ඔහු නමින් සචින්ත සපුතන්ත්‍රි මේ ඔහු එක්ක High Fashion අපි කළ කතා බහයි.

ඔහු නමින්  සචින්ත සපුතන්ත්‍රි  මේ ඔහු එක්ක High Fashion අපි කළ කතා බහයි.

1)ඉතින් සචින්ත කොහොමද?

මම හොඳින් ඉන්නවා. මේ දවස්වල ටිකක් Busy.

2)ඔයා Modler කෙනෙක් ඒ වගේම 2022දී  The Walk Model Academy Graduation එකේ Best Model title එක ඔයා Win කලා ඒ වගේම තවත් එක එක Titles ඔයා Win කරලා තියෙනවා ඒ ගැනත් කියමු?

ඔව් මම 2022 The Walk Model Academy’s first ever Graduation Fashion Show එකේ, The Best Model Title එක කලා. ඒ වගේම  The Best Walk mini title එකත් win  කලා. ඒ වගේම IBFF Sri Lanka – Mr. Fitness Model competition එකේ 1st place Win කරා.
2023 di Sri Lanka’s Next  Top Model Premiere 3 එකේ  Best Finess title එකයි Best Body title එකයි win කලා.

3) සති අන්තයේ ඔයා Esoft එකේ Lectures කරනවා. කොහොමද ඒ ලැබෙන අත්දැකිම?

ඔව් ඒක ඇත්තටම මාර satisfying Experience එකක්. මම Esoft Metro Campus එකේ BSc Final Year students ලට Cryptography and Network Security subject එක lecture කරනවා. මගේ most recent batch එකේ 150+ students ලා හිටියා. මට ගොඩාක් happy වගේම ලොකු satisfaction එකක් ලැබෙනවා මම නිසා කෙනෙක් දෙයක් ඉගෙන ගෙන ඉදිරියට යනවා කියන එකට.

4) ඔයා Bodybuilder කෙනෙක් ඒ ගැනත් ටිකක් කියමු?

ඔව් මම natural bodybuilder කෙනෙක්. මම training කරන්න පටන් අරන් 18 years වෙනවා. මම consistently workout කරා වගේම diet එක maintain කරනවා ඒත් දැන් ටික කාලයක් workout කරලා steroids අරගෙන ලොකුවට ඇඟ හදාගත් අය ගොඩක් ඉන්නවා වාසනාවට සාමාන්‍ය සමාජයේ අයට ඒ ගැන අවබෝධයක් නෑ. කොහොම වුනත් තමන් කරන දේ results තමන්ටම තමයි දවසක face කරන්න වෙන්නේ. මම naturally achieve කරලා තියෙන දේ ගැන මට ගොඩක් සතුටුයි.

5) Modeling සහ lectures වලට අමතරව ඔයා මොනවද කරන්නේ?

ඇත්තටම මම full time Cybersecurity Consultant කෙනෙක්. ඊට අමතරව cryptography කෙනෙක්. hobbies විදිහට මම natural bodybuilding කරනවා. fashion and fitness modelling කරනවා. මට ඕන උනේ එක දේකට Limit වෙන්නේ නැතුව හැම පැත්තෙන්ම Grow වෙන්න.. මම මේ වෙනකොට industries ගානක ඉන්නවා ඒත් සමහර දේවල් මට නවත්තන්න උනා. time constrains නිසා. මම English teaching කරා, graphic designing, poetry, drawing and paining, lyricism, cricket blogging, website content writing, commercial script writing මගේ ගොඩක් දේවල් කරා ඒත් ඒ දේවල් නවත්තන්න උනා හැමදේටම Time මදි නිසා.

6)ආදරය ගැන ඔයාගේ අදහස මොනවගේද?

ආදරය කියන්නේ emotion එකක්. Oxytocin and dopamine කියන  hormones release උනාම දැනෙන දෙයක්. Dopamine කියන්නේ addictive hormone එකක්. ඒ නිසා තමා අපි ආදරේ දී blind වෙන්නේ. මිනිස්සු කියලා කියන්නේ social animal කෙනෙක්. ඒ නිසා අපිට තනියම ඉන්නත් බෑ. ඒ උනත් ආදරෙන් අන්ධ වෙලා අපිව විනාශ කරගන්නත් හොඳ නෑ. අපිට අපිවම  clone  කරලා අපේ partner විදිහට දුන්නත්   conflicts නැතුව එකට ජීවත් වෙන්න බෑ. ඒත් අපි  choose කරගන්න ඕන ගොඩක් දුරට අපේ ideas වලට opinions වලට lifestyle එකට වගේම likes and dislikes වලට match වෙන partner කෙනෙක්.

