“අලුතින් කැමරාවක් අරන් කෙල්ලෙක්ගේ shoot එකක් කලාම ඒ කෙනා photographer  කෙල්ල Model”

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

කලාවට අලුත් පාරක් සොයන ඔහු නමින් කුෂාන් විමුක්ති ..මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහු දක්ෂ ඡායාරූප ශිල්පියෙකු ලෙසත් කටයුතු කරනවා.. ඒ නිසා අපි හිතුවා අද ඔහු සමඟ කතා බහක යෙදෙන්න..

ඡායාරූප ශිල්පියෙක් ලෙස ඔබ ආ ගමන් මඟ මතක් කළොත්..

මං photography පටන් ගත්තේ කැම්පස් එකේ First year අවසාන කාලේ
ඉස්සෙල්ලම ඒකට ආසවක් ආවේ Facebook එකේ වැටෙන අමුතු ෆොටෝ දැකලා..

සමූහ කීපයක් තිබ්බා.
ඒ කාලේ ඒවා හරිම ක්‍රියාශීලි වගේම සුහදයි. හැම වෙලාවෙම ෆොටෝ ගැන ගන්න විදිය ගැන කතිකාවක් තිබුනා.
ඒකත් එක්ක ෆෝන් එකෙන් තමයි ෆොටෝ ගන්න ඉස්සෙල්ලම පටන් ගත්තේ..
ඒ කාලේ කැමරාවක් අල්ලලා තිබ්බේ නෑ
කැමරාවක මිල ගොඩක් වැඩියිනෙ..
Campus වියදම් එක්ක සල්ලි හොයා ගන්න අමාරු උනා කැමරාවක් ගන්න..

Campus එකේ සර් කෙනෙක් ගාව කැමරාවක් තිබුණා..ඒක දුන්නා කාලයක් පුරුදු වෙන්න..
පස්සේ ඔය අතරෙ අපේ Campus නිවාඩුකාලෙට සින්නො survay set කරනවා
ඒවට හොඳට ගෙවනවා.ඔන්න ඔය සර්වේ එකක් ආවා අපිට ඒකේ මාසයක් වැඩකලා අපි..
ඒකෙන් සල්ලි ඇති වුණා සාමන්‍ය හොද කැමරාවක් ගන්න
අම්මගේ සල්ලි ටිකකුත් දැම්මා..කොටින්ම වත්තේ ගස් කීපෙකුත් විකුණලයි සල්ලි හදා ගත්තේ
එදා ඉදන් අමුතු ෆොටෝ හොයාන පාරවල් දිගේ ඇවිදින එක පුරුද්දක් වුනා..
මට ඔය කාලේ ෆොටෝග්‍රැෆි විදිමත්ව ඉගෙන ගන්න ඕන කලා
මම ශ්‍රී ලංකා
ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමයට
බැදෙන්නේ ඔය කාලේ..

ඔබ ඒ මග දිගේ ඇවිත් දැනට ලබා ගෙන ඇති ජයග්‍රහණ ගැනත් මතක් කරමුද ?

* මම මේ වෙනකොට ජාතික ඡායාරූප ශිල්පීන්ගෙ සංගමයේ වසර තුනක ඩිප්ලෝමාව සම්පූර්ණ කරලා ඉවරයි
ජාතික සම්මාන ජාත්‍යන්තරය සම්මාන කීපයක් දිනලා තියෙනවා..
* ගිය අවුරුද්දේ ජාතික ඡායාරූප උළෙලේ
කුසලතා සම්මාන තුනක්
* නීතිය හා සාමය රැකීමේ අමත්‍යංශයේ අපේක්ෂා තරගයේ ප්‍රථම ස්ථානය ඇතුලු ස්ථාන රැසක්

FB_IMG_15323349599846910

* අන්තර්ජාතික තරග වලින් acceptances 35 ක් වගේම award දෙකක්,
තව විවිධ සංගම්, විවිධ රාජ්‍ය නොවන ආයතන මගින් පවත්වන සම්මාන ගොඩක් අරන් තියනවා..

අද හතු පිපෙන්නා සේ බිහි වන ඡායාරූපශිල්පින් ගැන මොකද්ද කියන්න තියෙන්නෙ?

ඡායාරූප ශිල්පය දවසකින් දෙකකින් ඉගෙන ගන්න බෑ
ඒක විදිමත් විදියට ඉගෙන ගන්න ඕන එකක්
ඒත් ගොඩක් වෙන්නේ කැමරාවක් අරන් කෙල්ලෙක්ගේ shoot එකක් කලාම ඒ කෙනා photographer  කෙල්ල Model.

