සමහරු ද්වේශසහගත ප්‍රකාශත් කරලා තිබුණා

ඉලංගෝ රාම්ගේ ‘කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘නෙලුම් කුලුන’ දැන් දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙනවා. රට වැටුනත් කුළුණ කෙලින් යනුවෙන් තේමා පාඨය රැගත් මෙය බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුනේ දේශපාලනික කතා පුවතක් ලෙස සිතාය.නමුත් මෙහි ගැබ් වී ඇති අරුත වෙනස් යැයි සිතෙන්නේ ඒ චිත්‍රපටිය නරඹන පිරිසට පමණයි. වලව් පැලැන්තියට අයත් පියෙකුගේ මරණයත් සමඟ සිදුවී ඇති ශාරිරික ස්වභාවික විපර්යාසයක් හේතුකොට ගෙන මේ ප්‍රස්තුතය නිර්මාණය වී තිබෙනවා. මෙවර අප හා පිළිසදරට එක්වන්නේ එහි රංගනයෙන් දායක වන ප්‍රවීණ සම්මානීය රංගන ශිල්පීනී සුලෝචනා වීරසිංහ.

සුලෝචනා, ඉතින් කොහොමද ජීවීතේ ? මේ දිනවල මොකද කරන්නේ?

හොදින් ඉන්නවා.රගපෑම් කටයුතු සම්බන්ධයෙන් ගත්විට වේදීකා නාට්‍ය 3කට සම්බන්ධ වෙලා ඉන්නවා. 2024 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළේ විශිෂ්ටතම නාට්‍ය ඇතුළුව සම්මාන 8 ක් දිනාගත් චාලක රණසූරියගේ “සඳුදා වැටෙන්නේ සිකුරාදාට ” නම් වේදීකා නාට්‍ය සමඟ රටවටා යනවා. 2016 දී රාජ්‍ය නාට්‍ය උලෙළේ විශිෂ්ටතම නාට්‍යය ඇතුළු සම්මාන 10ක් ලැබූ චාමික හත්ලහවත්තගේ ” රජා මං වහලා ” නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. කංචුකා ධර්මසිරිගේ “තට්ට ගායිකාවට ” සම්බන්ධ වෙලා වැඩ කරනවා. තව වේදිකා නාට්‍ය 2 ක පුහුණු වීම් වල නිරතව ඉන්නවා. ඒවා තවම මුල් අදියරේ පිටපත්

කියවීමේ ඉන්නේ. මේ දිනවල මම ධනංජය කරුණාරත්නගේ “සිහින රඟහල” නම් නාට්‍ය පොකුරේ “චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක් ” කියන කෙටි නාට්‍යය සදහා රංගනයෙන් සම්බන්ධ වෙනවා. මේ දවස්වල මං රඟපෑ “නෙලුම් කුලුන” චිත්‍රපටිය තිරගත වෙනවා.

නෙලුම් කුලුන “ඩාර්ක් කොමඩි” ගණයේ චිත්‍රපටියක්. එවැනි සිනමා පටයකට සම්බන්ධ වෙන්න හිතුනේ ඇයි ?

ඉලංගෝ රාම්ගේ මේ පිටපත වෙනස්ම විදිහේ පිටපතක් කියලා මට දැනුණා. මේක කියවද්දී මුලින්ම මට තේරුණා මේකේ Out Put එක ඉතාම හොඳ එකක් වෙයි කියලා. මෙහි නළුවරණය දැනගත්තට පස්සේ මට මේකට සම්බන්ධ විය යුතුමයි කියලා සිතුණා.

මෙහි ඔබේ චරිතය ග්‍රහණය කරගත්තේ කොහොමද ?

“නෙලුම් කුලුන” චිත්‍රපටයේ බාල පුතාගේ බිරිඳගේ චරිතය තමයි නිරූපණය කළේ.. බාල පුතා මත්පැන් ලෝලියෙක්.. පියාගේ මරණය පිළිබඳ පණිවිඩය එන විටත් ඔහු සිටින්නේ උදෑසන බාර් එකක් අසල පෝලිමක.. චිත්‍රපටය පුරාම බොහෝ තැන්වල ඔහු මත්පැන් පානය කොට සිටි. ඔහුගේ හැසිරීම් සහ ප්‍රකාශ නිසා උද්ගතවන අලුත් තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට අනෙකුත් සියලුම දෙනාට සිදු වෙනවා.ඔහු හා ගොඩනැඟී ඇති සබඳතාවය අනුව හා මා මාගේ චරිතයේ ස්වභාවය ලෙස වටහාගෙන තිබූ කාරණා මත ඒ ඒ තැනට උචිතව සියුම්ව භාව ප්‍රකාශනය කරන්නේ කෙසේද යන්න මා සිතුවා. ඊට අමතරව තරුණ බිරිඳක් තමන්ගේ ස්වාමීපුරුෂයාව මාමණ්ඩිට සාපේක්ෂව කියවනවා. මේ චිත්‍රපටියේ තමන් අපේක්ෂා කරන අඹුසැමි ජීවිතයේ තෘප්තිය, ඒ වගේම අතෘප්තිකර තැන් කොහොමද සමහර දෙබස්වලින් සහ මුහුණේ ඉරියව් වලින් එළියට දාන්නේ කියන තැන් පිටපතේ සමහ‍ර දර්ශන වලින් ගොඩනගලා තිබුනා. මං කොහොමද ඒක සියුම් විදිහට අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වන ආකාරයට, නිර්මාණවලට අවැසි වෙන විදිහට ඉස්මතු කරන්නේ යන අභියෝගය මට තිබුණා.

මෙම සිනමාපටයෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

පසුගිය දවස්වල සිනමා පටයේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ අනුව අපි සිනමා ශාලා කිහිපයකට ගියා. එහිදී අපිට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. සමහර අය චිත්‍රපටිය දෙවන වර නරඹන්න ආපු අය, තෙවන වර නරඹන්න ආපු අය පවුල පිටින්ම එක්කරගෙන ආපු අවස්ථා තිබුනා.ඉතින් ඒ පිළිබඳ ඉතාමත් සතුටුයි.

මේ චිත්‍රපටිය ගැන ගොඩාක් දෙනා අතර රාවයක් ගිහින් තිබුණා.

මේ චිත්‍රපටිය ඉන්දියාවේ දමිළ චිත්‍රපටියක Remake  එකක් ඉලංගෝ රාම් කරලා තියෙන්නේ කියලා. සමහර අය ඇත්තටම නොදැනුම්වත්ව කතා කරලා තිබුණේ. සමහර අය දන්නේ නෑ “Perusu”  නමින් කරපු දමිල චිත්‍රපටියෙත් අධ්‍යක්ෂකවරයා ඉලංගෝ රාම් බව. ඔහුගේ Original  චිත්‍රපටිය තමයි සිංහල මාධ්‍යයෙන් කල ” නෙලුම් කුලුන ” චිත්‍රපටිය. දමිළ මාධ්‍යයෙන් ඉන්දියාවේ කරපු චිත්‍රපටිය තමයි “Perusu” . ඒක අධ්‍යක්ෂණය කළේ ඉලංගෝ රාම්. දැනට මෙය හින්දි වලින් Remake  කරන්න කටයුතු ලෑස්තියි. ස්පාඤ්ඤ, ඉතාලි සහ ඇමරිකාව වැනි රටවල් මේ චිත්‍රපටිය Remake  කරන්න ලෑස්තියි. පළමුවතාවට තමයි ලංකාවේ චිත්‍රපටියක් විදේශයන්හි ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒක සතුටට කාරණාවක්.