7)ඔයාගේ වැඩවලට පවුලෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ඇත්තටම මගේ lifestyle එකත් එක්ක මට නිදාගන්න ලැබෙන්නෙත්  limited time එකක් ඒ නිසා.  family support එක ගොඩක් important. Mage parents ලාගෙන් ලොකු loku support එකක් ලැබෙනවා.

8)මොනවද ඉදිරි සැලසුම්?

මගේ life එකේ purpose එක ‘Growth and Achievement’. මම ඉස්සරහටත් හැම පැත්තෙන්ම grow වෙන්න වගේම achieve කරන්න බලාපොරොත්තු වෙනවා.

9)High Fashion අපි ගැන ඔයාගේ අදහස?

High Fashion කියන්නේ youth එකට opportunities දෙන අලුත් දොරවල් open කරලා දෙන strong initiative එකක්. මට මේ opportunity එක දුන්නට ස්තුති කරන ගමන් High Fashion team එකට මම successful future එකකට wish කරනවා .

ස්තුතියි සචින්ත ඒ වටිනා අදහසට. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා High Fashion අපි ප්‍රාර්ථනා කරනවා.

.මෙලනි ෆ්‍රිසන්කෝටන්

IMG-20240218-WA0066 IMG-20240218-WA0073 IMG-20240218-WA0074 IMG-20240218-WA0065

නිරෑපණ ක්ෂේත්‍රයේ අලුත් මුහුණු තමයි High Fashion Upcoming Beauty හරහා අපි ගෙන එන්නේ.

UPCOMING BEAUTY

නිරෑපණ ක්ෂේත්‍රයේ අලුත් මුහුණු තමයි High Fashion Upcoming Beauty හරහා අපි ගෙන එන්නේ.

නෙත්මි ඔයා ගැන පුංචි හඳුන්වාදීමක් කරලම අපි කතාබහ පටන්ගමු..

ඇත්තටම මං  කියන්නේ හරි සරල විදිහට ජීවත් වෙන, ගොඩක් මිනිස්සු ආශ්‍රය කරන්නේ නැති පාඩුවේ ජීවත් වෙන ගෑනු ලමයෙක්.

කොහොමද ඉතින්  මේ දවස් ගතවෙන්නේ?

මේ දවස් වල මගේ ශූට් වල වැඩ කරගෙන යන ගමන් ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා.

නිරෑපණ ක්ෂේත්‍රයට ඔයා ආවේ කොහොමද?

මං නිරූපණ ක්ෂේත්‍රයට පොඩිකාලේ ඉදන් ලොකු කැමැත්තක් තිබුනා. නමුත් පොඩි පොඩි හේතු නිසා මට මගඇරුනා මේ ක්ෂේත්‍රයට එන එක. ඊටපස්සේ මං මේ ක්ෂේත්‍රය පිළිබදව හදාරලා යම්කිසි දැනුමක් ලබාගෙන තමයි දැනට අවුරුද්දකට කලින් විතර මේ ක්ෂේත්‍රයට ආවේ.

හීනයක් තියෙනවද මං මේ වගේ Shoot එකක් කරන්න ඕනේ කියලා.

ඇත්තටම මං හරි ආසයි වෙනස් විදිහට ශූට් කරන්න. එකක් කියලා නෑ. හිතේ ඇදුන ගොඩක් concept තියෙනවා කරන්න ආසාවෙන් ඉන්න.

ඔයාගේ වැඩවලට පවුලෙන් ලැබෙන සහයෝගය එහෙම මොනවගේද?

මුලින්ම නම් ගෙදරින් පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ මං මොඩ්ලින් කරනවට. හැබැයි දැන් නම් අම්මගෙනුයි තාත්තාගෙනුයි ලොකු support එකක් ලැබෙනවා මගේ වැඩ වලට.

මේ වෙනකොට Photoshoots කියක් කරලා තියෙනවද?

30 කට වැඩිගානක් කරලා තියෙනවා.

මේ නිරෑපණ ක්ෂේත්‍රය ගැන ඔයාගේ අදහස ?

