“මම වුවමනාවකට මුදල් අරන් යන්න ආවේ, කරුණාකරල මට ගණුදෙනු කාරයෙකුට වගේ සළකන්න”

සාකච්ඡා කලේ- පාලිත අබේලාල්

ඔහු විටෙක මාධ්‍ය සහෘදයෙකි. තවත් විටෙක පුංචි තිරයේ තිරෙන් පිටු පස වැඩකරුවෙකි. එතකොට වේදිකාව? ඉතිං ඒ නම් ඔහුගේ හද ගැහෙන රාවයයි. මේ අටුවා ටීකා වලින් සැරසුවේ කපිල කුමාර කාලිංගයන් රසික ඔබට අමුත්තෙකු නොවන බව නොදන්නා නිසා නොවේ….ඔහු කලාවේ වෙසෙස් කොන්වල හසල නිර්මාණකරුවෙකු නිසාය..

මෙවර ඔහු වේදිකාව සරසන්නේ සුභ නැකතින් ”බැංකුවීරයා” කැන්දන් එමිනි. එහි මංගල දර්ශණය මේ මස 19 වන දින සවස 6.30ට මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී රංගගත කිරීමට ලහි ලහියේ සූදානම් වන මොහොතක බොස්ටන් ලංකා සමග එක් වෙමින් ඔහු සිය නිර්මාණ දිවියේ අලුත්ම තොරතුරු දිගහැරියේ මෙලෙසිනි.

කවුද මේ බැංකු වීරයා?

අපි මෙහෙම කිව්වොත්, වීරයෝ එක රාත්‍රියකදී ද්‍රෝහීන් බවට පත්වෙනවා. වීරයෝ චෞරයෝ බවටත් පත්වෙනවා. චෞරයෝ වීරයෝ බවටත් එක වෙලාවක පත්වෙනවා. මේක රොබින්හුඩ්, සරදියල් වගේ පහළ සමාජ ශ්‍රේණි වල අයට වගේම රාජ්‍ය නායකයන්ට පවා ඇතිවිය හැකි පොදු තත්ත්වයක්. එක කාලෙක රාජ්‍යයට දුෂ්ඨයෙක් වෙන මැන්ඩෙලා පසුව ලොක් ප්‍රජාවගේම වීරයෙක් බවට පත්වෙනවා. මම මේ නාට්‍යයේදී චෟරයෙකුට පවා වීරත්වය පුදකිරීමට සූදානම්වන අවස්ථාවන් තිබිය හැකිය කියන කාරනාව තේමා කරගන්නවා. ඇත්තටම චෟරත්වය සහ වීරත්වය යනු එකම කාසියක දෙපැත්ත.
16195855_381127038912423_2653205063380205776_n

එතකොට මේ නාට්‍යයේ සිදුවීම් මාලාව ගොඩනැගෙන්නේ බැංකු කොල්ලකෑමක් කේන්ද්‍රකරගනිමින්?

ඔව්, අපිට පසුගිය කාලේ එක එක තාලෙ බැංකු කොල්ලකෑම් අහන්නට දිකින්නට ලැබුන. මේ නිසා බැංකුවල මුදල් සම්බන්ධයෙන් ජනතාව තුල අනාරක්ෂිත හැගීමක් ඇතිවුනා. ජනතාව තුල බයක් ඇතිවෙන විට කොල්ලකරුවන්ගේ ඇතිවුණේ නිර්භීත කමක්. මේ කොල්ලකෑම් වලට සම්බන්ධවුනේ බහුතරයක් තරුණයන්. ඇත්තටම මේ තරුණයන්ගේ ජීවිත වලටත් බලාපොරොත්තු තියෙනවා. මේ බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමට ඒ අයට මුදල් අවශ්‍යයි. මේ සිදුවීම් වල විශාල ඛේදවාචකයක් වගේම උත්ප්‍රාසයකුත් තියෙනවා. මගේ මුදල් අවශ්‍යතාවයකට විසදුමක් හොයන්නේ බැංකුවක් කඩල නම් මම බැංකුව සමග ගණුදෙනු කරන්නේ බැංකු කොල්ලකෑම තුලින්. මගේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන කලන්සූරිය තරුණයෙක්. ඔහු නිතරම කියන කතාවක් තමයි “මම වුවමානවකට මුදල් අරන් යන්න ආවේ. කරුණාකරල මට ගණුදෙනු කාරයෙක් විදියට සළකන්න. මම හොරෙක් නෙවේ” කියල. මේ ගණුදෙනු කිරීමේ අවශ්‍යතාවය අපි හැම කෙනෙකුටම ඇතිවෙලා නැද්ද? මේ කොල්ලකාරයා අපි හැමෝම තුල නැද්ද?

16265998_381126992245761_7239183977910756141_n

ඇතැම් විට සංස්කෘතියෙන් හෝ නොහැකියාවෙන් වසාගෙන හෝ මර්ධණය කර සිටින මේ කොල්ලකාරයා සාධාරණය කිරීමද ඔබේ මේ උත්සාහය?

