විශේෂ ජූරි සම්මානයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම එම සම්මාන උළෙලේදීම Netpac සම්මානය දිනාගැනීමට ජගත් මනුවර්ණ කොඩිතුවක්කුගේ කුළුඳුල් චිත්‍රපටය වන ‘රහස් කියන කඳු’ චිත්‍රපටය සමත් වුණා.

Netpac සම්මානය හිමිවන්නේ ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට වන අතර මින් පෙර ශ්‍රී ලංකාව මෙම සම්මානය හිමිකරගෙන ඇත්තේ එක්වරක් පමණයි.

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක බිඳ වැටීමක්

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර බිඳ වැටී තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිඳවැටී ඇති අතර එම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D චිත්‍රපටය තිරගත වීම අරඹයි

මෙරට නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන “ගජමෑන්” අද දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබෙනවා. හැත්තෑව දශකයේ ජනප්‍රිය කාටුන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටුන් චරිතය පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර, Motion Capture තාක්ෂණය යොදාගනිමින් සැබෑ නළු නිළියන්ගේ චලනයන් තාක්ෂණිකව ග්‍රහණය කරගනිමින් මෙහි කාටුන් චරිත සජීවීකරණය සිදු කර තිබීම විශේෂත්වයක්. මේ සඳහා හඬ නළු නිළියන් වශයෙන්, සුනෙත් සහ ගාමින්ද (චූටි මල්ලි සහ පොඩි මල්ලි), යුරේනි නොෂිකා, සුනිල් පෙරේරා සහ රෂී ප්‍රබෝධා දායක වී ඇති අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චානක පෙරේරා විසින්.

 

මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලාංකීය නිවුන්නූ

සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබේ.

මෙම නව වාර්තාව තැබීමට සමත්ව ඇත්තේ නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් සොහොයුරියන් දෙදෙනෙකි.

එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය තුළ එකම අවස්ථාවකදී ආචාර්ය උපාධියක් ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ඔවුන් දෙදෙනා සමත්ව ඇත.

එසේම ලෝක නිවුන් දිනයට පෙර දිනයේ මෙම වාර්තාව තැබූ නිවුන් සොහොයුරියන්ට ආචාර්ය උපාධිය පිරිනැමීමද විශේෂත්වයකි.

2016 වසරේදී ඔවුන් ආචාර්ය උපාධිය හැදෑරීමට ආරම්භ කර තිබූ අතර ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය හදාරා ඇත.

තේජානි ගුණරත්න මේ වනවිට CSIRO ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන අතර නදීෂා ගුණරත්න අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර අධ්‍යයන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරමින් සිටී.

ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් පැය 8 ක් ප්‍රශ්න කෙරේ

කෝටි ගණනක මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් දිල්ලි බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධ නඩුවට අදාළව බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය (EOW) බදාදා පැය අටකට අධික කාලයක් ප්‍රශ්න කළ බව PTI වාර්තා කරයි.
ඇයගේ ප්‍රශ්න කිරීම පෙරවරු 11:30 ට ආරම්භ වූ අතර ඇය රාත්‍රී 8 ට
කාර්යාලයෙන් පිටව ගියාය. ඇය කැඳවීම් තුනකට පසුව EOW හි පෙනී සිටියාය.
නිළිය අගෝස්තු 29 සහ සැප්තැම්බර් 12 යන දිනවල දෙවරක් කැඳවා තිබූ නමුත්
දින දෙකෙහිම පෙනී සිටියේ නැත.

ඇය චන්ද්‍රශේකර්ට හඳුන්වා දුන් බව කියන නිළි නෝරා ෆතේහි සහ පිංකි ඉරානි
බ්‍රහස්පතින්දා ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇත.

විශේෂ පොලිස් කොමසාරිස් (අපරාධ) රවීන්ද්‍ර යාදව් පැවසුවේ, චන්ද්‍රශේකර්
නඩුවේදී ඇයගේ සම්බන්ධය ගැන හා ඔහුගෙන් ගත් තෑගි පිළිබඳව ප්‍රශ්න කළ
අවස්ථාවේ ඒ පිළිබඳව ජැක්ලින් ෆර්නැන්ඩස් කෝපයට පත් වූ බවය.

ෆර්නැන්ඩස් සහ ඉරානි එකට වාඩි වී සිටි අතර ප්‍රශ්න කිරීම් අතරතුර නිළියන්
සහයෝගයෙන් කටයුතු කළ බව යාදව් පැවසීය.

ප්‍රශ්න කිරීම සඳහා රංගන ශිල්පින් යළි කැඳවන නමුත් දින නියම කර නොමැති
බවද ඔහු පැවසීය.

මේ අතර, EOW මීට පෙර සැප්තැම්බර් 3 වන දින නෝරා ෆේති ගෙන් ප්‍රශ්න කර
තිබුණද, ඇය පිළිතුරු නොදුන් ප්‍රශ්න ඇති බැවින් බ්‍රහස්පතින්දා නැවත
ඇයගෙන් ප්‍රශ්න කරනු ලැබේ.

මධ්‍යම විමර්ශන ඒජන්සිය පැවසුවේ බොලිවුඩ් නිළියන් දෙදෙනාට පාතාල
නායකයාගෙන් සුඛෝපභෝගී මෝටර් රථ සහ වෙනත් මිල අධික තෑගි ලැබී ඇති බවයි.