නිරූපණය කියන්නෙ ලස්සන කලාවක් මං දකින විදිහට නම්. හරි විදිහට දැනුමක් එක්ක කරනවානම් ඉස්සරහට යන්න පුළුවන් හොද ක්ෂේත්‍රයක්. මමත් තාම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි. තව ගොඩක් දේවල් මට ඉගෙනගන්න තියෙනවා මේ ක්ෂේත්‍රය ගැන කියලා තමයි මං හිතන්නේ.

ඉදිරි බලාපොරොත්තු ගැනත් අපි කියමු.

ඇත්තටම දිගටම මේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න ආසයි. නමුත් මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න ආසයි. කොහොම නමුත් වෙන ක්ෂේත්‍රයක හිටියත් පුළුවන් හැම වෙලාවකම මට එන වැඩ පුළුවන් විදිහට කරගෙන යන්න තමයි මං බලාපොරොත්තු වෙන්නේ.

ස්තුතියි නෙත්මි අපි එක්ක ලස්ස්න කතාබහකට එකතු වුණාට. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා High Fashion අපි ප්‍රාර්ථනා කරනවා.

High fashion ඔයාලගෙත් වැඩ සියල්ලම සාර්ථක වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා .

FB_IMG_1708668485929 FB_IMG_1708668459083 FB_IMG_1708668421813 FB_IMG_1708668478603
මෙලනි ෆ්‍රිසන්කෝටන් .

  රෑමතියක් එක්ක තමා මේ කතාබහ. අචිනි හංසමාලී.

𝗧𝗔𝗟𝗞 𝘄𝗶𝘁𝗵 Achini Hansamali
ආයුබෝවන් අචිනි කොහොමද?
ආයුබෝවන්..හොඳින් සතුටින් ඉන්නවා. මේ දවස්වල මගේ වැඩ කටයුතු සුපුරුදු පරිදි කරගෙන ඉන්නවා.
කවුද මේ අපේ කවරේ පිටුව සරසන අචිනි?
මගෙ නම අචිනි හංසමාලි. මම මෝස්තර නිරූපිකාවක් විදියට කටයුතු කරනවා. දැනට ක්ෂෙත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් වගේ තමයි වෙන්නෙ. වයස 21යි. මම ගොඩාක් සරලව ඉන්න කැමති කෙනෙක්. ඒවා තමයි ඉතින් මගෙ විස්තර.
මේ දවස්වල හැමෝගේම ක්‍රශ් එක ඔයා එහෙම නේද?
අනේ මන්දා..ඒක නම් ඉතින් මම දන්නෙ නැහැ..ඒක එහෙමද?
සමාජ මාධ්‍ය තුල ඔයා ගැන හොයලා බැලුවම එහෙම තමා තේරැණේ. ඉතින් ඔයා තමයි Miss Sri lanka for Queen of the Island 2023. ඒ ගැනත් කියමු..
ඔව්.. Miss Intercontinental Sri Lanka 2023 තරඟාවලියේම පැවැත්වුණු තවත් තරඟයක් තමයි ‘Queen Of The Islands’ කියන්නේ. පහුගිය අගෝස්තු මාසයේදී තමයි මේ තරඟය පැවැත්වුණේ. ඉතින් ම⁣ට ‘Queen Of The Islands’ කිරුළ දිනාගන්න හැකි වුණා. ගොඩාක් සතුටුයි ඒ ගැන.
නිරෑපණ ක්ශේත්‍රයට එන්න. ලොව පිලිගත් රෑමතියක් වෙන්න ඔයා පොඩි කාලේ ඉඳන් හීන මැව්වාද?
නිරූපණ ශිල්පිනියක් වීමේ ලොකු කැමැත්තක් මට පොඩි කාලේ ඉඳන්ම තිබුණා. විශේෂයෙන්ම රෑම්ප් මොඩ්ල් කෙනෙක් වෙන්න. ඒක නිසාම තමයි උසස් පෙළ විභාගය අවසන් වූ විගසම මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණය ඉගෙන ගෙන නිරූපණ ක්ශේත්‍රයට පිවිසුණේ.
ඔයාගේ වැඩ කටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මුලින් නම් ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් දැන් නම් මාව තේරුම් අරගෙන අම්මයි තාත්තයි මට ලොකු සහයෝගයක් දෙනවා.
කවදාහරි එයා ඔයාට වඩා උස වෙන්න ඕන කියලා ඔයා කියලා තිබ්බා. ඒක මං කොහේ හරි දැක්කා. එයා කෙනෙක් ඉන්නවද?
දැනට නම් එයා කෙනෙක් නැහැ. ඉස්සරහට බලමු නේද?. හැබැයි උස විතරක්ම තිබිලා හරියන්නේ නැහැ. මාව තේරුම් ගන්න පුළුවන් ඉවසීමක් තියෙන උස කෙනෙක් තමයි වෙන්න ඕනි.
තේරැම් ගන්න පුලුවන් ආදරණිය උස කෙනෙක්. ඉතින් අචිනි ආදරේ කියන්නේ මොකක්ද ඔයා හිතන විදිහට?
ඒකට සුපැහැදිලි නිර්වචනයක් දෙන්න අමාරුයි මට. ඒක හැඟීමක්. කොහොම වුණත් මට දැනෙන විදියට නම් ආදරය මාරම සුන්දර හැඟීමක්.
අවසාන වශයෙන් මොනවද අචිනි ඔයාගේ Future Plans?
එහෙම ලොකු ලොකු future plans, goals ගොඩාක් නැහැ මට. පුංචි බලාපොරොත්තු අතලොස්සක් තමයි තියෙන්නේ. නිරූපණ ක්ෂෙත්‍රයේ කාලයක් රැඳී සිටිමින් ඉදිරියට යෑම එයින් එකක්.
ඒ අතලොස්සක් වු බලාපොරොත්තු වුවත් ඒවා සාර්ථක කරගෙන ඉදිරියට ලස්සන ගමනක් යන්න අචිනී High Fashion අපි ඔයාට සුබ පැතුම් එකතු කරනවා.
FB_IMG_1706879463304 FB_IMG_1706879485593 FB_IMG_1706879585783 FB_IMG_1706879589243
මෙලනි ෆ්‍රිසන්කෝටන්.