ඇත්තටම නැහැ, මේ නාට්‍යට අනුව ඔහු කොල්ලකෑම සිදුකරන්නේ නෑ. ඔහු මේ බැංකුවේ සේවයකරන අය සමග සාකච්ඡාවක යෙදෙනවා. එයින් ඒ ඒ අය අතර අන්තර් සබදතාවයක් ගොඩනැගෙනවා. ඒ සබදතා තුල සමජය ධූරාවලියේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න අයත් මෙවැනි දැවෙන ප්‍රශ්ණවලින් පෙළන බව නිරාවරණය වෙනවා. ඔවුන් සියළුදෙනාම අසම්පූර්ණ ජීවිත ගතකරන අය. ඇත්තටම මේ අර්ථක්‍රමය තුල අපිට පරිපූර්ණ ජීවිතයක් හිමිවෙනවාද? යම්කිසි භෞතික භාණ්ඩයක් හෝ කීපයක් හිමිකරගෙන තමන් පරිපූර්ණ ජීවිතයක් අත්පත් කරගත්තා කියල අපි හිතුවත් ඇත්තටම අපිට සම්පූර්ණ ජීවිතයම අත්පත්කරගැනීමට හැකිවෙලා තියෙනවාද? මේ රික්තකය අවබෝධ කරගැනීමට නොහැකි තත්ත්වයක තමයි අපි අද ඉන්නේ. අපි හිතනවා මේ හිඩස මුදල් වලින් පුරවාගැනීමට හැකියි කියල. නමුත් ඇත්තටම ඒ හිඩස මුදල් වලට පිරවීමට හැකිද?

16195907_381126962245764_4380991814240605356_n

දීගු නිහැඩියාවකින් පසු නාට්‍ය නිර්මාණය කිරීමට යොමුවුනේ ඇයි?

ඇත්තටම මම පසුගිය කාල වකවානුවේදී නාට්‍ය නිර්මාණ කරණයෙන් ප්‍රසිද්ධ වේදිකාවට නොපැමිණියත් මම නාට්‍ය කලාව සමග සමීපව තමයි ගැවසුනේ. විශේෂයෙන්ම මම මේ වෙනකොට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගලා පිළිබද ප්‍රායෝගික බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවයකරනවා. මේ අත්දැකීම් ගොන්නත් සමග මම ලෝක නාට්‍ය දින දෙකකදී තරුණ නාට්‍ය කණ්ඩායම් දෙකක් සමග පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණ දෙකක් කලා. එකක් අපි රංගගතකළේ පිහිණුම් තටාකයක. මේක අපි Pool Theatre කියල හැදින්නුවේ. අනෙක් නාට්‍ය ” මාතෘකාවක් නොමැත” කියන නාට්‍ය. මේ නාට්‍යයේ විශේෂත්වය නාට්‍ය සිදුවන්නේ වේදිකාවේ නොවේ,ප්‍රේක්ෂාගාරයෙයි.

සාකච්ඡා කලේ- පාලිත අබේලාල් (palithaabelal@gmail.com)

රජයකට කඩේගියා කියල වරදාන ලබාදීම හෝ රජය විවේචනය කලා කියල වෙනස්කම් කිරීම විය නොයුතු දෙයක් – ප්‍රවීණ නාට්‍යෙව්දී පරාක්‍රම නිරිඇල්ල

සාකච්ඡා කළේ : පාලිත අබේලාල්

දේශීය කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ කර්තව්‍යය අපේ රටේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් මීට කලකට පෙර ඇරඹි කාර්යයකි. එහි ඇති වැදගත්කම සහ එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ කෙසේද යන කාරණා පිළිබද කතාබහ කරනට බොස්ටන් ලංකා අපි හමු වුණේ  ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතාය.

ඒ මෙම දැවැන්ත කාර්්‍යෙය් පුරෝගාමියා ඔහු බැවිනි.

කලා සහ සංස්කෘතික ප්‍රතිපත්තියක් නිර්මාණය වීමේ අවශ්‍යතාවය පැහැදිලි කළොත්?

බොහෝ කලාකරුවන් තමන්ගේ ස්වාධීන ශක්තියෙන් සහ සම්බන්ධතා තුල තමන්ගේ කලා කටයුතු කරගෙන තමන්ගේ පැවැත්ම නිර්මාණය කරගන්නවා. නමුත් පොදුවේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවේ ඒක. කලාව හා සංස්කෘතිය හා සම්බන්ධ සියළු කාර්යයන් සදහා රටකට එක ප්‍රතිපත්තියක් තිබියයුතුයි. රජයකට කඩේගියා කියල වරදාන ලබාදීම හෝ රජය විවේචනය කලා කියල වෙනස්කම් කිරීම විය නොයුතු දෙයක්.

ඔස්ට්‍රේලියාවේ නාට්‍ය කණ්ඩායමක් ඉන්නවා ඇබොර්ජින් වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්මාණ කරන. මේ කණ්ඩායම රජය දැඩි විදියට විවේචනය කරනවා. නමුත් රජය කිසිම විදියකින් ඒ අයට බලපෑම් කරන්නේ නෑ. රජයේ අදහස “මේ වගේ විවේචන නැත්තං අපි කොහොමද ඒවගේ ප්‍රශ්ණ තියෙනවා කියල දැනගන්නේ” කියලයි. ඒ කලාකරුවන්ගේ පැවැත්ම සුරක්ෂිත වෙලා තියෙන්නේ මේ කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය නිසා. විශේෂයෙන් ඕස්ට්‍රේලියානු කලා මණ්ඩලය විස්න් ජනතාවගේ සංස්කෘතිය වගේම සංස්කෘතියට ඇති අයිතියත් ඉහළ මට්ටමින් සුරක්ෂිත කරලා තියෙනවා. ඒ තුල කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ භෞතික සංවර්ධනයක් වගේම මානව සංවර්ධනයක් අතිකිරීමට සමත්වෙලා තියෙනවා.

මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකවිම රටේ සමස්ථ ජනතාවගේ යහපැවැත්මට මොන ආකාරයකින් බලපායිද?

කලාව තියෙන්නේ කලාකරුවන්ගේ පැවැත්ම සදහාම නොවේ. සමස්ථ සමාජයේම යහ පැවැත්ම සදහා. මේ ප්‍රතිපත්තිය මගින් කලාව සහ සංස්කෘතිය හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සවිබල ගැන්වීම සිදුවෙනවා. උදාහරණ විදියට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල කලාව සහ සංස්කෘතිය පිළිගැනීමකට ලක්කිරීමට හැකිවෙනවා. මෙයි ඉහළ රසවින්දනයකින් යුත් සංවේදී අනාගත පරපුරක් නිර්මාණය කරගැනීමේ හැකියාව අපිට උදාවෙනවා. මේක ඇත්තටම කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. කලාව රසවිදීම පුරවැසියන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා අතරට නොගැනෙන අද දවසේ කලාවට නියම ස්ථානය ලැබීම තුල පුද්ගල සංවර්ධනය වගේම කලාව සදහා විශාල අවකාශයක් නිර්මාණය වීම සිදුවෙනවා. මේ සංවර්ධනය අවසානයේ ලැබෙන්නේ සමස්ථ ජනතා ජයග්‍රහණයක් විදියටයි.

වත්මන් රජය මේ කෙරෙහි දක්වන්නේ මෙනවගේ අකල්පයක්ද?

සංස්කෘතිය පිළිබද රජයේ ආකල්පය මේ සංස්කෘතික ඇමති පත්කිරීමෙන්ම තේරෙනවනේ. වෙන රටවල සංස්කෘතිය කියන්නේ ඒ රටේ ප්‍රධාන ස්ථානයක් හිමිවෙන ක්ෂේත්‍රයක්. නමුත් අපේ හණමිටි අදහස් තියෙන ඇමතිලා හින්ද මේ අංශය අතීතයේ ඉදන්ම අක්‍රීය අමාත්‍යංශ බවට හංවඩු හැහිල තියෙන්නේ. මේ යහපාළන ආණ්ඩුව යටතේත් ඒක එහෙමමයි. දැනට කොළඹ කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මකවෙන මෙගාසිටි ව්‍යාපෘතියට අපි අපේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි භෞතික සංවර්ධනයට කිසිසේත්ම විරුද්ධ නැහැ. නමුත් මේ භෞතික සම්පත් පරිහණය කරන පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය කිසිසේත්ම නොතැකීම තුල මේ සිදුකරන්නට යන්නේ සැබෑ සංවර්ධනයක්ද කියන ගැටළුව ඇතිකරනවා.මේ තත්ත්වය රජය විසින් පිළිඅරගෙන රජය විසින්ම ස්ථාපනයකර සෑම අංශයකටම ව්‍යාප්ත කළයුතු දෙයක්. නමුත් තවමත් රජය මේ කෙරෙහි දක්වන්නේ අඩු අවධානයක්.

මේ වගේ තත්ත්වයක් තුල මේ කාර්යය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

විශේෂයෙන් කලාකරුවන්, සංස්කෘතික ක්‍රියාකාරිකයින් වගේම පොදුවේ මහජනතාව මේ වගේ සංස්කෘතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකවීම හමුවේ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබද දැනවත් කරලීම අත්‍යවශ්‍ය දෙයක්. මේ සදහා අපි රටේ බුද්ධිමතුන්ට වගේම මහජනතාවටත් ආරාධනා කරනව මේ පිළිබදව මීට වඩා අවධානයක් යොමුකරවන්න කියල. ඒවගේම ඔබට හැකි ආකාරයෙන් මේ පිළිබදව නිවැරදි දැනුම අරගෙන, අනෙක් අයටත් සංනිවේදනය කරන්න කියන ආරාධනයත් මේ මොහොතේ මම කරනවා. අපි සාමූහිකයක් විදියට සියළුම ප්‍රජාවන් දැනුවත් කරලීමේ කාර්යයේ යෙදීසිටනවා.

සාකච්ඡා කළේ : පාලිත අබේලාල් (palithaabelal@gmail.com)

ගිම්හානයේ ගීයෙන් ඔබව මුසපත් කළ උපයංග

උපයංග ශ්‍රී වික්‍රම කියන්නේ නවක සංගීත අධ්‍යක්ෂකවරයෙක්.ඒ වගේම වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. වෙනස් විෂයන් ද්විත්වයක දස්කම් විදහන උපයංග බොස්ටන් ලංකා සමගින් පිළිසඳරකට එකතු වුණේ මේ විදියට.

උපයංග ඔබ ක්ෂේත්‍ර කිහිපයකම දක්ෂයෙක් ?

ඒත් මම හරිම සරල මනුස්සයෙක්. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක් , කලාවට ගොඩාක් ආදරේ කරන ගී පද රචනය, තනු හා සංගීත නිර්මාණය කරන පුංචි කලා කාරයෙක් , හෙට අනිද්දට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්.

ඔබ කොහොමද සංගීතයට යොමුවෙන්නේ ?