මම කියන්නේ එහෙම නෙවේ වෙඩින් මොඩ්ල් විතරක් නෙවෙ ෆොටෝග්‍රැෆි වල තියෙන්නේ..වයිල්ඩ්ලයිෆ්, නෙචර්, බේබි macro , jourlalism art
ජුවලරි ගොඩක් ෆිල්ඩ් තියෙනවා.. ෆොටෝග්‍රැෆි වල විදිමත් ව ඉගෙන ගෙන එක පැත්තක් එක ක්ෂේත්‍රයක් හරියට කරන්න. එතකොට හරි..විඳිය හැකි මට්ටමේ නිර්මාණ බිහිවෙනවනම්
ඒව තමා වටින්නේ..

FB_IMG_15323349359063459

ලංකාවේ ඡායාරූප ශිල්පීන්ට තිබෙන අභියෝග මොනවද?

අන්තර්ජාතික තරඟවලට ඇතුල්වීමේ ගාස්තුවේ ඉඳන් ගෙවන්න තියන මුදල් ප්‍රමාණය දරන්න බැරි තරම්..ඩොලර් වල අගය වැඩි නිසා ඒක අන්තර්ජාතික තරගවලට ඉදිරිපත්වීමට ශ්‍රී ලාංකික ශිල්පීන් ට අභියෝගයක්..
ඊට අමතරව ලංකාවේ දියුනු studio
නෑ..ඒකත් එක ප්‍රශ්නයක්

– කැමරාවක් තියෙන බොහෝ දෙනා social media profile එක photographer කියල දාගන්නවා.. එතනින් තමයි ඔවුන් ක්ෂේත්‍රයට එන්නෙ.. මේ ගැන මොකද හිතන්නෙ?

ඒක ඒ ඒ අයගේ මානසිකත්වේ පවතින තත්වයක් ඒක ගැන මොකුත් කියන්න යන එකේ තේරුමක් නෑ..
ඒත් ලංකාවේ වෘත්තියමය කියන මට්ටමේ ඉන්නෙ හරිම අතලොස්සක්..

FB_IMG_15323349407149339

ඡායාරූප ශිල්පය හා නිරූපණ ක්ෂේත්‍රය එකිනෙකට සම්බන්ධයි..ලංකාවෙ නිරූපණ ක්ෂේත්‍රය ගැන තියෙන පොදු විවේචනය ඔබත් පිළිගන්නවද ?

කිසි කෙනෙක්ට චෝදනා කරන්න අවශ්‍ය නෑ තමන් තමන්වත් අනුන්වත් තේරුම් ගන්නවනම් හරියට..හැම ෆොටෝ එකක්ම කලාත්මක වෙන්න ඔන කියල නියමයක් නෑ..හොඳ හැදෑරීමට පස්සේ නිර්මාණ කරනවනම් ප්‍රශ්නයක් නෑ..

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු ද?

මම ජාතික ගොඩනැගිලි පරියේෂණ සංව්දානයේ scientists ( town planner ) කෙනෙක් ..මම ඡායාරූප ගන්නේ විඳින්න ඒක භාවනාවක් වගේ..ඒ වගේම තරගවලට දාන්න එක්ක..ඉතින් ඉදිරියටත් ජාතික ජාත්‍යන්තර තරඟ වලට ඇතුල් වෙන්න වගේම දිනන්න බලාපොරොත්තු වෙනවා..

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

FB_IMG_15323349458127977 FB_IMG_15323349509982817 FB_IMG_15323349554280215

ටෙලිවිෂන් කියන්නේ ආනන්දය විතරයි

මේ දිනවල නිතර කතා බහ වෙන ටෙලි නිර්මාණයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ.දෙවෙනි ඉනිම ගැන කතා කරද්දි එම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතාව අමතක කරන්න බෑ.අද බොස්ටන් ලංකා කතා බහ වෙන් වෙන්නේ සාරංග මෙන්ඩිස් වෙනුවෙන්.

සාරංග,කොහොමද මොනවද මේ දවස් වල විස්තර..?

 හොඳයි,හොඳින් ඉන්නවා.විස්තර ගැන කිව්වොත් දෙවෙනි ඉනිමේ වැඩ කටයුතු කරගෙන,දෙවෙනි ඉනිම ප්‍රසංගයේ වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා.