වසර 39 කට පසු ” මාරියා ” මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ

වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත.

අනුර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා  නිෂ්පාදන කළ,” මාරියාවෘත්තාන්ත සිංහල චිත්‍රපටයයි.

 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල මෙම මාසයේ පැවැත්වෙන අතර, මාරියා චිත්‍රපටයේ  අන්තරජාතික මංගල දැක්ම එම සිනමා උළෙලේදී සිදු කිරීමට නියමිතය.

රුසියාවේ මොස්කව්හි පැවැත්වෙනමොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලදැනට ලොව පවත්වන අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර කැපී පෙනෙන සිනමා උළෙලකි .

ධර්මසේන පතිරාජයන් 1976 වර්ෂයේ දී නිර්මාණය කරන ලදඑයා දැන් ලොකු ළමයෙක්සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1983 දී  විසින් නිර්මාණය කළයුගාන්තයයන චිත්‍රපට දෙක මීට පෙර මෙම චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කර ඇත

යුගාන්තයචිත්‍රපටයෙන් වසර 39 කට පසු මෙම උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට මාරියා චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.

මාරියා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ මුහුද මධ්‍යයේ වන අතර, එහි කාන්තා චරිත කිසිවක් නොමැතිවීම විශේෂත්වයකි

”ආයේ විවාහ වෙනවට වැඩිය මේ තනිකම හොඳයි”- පියුමි බොතේජු

කලා ක්ෂේත්‍රයේ ආදරණීය චරිතයක් තමයි පියුමි බොතේජු කියන්නේ’බෝනිකර තරු’” අමරබන්දු රූපසිංහ’ ”හාට් කට්’ වැනි නිර්මාණ රැසක් හරහාම පියුමි බොතේජු දැකගන්න පුළුවන් වෙනවා’ පියුමි පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටියා’  ඉතින් මේ ඇයත් එක්ක කළ කතා බහක්’

දැන් කොහොමද අසනීප තත්වය?
”ඔව් ගොඩක් අමාරුවෙලා හිටියා දරුණු විසබීජයක් ඇතුල්වෙලා කියලයි ඩොක්ටර් කිව්වේ’ දැන්නම් මට ගොඩක් දුරට හොඳයි” මේ වෙලාවේ ඩොක්ටර් කිවුවේ රෙස්ට් කරන්න කියලාත්‍ව’ ඒ නිසා මම පහුගිය සති දෙකේම රූගත කිරීම් කිසිම දෙයකට සම්බන්ධ වුණේ නෑ ඩොක්ටර් නම් කිවුවේ තව සති දෙකක්වත් මෙහෙම ඉන්න කියලා

ඇත්තටම කොහොමද පියුමි අසනීප වුනේ?
”මම අසනීප වෙනකොට වැඩ කලේ අමරබන්දු රූපසිංහ’ කියන සිරස නාලිකාවේ විකාශනය වන නාට්‍යයේ ත්‍ව මම අසනීප උනාම සිරස නාලිකාවේ අය තමයි මව වෛද්‍යවරු ලඟට එක්කගෙන ගියේ ඒ වගේම මට බෙහෙත් අරන් දීලා ගෙදර එක්කගෙන ආවෙත් ඒ අය” ඇත්තම කියනව නම් මනුස්සකම අතින් රත්තරන් මිනිස්සු ටිකක් සිරස ආයතනයේ ඉන්නේ’

හැබැයි මම අසනීප වෙන්න හේතු වුනේ වෙනත් නාට්‍යයක්’ ඒ නාට්‍යයේ රූගත
කිරීම් තිබ්බේ කැලේක ඒ කැලේදී පොඩි සත්තු වගයක් මගේ කකුල් දෙකට විදලා ඒ තැන්වල පලු‍ දැම්මා’ ඒ විදියට තමයි විසබීජයක් ගිහින් තියෙන්නේ’ කොච්චර
අමාරු උනාද කියනවනම් මගේ වැඩ ටික මට තනියම කරගන්න බැරි වුනා’ මම අසනීප වුන ටෙලිනාට්‍යයේ කිසිම කෙනෙක් මට කතා කරලා කොහොමදවත් ඇහුවේ නෑ මම හිතන් හිටියේ කලාව තුල ඉන්න අය හරිම මානුෂීය අය කියලා” ඒත් ඒක එහෙම නෑ කියලා ඒ අය ඔප්පුකරලා පෙන්නුවා”

රෝගල්ගත වුණ දවසේ හැමෝම දැනගත්තා පියුමි අසනීප වෙලා කියලාත්‍ව ඉතින් ඔබට ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

”ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ ආදරණීය මිනිස්සු ගොඩක් ඉන්න තැනක් මාව ඇඩ්මිට් කරපු තප්පරේ ඉඳල වෛද්‍යවරු හෙද හෙදියෝ මට සත්කාර කලේ හරිම ආදරෙන්’ ඒ කාර්ය මණ්ඩලයට මම අනෙක වාරයක් ස්තුති කරන්න ඕන’ ඒ වගේම ජාති ආගම් බේදයකින් තොරව මට ආශිර්වාද කරපු හැමෝටම මම ගොඩක් ආදරෙයි