ඇත්තටම මං පාසලේදිවත් සංගීතය හදාරලා නෑ, නමුත් සංගීතයට ගොඩාක් ලැදියි. ඉතිං ස්වයං අධ්‍යයනයෙන්ම සංගීතය ඉගෙනගෙන දැඩි කැමැත්ත නිසාම සංගීතයට යොමුවුණා.

එහෙම ආපු ගමනේ මිනිස්සු ඔබව හඳුනාගන්නේ කොහොමද ?

මගේ ප්‍රථම නිර්මාණයෙන්ම මිනිසුන් අතරට යන්න මං ගොඩාක් වාසනාවන්ත වුණා,මං සුරේන්ද්‍ර පෙරේරාට නිර්මාණය   කරපු ගිම්හානයේ ගීය තමයි මගේ මුල්ම නිර්මාණය, ඒක අතිශයෙන්ම ජනප්‍රිය වුණා, තවමත් ඒ ගීයට නොඅඩුව ප්‍රතිචාර ලැබෙනවා.

අද වෙනකොට ලංකාවේ සංගීතය කියන්නේ බිස්නස් එකක් ? ඔබත් සංගීත මුදලාලි කෙනෙක්ද ?

කොහෙත්ම නෑ සංගීතය මගේ වෘත්තිය නෙවේ , සංගීතය මගෙ ජීවිතේම කොටසක්.

එහෙම මුදලාලි කෙනෙක් නොවන්න ඔබ කටයුතු කරන්නේ කොහොමද?

මං මගේ නිර්මාණ වල තත්වයක් තියාගන්නවා හැම වෙලේම, කවදාවත් ඒකාකාරි වෙන්නේ නෑ, ඒක මගේ ගීත අහපු අය දන්නවා, අනිත් එක මට රැකියාවක් තියෙනවා ඒක නිසා මට සංගීතය විකුණලා ජීවත්වෙන්න අවශ්‍යය නෑ.

සංගීත ක්ෂේත්‍රය අද එක කොට්ඨාසයකගේ රජ දහනක් වෙලා කියලා මම කීවොත් ඔබ එකඟද ?

එහෙම කියන එකේ වරදක් නෑ. නමුත් රජ දහනක් නෙවේ ආක්‍රමණයක්. බලහත්කාරයෙන් අර කලින් කිව්ව මුදලාලිලාගේ මුදල් බලයට ඒ උදව්වෙන් ක්ෂේත්‍රය අල්ලා ගැනීමක්.

කොයිතරම් අය ක්ෂේත්‍රයට ආවත් හැමෝටම එකවගේ පවතින්න බෑ.මොකක්ද ඒකට හේතුව?

හේතුව මිනිස්සුන්ට මතක හිටින නිර්මාණ කරන්න බැරිවීම, දැන්කාලේ ගොඩාක් ජනප්‍රිය ගී කියන්නේ මිනිස්සුන්ට බලෙන් අස්සලා බලෙන් වැලඳගන්න සලස්සවපුවාට,ඒ වගේ නිර්මාණ හිතට වැදුනට ,හිතට ආමන්ත්‍රණය කරන්නේ නෑ, ඉතිං හිතේ රැඳෙන්නේ නෑ , නිර්මාණකාරයන්ටත් ඒ ඉරණමම තමා, ගීත තොග ගණන් කරපු අයට වඩා එක්  හොඳ ගීයක් විතරක් කරලා මිනිසුන්ගේ හිත්වල සදාකාලිකවම පැලපදියන් වෙච්ච නිර්මාණශිල්පීන් ඉන්නවා

ඔබේ ඉදිරි  නිර්මාණ  ගැන සඳහන් කලොත්?

ප්‍රවීන හා නවක ගායන ශිල්පීන් කිහිප දෙනෙක්ටම ගීත කිහිපයක් කරලා තියෙනවා,ඒවා එකින් එක රසික රසිකාවියන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ අතර මං ගායනා කල ගීත කීපයක් ඇතුලත්වේවි. එලෙසම තිළිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණයක්, චතුරංග ජයමාල්ගේ නිෂ්පාදනයක් වන පිටස්තරයා ටෙලි නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණය මගේ අතින් සිදුවුණා , එය හෙට අනිද්දම බලන්න පුළුවන් . එලෙසම තවත්  චිත්‍රපටයක් මගේම අධ්‍යක්ෂණයක් ලෙසින් මේ වසරේදි තිළිණ කරනවා, එය නිෂ්පාදනය කරනු ලබන්නේ සුගත් මිල්රෝයි පෙරේරා. ගොඩක් වෙනස් අත්දැකීමක් වෙයි හැමෝටම. වෙනස්ම ප්‍රමිතියකින් යුතු නිර්මාණයක් ඒක.

විශේෂයෙන් මතක් කලයුතු අය ඉන්නවද?

ඔව් මුලින්ම මගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාම, මගේ මුල් නිර්මාණයට පණ දුන් සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු මගේ නිර්මාණ සඳහා දායකවූ සියළු ප්‍රවීන නවක කලාශිල්පීන්ට, මගේ ලඟ හිඳිමින් මට විශාල හයියක් වුණු රාඝා මිඩියා පවුලේ සියලු දෙනාටම. සියලුම රූපවාහිනී ,ගුවන්විදුලි ,මුද්‍රිත හා වෙබ් මාධ්‍යය සඟයන්ට ,මාකෙරේ විශ්වාසය තැබූ සියලුම  නිෂ්පාදකවරුන්ට, පදරචකයන්ට.නිර්මාණ රසවිඳි, දිරිමත් කල සියලුම රසික රසිකාවියන්ට

සංඛ රඹුක්වැල්ල

(m_sankarambukwella@yahoo.com)

ලේ වලට වඩා ආදරය බලවත්ය. මේ ඒ ගැන කතාවයි

ලේ වලට වඩා ආදරය බලවත්ය. මේ ඒ ගැන කතාවයි.  “දෙයක් වේනම් යම් – සුදුස්සාටම අයිති විය යුතු” යන සනාථන දහම රජයන කතාවයි. ඉතින් ඒ කතාව ගැන තවත් අටුවා, ටීකා, ටිප්පනී අවශ්‍ය නැත.