𝗧𝗔𝗟𝗞 𝗪𝗜𝗧𝗛 DILSHAN

ඉතින් Talk with High Fashion එක්ක එකතු වෙලා ඉන්නවා කඩවසම් නිරැපණ ශිල්පියෙක්. චලන ඩිල්ශාන්.
ආයුබෝවන්..චලන ඩිල්ශාන් කොහොමද ඉතින්?
ආයුබෝවන් හොඳින් වැඩකටයුතු කරගෙන සතුටින් ඉන්නවා.
ඔයා ගැන පුංචි හඳුන්වාදීමක් කරලම අපේ කතාබහ ඉස්සරහට කරගෙන යමු.
මම චලන ඩිල්ශාන්. මගේ වයස අවුරැදු 22 යි. මගේ උපන් ගම කැලණිය. අධ්‍යාපනය ලැබුවේ කැලණිය ශ්‍රි ධර්මාලෝක විද්‍යාලයේ. ආගම ධර්මයට ලැදිව කටයුතු කරන, සාමාන්‍ය පවුලක හැදුණු වැඩුණු නිරැපණ ක්ෂේත්‍රයට ආදරය කරන සාමාන්‍ය චරිතයක්.
නිරෑපණ ශිල්පියෙකු වීම ඔයාගේ ජිවිතේ ඔයා හැබෑකරගත්ත එක හීනයක්ද?
ඔව්.. අනිවාර්යයෙන්ම මං පුංචි කාලේ ඉඳන් ආස කරපු හීනයක්. මං හිතනවා මගේ වයසත් එක්ක මං ඒ හිනේ හැබැකරගෙන ඉවරයි කියලා.
නිරෑපණ ක්ශේත්‍රයට ආපු විදිහත් කියමු.
ක්ෂේත්‍රයට එන්න හිතුණේ මගේ යාලුවෝ හිතවතුන්ගෙන් විශේෂයෙන්ම පවුලේ අයගේ යෝජනා නිසා. මට මේ තැනට එන්න ගොඩාක් උදව් කරේ Batik Beats by Prihan Gamage, R. Dushyantha Perera Bridal Saloon, Thilak Pushpakumara Photography.
ප්‍රිහාන් ගමගේ අයියා, දුෂ්‍යන්ත පෙරේරා අයියා වගේම තිලක් පුශ්පකුමාර අයියා මගේ සහෝදරයෝ තුන් දෙනා මාව මේ තැනට ගන්න ගොඩාක් මහන්සි වුණා. තවත් මේ ක්ෂේත්‍රයට ඇති කැමැත්ත නිසා මොඩල් ඇකඩමි එකක් එක්ක සම්බන්ධ වුණා.
නිරැපණ කටයුතු වලට අමතරව ඔයා රැකියාවක් එහෙම කරනවද?
ඔව් අධ්‍යාපන කටයුතු එක්ක පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යනවා.
වර්තමාන නිරැපණ ක්ශේත්‍රය ගැන ඔයාගේ අදහස?
නිරැපණය කියන්නේ සුන්දර කලාවක්. ඒත් විවිධ පැතිකඩ තියෙනවා. නිරැපණය තුලින් හොඳ ගමනක් යන්න පුලුවන්. සමහර අවස්ථාවල නොයෙක් නොයෙක් යම් බලපෑම් ඇතිවෙන්න පුලුවන්. ඒ වෙලාවට කල්පනාවෙන් වගේම සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ. මම නිරැපණ කලාව දකින්නේ ජිව්තේ සාර්ථක කරගන්න පුලුවන් කලාවක් විදිහට.
ඔයා හිතන විදිහට ජිවිතේ සතුට කියන්නේ මොකක්ද?
ජිවිතේ සතුට කියලා කියන්නේ තමන් හිතන, කරන, පවසන දේ අනුව තමයි සතුට ලඟා කරගන්න පුලුවන්. ඒ නිසා හොඳ දේවල් කරන්න, හිතන්න වගේම කියන්න. අදහන ආගම ධර්මයට අනුව ජිවත් වෙන්න. එතකොට සතුට ලඟා කරගන්න පුලුවන්.
මොනවද ඉදිරි සැලසුම්?
නිරැපණ ක්ෂේත්‍රයේ කටයුතු වලට අමතරව මගේ ව්‍යාපාර කටයුතු සඳහා ලබන වර්ෂයේ විදෙස් ගතවිමට බලාපොරොත්තු වෙනවා.
2024 නව වසර වෙනුවෙන් අපේ High Fashion පාඨකයන්ට සුබ පැතුමක් එක්කරමු.
ඉතින් ලබන්නා වු නව වසර High Fashion පාඨකයන් හැමෝටම කිරි ඉතිරෙන අවුරැද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝගේම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන ලස්සනම අවුරැද්දක් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
 ස්තුතියි චලන.. High Fashion අපි එක්ක කතා බහකට එකතු වුණාට ඔයාගේ සියලු ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න් කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි High Fashion. අපි වගේ අයට ඔයාලාගේ සඟරාවෙන් ඉඩක් වෙන්කරනවාට. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඔයාලාගෙත් හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
FB_IMG_1706881218171 FB_IMG_1706881271608 FB_IMG_1706881331192 FB_IMG_1706881262366
මෙලනි ෆ්‍රිසන්කෝටන්