“නෙලුම් කුලුන” නැරඹු අයගෙන් ඉහළ ඇගයීමක් වගේම සමාජ මාධ්‍යවලින් කොටස් පමණක් නරඹා විවේචනය කරන ඇතැම් පිරිස් සිටිනවා.ඔබේ අදහස දැනගන්න කැමතියි ?

චිත්‍රපටියක් සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබෙන විචාරකයින් පමණක් නෙවෙයි වර්තමානයේ සමාජ මධ්‍ය හරහා පොදු ප්‍රේක්ෂකයාටත් පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ අදහස්, උදහස් කලා නිර්මාණ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න. චිත්‍රපටි වලට අදාළව පමණක් නෙමෙයි සමාජයේ සිද්ධවෙන ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් සිය අදහස් පළ කිරීම අපි වර්තමානයේ සමාජ මාධ්‍ය තුළින් සුලභව දකිනවා. පසුගිය දිනවල අපගේ නෙලුම් කුලුන චිත්‍රපටියේ ඇතැම් කොටස් පමණක් නරඹා ඇතැමුන් මෙය චිත්‍රපටියක්දවත් නොදැන විවිධ අදහස් පළ කර තිබුණා. සමහර තැනක ඊට රංගනයෙන් දායක වූ අපට පවා ද්වේශ සහගත ප්‍රකාශ කරලා තිබුණා. නමුත් චිත්‍රපටය නරඹපු කිසිවෙකුත් එය අයහපත් නිර්මාණයක් ලෙස කියනවා මා දුටුවේ නැහැ. බොහෝ දෙනා දෙතුන්වර චිත්‍රපටිය නරඹා තිබීම විශේෂත්වයක්. සමහර චිත්‍රපට ශාලාවල වසර දහයකට පසුව 9.30 දර්ශන වාරයක් සංවිධානය කර තිබුණා. ඒ වගේම 11.30 ට දර්ශන වාර සංවිධානය කරපු සිනමා ශාලා තිබුණා. බොහෝ අවස්ථාවල බොහොමයක් ප්‍රේක්ෂකයන්ට පළමුවර තමන්ගේ අසුන වෙන් කර ගැනීමට නොහැකි වූ අවස්ථා තියෙනවා. එක් දිනක දර්ශන වාර 83 ක් හවුස්ෆුල් වී තිබුණා. කර්මාන්තයක් විදිහට ඉතාමත් සතුටු විය හැකි මොහොතක් මේය.

ටෙලිනාට්‍යවල නිතර දකින්න නැත්තේ ඇයි ?

ටෙලි නිර්මාණවල මා නිතර දකින්නට නොලැබෙන්නේ මා ඒවාට නොයන නිසා නෙමෙයි මට ටෙලි නිර්මාණ ඉතාම අඩුවෙන් ලැබෙන නිසා. ලැබුණත් යම් යම් ගැටලු සහගත තත්ත්වයන් නිසා ඒවාට නොයන්නට සිද්ධ වීමයි. එසේ මා හට ටෙලි නිර්මාණ අඩුවෙන් ලැබෙන්නේ ඇයි කියන දෙයට මේ වන විට මා පැමිණ ඇති නිගමනය නම් මාගේ ගෙවීම් කේවල් කිරීමට මගේ ඇති අකැමැත්ත ප්‍රධාන සාධකයක්. ගෙවීම් ගැන ප්‍රශ්න නොකරන, අඩුමුදලට රඟපෑමේ නියැළෙන බොහොමයක් අය ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න විට මම වැනි රංගන ශිල්පීන් ට කොහොමත් වැඩ අඩුයි.. අනෙක් කාරණය ටෙලි නිර්මාණකරුවන් සිතනවා මා සිනමාවට හා වේදිකාවට පමණක් ඇලුම් කරන කෙනෙක් කියලා. මොකද කීපදෙනෙක් මඟින් විමසලා තියෙනවා ඔයා දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නෑ නේද කියලා. ඇත්තටම මම එහෙම දීර්ඝ ටෙලි නාට්‍ය කීපයකට සම්බන්ධ වෙලාත් තියෙනවා. කොහොම නමුත් ටෙලි නිර්මාණ වලට ලැබෙන ආරාධනා අඩුයි..

මේ ක්ෂේත්‍රයට ඔබ අවතීර්ණ වුණේ කොහොමද ?

මම කැලණිය සරසවියේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යයන කටයුතු කරමින් ඉන්න කාලේ තමයි මට රංගනයට අවතීර්ණ වෙන්න මුලින්ම අඩිතාලම වැටුණේ. මගේ නේවාසිකාගාරයේ, එකම Room  එකේ සිටි මිතුරියක් වන ලක්ෂි චන්දිමා ඇගේ නාට්‍ය හා රංග කලා විෂයට කළ යුතු ප්‍රායෝගික පරීක්‍ෂණයක් වෙනුවෙන් කළ කෙටි නාට්‍යයකට හදිසියේ මට කතා කරනවා රඟපාන්න ඇගේ නිළිය එයින් ඉවත්වීම නිසා. නමුත් මම මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා මට රඟපෑමට හැකියාවක් නොමැති බව පවසමින්. කොහොම හරි ඇගේ “පෙම්වතා නැතිවෙලා” කියන කෙටි නාට්‍ය ඇය මාව සම්බන්ධ කරගන්නවා. 2005 අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව පැවැති අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටි නාට්‍ය තරගාවලියේදී හොඳම සහාය නිළියට හිමි සම්මාන සහතිකය මට මගේ පළමු රංගනයට ලැබෙනවා. 2005 වසරේම තමයි මම සෝමලතා සුභසිංහ මහත්මියගේ කෝට්ටේ ළමා හා යොවුන් රඟහල පදනමට සම්බන්ධ වෙන්නේ නාට්‍ය වැඩමුළුවකට. එතුමිය තමයි මගේ රංගනයේ මුල් ගුරු. “විකෘති” ඇතුළු ඇයගේ සියලුම ළමා නාට්‍යවලට මා රංගනයෙන් සම්බන්ධ වුණා. පසුව කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් මම රංගනය ඉගෙන ගන්නවා. කෞශි අක්කගෙ  Work Shop එකේදි තමයි මට ප්‍රසන්න මහගමගේ මුණ ගැහෙන්නේ. ඔහුව අදටත් මගේ Acting Coach විදියට මම හඳුන්වන්න කැමතියි. කෞෂි අක්කාගේ නිෂ්පාදනයෙන්  Work Shop එක අවසානයේ “ග්ලැඩියේටර් ප්‍රේමය” කියලා Drama එකක් කරනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසන්න මහගමගේ හා නාමල් ජයසිංහයි. රාජ්‍ය හා යෞවන සම්මාන උළෙලවල මෙම නාට්‍ය හොඳම නාට්‍ය ඇතුළු සම්මාන රැසක් දිනා ගන්නවා. මගේ රංගනය වෙනුවෙනුත් රාජ්‍ය නාට්‍ය උළෙලදි හොඳම නිළිය ලෙස මා නිර්දේශ වෙනව. කැමරාවක් ඉදිරියේ මගේ මුල්ම රංගනය 2005 වසරේ මගේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මට Senior  ජීවන්ති මැණික් අක්කා කරපු Short Film  එකේ කළ රංගනයයි.