පරම්පරා ගණනක් පුරා දේශීය නාට්‍ය වංශයේ අද්විතීය ස්ථානයක් සරසන්නට සොදුරු සුදුස්සෙක් වු හුණුවටයේ කතාව වයස අවුරුදු 50 සැමරීමට සූදානම් වන බව නාට්‍යෙලෝලී ඔබට දැනුම්  දෙන්නේ හදපිරි සතුටිනි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබද සොදුරු කතිකාවකට බොස්ටන් ලංකා සමගින් අප හමුවූයේ හුණුවටයේ අධ්‍යක්ෂ හෙන්රි ජයසේනයන්ගේ පුත් සුදාරක ජයසේනයි.

·         හුණුවටයේ කතාව අවුරුදු 50 උපන්දිනේ ජයටම සමරන්නද සූදානම?

මේ මාසෙ (මාර්තු) 08 වන දිනට අවුරුදු 50 පිරීම නිමිත්තෙන් මරදාන ටවර් හෝල් රගහලේදී එදින සවස 6.00 විශේෂ නාට්‍ය දර්ශණයක් අපි විසින් සංවිධානය කර තියෙනවා. මේ සදහා නාට්‍ය ලෝලී සියලුදෙනාටමත්, හුණුවටයේ කතාව සමග අත්වැල් බැදගත් සියලුම සහෘදයන්ටත් මේ අවස්ථාවට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිනවා.

1486309267693-7569b49f-928b-4f92-9239-71e8065d4cf0

·         මේ අනුවර්තන නාට්‍ය දැන් අපේ නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා නේද?

ඇත්ත, අද වෙනවිට මේ නාට්‍ය විදේශීය නාට්‍යයක් කියන එක පවා අමතක වෙලා අපේ ජනතාවගේ ලේ හා බද්ධ වුණු නාර්මාණයක් බවට පත්වී තියෙනවා. මේකට ප්‍රධාන වශයෙන් මේ නාට්‍යයේ කතාව හේතුවක් වන්න ප්‍රලුවන්. මොකද මේ කතාව අපේ ජාතක පොතේ එන “උම්මග්ග ජාතක කතාව” ට සමීප සම්බන්ධතාවයක් දක්වන නිසා. මීට අමතරව ප්‍රධාන වශයෙන් පරිවර්තන කාර්යයේදී දේශීය ජනතාවට සමීප වහරක් සහ යෙදුම් යොදාගැනීම වගේම, නාට්‍ය සංගීතයත් ප්‍රධාන වශයෙන් මේ තත්ත්වය ඇතිකරන්න හේතුවෙලා තියෙනවා. ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ දේශීය නාද තාල ඔස්සේ මේ නාට්‍ය වෙනුවෙන් නිර්මාණය කරපු සංගීතය හුණුවටයේ කතාවට විශාල ආලෝකයක් ලබාදී තියෙනවා.

1486309932650-9271adf1-248a-4f26-ad01-2712c6c8a7ad

·         ඔබේ මව සහ පියා රගපෑ චරිත අද නව පරපුරේ රංගන ශිල්පියෙකු සහ රංගන ශිල්පිණියක විසින් නිරූපණය කිරීම දැනෙන්නෙ කොහොමද?

අපේ අම්මගෙ සහ තාත්තගෙ ජීවිතයේ එක් කොටසක් තමයි මේ නාට්‍ය. ගෲෂා සහ අසඩක් කියන චරිත ලාංකික සමාජය වෙතට ගෙනයාමේදී විශාල කාර්යභාරයක් ඒ දෙදෙනා විසින් සිදුකලා. මේ කාර්යය වර්තමානයේ ඒ චරිත දෙක නිරූපණය කරන රුවිනී මනම්පේරි සහ නලින් ප්‍රදීප් උඩවෙල විසින් සාර්ථක අයුරින් සිදුකරනවා. මේ දෙදෙනා මගේ පියාගේ අධ්‍යක්ෂණය යටතේ මේ චරිතයන් නිරූපණයන් කිරීමට යොමුවූ අය. ඒ නිසා තාත්තගෙ උපදෙස් සහ ගුරුහරුකම් යටතේ සාර්ථක අයුරින් ඒ චරිතයන් නිරූපණයේ යෙදෙනවා. ඒ ව‍ගේම මේ නාට්‍යයේ සාර්ථකත්වය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරණ අපේ නාට්‍ය කණ්ඩායමේ සියලුම සාමාජිකයන් හටත් මාගේ කෘතඥතාවය පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

1486309615060-b2e24e05-2963-4e53-99f4-fc06718fa9b7

·         හුණුවටයේ කතාව නාට්‍ය ලාංකීය වේදිකා නාට්‍ය කලාවට සිදු කළ බලපෑම ඔබ දකින්නෙ කොහොමද?