ඔබ කොහොමද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන්නේඒ ගැන පොඩ්ඩක් කතා කරමුද 

ඔව්,ඇත්තටම අපේ පවුලේ සම්බන්ධයක් තියෙනවා කලාවත් එක්ක.මංගල සේනානායක කියන්නේ මගේ මාමා.ඒ වගේම ජයනි සේනානායක මගේ නෑදෑයෝ.ඒ වගේම මොරිස් මෙන්ඩිස් කියන්නේ මගේ මාමා.ඔහු පිටපත් රචකයෙක්.ඒ වගේ කලාවට සම්බන්ධතා තියෙන අය අපේ පවුලට සම්බන්ධවීම තුළ තමයි මමත් මේ ක්ෂේත්‍රය වෙතට ඇදිලා යන්නේ.ඊට පස්සේ උසස් පෙළින් අනතුරුව සුනෙර පදනමට බැඳිලා නාට්‍ය හා රංගකලාව ගැන ඉගෙනගත්තා.එහෙම පටන්ගැනීමෙන් අනතුරුව දෙවන සහාය අධ්‍යක්ෂවරයෙක්,පළමු සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා තමයි අන්තිමේ දී අධ්‍යක්ෂකවරයෙක් දක්වා මේ ගමන ආවේ. සිරස නාළිකාව ඔස්සේ විකාශනය වූ “සිහින වසන්තයක්” ටෙලිනාට්‍යය හරහා තමයි මම මගේම නිර්මාණයක් හරහා එළියට ආවේ.

සිහින වසන්තයක් ටෙලිනාට්‍යය ගැන කිව්වම මතක් වුණේඒ ටෙලිනාට්‍යයේ වගේම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙත් ශානරය එකයි නේද සාරංග වැඩි ප්‍රියතාවයක් දක්වනවද මේ ශානරය එක්ක වැඩ කරන්න 

නෑ එහෙමම නෙවෙයි.ටෙලිනාට්‍ය කරන ඕන කෙනෙක්ට ධාරාවන් කිහිපයක යන්න පුළුවන්.හැබැයි මම විශ්වාස කරනවා ප්‍රධාන ධාරාව මේක කියලා.මොකද මම සිහින වසන්තයක් කරද්දිත් ඒක රේටින්ග් 11.5 ක තිබුණා.ඊට පස්සේ නාට්‍ය කිහිපයක් සිරස නාලිකාව එක්ක එකතුවෙලා සිදු කළා.පස්සේ මම “ගිණි අවි සහ ගිණි කෙළි” කළා.ඒක වෙනස්ම ආකාරයේ නිර්මාණයක්.ඒ නිර්මාණ බොහොමයක් මිනිසුන් අතරට ගියා.ඒත් මම කියන්නේ මම අදටත් හොයනවා මිනිස්සු හොයන්නේ මොකක්ද මිනිස්සු ඉල්ලන්නේ මොකක්ද කියන එක ගැන.

වාණිජ අරමුණු එක්ක කොහොමද නිර්මාණයක කලාත්මක අගය ඔබ බැලන්ස් කරන්නේ ?

රූපවාහිනිය මේ වෙනකොට ප්‍රබලම මාධ්‍යයක්.මේකේ පළවෙනි පරමාර්ථයම මුදල් තමයි.මම අධ්‍යක්ෂකවරයෙක් විතරක් නෙවෙයි.මගේම ආයතනයක් තියෙනවා.ඒ ආයතනයේ සභාපතිවරයා මම.එම ආයතනයේ සේවකයෝ 35 ක් විතර ඉන්නවා.නළු නිළියන් එක්ක ගත්තම සේරම 70 ක් විතර ඉන්නවා.මගේ ආයතනයේ ඉන්න සේවක පිරිස යැපෙන්නේ මේ කරන රස්සාවෙන්.ඒ අයගේ වැ‍ටුප් ආදිය ගෙවාගනිමින් මේ ආකාරයෙන් මේක යන්නේ මගේ නාට්‍යය ජනප්‍රිය නිසා.මම හිතනවා ටෙලිවිෂන් කියන්නේ ආනන්දය විතරක් කියන එක.ආනන්දයෙන් ප්‍රඥාවට යන්න අවශ්‍යනම් තව ඕන තරම් නිර්මාණාත්මක ප්‍රවේශයන් තියෙනවා.උදාහරණ විදිහට නවකතාව,කවිය,කෙටිකතාව,සිනමාව ආදිය මගින් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. මම හිතන්නේ ටෙලිවිෂන් කියන්නේ දෛනික වැඩ රාජකාරී වලින් වෙහෙසට පත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්,පොඩ්ඩක් හිනාවෙලා ඉන්න සතුටින් තියන්න පුළුවන් මාධ්‍යයක්.ඒකට හරියන්නයි නිර්මාණ බිහි වෙන්න ඕන කියන එකයි මගේ පුද්ගලික මතය.