නිළියක් වීමේ සිහිනයක් පුංචී කාලේ ඉදන්ම තිබුණාද ?

රංගන ශිල්පිනියක් වීමේ ආශාවක් මට කුඩා කාලයේ මගේ හිතේ තිබුණේ නෑ. නමුත් මගේ තාත්තා වගේම අම්මත් කලා රසකාමීන්. ගීත රසවිඳීන්න, ගීත අහන්න ගීත ගායනා කරන්න කැමැති අය.මගේ අම්මටත් ගායන හැකියාවක් තියෙනව. තාත්තත් පාසලේ කවි ගායනා තරග වලට සම්බන්ධව හිටපු කෙනෙක්. මගේ පුංචිත් ඒ කාලේ හරියට නන්දා මාලනී මහත්මිය වැනි අයගේ ගීත කැසට් පට අහනවා. මම ඒ කාලේ ඉඳන්ම එතුමියගේ ගීතවලට ආසයි. මගේ තාත්තා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළේ. වරක් සමස්ත ලංකා රාජ්‍ය සේවක නාට්‍ය තරගාවලියේදී මගේ තාත්තා හොඳම නළුවාට හිමි සම්මානය ලබනවා ඔවුන් කළ නාට්‍යයට. තාත්තා අපිව නාට්‍ය චිත්‍රපටි බලන්න එක්ක යනවා. තාත්තත් එක්ක ගිහින් මම බලපු පළවෙනි චිත්‍රපටිය “සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා”.. මේ ආභාෂයන් මට රංගන ශිල්පිනියක් වීමට අවිඥානිකව හිතේ අදහසක් රෝපණය කරන්න ඇති. අවුරුදු 14, 15 කාලයේ මගේ සිහිනය වුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට..

රංගන ශිල්පනියක් නොවුණානම් ඔබ කිනම් ක්ෂේත්‍රයක් තෝරගනීවිද?

මං හිතන්නේ කෙනෙක්ට විය යුතු දේ කොයි මොහොතේ හරි මොනයම් හෝ හේතුවකින් නිර්මාණය වෙනවා. එය හරියට විශ්වීය දෙයක් වගේ. මං හිතන්නේ අපි එකිනෙකාට වෙනම සැලැස්මක් විශ්වයේ තියෙනවා කියලා. අපේ මේ ජීවිත කාලය හෝ වෙනත් කාලයක අප කළ කී දෑ අනුව ඒ සැලැස්මේ දේවල් එහෙ මෙහෙ වෙනවා කියලා. කෙනෙක් උපතින් යම්කිසි දෙයකට සුවිශේෂී හැකියාවක් අරගෙන එන්න පුළුවන්. නමුත් එය මතුකර ගැනීමට තමන් දක්ෂ විය යුතුයි. ඒවගේම එය උත්සාහයෙන් ප්‍රගුණ කළ යුතුයි. කොහොම උනත් රඟපෑම කියන විෂය මම කිහිප තැනකින් හැදෑරුවා.එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද දවසේදී මා කෙනෙක් කියනවා නම් සාර්ථක රංගන ශිල්පිනියක් කියලා ඒ පසුබිම හැදෙන්නේ. ඔබ අසන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු නිසා මෙසේ කියන්නම්. යම්කිසි කෙනෙක් යම් තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ එයා ඒ තැනට පත් විය යුතුව තිබුණ නිසයි. කොහොම වුණත් මම ජන සන්නිවේදන විෂය උපාධියට හැදෑරූ නිසා අනිවාර්යයෙන්ම මම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක නියැළෙන්න තිබුණ මුල සිටම. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේදී මා ස්වර්ණවාහිනි ආයතනයේ මාස නවයක පුහුණු වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට වැඩ කළා. නුග සෙවණ වැඩසටහන් හතක හෝ අටක නිවේදිකාවක් ලෙස කටයුතු කරා. මේ අත්දැකීම් එක්ක මම මුල සිට රංගන ශිල්පිනියක් නොවුනා නම් මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක්. කොහොම නමුත් උපාධිය රැගෙන වසර අටකට පසුව මම තාත්තාගේ ඉල්ලීමට රජයේ රැකියාවකට අයදුම් කරනවා . ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී තනතුරට බඳවා ගැනීමට තිබූ විභාගයකට සහ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව 2014 අවුරුද්දේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මම රාජ්‍ය සේවකයෙක් විදියට බැඳෙනවා. වසර නමය හමාරක සේවකාලයෙන් පසු මා දැනට පස් අවුරුදු නිවාඩුවක ඉන්නේ.

ඔබ මුලින්ම රංගනයට අවතීර්ණ වුණේ වේදීකාවෙන්.එදා පාසැල් වේදීකාවේදී රංගනයෙන් දායක වෙලා තියෙනවාද ?

මගේ පියා සමාජශීලී කෙනෙක්. ඔහු ගමේ සණස සමිතිය, සුබ සාධක සමිතිය වැනි සමිතිවල සභාපතිත්වය සහ වෙනත් තනතුරු දරමින් කටයුතු කළා. ගමේ පන්සලේ ද ප්‍රධාන දායකයෙක් විදියට කටයුතු කල නිසා දහම් පාසල මූලික කරගෙන පැවැත්වූ භක්ති ගීත, වෙසක් නාට්‍ය වගේ දේවල්වලට දරුවෝ විදියට එකල මම ද සම්බන්ධ වුණා. මා ප්‍රාථමික අධ්‍යාපනය හතර වසර දක්වා ගමේ පාසලෙන්ද පසුව සාමාන්‍ය පෙළ දක්වා හෙට්ටිමුල්ල බණ්ඩාරනායක ජාතික පාසලෙන් සහ උසස් පෙළ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවෙන් ලබා ගත්තා. පාසලේදී

විවිධ ප්‍රසංග සඳහා කුඩා නාට්‍ය කොටස්වලට සම්බන්ධ වුණා.

A/L  සදහා ඉතිහාසය, සංගීතය සහ සිංහල කියන විෂයන් තමයි මම හැදෑරුවේ. 2001 වසරේදී අප සමස්ත ලංකා ගී නළුව තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගත්තා. මෙවැනි දේවල් හැරෙන්න පාසලේදි මා නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරලා නැහැ.