ජනප්‍රිය විදේශීය නාට්‍යකරුවකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් මුලින්ම ලංකාවට හදුන්වා දුන්නේ මේ හුණුවටයේ කතාව තුලින්. එයින් නාට්‍ය කලාව වෙත විශාල දැනුමක් ගෙන ඒමට හැකියාව ලැබී තියෙනවා. මීට අමතරව ලංකාවේ සෑම ගම් දනව්වකම ප්‍රධාන වේදිකා වල වගේම විවිධ රංග භූමි වල මේ නාට්‍ය රගදක්වමින් අවුරුදු 50 ක් පුරාවට ලාංකීය ප්‍රෙක්ෂකයන් ඥාණනය කිරීමේ භාග්‍ය මේ නාට්‍යයට ලැබී තියෙනවා. මෙයින් සබුද්ධික ජනතාවක් බිහිකිරීමේ කාර්යයේ නිරතවීමටත් හුණුවටයේ කතාවට හැකියාව ලැබී තියෙනවා. නවක රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් නාටය කලාවට අවතීර්ණ කරවීමට අතීතයේ ඉදන් අද දක්වා මේ නාට්‍ය දායකත්වයක් ලබාදී තියෙනවා.

සංවාදය සහ සටහන – පාලිත අබේලාල් (palithaabelal@gmail.com)

මේක අතීත කතාවක්…ජාතිවාදයයි ආගම්වාදයයි තියෙන්නේ වර්තමානිකයින්ගේ : ජැක්සන් කියයි

ආගම්වාදය, ජාතිවාදයල ආලෝකෝ උදපාදි නිර්මාණයේ දරුණු ලෙස ඉදිරිපත් කරණ බව භූපති කියනවා…

ජැක්සන් – ඓතිහාසික කාරණාවක් අපි විස්තර කරන්න ඔන වර්තමාන ඇසින් නොවේ. අපේ වර්තමාන විචාරකයන් හැමදෙයක්ම වර්තමානයේ උනා වගේනෙ කතාකරන්නේ. මෙහි තියෙන්නේ ලංකාවට බලපාපු චෝළ ආක්‍රමණයක් ගැන කතා ප්‍රවෘත්තියක්. ක්‍ර. පූ 2 වන සියවගේ වගේ සිදුවූ මේ සිද්ධිය වර්තමානයට අරගෙන බැලුවොත් වැරදිනේ. මාර්ටින් වික්‍රමසිංහ පවා කීවනේ අතීත කතා ප්‍රවෘත්ති වර්තමාන ඇසින් බලන්න එපා කියල.

එතකොට ආගම්වාදය හෝ ජාතිවාදය වර්තමාන ඇසින්නේ බලන්නෙ. (චිත්‍රපටයට අදාළ කතාපුවත විස්තර කරයි) එදා සිදුවීම යලි රූපයත කරල පෙන්වනකොට අදද මේ සොළී ආක්‍රමණය සිදධවෙන්නේ. අදද බුදුදහම විනාශයට යන්නෙ. අදයි යළිත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළයුතු වන්නේ යන්න වර්තමාන ඇසින් බැලීම හරිම ආධුනික ක්‍රියාවක්. 

aloko-udapadi-11-donor

ජාතිවාදය හෝ ආගම්වාදය තියෙන්නේ වර්තමානිකයින්ගේ. මේ ජාතිවාදය රෝපණය කලේ අතීතය විසින් නොවේ, වර්තමානිකයාම තමයි. ඡන්ද ගුණ්ඩු හැටියට සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන කායකයන් මේක පාවිච්චි කරල තියෙනවා. මේ හැම දෙයක්ම සිදුවුණේ 20 වන ශතවර්ශයට මෙපිට. අතීතයේ ජාතිවාදයත්, ආගම්වාදයත් තිබුනේ නැහැ. විජාතික ආක්‍රමණිකයන් විසින් අපේ රට වනසන්න ගිය බොහෝ අවස්ථාවලදී රට මුදාගන්න දේශීය වශයෙන් වීරයෙක් ගොඩනැගෙනකොට ඒක වර්තමානයත් එක්ක් ගලපල කතාකරණ එක හරිම ආධුනිකයිනේ. ඒ නිසා ඒ තර්කයට මම එකට නෑ. මේක අතීත කතාවක්…..


(උපුටාගැනීම ඕස්ට්‍ර්ලියානු සිංහල ගුව්න් විදුලියෙ සාකච්ඡාවකිනි)

පාලිත අබේලාල්

ඔබතුමගේ පුතා චතුර දැන් හරි ජනප්‍රියයි නේද?ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ තමා!

මාධ්‍යවේදියා ප්‍රශ්නය- ඇමතිතුමා ඔබතුමගේ පුතා චතුර සේනාරත්න මේ දවස් වල සමාජ මාධ්‍ය වල ගොඩක් ජනප්‍රියයි නේද?

රාජිත සේනාරත්න- එක එක මෝඩයෝ මෝඩ වැඩ කරලා එක එක මාධ්‍ය වල දානවා ඒකට මොකද කරන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප් කොහොමද ජනාධිපති උනේ්‍? ජනප්‍රිය වුනේ කොහොමද? ඒ වගේ තමා.

මාධ්‍යවේදියා ප්‍රශ්නය- ඒ කියන්නේ ඔබතුමාගෙත් ඒ වගේ සිහිනයක් තියනවද?

රාජිත සේනාරත්න- වෙන්න පුළුවන් අපි බලමු..