ඔබ ඔය කියන කාරණාවත් එක්ක මම මෙහෙම ඇහුවොත්පළිඟු මැණිකේ,කන්දේ ගෙදර,යශෝරාවය,කඩුල්ල ,ප්‍රභාතය වගේ නිර්මාණත් මෑත කාලීනව සහෝදරයා වගේ නිර්මාණත් මිනිස්සු ආනන්දයෙන් ප්‍රඥාවට අරන් ගිහින් නැද්ද කියලා ඔබේ උත්තරය කොයි වගේ වෙයි ද ?

ඒවා ඉතා විශිෂ්ඨ කෘති වෙන්න පුළුවන්.හැබැයි අද සමාජය බොහෝ දුරට වෙනස් වෙලා.සමාජය සංකීර්ණ වෙලා.අද ගෙනල්ලා යශෝරාවය හරි කඩුල්ල හරි ගහන්නකෝ බලන්න ටෙලිවිෂන් එකේ.මිනිස්සු බලයි ද කියලා.නෑනේ එහෙම කළානේ. එදා අට හමාරට තිබ්බේ ඒක විතරයි.ඒ නිසා මිනිස්සු ඒක බැලුවා.අද සමාජය සියලු දෙයින්ම දියුණු වෙලා.එදා යූ ටියුබ් තිබ්බේ නෑ.එෆ් බී තිබ්බේ නෑ.ඒ අවදියේ මිනිස්සුන්ට කාලය තිබුණා අද තරම් ඔවුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා තිබ්බේ නෑ.ඒත් අද තත්ත්වය සෑහෙන්න වෙනස්.ඔබ දන්නවද දඬුබස්නාමානය මාස තුනක් ශූට් කළා එපිසෝඩ් දාසයක්.අද අපි එපිසෝඩ් දාසයක් දවස් දාසයෙන් තමයි කරන්නේ.අද මිනිස්සු සතුට උනත් හොයන්නේ හරි ඉක්මනින්.එක එපිසෝඩ් එකක් අද බලලා තව සතියක් ඉන්න බෑ ඊළඟ එපිසෝඩ් එක එනකම්.අපිට අද හොලිවුඩ් වලින් එන නාට්‍යත් එක්ක,බොලිවුඩ් වලින් එන නාට්‍යත් එක්ක තරඟ කරන්න වෙලා තියෙනවා.ඒ ඔක්කොමත් එක්ක ඔබ කියන ආකාරයේ තැනක ‍රැ‍ඳෙන්න අපහසුයි

ඔබ කියන කාරණයට මම එක්තරා ආකාරයකට එකඟ වෙන්නම්,නමුත් පසුගිය වසරේ සම්මාන උළෙලේ ජනප්‍රියම නිර්මාණය වූ ඔබේ නාට්‍ය මේ අවුරුද්දේ සම්මාන උළෙලෙදි විකල්ප ධාරාවේ නාට්‍යක් ඉස්සරහා දෙවෙනි වෙනවා ?

 ඒක එස් එම් හරහා  වුණ දෙයක්.එක් කණ්ඩායමක් කූඹියෝ නාට්‍යය වෙනුවෙන් එස් එම් එස් දැම්මා.සම්මාන උළෙලත් එක්ක ගත්තම ඒක හරි.ඒකෙන් අදහස් වෙන්නේ නෑ කූඹියෝ තමයි ජනප්‍රියම නාට්‍යය කියන එක.ඒකට උදහරණ තමයි ඔබට බලන්න පුළුවන් යූ ටියුබ් එකෙන් දවසකට මගේ නාට්‍යය කොපමණ ප්‍රමාණයක් නරඹනවද කියන එක මත.

බිමල් ජයකොඩිගේ ඉවත් වීම මේ දවස් වල සමාජ ජාලා උණුසුම් කළා ?

ඇත්තටම අපි නාට්‍යය ආරම්භයේදීම ඒ චරිතය එක් අවස්ථාවක ඉවත් කරන්න සැලසුම් කරලා තිබුණේ.නමුත් ඊට කළින් ඔහුගේ පෞද්ගලික හේතුවක් මත ඔහු ඉවත් වුණා.නළුවෙක් හෝ කවුරුන් හෝ කියනවානම් දිගටම රඟපාන්න බෑ කියලා මට තවත් අවස්ථාවකට යන්න වෙනවා.ඉතින් මම ඒ අවස්ථාවෙන් දෙවෙනි අවස්ථාව ‍තෝරාගත්තා.