ලක්ෂිත ප්‍රසාද් වීරසේන අධ්‍යක්ෂණය කළ “පෙටුනියා” කෙටි චිත්‍රපටියෙහි “මල්කී” මුදලට විකිණෙන සරාගී චරිතයක්.එවැනි චරිතයක් ආත්මීකරණය කර ගැනීමේදී ඔබට දැනුනු හැගීම් මොනවාද?

පිටපත් රචකයා සිය පිටපතේ ගොඩනංවා තිබූ චරිතය සහ අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වූ චරිතය සහ පිටපත කියවීමෙන් මා වටහාගත් මල්කී නැමති ජීවත්වීම පිණිස සිය සිරුර විකුණන තරුණියගේ චරිතය සම්මිශ්‍රණයක් ලෙස ගොඩනගන්න මං උත්සාහ කළා. ඇය සිය සිරුරෙන් පහස ලබාගෙන ඇයව ප්‍රශ්න කරන Free Thinking  පිරිමින්ව සහ සමස්ත සමාජයම සෘජුව සහ විවෘතව ප්‍රශ්න කරනවා. පිළිතුරක්,විසදුමක් නැතුව ප්‍රශ්න පමණක් ම තමන්ගේ ජීවිතයට ගෙනෙන මිනිසුන්ට තම විරෝධත්වය ඇය ප්‍රකාශ කරනවා. මල්කීගේ මේ චරිත ස්වභාවයන් රැගත් ඇතුළාන්තයේ හැඟීම් පරිස්සමට එළියට ගේන්න මම උත්සාහ කළා. Youtube තුළ නැරැඹුම් වාර මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට “පෙටුනියා” කෙටි චිත්‍රපටිය නරඹා තිබෙනවා. එය සතුටට කරුණක්.

මල්කීලා වැනි අයගේ ජීවීතවලට සමාජය හරහා විය යුත්තේ කුමක්ද යන්න ඔබේ අදහස දක්වන්න.

“පෙටුනියා” කෙටි චිත්‍රපටියේ “මල්කී” වැනි තරුණියන් නියෝජනය කරන්නේද අප ජීවත්වන සමාජයේම එක් කොටසක්. ඇය කරන්නේ ලෝකයේ ඉපැරණිතම වෘත්තිය. ලෝකයේ බොහොමයක් රටවල් නීතියෙන් ම මෙම වෘත්තිය කරගෙන යෑමට අවසර දීලා තියෙනවා. ලංකාවේ තවමත් එය නීතිගත නැහැ. කෙසේ නමුත් ඉල්ලුම ඇති නිසා සැපයුම සැපයීමට ඕනෑ තරම් වෘත්තිකයන් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මෙය විශාල සමාජීය ප්‍රශ්නයක් අපට පෙන්නනවා. නමුත් බොහෝ විට එය කතා කරන්නේ මෙම වෘත්තියේ නියැළෙන පිරිස ඉලක්ක කරගෙන පමණයි.”ඇයි ඔයා මේක අත ඇරලා කසාදයක් බඳීන්නැත්තෙ. හොඳ ජීවිතයක් ගතකරන් නැත්තේ” කියන ප්‍රශ්නය මල්කිට යොමු කළාට එයට විසඳුමක් ලබාදීමට සමාජයට නොහැකි වී තිබෙනවා. එසේ ප්‍රශ්න කරන පිරිමින් ම ඔවුන් සොයාගෙන පැමිණෙනවා. මෙය සමාජයීය ප්‍රශ්නයක් විදිහට මතුකර පෙන්වීම නිර්මාණකරුවා විසින් සිදු කර තිබෙනවා.

ඔබ රගපෑ චරිත අතරින් ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානය යොමු වුනේ කුමන චරිතයටද?

වේදිකාවේ නම් “ග්ලැඩියේටර් ප්‍රේමය” කියන වේදිකා නාට්‍යයෙන් තමයි ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් බොහොමයක් මගේ රංගන ධාරිතාව අඳුනා ගත්තේ. එම නාට්‍ය නරඹපු ප්‍රේක්ෂකයෝ අදටත් ඒ ගැන කතා කරනවා.එය 2010 වේදිකාගත වූවක්. මේ දිනවල “සඳුදා වැටෙන්නේ සිකුරාදට” වේදිකා නාට්‍යයේ චරිතයට ප්‍රේක්ෂකයින් ගේ පැසසුම ලැබෙනවා. ටෙලි නාට්‍යවල නම් 2010 කළ “සිහින පුරය” ටෙලි නාට්‍යයේ පින්කිගේ චරිතයට සහ පසුකාලීනව තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ “ලොක්කී” නමින් කළ චරිතයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. එම චරිතට මා දෙවරක් හොඳම සහාය නිළියට හිමි සම්මානයත් ලබා ගත්තා. සිනමාවේ නම් මා කළ සියලුම චරිත කතාබහට ලක්වනවා. “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටියේ “චිත්‍රාංගනී විජේරවීර ” ලෙස කළ රංගනයට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. මේ දිනවල තිරගත වන “නෙලුම් කුලුන ” චිත්‍රපටියටත් යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ජීවීතේ ආපසු හැරී බලද්දී අද දවස පිළිබඳ ඔබ තෘප්තිමත් ද ?

ඔව් අනිවාර්යයෙන්ම.. මම මගේ ජීවිතය දිහා හැරිලා බලද්දි තෘප්තිමත් විය හැකි ජීවිතයක් මං ගත කරලා තියෙනවා කියල මට සතුටු වෙන්න පුළුවන්. ජීවිතයේ යම් යම් මොහොතවල් වල පෞද්ගලික ජීවිතයේ හෝ වේවා වෘත්තීය ජීවිතයේ වේවා මට මුහුණ දීමට සිදු වූ කලකිරීම් සහගත තත්ත්වයන් හෝ හිත් රිදෙන තත්ත්වයන් පිළිබඳ ව නැවත නැවත සිතමින් ජීවිතය කළකිරවගන්නේ නැතුව ඉස්සරහට යන්න කැමති චරිතයක් මං. අපි අත්දැකීම් තුළින් තමයි ජීවිතය ඉගෙන ගන්නේ. ඒවා අපිව පෝෂණය කරනවා. ජීවිතය අත්හරින්නට පවා තරම් සිතෙන තදබල මානසික කම්පනයන් සම්බන්ධතාවයන් තුළ අත්විඳ තිබුණත් ඒවාම පන්නරය කර ගනිමින් ජීවිතයට ශක්තිමත්ම මුහුණ දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. මගේ ශක්තිය ගැන, ආත්ම විශ්වාසය ගැන මම සතුටුයි. ධනාත්මකව දේවල් දෙස බලමින්, අවබෝධයෙන් යා යුතු ගමනක් ලෙසට මා මේ ජීවිතය තේරුම් ගනිමින් ඉන්නවා. සතුට කිසි ලෙසකින් පිටතින් සෙවිය හැකි දෙයක් නොව තමන්ගේ ඇතුළාන්තයෙන්ම ගොඩනගා ගත යුතු දෙයක් බව අවබෝධ වෙමින් පසු කරන ජීවිතයක් තමයි දැන් මට තියෙන්නේ.

ඉදිරීයේදී දියණිය කලාවට යොමු කරන්න කැමැත්තක් තියෙනවාද?