ALSTON TO THE OSCARS

Legendary Sri Lankan singer Alston Koch has been invited to perform at the prestigious Academy  Award ‘After Party’ which will be held at the Beverly Hills Hilton on the 26th of February following the conclusion of the Academy Award Ceremony at the Kodak Theater.

This exclusive gathering which has been dubbed ‘the Night of a Hundred Stars’ will of course be graced by the who’s who of Hollywood glitterati and also comes with a hefty ticket price of USD 1,500.

Alston, who has created a name for himself both locally & internationally as one of the sought after talents in the industry, continues to thus keep his star power aglow with his amazing performances.

By Hasitha Fernando

සහනදායී පිළිතුරක් නොලැබුණොත් නීතිමය පියවරකට යනවා:විමුක්ති ජයසුන්දර

ලොව සුප්‍රකට කාන්ස් සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් ලද විමුක්ති ජයසුන්දරයන්ගේ චත්‍රක් සිනමා නිර්මාණය  ඉකුත් 24 වනදා දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ නැරඹීට දේශිය සිනමා රසිකයින් අපේක්ෂා දල්වා බලා සිටියත් අවසන් මොහොතේ ඒ සිහිනය කඩව ගියේ  අවාසනාවන්ත ලෙසින්.

ඊට හේතුවූයේ චත්‍රක් සිනමා සිත්තම දෙරණ නාලිකාවේ විකාශනය කරන්නේ නම්  ලක්ෂ දෙකක බදු මුදලක් ගෙවන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ විසින් නියෝග කර තිබීමයි.

chatrak_a_l

එම නියෝගය නිකුත් කළ අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා මාධ්‍ය වෙත සදහන් කර තිබුණේ විදේශීය සිනමා පටයක් ප්‍රදර්ශනය කිරීමේදී බලපැවැත්වෙන නීති රෙගුලාසි අනුව යමින් මෙම පියවර ගත් බවයි.

උණුසුම් වාද විවාද මැද ගලා ගිය එම සිදුවීම් අවසන චත්‍රක් සිනමා නිර්මාණය විකාශනය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබද බොස්ටන් ලංකා අපි කළ විමසීමකදී විමුක්ති ජයසුන්දරයන් සිය අදහස් පළ කළේ මෙලෙසින්.

Chathrak 3

“පසුගිය සතියේ අපි බලාපොරොත්තුවෙන් හිටියා මේ බදු මුදල ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා හරහා යම්කිසි විදියක සහනයක් ලැබෙයි කියලා. මේ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා මම පෞද්ගලිකව එතුමාට ලිපියක් යොමු කළා .

මම දන්නවා දෙරණ ආයතනයත් ඉල්ලීමක් කළා මේ සිනමා කෘතිය විශේෂ අවස්ථාවක් ලෙස සළකා යම් සහනයක් ලබා දෙන ලෙස.

Chathrak 4Chathrak 2

ඔවුන් වාණිජ පරමාර්ථයෙන් නෙවයි මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමට භාර ගත්තෙ. මෙය කලාත්මක සිනමා කෘති අතරට අයත් වන්නක්. ඒ වගේම මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කළේ මා විසින්මයි. චන්න දේශප්‍රිය නැමති ශ්‍රී ලාංකිකයා තමයි මීට කැමරාකරණයෙන් දායක වුණේ.

නමුත් විකාශන දිනය වෙනතුරු අපිට එම සහනය ලැබුණෙ නැහැ. සාමාන්‍ය නීති සහ රෙගුලාසි අනුව විකාශන දිනයේ දහවල් 12ට කලින් ඒ මුදල ගෙවීම කරන්න ඕන. එනිසා අවසානයේ අපි තීරණය කළා මෙහි රූපවාහිනී විකාශනය නතර කිරීමට.

හෙට 27වන සදුදා දින වෙන විට අමාත්‍යංශය හරහා මේකට උත්තරයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.  නමුත් සහනදායී ප්‍රතිචාරයක් නොලැබෙන්නේනම් පමණක් මා එය සළකන්නේ මට සහ මගේ සිනමා නිර්මාණයට වගේම සමස්ත ශ්‍රී ලාංකිකයන්ට කරන අසාධාරණයක් ලෙසයි.

එහෙම වුණොත් අපි එම අදාල පනත ප්‍රශ්න කරන ආකාරයේ යම් නීතිමය පියවරකට යන්න බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තරයේ ඉහළ ඇගයීමකට ලත් මෙවැනි සිනමා කෘතියක් දේශීය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට උත්සහ කළේ නැද්ද?

ඔබ දන්නවා ශ්‍රී ලාංකීය සිනමාපටයක් ලංකාවෙ පෙන්වනවනම් දිගු කාලීන පෝලිමක ඉන්න වෙනවා. ඒ වගේම ඒ සදහා දැරිය යුතු ප්‍රචාරක වියදමත් අතිවිශාලයි. මේ මොහොතේ එවැනි විශාල මුදලක් ආයෝජනය කිරීම සදහා සුදුසු තත්ත්වයක නෙවෙයි අපි ඉන්නෙ. එය අපහසු නිසයි අපි මෙම සිනමා පටය දෙරණ රූපවාහිනී නාලිකාව හරහා පෙන්වීමට සිතුවෙ.

නමුත් චත්‍රක් සිනමා සිත්තම කරලියට ප්‍රවිශ්ට වෙන්නෙ 2011 වසරෙදි?