ඒ කියන්නේ ඉනිම තව කොච්චර දුර යනව ද  ?

තරඟය මැරතන් නම් මම දුවන්න ඕන මැරතන්.ඔක්කොම මැරතන් දුවද්දි මම මීටර් සීය දුවන්න ඕන නෑ.මමත් කොටස් දාහකටවත් යන්න ඕන.ඒක හරහා පෞද්ගලිකව මටත් මේ ක්ෂේත්‍රයටත් සෑහෙන්න ප්‍රයෝජනයක් වෙයි.

හදිසියේ හරි බිමල් වගේම තවත් චරිත ඉවත් වුනොත් ඔබ නැවතත් විකල්පයකට යනවද ?

නෑ නාට්‍යය නවත්තලා අලුත් නාට්‍යයකට යනවා.

 මොනවද ඔබේ නාට්‍යයට ප්‍රිය කරන ,ඔබට ප්‍රිය කරන ප්‍රේක්ෂකයට කියන්න තියෙන්නේ ?

 මේ නාට්‍යය නෙවෙයි ලංකාවේ හොඳම නාට්‍යය,අඩුපාඩු ඇත.හොලිවුඩ් ලෙවල් එකට යන්න බෑනේ තවම.ඇත්ත.මට ගන්න පුළුවන් එක මල්පෝච්චියයි.මම ඒ මල්පෝච්චිය හැම තැනම තියලා හරි ලස්සනට නිර්මාණය කරන්න පොරොන්දු වෙනවා.ඵල දරන ගහ කපන්න උත්සහ කරන්න එපා.අඩුපාඩු කියන්න.අපහාසයකින් තොරව.මම ලෑස්තී පුළුවන් උපරිමයෙන් ඒවා මඟ හරවා ගන්න.දේශීය විදේශීය වශයෙන් වශයෙන් විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් මේ වෙනකොට අපි එක්ක ඉන්නවා.ඉතින් ඒ හැමෝටම මම කියනවා හැමදාම අපිත් එක්ක ඉන්න කියලා.අපි පළවෙනි වරට නාට්‍යක් හරහා ප්‍රසංග සංවිධානය කරනවා.තරු බිහි කළා.අපි නූතන ඩිජිටල් පරපුර එක්ක ඉන්නවා.ඉතින් හැමෝටම ස්තූතියි කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ

සංඛ රඹුක්වැල්ල

රූපවාහිනි නාලිකා මෝඩ වෙන තරමට මේ රටේ ඡන්ද දායකයොත් මෝඩ වෙනවා. – හර්ෂ තෙන්නකෝන්

By Tharushi Nawanjana Liyanachchi

‘කොළඹ අපි ආවා’ නාට්‍යයේ අරවින්ද,  ‘දේදුන්නයි ආදරේ’ නාට්‍යයේ සෙනෙෂ් වගේම ‘මෞනයාගය’ ,’සිහින වර්ෂා’, ‘අනන්තා’ ඇතුළු මේ දිනවල විකාශනය වන නාට්‍ය රැසක නාලිකා රැසකින් ඔබ හමුවට පැමිණි චරිතයන්ට පණ පොවන්නෙ ඔහු. නමින් හර්ෂ තොන්නකෝන්..

ඔබ නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධයිද? නැත්නම් රංගන කටයුතු පමණයිද?

මම රංගන කටයුතු පමණයි සිදුකරන්නෙ

ඔබ රංගනයට දායක වූ ටෙලිනාට්‍ය අතරින් ඔබ වැඩියෙන්ම ප්‍රිය කරන්නෙ කුමන නාට්‍යටද?

තාම එහෙම එකක් නැහැ.

Harsha 3

ලංකාවෙ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මෑතකදි සිදුවුණ වෙනස්කම් විදිහට ඔයා අඳුනගන්නෙ මොනවද?