ඇය කැමති නම් පමණක් රංගනය සඳහා ඇයව යොමු කරනවා. ඇයත් හැදෑරීමක් ඇතුළේ ගමනක් යනවා නම් තමයි මමත් කැමැති. මෙතෙක් ඇය රංගනයට කැමැතියි කියලා නැහැ. නමුත් ඇය වේදිකා නාට්‍ය නිර්මාණ නරඹන්න ඉතාමත් කැමතියි. ඇය අවුරුදු එකහමාරේදී පමණ සිටයි මගෙත් එක්ක නාට්‍ය පුහුණුවීම් වලට යන්නේ. ඒ නිසා ඇයට ඒ ගැන කැමැත්තක් ඇති. මා කරන නාට්‍යවල ඇතැම්විට බොහෝ දෙබස් ඇයට මතකයි. මගේ සමහර නාට්‍ය දර්ශන ඇය විසි වතාවක් පමණ නරඹා තිබෙනවා. මේ මෑත දවසක “නරි බෑනා” නාට්‍යය පෙන්නන්න රැගෙන යන ලෙස ඇය කළ ඉල්ලීමට එම නාට්‍යය පෙන්වීමට ලයනල් වෙන්ඩ්ට් රඟහලට මා ගියා. සමහර විට ඇය වේදිකා නාට්‍ය රංගනයට පිවිසේවි. මගේ මිතුරා තිසර ඉඹුලානගේ “මෝඩ තරීදූ” චිත්‍රපටියේ ඇය ඇගේ ප්‍රථම රංගනය සිදුකළා. ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට ගොස් වෙනත් රැකියාවක නියැළෙනවා නම් මම කැමැතියි. කෙසේ වෙතත් ඇගේ කැමැත්තට මම සහාය දක්වනවා.

ඉදිරි අනාගත වැඩකටයුතු මොනවාද ?

මගේ දරුවාට හොඳට උගන්වා යහපත් පුරවැසියෙක් කිරීම වෙනුවෙන් කැපවෙන එක තමයි මගේ ප්‍රධාන අරමුණ. රංගන ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තහම වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයකින් ඉදිරියේදී මාව දැක ගන්නට ලැබේ වි.තවත් සිනමාපට දෙකක් තිරගත වීමට නියමිතයි.ටෙලි නාට්‍ය කිහිපයකුත් විකාශය වීමට නියමිතයි.

 

වසුන්දරා කුමාරී ධර්මරත්න

Copied: සමහරු ද්වේශසහගත ප්‍රකාශත් කරලා තිබුණා – සරසවිය

21වැනි රයිගම් උලලෙළේ හොඳම නළුවා ප්‍රියන්ත සිරිකුමාර හොඳම නිළිය තරින්දි ප්‍රනාන්දු

2024වර්ෂයේ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන ‘රයිගම් ටෙලීස් 21 වැනි වසන්තය’ ටෙලි නාට්‍යය හා මාධ්‍ය සම්මාන උලෙළ පසුගිය දින ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ,නාට්‍යවේදී , පරාක්‍රම නිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන්

රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන් තියඩෝ, රයිගම් සමූහ ව්‍යාපාරයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ, අනුග්‍රහකත්වය දැක්වූ ආයතන ප්‍රධානීන් සහ විනිශ්චය මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති ඇතුළු සාමාජික සාමාජිකාවන්ගෙන්ද, කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලද්දේ අයදුම්පත් යොමු කිරීමෙන්ය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරැඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලැබිය. උලෙළ සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගැයීමට ලක් කර ඇත.

කලින් තීරණය කරන ලද ටෙලි නාට්‍ය හා රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සඳහා වන නිර්දේශ හා සම්මානලාභීන් විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබයි. ජනප්‍රිය හා ජනගත සම්මාන ජයග්‍රාහයකින් ප්‍රේක්ෂක මනාපය මත තෝරා ගැනේ. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය, ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය, ප්‍රේක්ෂක මනාපයෙන් 2025.02.28 දින සිට 2025.03.28 දක්වා තෝරා ගැනිණි. වඩාත්ම ජනගත ටෙලි නාට්‍යය, රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රවෘත්ති විකාශය, දීප ව්‍යාප්ත ජනතා සමීක්ෂණයන් තෝරාගනු ලැබුහ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මඟින් සිදු කෙරිණි .මේ අනුව සම්මාන කුලක හතක් ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, සඳහා පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු 28 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා මත විමසුමට විවෘතව පැවතිණි. මෙවර ජනගත සම්මාන කුලකය, වඩාත් ජනගත ටෙලි නාට්‍යය, ජනගත රූපවාහිනී වැඩසටහන, ජනගත ප්‍රවෘත්ති විකාශය පෙබරවාරි මස 20 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුව තිබිණි. එයින් සුදුසුකම් ලැබු සියලු දෙනාම එම සම්මානයට සුදුසුකම් ලැබුවෝය. සහතිකපත්, කුසලතා 06ක් සහ ජූරියේ විශේෂ ඇගයුම් සම්මාන 58කින් මෙවර සම්මාන උළෙල පැවැත්විය0. ප්‍රණාම සම්මාන 3ක් මෙවර ප්‍රදානය කළ අතර ජීවිතේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උලෙළකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙවර එම සම්මානය ප්‍රදානය කරනු ලැබුවේ ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පිනී අනෝජා වීරසිංහටයි. රූපවාහිනී නාළිකාව ඇගැයීම සහ කලාකරුවන්ට පිදෙන දහසින් බැඳී පියලි සමඟ සම්මාන මූරය අවසන් විය. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ ප්‍රධාන උලෙළ දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂවත් උළෙල සහ අවසාන සම්මාන රාත්‍රියයි. සියලූම සම්මානලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග සහ එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණාවරණයක් සමඟ ඔවුන්ගේ හැකියාව අගය කරමින් වටිනා සහතික පතක් ද පිරිනමනු ලැබිය.

‘කපුටු කොහෝ’

සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනය ගේය පද රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සංගීතමය වේදිකා හා සිනමා පර්යේෂණාත්මක නිර්මාණය ‘කපුටු කොහෝ’ මංගල දර්ශනය ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේ පැවැත්වීමත් සමඟ දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවීම ඇරැඹිණි.

සහෝදරත්වය ජාතික සමගිය හා සහජීවනය මූලික කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය ජන සංගීත නාද රටා හා දේශීය නර්තන රටාවලින් සමන්විත වේ. සාම්ප්‍රදායික වේදිකා නාට්‍යය ශෛලිය හා සිනමා තාක්ෂණය සම්මිශ්‍රණය වූ පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස මෙය දැක්විය හැක.

අමන්ද්‍යා උත්පලී, හර්ෂණ දිසානායක, අභිලාසි සන්තොස්කි, ඩිලාන් වික්‍රමසිංහ, රංගන දායකත්වය ලබාදෙන අතර රඳීන් රන්දිව්, සනුලි දුල්සේයියා, රුසිරු විදුනිත, සමඟ සිහේලී තූර්යා ළමා රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණයෙන් මහාචාර්ය සමන් පනාපිටිය, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වා බාලසුරිය දායකවන අතර නිෂ්පාදන කළමනාකරණය හා නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙනි.