ජැකලින් සුකේෂ්ගේ සල්ලිවලින් සැප වින්දේ අපරාධ ගැන දැනදැනමයි – අධිකරණයට වාර්තාවක්

රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක චූදිතයකුව සිටින බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, ප්‍රධාන චූදිතයා යැයි කියන සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ මගින් ඉපැයූ ආදායම සන්තකයේ තබාගැනීමට සහ භාවිත කිරීමට දැනුවත්ව සම්බන්ධ වී ඇති බව ඉන්දීය විමර්ශකයන් දිල්ලි මහාධිකරණයට ප්‍රකාශ කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

විමර්ශන ඒජන්සිය චෝදනා කළේ, බොලිවුඩ් නිළිය සුකේෂ් චන්ද්‍රසේකර් අපරාධ මගින් ඉපැයූ ආදායම භුක්ති විඳිමින්, භාවිත කරමින් සහ සන්තකයේ තබාගෙන සිටි බවට සාක්ෂි පෙන්නුම් කරන බවයි.

විමර්ශන ඒජන්සිය විසින් මෙම තර්කය ඉදිරිපත්කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම අවලංගු කරන ලෙස ඉල්ලා ජැකලින් ෆර්නැන්ඩස් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ගොනුකරන ලද දිවුරුම් ප්‍රකාශයකය.

විනිසුරු මනෝජ් කුමාර් ඔරි ඉදිරියේ එය ලැයිස්තුගත කර ඇති අතර ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතීඥවරයා විමර්ශන ඒජන්සියේ තර්කයට ප්‍රතිචාර දැක්වීමට කාලය ඉල්ලා සිටියේය.

මෙම නඩුව අප්‍රේල් 15 වැනි දින මහාධිකරණය හමුවේ මීළඟට විභාගයට ගැනීමට නියමිතය.

සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ඇති මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ජැකලින් ෆර්නැන්ඩස් “අද වනතුරු සත්‍යය වසන් කළ” බවත් සාක්ෂි හමුවන තුරු කරුණු වසන්කළ බවත් විමර්ශන ඒජන්සිය සිය පිළිතුරේ ප්‍රකාශ කර ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

“ඇය අද දක්වාම සත්‍යය වසන් කර තිබෙනවා. සුකේෂ් චන්ද්‍රසේකර් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆර්නැන්ඩස් ඇගේ ජංගම දුරකථනයේ සම්පූර්ණ දත්ත මකා දමා සාක්ෂි විකෘති කළ බව ද සත්‍යයක්. සාක්ෂි විනාශ කරන ලෙස ඇය තම සගයන්ගෙන් ඉල්ලා සිටියා. එම සාක්‍ෂිවලින් සැකයෙන් තොරව ඔප්පු වන්නේ ඇය අපරාධවලින් උපයාගත් මුදල් පරිහරණය කරමින් සහ එම මුදල් ඇය සතුව තිබූ බවයි. මේ අනුව, චූදිත චන්ද්‍රසේකර්ගේ අපරාධයේ ආදායම සන්තකයේ තබාගැනීමට සහ භාවිත කිරීමට ෆර්නැන්ඩස් දැනුවත්ව සම්බන්ධ වී ඇති බව ඔප්පු වෙනවා,” යනුවෙන් ඔවුන් කරුණු දක්වා තිබේ.

විමර්ශන ඒජන්සිය චෝදනා එල්ල කරන ලද මෙම නිළිය, ඇය සුකේෂ් චන්ද්‍රසේකර්ගේ ගොදුරක් බව පවසමින් ඇයගේ හැසිරීම වසන් කිරීමට උත්සාහ කළ නමුත්, ඇයගේ ප්‍රකාශය තහවුරු කිරීමට සැළකිව යුතු සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය.

ජැකලින් ෆර්නැන්ඩස් අපරාධකරුගේ සාපරාධී චේතනාවන් පිළිබඳව දැන සිටි නමුත් තමාට සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට ඔහුගේ අපරාධවලින් ලැබෙන ආදායම භුක්ති විඳීමට ඇය සන්තකයේ තබාගෙන සිටි බව විමර්ශන ඒජන්සිය පවසයි.

සුකේෂ් චන්ද්‍රසේකර් විසින් තම පවුලට විශාල මුදලක් සහ වටිනා තෑගි ලැබුණු බව ඇය මුලින් පිළිනොගත් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සුඛෝපභෝගී ත්‍යාග සාපරාධී ක්‍රියාකාරකම් මගින් උපයාගත් සහ අපරාධවලින් උපයාගත් ඒවා බව ඒජන්සිය ප්‍රකාශ කළේය.

විමර්ශන ඒජන්සියට අනුව, ජැකලින් ෆර්නැන්ඩස් සුකේෂ් චන්ද්‍රසේකර්ගේ අපරාධ පූර්වාදර්ශ ගැන “හොඳින් දැන සිටි” අතර ලීනා මාරියා පෝල් ඔහුගේ බිරිඳ බව දැන් සිටිය ද ඔහු සමඟ දිගටම සම්බන්ධකම් පවත්වා ඇත.

අපරාධකරුගේ විවාහක තත්ත්වය පිළිබඳ දැන දැනත් ඇය ඔහුගෙන් මූල්‍ය ප්‍රතිලාභ ලබාගෙන ඇති අතර, ඒවා අපරාධවලින් ලැබුණු ආදායමක් බව විමර්ශන ඒජන්සිය පවසයි.

ජැකලින් ෆර්නැන්ඩස් සිය නීතීඥවරයා හරහා ගොනුකළ පෙත්සමේ මුලදී සඳහන් කළේ, විමර්ශන ඒජන්සිය විසින් ගොනුකරන ලද සාක්ෂි මගින් තමා චන්ද්‍රසේකර්ගේ ද්වේෂසහගත ලෙස ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයට ගොදුරු වූ අහිංසකයකු බවට ඔප්පු වනු ඇති බවයි.

“ඔහුගේ යැයි කියන අයථා ලෙස උපයාගත් ධනය විශුද්ධිකරණය කිරීමට ඔහුට සහය වීමට ඇයගේ කිසිදු සම්බන්ධයක් ඇති බවට කිසිදු සඳහනක් නොමැත. එබැවින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 සහ 4 වගන්ති යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් ඇයට නඩු පැවරිය නොහැක” යනුවෙන් එම පෙත්සමේ සඳහන් වේ.