හොඳ පැත්තට වෙනස් වූ ප්‍රවණතාවක් මා හඳුනාගන්නෙ නැහැ. එයට ප්‍රධානතම හේතුව තමයි රූපවාහිනි නාලිකා ප්‍රමිතියකින් තොර වීම. ඒ වගේම රූපවාහිනි නාලිකා ඒකාධිකාරයක් පවත්වාගෙන යෑම, රූපවාහිනි නාලිකාවන් වෙනුවෙන් කඩේ යන අයගේ පමණක් නිර්මාණ එළිදැක්වීම, Episode එකකට ගෙවන මුදල අඩුවීම නිසා හොඳ නිර්මාණයකට අවස්ථාව අහිමි වීම හඳුනාගත හැකියි. Ratings මත පදනම් වීම නිසා කලාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයින් අතරට නොපැමිණීම, හඬකවන ලද විදේශීය ටෙලිනාට්‍ය නිසා ලංකාවේ සිදුකෙරෙන නිර්මාණයන් සඳහා විකාශන කාලය අහිමි වීම ආදිය හඳුනා ගත හැකියි. එම නිසා බොහෝ නිර්මාණකරුවන්ට තම නිර්මාණ එළිදැක්විය නොහැකිව කලකිරි සිටිනවා. නළු නිළියන්ට ද නිසි ගෙවීම් නොලැබෙන නිසා ඔවුන් අයථා මාර්ගයන්ගෙන් මුදල් ඉපයීමට පෙළඹෙයි.

ලංකාවෙ ඩිරෙක්ටර්ස්ලා ගැන මොකද හිතන්නෙ?

හොඳ දක්ෂ අය ඉන්නෙ අත‍ළොස්සයි. ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. නමුත් මුදල් බලයෙන් ඉදිරියට එන අය අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් දැනුම අඩු අය. ඒත් වැඩි වශයෙන් සිටින්නෙ දෙවනි පාර්ෂවයට අයත් පිරිස.

රංගන ශිල්පිනියන්ට අධ්‍යක්ෂ වරුන්ගෙන් අයුතු බලපෑම් සිදුවන බව සමාජයේ අහන්නට ලැබෙනවා.. මේ ගැන ඔබ මොකද හිතන්නෙ?

ඔව් ඒක ඇත්ත. හැමෝම නෙවෙයි. නමුත් ඒක මේ ක්ෂේත්‍රයේ පමණක් තිබෙන ගැටලුවක් නෙවෙයි. කුමන ක්ෂෙත්‍රයක වුවත් බලවත් අය අනෙකාව පාවිච්චි කරනවා. ගැහැණු පිරිමි දෙගොල්ලන්වම.

Harsha 2

ලංකාවේ රංගනයට කැමති අයෙක් ඉන්නවා නම් ඒ කෙනාට ක්ෂේත්‍රයට එන්න ක්‍රමයක් මෙ වෙනකොට තියෙනවද?

රංගන වැඩමුළු කිහිපයක් තියෙනවා. නමුත් එතුළින් සෘජුව ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ ක්‍රමයක් නැහැ. වෙනත් දැනහැඳුනුම්කම් මත පැමිණෙන අය තමයි බොහෝ සිටින්නෙ. වේදිකාවේ රඟපාලා එන අය ඉන්නවා. වෙනත් බාහිර රඟපෑම් හරහා එකතු වෙන අය සිටිනවා. ඒ වගේම Model කෙනෙක් වෙලා Act කරන්න එන අයත් ඉන්නවා. නිසි ක්‍රමවේදයක් නොමැතිකම නිසයි එහෙම වෙලා තියෙන්නෙ.

ඩිරෙක්ටින් වලට කැමති නැද්ද?

මම ආසම ඩිරෙක්ටින්වලට තමයි. මං වේදිකාවෙත් රඟපාලා තියෙනවා. මම Actor කෙනෙක් වුණේ අහම්බෙන්. මට වුවමනාව තිබුණෙ අධ්‍යක්ෂනයට සම්බන්ධ වෙන්න.

වැඩියෙන් චාන්ස් ලැබෙන්නෙ කෙල්ලන්ටද කොල්ලන්ටද?

එහෙම නැහැ. දෙගොල්ලන්ටම ලැබෙනවා.

සමස්තයක් විදිහට ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිදු වෙන්න ඕන වෙනස් කම් විදිහට ඔබ හඳුනාගන්නේ මොනවාද?

රජයේ මැදිහත්වීමෙන් ප්‍රතිපත්ති රාමුවක් සකස්විය යුතුයි. නමුත් අපිට එහෙම වෙනසක් පිළිබඳ බලාපොරොත්තු විය නොහැකියි. මොකද ලංකාවේ දේශපාලනය තීරණය කරන බහුතර ඣන්දදායකයින් රෑපවාහිනි නරඹන අය. රූපවාහිනිය මෝඩ වෙන තරමට ඡන්දදායකයොත් මෝඩ වෙනවා. එතකොට පාලනයට ලේසියි. ඒ නිසා ඔවුන් එය වෙනස් වෙනවට කැමැත්තක් නැහැ.