චරිත අතලගේ ​ගේ Kuweni ප්‍රසංගය අන්තර්ජාති​ක සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

චරිත අතලගේ ගේ Kuweni the Musical 2024 ප්‍රසංගය WoW Asia Awards හිදී සම්මානයට පාත්‍රවී තිබෙනවා.

ඒ අනුව Innovation in Capturing a Life Style/ Entertainment Event සහ Achievement in Show Running and Stage Management යන සම්මාන කාණ්ඩයන්හි රන් සම්මාන දෙකක් දිනාගැනීමට Kuweni ප්‍රසංගය සමත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී Kuweni ප්‍රසංගයේ ඡායාරූපගතකරණය සහ වීඩියෝගතකරණය, සම්පූර්ණ ප්‍රසංගයේ සැලැස්ම, ප්‍රසංගයේ ගලායෑම, වේදිකා පරිපාලනය සහ කළමණාකරණය වැනි අංග අවධානයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

ලෝ ප්‍රකට සම්මානලාභී සංගීතවේදී A.R රහුමාන්ගේ ප්‍රසංග මාලාවන් සඳහා නිෂ්පාදන කටයුතු කරන BToS Productions මෙන්ම Imagine Dragons, Cigarettes After Sex වැනි අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම්හි ප්‍රසංගයන් නිෂ්පාදනය කරන Lollapalooza India වැනි ප්‍රබල තරඟකරුවන් සමඟ තරග වදිමින් මෙම ජයග්‍රහණය ලබාගැනීම සුවිශේෂියි.

සිංහබාහු චිත්‍රපටිය සිනමා ශාලාවක් තුළ අනවසරයෙන් පටිගත කර මුදා හැරීමේ වරදට චෝදනා ලද මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු දැනට සති කිහිපයකට පෙර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී

ආචාර්ය සෝමරත්න දිසානායක ගේ නිර්මාණයක් වූ සිංහබාහු චිත්‍රපටිය සිනමා ශාලාවක් තුළ අනවසරයෙන් පටිගත කර සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හැරීමේ වරදට චෝදනා ලද මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ ඉසුරු ෂාන් බාලසූරිය නමැත්තා දැනට සති කිහිපයකට පෙර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

යලිත් අධිකරණයට කැඳවූ ඔහු අද දින (ජුලි 24) පැවති විභාගයකින් පසුව තව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව ලබන අගෝස්තු 7වෙනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළිත් මෙම නඩුව විභාග කිරීමට නියමිතය.

කොළඹ බන්දුල රූපසිංහ

එක නාට්‍යක නාට්‍ය 6ක්!!!

එක නාට්‍යක නාට්‍ය 6ක්!!!
#මධුරගීජවනිකා දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය 6ක ප්‍රාසාංගික ජවනිකා එකතුවක්…

ඔබ කවුරුත් ආදරය කරන “නරි බෑනා”. “බක් මහ අකුණු”, “ජසයා සහ ලෙන්චිනා”, “ගජමන් පුවත”, “මධුර ජවනිකා” හා “ආනන්ද ජවනිකා” නාට්‍ය වලින් තෝරා ගත් හරවත් මෙන්ම ජනප්‍රිය නාට්‍ය ජවනිකා හා ගීත 20ක් දෙපැයකට ආසන්න කාලයක් වේදිකා ගත කරන මොහොතක්…

2024 මැයි 19 වෙනි ඉරිදා සවස 3.30ට හා 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ සිදුවෙන රංගනයක්…

WhatsApp Image 2024-05-16 at 18.07.20

#දයානන්දගුණවර්ධන
#dayananda
#DayanandaGunawardena
#නරිබෑනා
#naribena
#bakmahaakunu
#madhurajavanika

අපි මෙවර කතා කරන්න හිතුවා Upcoming Handsome කෙනෙක් එක්ක…

අපි මෙවර කතා කරන්න හිතුවා Upcoming Handsome කෙනෙක් එක්ක…

1) අපි ඔයා ගැන හඳුන්වාදිමක් කරලම  කතාබහ ආරම්භ කරමු නේද?

මගේ නම විඳුරංග ජයසිංහ. වයස අවුරුදු 29යි. පදිංචිය  කොළඹ දහය. රැකියාව වශයෙන්  qualified fitness trainer කෙනෙක් විදිහට වැඩ කරන අතරතුර    modelling & graphic designer  කෙනෙක් විදිහටත් වැඩ කරගෙන යනවා.

2) ඔයා නිරෑපණ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

දැනට අවුරුද්දක් වෙනවා.

3) නිරෑපණ ක්ෂේත්‍රය ගැන ඔයාගේ අදහස?

මොඩ්ලින් කරන්න ගැලපෙන අයට දුර ගමනක් යන්න පුළුවන් ක්ෂේත්‍රයක් විදිහට තමයි මට පේන්නේ.

4) ඔයා දැනට Shoots කියක් විතර කරලා තියෙනවද?

ෂූට්ස් දැනට පහළොවකට වැඩිය කරලා තියෙනවා. අතර  Clothing Brand ෂූට්ස් concept shoots වගේ දේවල් ඇතුලත්.

5) ඔයා ගොඩාක්ම කැමති මොනවගේ Shoots කරන්නද?

ෂූට්ස් වලට වඩා මං ගොඩක් කැමති Ramping වලට. මං දැනට walk with Glamour  Fashion show  එකේ සීනියර් මොඩ්ල් කෙනෙක් විදියට Ramp කරනවා. ඒ වගේම මං දැන් ඉන්න තැනට එන්න මට ගොඩක් සපෝට් කරේ Mr. Shanon  Angelo සර්ව මේ වෙලාවේ මම මතක් කරේ නැත්නම් ලොකු අඩුපාඩුවක්. Walk with Glamour Fashion Show  කියන්නේ සර්ගේ නිර්මාණයක්. මං ගොඩක් ආඩම්බරින් සහ සතුටින් ෂෝ එකත්  එක්ක වැඩ කරගෙන යනවා.

ස්තුතියි විදුරංග ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා High Fashion  අපි ප්‍රාර්ථනා කරනවා.

ස්තුතියි High Fashion!  ඔයාලාටත් එසේම ප්‍රාර්ථනා කරනවා.

FB_IMG_1711036234405 FB_IMG_1711036251148 FB_IMG_1711036259953

ඔහු නමින් සචින්ත සපුතන්ත්‍රි මේ ඔහු එක්ක High Fashion අපි කළ කතා බහයි.

ඔහු නමින්  සචින්ත සපුතන්ත්‍රි  මේ ඔහු එක්ක High Fashion අපි කළ කතා බහයි.

1)ඉතින් සචින්ත කොහොමද?

මම හොඳින් ඉන්නවා. මේ දවස්වල ටිකක් Busy.

2)ඔයා Modler කෙනෙක් ඒ වගේම 2022දී  The Walk Model Academy Graduation එකේ Best Model title එක ඔයා Win කලා ඒ වගේම තවත් එක එක Titles ඔයා Win කරලා තියෙනවා ඒ ගැනත් කියමු?