පැමිණිලිකාර අදිති සිංගෙන් කප්පම් ගැනීමේදී චන්ද්‍රසේකර්ගේ නීච ක්‍රියා පිළිබඳ ඇයට දැනුමක් තිබූ බවට කොතැනකවත් චෝදනා කර නොමැති බව ඇයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලෙන් තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුදල් විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස තමාව ඉදිරිපත් කිරීමේදී විමර්ශන ඒජන්සිය පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාකළ බවට ද ජැකලින් ෆර්නැන්ඩස් චෝදනා කර තිබේ.

“තවත් බොලිවුඩ් නිළියක වන නොරා ෆටේහිගේ උපදෙස් මත ඇයගේ පවුලේ සාමාජිකයකුට සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් BMW මෝටර් රථයක් ලැබුණු බව වාර්තාගතව පිළිගත් කරුණක් වුවද, විමර්ශන ඒජන්සිය විසින් ඇයට චෝදනා එල්ල කර නැත. නෝරා ෆටේහි සුකේෂ් චන්ද්‍රසේකර්ගෙන් තෑගි ලබාගත් කාරණය ‘අපරාධයෙන් ලැබෙන ආදායම විසුරුවා හැරීම’ යන මාතෘකාව යටතේ විමර්ශන ඒජන්සිය වෙත ඉදිරිපත් කර ඇති බව සැළකිල්ලට ගැනීම වැදගත්ය.” යනුවෙන් එම චෝදනාව ඉදිරිපත් කර තිබේ.

සුකේෂ් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසට එරෙහි මුදල් විශුද්ධිකරණ විමර්ශනයේ ප්‍රශ්න කිරීම සඳහා ජැකලින් ෆර්නැන්ඩස් විමර්ශන ඒජන්සිය වෙත පැමිණ තිබේ.

Ranbaxyහි හිටපු ප්‍රවර්ධකයින් වන Shivinder Singh සහ Malvinder Singhගේ කලත්‍රයන්ට රුපියල් කෝටි 200ක් වංචා කළ බවට සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව දිල්ලි පොලිසිය විසින් පෙත්සම ගොනුකරන ලදී.

ඒ අනුව සුකේෂ් සහ ඔහුගේ බිරිඳ සහ අනෙකුත් අය දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, විමර්ශන ඒජන්සිය ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවක් ලියාපදිංචි කරන ලදී.

සුකේෂ් චන්ද්‍රසේකර් සහ ඔහුගේ බිරිඳ හවාලා මාර්ග භාවිත කළ බවත්, අපරාධවලින් උපයාගත් මුදල් තැන්පත් කිරීම සඳහා ෂෙල් සමාගම් නිර්මාණය කළ බවත් දිල්ලි පොලිසිය චෝදනා කර තිබිණි.

2023 ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ රචනා කළ ‘කුර හඬෙකි වියැකෙන’ කෘතියට

2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අද උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

එහිදී 2023 ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ විසින් රචිත ‘කුර හඬෙකි වියැකෙන’ කෘතිය සඳහා හිමිවුණා.

64fb4adf6913c

HD ආකාරයෙන් ඡායාරූප යැවීමේ පහසුකම WhatsApp හඳුන්වාදෙයි

WhatsApp සඳහා නව විශේෂාංගයක් එක් කර ඇති බවට Meta සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව HD ආකාරයෙන් ඡායාරූප යැවීමේ පහසුකම මෙලෙස හඳුන්වාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔබ WhatsApp ඡායාරූපයක් යොමු කිරීමේදී HD ලෙසද නැතහොත් සාමාන්‍ය ආකාරයෙන්ද යන්න තෝරා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

‘මතුවෙන්න’ – ජය ශ්‍රී ලගේ ඩයමන්ඩ් කතාව දකින්න

ජය ශ්‍රී ලා කියන්නේ කවදත් තමන්ගේම වුණු අනන්‍යතාවයක් තුළින් සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණ කරන දෙන්නෙක්. වැඩි කාලයක් ලංකා‍වේ නොරැඳුණත් ජය ශ්‍රී ලා කාලෙන් කාලෙට ලංකාවට ඇවිල්ලා තමන්ගේ අලුත් නිර්මාණ රසිකයින් අතට පත්කරනවා.