ඔබ රංගනයේදි චරිත තොරාගැනීමක් සිදු කරනවද? කරනවා නම් ඇයි ඒ?

මම චිරිත තෝරාබේරා ගැනීමක් සිදුකරන්නෙ නැහැ. මොකද මේක මගේ රැකියාව. හැබැයි මං මිනිස්සු තෝරා බේරා ගන්නවා.

ඔබට නිරුවත්ව චරිතයකට පණ පොවන්න කිව්වොත් ඔබ කැමති වෙනවද?

ඔව්. හැබැයි හරි මිනිස්සු ළඟ පමණයි.

පෞද්ගලික තොරතුරු ටිකක් කිව්වොත්?

මම විවාහකයි. අම්මයි අප්පච්චියි නැගණියයි තමයි නිවසෙ ඉන්නෙ. අපි විවාහයෙන් පසු වෙනම නිවසක පදිංචි වුණා. මම කැළණිය විශ්වවිද්‍යාලයෙන් MA උපාධියත් ගත්තා බාහිර ශිෂ්‍යයෙක් විදිහට . මගේ බිරිඳ Dancer කෙනෙක්. ඒ වගේම Designer කෙනෙක් විදිහටත් ඇය කටයුතු කරනවා. ඇයත් උපාධිදාරිනියක්.

ක්ෂේත්‍රයට අලුතින් එන අයට මොනවද කියන්න තියෙන්නෙ?

නිසි දැනුමක් ලබාගෙන ක්ෂෙත්‍රයට සම්බන්ධ වීම තමයි වඩා වටින්නෙ. මොකද තමන් කරන්නෙ වෘත්තියක් නිසා. අපි එයට ගරුකළ යුතුයි. තමන්ගෙ තැන හදාගන්න පුළුවන් තමන්ටමයි. මේ කරුණු විනෝදයට රඟපාන අයට අදාළ නැති බවත් කියන්න ඕන.

මොනවද ඉස්සරහට ඔයාගේ ජීවිතේ සැළසුම්?

ගොඩක් Plan එක්ක යන්න පුළුවන් රටක් නෙවෙයි මේක. අපි බලාගෙන ඉඳිමු.

ස්තුතියි හර්ෂ.. අපි ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

-සංවාද සටහන – තරුෂි නවංජනා ලියනාච්චි.

 

MISS & MRS Srilanka 2018 for USA

කිරුළු ත්‍රිත්වයක් සඳහා රැජිණියන් තිදෙනෙකුට අවස්ථාව ලබාදෙන” MISS & MRS Srilanka 2018 for USA” වැඩසටහනෙහි මූලික පියවර අද (03) කොළඹ Light House පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්වුණි..
තරඟයේ විනිසුරු මඩුල්ල ලෙස සහභාගි වූයේ අත්දැකීම් පිරි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසකි.  ශමිල් මලික් මහතා, රොසෙල් ප්ලන්කට් මෙනවිය,චන්දි අලුවිහාරේ මහත්මිය, ගීතප්‍රිය සමරසිංහ මහතා සහ ටීනා ශනෙල් ෆර්නෑන්ඩු මෙනවිය ඒ අතර විය.
1415
 Miss crown , Mrs Crown සහ වයස අවු. 25- 36 අතර සුරූපිනියකටද කිරුළු පැළඳීමට මෙමගින් අවස්ථාව හිමිවේ..තේරී පත්වන විවාහක හා අවිවාක රූ රැජිණියන්(Miss & Mrs Srilanka) දෙපලට “Mrs, Miss & Miss teen international pagents” සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවේ..මෙම වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියාහි පැවැත්වීමට නියමිතව ඇත.
විවාහක අවිවාහක බේදයකින් තොරව වයස අවු. 25- 36 අතර වයස් සීමාවන්හි පසුවන තරඟකරුවන් අතරින් කිරුළ හිමිකරගන්නා සුරූපිනිය “International Ms. Pagent” සඳහා තරඟ කිරීමට වාසනාව ලබයි. මෙය ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පැවැත්වෙන වසර 11 ක් පමණ පැරණි තරඟාවලියකි.
 MISS & MRS Srilanka 2018 for USA තරඟයෙහි Franchise Holder ලෙස බොස්ටන් ලංකා මීඩියා අධිපති චිත්‍රාල් ද මැල් මහතාත් National pagent director ලෙස ශමිල් මලික් මහතාත් කටයුතු කරයි.
1118
National pagent director ශමිල් මලික් අදහස් දක්වමින්,
මේ pagent එක ලෝකයේ තුන්වන තැනට තියෙන්නෙ.. ඒ වගේම දුර්ලබ සහ වටිනා අවස්ථාවක්..අපිට හැමෝම එකයි.. මේ අතරින් හොඳම කෙනා තෝරන වැඩේ අපක්ෂපාතීව, ඉතාම සාධාරණව සිදුවේවි..හැමෝටම සුබපතනවා..ඒ වගේම ස්තුතිවන්ත වෙනවා බොස්ටන් ලංකා අධිපති චිත්‍රාල් ද මැල් මහතාට..MISS & MRS Srilanka 2018 for USAහි National pagent director ලෙස කටයුතු කරන්න ලැබීම මා ලැබූ භාග්‍යයක්.”
920
මේ පසුගිය වසරේ කිරුළ දිනාගත් චන්දි අලුවිහාරේ මහත්මිය
” කාන්තාවක් ගෙදරට කොටුවෙන්න අවශ්‍ය නැහැ..ඇය තුළ විශාල ශක්තියක් සහ පෞරුෂයක් තියෙනවා..ඒ වගේම ලෝකය දැක බලා ගන්න ලෝකය ජය ගන්න කාන්තාවන්ටත් හැකියාව තියෙනවා..එ් බව පසුගාය වසරේ කිරුල දිනා ගනාමින් මා ඔප්පු කලා..මේ ඔබගේ අවස්ථාව..සුබපැතුම්”
තරඟකාරියක් ලෙස පැමිණි ශානිකා ඒකනායක මෙනවිය අදහස් දක්වමින්,
“ඇත්තටම මට මෙය හොඳ අවස්ථාවක්..මගේ පළමුවෙනි Pagent එක මේක..හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා..ජය පැරදුම සතුටින් භාරගන්නවා..අත්දැකීමක් ලබා ගැනීමයි වටින්නෙ”
Boston Lanka සියලු තරඟකාරියකට සුබපැතුම් එක් කරනවා
BY: Tharushi Nawanjana
1917