ඔව් මම 2022 The Walk Model Academy’s first ever Graduation Fashion Show එකේ, The Best Model Title එක කලා. ඒ වගේම  The Best Walk mini title එකත් win  කලා. ඒ වගේම IBFF Sri Lanka – Mr. Fitness Model competition එකේ 1st place Win කරා.
2023 di Sri Lanka’s Next  Top Model Premiere 3 එකේ  Best Finess title එකයි Best Body title එකයි win කලා.

3) සති අන්තයේ ඔයා Esoft එකේ Lectures කරනවා. කොහොමද ඒ ලැබෙන අත්දැකිම?

ඔව් ඒක ඇත්තටම මාර satisfying Experience එකක්. මම Esoft Metro Campus එකේ BSc Final Year students ලට Cryptography and Network Security subject එක lecture කරනවා. මගේ most recent batch එකේ 150+ students ලා හිටියා. මට ගොඩාක් happy වගේම ලොකු satisfaction එකක් ලැබෙනවා මම නිසා කෙනෙක් දෙයක් ඉගෙන ගෙන ඉදිරියට යනවා කියන එකට.

4) ඔයා Bodybuilder කෙනෙක් ඒ ගැනත් ටිකක් කියමු?

ඔව් මම natural bodybuilder කෙනෙක්. මම training කරන්න පටන් අරන් 18 years වෙනවා. මම consistently workout කරා වගේම diet එක maintain කරනවා ඒත් දැන් ටික කාලයක් workout කරලා steroids අරගෙන ලොකුවට ඇඟ හදාගත් අය ගොඩක් ඉන්නවා වාසනාවට සාමාන්‍ය සමාජයේ අයට ඒ ගැන අවබෝධයක් නෑ. කොහොම වුනත් තමන් කරන දේ results තමන්ටම තමයි දවසක face කරන්න වෙන්නේ. මම naturally achieve කරලා තියෙන දේ ගැන මට ගොඩක් සතුටුයි.

5) Modeling සහ lectures වලට අමතරව ඔයා මොනවද කරන්නේ?

ඇත්තටම මම full time Cybersecurity Consultant කෙනෙක්. ඊට අමතරව cryptography කෙනෙක්. hobbies විදිහට මම natural bodybuilding කරනවා. fashion and fitness modelling කරනවා. මට ඕන උනේ එක දේකට Limit වෙන්නේ නැතුව හැම පැත්තෙන්ම Grow වෙන්න.. මම මේ වෙනකොට industries ගානක ඉන්නවා ඒත් සමහර දේවල් මට නවත්තන්න උනා. time constrains නිසා. මම English teaching කරා, graphic designing, poetry, drawing and paining, lyricism, cricket blogging, website content writing, commercial script writing මගේ ගොඩක් දේවල් කරා ඒත් ඒ දේවල් නවත්තන්න උනා හැමදේටම Time මදි නිසා.

6)ආදරය ගැන ඔයාගේ අදහස මොනවගේද?

ආදරය කියන්නේ emotion එකක්. Oxytocin and dopamine කියන  hormones release උනාම දැනෙන දෙයක්. Dopamine කියන්නේ addictive hormone එකක්. ඒ නිසා තමා අපි ආදරේ දී blind වෙන්නේ. මිනිස්සු කියලා කියන්නේ social animal කෙනෙක්. ඒ නිසා අපිට තනියම ඉන්නත් බෑ. ඒ උනත් ආදරෙන් අන්ධ වෙලා අපිව විනාශ කරගන්නත් හොඳ නෑ. අපිට අපිවම  clone  කරලා අපේ partner විදිහට දුන්නත්   conflicts නැතුව එකට ජීවත් වෙන්න බෑ. ඒත් අපි  choose කරගන්න ඕන ගොඩක් දුරට අපේ ideas වලට opinions වලට lifestyle එකට වගේම likes and dislikes වලට match වෙන partner කෙනෙක්.

7)ඔයාගේ වැඩවලට පවුලෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ඇත්තටම මගේ lifestyle එකත් එක්ක මට නිදාගන්න ලැබෙන්නෙත්  limited time එකක් ඒ නිසා.  family support එක ගොඩක් important. Mage parents ලාගෙන් ලොකු loku support එකක් ලැබෙනවා.

8)මොනවද ඉදිරි සැලසුම්?

මගේ life එකේ purpose එක ‘Growth and Achievement’. මම ඉස්සරහටත් හැම පැත්තෙන්ම grow වෙන්න වගේම achieve කරන්න බලාපොරොත්තු වෙනවා.

9)High Fashion අපි ගැන ඔයාගේ අදහස?

High Fashion කියන්නේ youth එකට opportunities දෙන අලුත් දොරවල් open කරලා දෙන strong initiative එකක්. මට මේ opportunity එක දුන්නට ස්තුති කරන ගමන් High Fashion team එකට මම successful future එකකට wish කරනවා .

ස්තුතියි සචින්ත ඒ වටිනා අදහසට. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා High Fashion අපි ප්‍රාර්ථනා කරනවා.

.මෙලනි ෆ්‍රිසන්කෝටන්

IMG-20240218-WA0066 IMG-20240218-WA0073 IMG-20240218-WA0074 IMG-20240218-WA0065

නිරෑපණ ක්ෂේත්‍රයේ අලුත් මුහුණු තමයි High Fashion Upcoming Beauty හරහා අපි ගෙන එන්නේ.

UPCOMING BEAUTY

නිරෑපණ ක්ෂේත්‍රයේ අලුත් මුහුණු තමයි High Fashion Upcoming Beauty හරහා අපි ගෙන එන්නේ.

නෙත්මි ඔයා ගැන පුංචි හඳුන්වාදීමක් කරලම අපි කතාබහ පටන්ගමු..

ඇත්තටම මං  කියන්නේ හරි සරල විදිහට ජීවත් වෙන, ගොඩක් මිනිස්සු ආශ්‍රය කරන්නේ නැති පාඩුවේ ජීවත් වෙන ගෑනු ලමයෙක්.

කොහොමද ඉතින්  මේ දවස් ගතවෙන්නේ?

මේ දවස් වල මගේ ශූට් වල වැඩ කරගෙන යන ගමන් ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා.

නිරෑපණ ක්ෂේත්‍රයට ඔයා ආවේ කොහොමද?

මං නිරූපණ ක්ෂේත්‍රයට පොඩිකාලේ ඉදන් ලොකු කැමැත්තක් තිබුනා. නමුත් පොඩි පොඩි හේතු නිසා මට මගඇරුනා මේ ක්ෂේත්‍රයට එන එක. ඊටපස්සේ මං මේ ක්ෂේත්‍රය පිළිබදව හදාරලා යම්කිසි දැනුමක් ලබාගෙන තමයි දැනට අවුරුද්දකට කලින් විතර මේ ක්ෂේත්‍රයට ආවේ.

හීනයක් තියෙනවද මං මේ වගේ Shoot එකක් කරන්න ඕනේ කියලා.