පහුගියදා ජය ශ්‍රී ලා ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වෙන ‘මතුවෙන්න – The Diamond Story’ ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් එළිදැක්වූවා. අපේකම අගයන ජය ශ්‍රී කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ ගායනා කරන ගීත වෙනුවට කාලෙකට පස්සේ නිර්මාණය කරපු ඔවුන්ගේම ගීතයක් විදියට මේ ‘මතුවෙන්න’ ගීතය හඳුන්වන්න පුළුවන්.

‘සිව්කොණ එකතුවෙලා

ජය කණුව සොයනා වෙලේ

සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍

ජයගන්නට හැකි තුරුම්පුවක් වී

ලොවටම පෙන්වන්න

මතුවෙන්න – පණදෙන්න

රුවි‍තේ – විඳගන්න

ජයගන්න’

දියමන්තියක් වගේ තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන නැගී සිටින්න කියන ආරාධනයත් ජය ශ්‍රී ලා මේ ගීතයෙන් කරනවා. ජයගන්නට හැකි තුරුම්පුවක් නැගිටින්න යනුවෙන් ඔවුන් මේ ආරාධනා කරන්නේ තාරුණ්‍යයටයි. ජය ශ්‍රී ගායනයෙන් හැඩවුණු මේ ගීත‍යේ පද රචනය වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. මෑත කාලවේ ජනප්‍රිය ගීත ගණනාවක සංගීත නිර්මාණ ශිල්පියා වුණු රැප්සිලා (සාරංග දිනේෂ්) මෙහි සංගීත නිර්මාණයට දායක වී තිබෙනවා.

ලංකාවේ තිබෙන සුන්දර හා ආකර්ශණීය තැන් ගණනාවක මෙහි රූපගත කිරීමේ කටයුතු සිදුකරලා තියෙනවා. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය ඒ අතරින් විශේෂයි.

ඒවගේම, මේ ඩයමන්ඩ් කතාවේ තියෙන අනෙක් විශේෂත්වය වෙන්නේ සමස්ත ගීතයම ඩයමන්ඩ් තේමාව අනුව යමින් නිර්මාණය කර තිබීමයි. ගීතය පුරාම ඩයමන්ඩ් සංකේතත් දැකගන්න ලැබෙනවා. ගම හෝ නගරය යනුවෙන් කිසිම වෙනසක් නැතිව මේ ඩයමන්ඩ් සංකේතය දැකගන්නට හැකිවෙනවා. මේ ඩයමන්ඩ් කතාව ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් අද වෙද්දී දැකබලාගන්නට හැකියි.

ජය ශ්‍රී ලා කියන විදියටම කිසිම භේදයක් නැතිව හිතවත්කම් වලින් පිරී අනාගතය දකින යහපත් මිනිස්සු වෙන්නටයි  මේ ආරාධනය.

https://www.youtube.com/watch?v=S-1ojnwe1qY

Ruvitha_Jayasri_8 Ruvitha_Jayasri_4 Ruvitha_Jayasri_5 Ruvitha_Jayasri_6 Ruvitha_Jayasri_10

 

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන්ස් නාට්‍ය උළෙල 22 වනදා ඇරඹේ

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයනාංශයේ තෙස්පියන් නාට්‍ය සංගමය විසින් නාට්‍ය උළෙලක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ජුලි 22 වනදා සිට 28 වනදා දක්වා දින හතක් මෙය පැවැත්වීමට නියමිත අතර මෙහිදී නාට්‍ය රැසක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහි ප්‍රවේශ පත්‍ර සම්බන්ධ තොරතුරු සඳහා 0757585998 හා 0717691759 දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකියි.

64b8c96d375bf

Threads සමාජ මාධ්‍ය ජාලය​ට එරෙහිව නීතිමය පියවර ගැනීමට Twitter සැරසෙයි

මේ වන විට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින නවතම සමාජ මාධ්‍ය ජාලය වන Threads ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සලකා බලන බව Twitter සමාගම පවසනවා.

Threads සමාජ මාධ්‍ය ජාලය බොහෝ දුරට Twitter ට සමාන වන අයුරින් Meta සමාගම විසින් නිර්මාණය කර තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Twitter නීතීඥයින් විසින් Meta ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යවා චෝදනා කර ඇත්තේ, ට්විටර් හි වෙළඳ රහස් සහ වෙනත් බුද්ධිමය දේපළ ක්‍රමානුකූලව, හිතාමතා සහ නීති විරෝධී ලෙස සහ අනිසි ලෙස පරිහරණය කරන ලද බවයි.