ඔව් චත්‍රක් කාන්ස් සිනමා උළෙලේ ප්‍රදර්ශනය වුණේ ඒ කාල වකවානුවෙ. ඒ අනුව අපි කිහිප වතාවක්ම චත්‍රක් සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරවන්න උත්සහ කළා. මේ සිනමා පටයේ සිටින්නේ බොහොමයක් නවක එතරම් ප්‍රසිද්ධියට ලක් නොවූ නළු නිළියන්. එවැනි කාරණා හේතුකරගෙන ප්‍රදර්ශන මණ්ඩලයෙන් අනුමැතියක් ලැබුණෙ නැහැ.

සාකච්ඡා කළේ: නිරාශා පියවදනි

(Nirasha Piyawadani- nirashapiyawadani@gmail.com

Film ‘Burning Birds’: Story of a War Widow’s Struggle to Survive

Sanjeewa Pushpakumara’s drama, about a poor Sri Lankan villager’s struggle for her family’s survival after her husband’s death, bows at Rotterdam after its appearances in Busan and Tokyo.

In 2015, a French director won the Cannes Film Festival’s top prize with a film inspired by Sri Lanka’s contemporary political troubles; now, the South Asian country’s very own filmmakers have finally offered their own riposte. Revolving around a war widow’s near-complete physical and psychological breakdown as she goes to extremes to feed her family, Sanjeewa Pushpakumara’s Burning Birds is a much more poised and harrowing affair than Jacques Audiard’s Palme d’Or-winning Dheepan.

Burning Birds is, first and foremost, a fiery indictment about how women struggle and sink in war-torn, machismo-dripping societies. Just like his compatriot Vimukthi Jayasundara (The Forsaken LandBetween Two Worlds), Pushpakumara also ensures the social criticism is dressed up in a rigorous aesthetic; the protagonist’s spiral toward total martyrdom is shown through meticulously framed sequences.

Boasting European backing aplenty — the film was co-produced by a French company, and repped by a London-based outfit — Pushpakumara’s second feature, which premiered in Busan and then won a prize at Tokyo’s FilmEx festival last year, should travel far and wide on the festival circuit after its bows at Rotterdam and Goteborg. Pushpakumara’s first film, Flying Fish, was a competition title in Rotterdam in 2011, but was banned by the right-wing government back in Sri Lanka for its depictions of atrocities committed by the military in its offensive against Tamil insurgents.

Pushpakumara is understandably more careful this time around, and no soldiers are seen doing bad things onscreen; the villains here are either paramilitaries or civilians. But this is actually much more stinging a rebuke against the systemic failure of a society shaped and dominated by chauvinists — men who are more than willing to exploit times of social strife for their own personal gains.

Set in 1989, when Sri Lanka was still mired in civil war, Burning Birds charts the fall of Kusul (Anoma Janadari), a woman whose impoverished life is turned upside down when her fishmonger husband is arrested and summarily executed by a local militia for suspected subversive activities. With the breadwinner gone, Kusul is forced to look for ways to support herself, her eight children and her unsympathetic mother-in-law.

Determined to keep everybody alive and well — and especially in making sure her eldest daughter will continue her studies rather than leave school for a dead-end sweatshop job — Kusul begins her journey to earn a living in the poorest of lands. And from then on, it’s a journey through hell on earth: In addition to her labor in the most unseemly places — hammering stones in a dusty quarry, clearing blood and body parts in a slaughterhouse — Kusul falls foul of both sexual predators and self-righteous moralists.

As Kusul, Janadari delivers a powerfully rugged tour de force. Shunning easy histrionics, the veteran actor offers a remarkable performance showcasing her character’s silent, stoic spirit — a Sri Lankan Sisyphus struggling against insurmountable odds but persisting nevertheless. Juxtaposing her toils with wide, wild and windswept landscapes, Burning Birds is a blistering social and artistic statement.

Production companies: Neon Production, Sapushpa Expressions
Cast: Anoma Janadari, Samanalee Fonseka, Mahendra Perera, Chandani Senevirathne
Director-screenwriter: Sanjeewa Pushpakumara
Producers: Antonin Dedet, Sanjeewa Pushpakumara
Director of photography: Kalinga Deshapriya
Production designer: Piyathissa Akurambada
Costume designer: Ajantha Alahakoon
Editors: Ajith Ramanayake, Katharina Wartena
Music: R. Abaji, Philip David Sheppard
Sales: Film Republic

By Clarence Tsu 

The Hollywood Reporter

 

සිංහල චිත්රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්රදර්ශනය

මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්‍රදර්ශනය වීම 13 වැනි දා ආරම්භ වේ. ඒ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ නවතම සිනාම කෘතිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයයි.

සුප්‍රකට ඉන්දීය චිත්‍රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය. එහි නගර පහක ඇති සිනමාහල් දාහතක ඔබ නැතුව ඔබ එක්ක තිරගතවීම ආරම්භ වනු ඇත.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ (With You, Without You) චිත්‍රපටයේ රඟපෑ අන්ජලී පටිල් ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නිලියට හිමි රජත මයුර සම්මානයෙන් පුද ලැබීය.
පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් මෙම චිත්‍රපටයේ මැදිවියේ සිංහල පුරුෂයෙක් හා එක්වන දෙමළ තරුණියගේ චරිතයක් නිරූපණය කරන්ෙන් අන්ජලී ප ෙටල් විසිනි. අැය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා හොඳම නිළිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන සිව් වතාවක් දිනා ඇත.