ඇත්තටම මං හරි ආසයි වෙනස් විදිහට ශූට් කරන්න. එකක් කියලා නෑ. හිතේ ඇදුන ගොඩක් concept තියෙනවා කරන්න ආසාවෙන් ඉන්න.

ඔයාගේ වැඩවලට පවුලෙන් ලැබෙන සහයෝගය එහෙම මොනවගේද?

මුලින්ම නම් ගෙදරින් පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ මං මොඩ්ලින් කරනවට. හැබැයි දැන් නම් අම්මගෙනුයි තාත්තාගෙනුයි ලොකු support එකක් ලැබෙනවා මගේ වැඩ වලට.

මේ වෙනකොට Photoshoots කියක් කරලා තියෙනවද?

30 කට වැඩිගානක් කරලා තියෙනවා.

මේ නිරෑපණ ක්ෂේත්‍රය ගැන ඔයාගේ අදහස ?

නිරූපණය කියන්නෙ ලස්සන කලාවක් මං දකින විදිහට නම්. හරි විදිහට දැනුමක් එක්ක කරනවානම් ඉස්සරහට යන්න පුළුවන් හොද ක්ෂේත්‍රයක්. මමත් තාම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි. තව ගොඩක් දේවල් මට ඉගෙනගන්න තියෙනවා මේ ක්ෂේත්‍රය ගැන කියලා තමයි මං හිතන්නේ.

ඉදිරි බලාපොරොත්තු ගැනත් අපි කියමු.

ඇත්තටම දිගටම මේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න ආසයි. නමුත් මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න ආසයි. කොහොම නමුත් වෙන ක්ෂේත්‍රයක හිටියත් පුළුවන් හැම වෙලාවකම මට එන වැඩ පුළුවන් විදිහට කරගෙන යන්න තමයි මං බලාපොරොත්තු වෙන්නේ.

ස්තුතියි නෙත්මි අපි එක්ක ලස්ස්න කතාබහකට එකතු වුණාට. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා High Fashion අපි ප්‍රාර්ථනා කරනවා.

High fashion ඔයාලගෙත් වැඩ සියල්ලම සාර්ථක වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා .

FB_IMG_1708668485929 FB_IMG_1708668459083 FB_IMG_1708668421813 FB_IMG_1708668478603
මෙලනි ෆ්‍රිසන්කෝටන් .

  රෑමතියක් එක්ක තමා මේ කතාබහ. අචිනි හංසමාලී.

𝗧𝗔𝗟𝗞 𝘄𝗶𝘁𝗵 Achini Hansamali
ආයුබෝවන් අචිනි කොහොමද?
ආයුබෝවන්..හොඳින් සතුටින් ඉන්නවා. මේ දවස්වල මගේ වැඩ කටයුතු සුපුරුදු පරිදි කරගෙන ඉන්නවා.
කවුද මේ අපේ කවරේ පිටුව සරසන අචිනි?
මගෙ නම අචිනි හංසමාලි. මම මෝස්තර නිරූපිකාවක් විදියට කටයුතු කරනවා. දැනට ක්ෂෙත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් වගේ තමයි වෙන්නෙ. වයස 21යි. මම ගොඩාක් සරලව ඉන්න කැමති කෙනෙක්. ඒවා තමයි ඉතින් මගෙ විස්තර.
මේ දවස්වල හැමෝගේම ක්‍රශ් එක ඔයා එහෙම නේද?
අනේ මන්දා..ඒක නම් ඉතින් මම දන්නෙ නැහැ..ඒක එහෙමද?
සමාජ මාධ්‍ය තුල ඔයා ගැන හොයලා බැලුවම එහෙම තමා තේරැණේ. ඉතින් ඔයා තමයි Miss Sri lanka for Queen of the Island 2023. ඒ ගැනත් කියමු..
ඔව්.. Miss Intercontinental Sri Lanka 2023 තරඟාවලියේම පැවැත්වුණු තවත් තරඟයක් තමයි ‘Queen Of The Islands’ කියන්නේ. පහුගිය අගෝස්තු මාසයේදී තමයි මේ තරඟය පැවැත්වුණේ. ඉතින් ම⁣ට ‘Queen Of The Islands’ කිරුළ දිනාගන්න හැකි වුණා. ගොඩාක් සතුටුයි ඒ ගැන.
නිරෑපණ ක්ශේත්‍රයට එන්න. ලොව පිලිගත් රෑමතියක් වෙන්න ඔයා පොඩි කාලේ ඉඳන් හීන මැව්වාද?
නිරූපණ ශිල්පිනියක් වීමේ ලොකු කැමැත්තක් මට පොඩි කාලේ ඉඳන්ම තිබුණා. විශේෂයෙන්ම රෑම්ප් මොඩ්ල් කෙනෙක් වෙන්න. ඒක නිසාම තමයි උසස් පෙළ විභාගය අවසන් වූ විගසම මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණය ඉගෙන ගෙන නිරූපණ ක්ශේත්‍රයට පිවිසුණේ.
ඔයාගේ වැඩ කටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මුලින් නම් ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් දැන් නම් මාව තේරුම් අරගෙන අම්මයි තාත්තයි මට ලොකු සහයෝගයක් දෙනවා.
කවදාහරි එයා ඔයාට වඩා උස වෙන්න ඕන කියලා ඔයා කියලා තිබ්බා. ඒක මං කොහේ හරි දැක්කා. එයා කෙනෙක් ඉන්නවද?
දැනට නම් එයා කෙනෙක් නැහැ. ඉස්සරහට බලමු නේද?. හැබැයි උස විතරක්ම තිබිලා හරියන්නේ නැහැ. මාව තේරුම් ගන්න පුළුවන් ඉවසීමක් තියෙන උස කෙනෙක් තමයි වෙන්න ඕනි.
තේරැම් ගන්න පුලුවන් ආදරණිය උස කෙනෙක්. ඉතින් අචිනි ආදරේ කියන්නේ මොකක්ද ඔයා හිතන විදිහට?
ඒකට සුපැහැදිලි නිර්වචනයක් දෙන්න අමාරුයි මට. ඒක හැඟීමක්. කොහොම වුණත් මට දැනෙන විදියට නම් ආදරය මාරම සුන්දර හැඟීමක්.
අවසාන වශයෙන් මොනවද අචිනි ඔයාගේ Future Plans?
එහෙම ලොකු ලොකු future plans, goals ගොඩාක් නැහැ මට. පුංචි බලාපොරොත්තු අතලොස්සක් තමයි තියෙන්නේ. නිරූපණ ක්ෂෙත්‍රයේ කාලයක් රැඳී සිටිමින් ඉදිරියට යෑම එයින් එකක්.
ඒ අතලොස්සක් වු බලාපොරොත්තු වුවත් ඒවා සාර්ථක කරගෙන ඉදිරියට ලස්සන ගමනක් යන්න අචිනී High Fashion අපි ඔයාට සුබ පැතුම් එකතු කරනවා.
FB_IMG_1706879463304 FB_IMG_1706879485593 FB_IMG_1706879585783 FB_IMG_1706879589243
මෙලනි ෆ්‍රිසන්කෝටන්.