“මට කෙලවෙලා” – බුද්ධික දමයන්ත

බුද්ධික දමයන්ත නාට්‍ය කලාවේ විවිධ භූමිකාවන් රැසක් නිරූපණය කරණ තරුණ නාට්‍ය කරුවෙක්. වසර විස්සකර අධික කාලයක් තුල කැපීපෙනෙන නාට්‍ය නිර්මාණයන් රැසක් නිර්මාණය කල බුද්ධික වත්මන් නාට්‍ය කලාව පිළිබද කතාබහකට බොස්ටන් ලංකා අප සමග මෙසේ එක්විය.

17311268_1221594484627543_5732909036746847019_o

දැනට වසර කීපයකට පෙර තවත් නාට්‍ය කරුවෙකු වෙන ධනංජය කරුණාරත්න විසින් ඔබගේ ජීවිත කතාව කරළියට ගෙනාවා ”බුද්ධිකයගෙ කතාව”= නමින්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මේ නාට්‍ය නිර්මාණ වලට කියන්නේ බයෝග‍්‍රැෆිකල් තියටර් කියලයි. ධනංජය කරුණාරත්නට  ඕන වුනා ඇත්තටම නාට්‍ය කලාවෙන් ජීවිතය කෙලවගත්ත නාට්‍ය කරුවෙක්ගෙ අත්දැකීම් පේ‍්‍රක්‍ෂකයා හමුවට ගේන්න. ඉතිං ධනංජය මුල් කාලයේ ඉදං මගේ මිත‍්‍රයෙක් නිසාත්, මම ගැන පෞද්ගලිකව දන්න නිසාත්, මගේ කෙලවීම ගැන අවබෝධයක් තියෙන නිසාත් මාව ඒ නිර්මාණයට තෝරගත්ත. නාට්‍ය කියන්නේම ඇත්ත නෙවේ. අන්න ඒක අපි මුලින්ම අවබෝධ කරගන්න  ඕන. ඉතිං මේ නාට්‍යයේත් මගේ ජීවිතය පිලිබ`ද අර්ධවූ සත්‍යයකුත්, ධනංජය වසින් නිර්මාණය කරපු කොටසකුත් තියෙනවා. මේ හැම දේකටම මම එක`ගවුණු නිසා තමයි මම ඒ නිර්මාණය කිරීමට යොමුවුනේ.

13015591_932749396845388_5427974358212538695_n

ඇයි ඔබ ඔබට කෙලවෙලා කියල කියන්නේ?

මට කෙලවෙලා කියන එක ගැන මට අවබෝධයක් තියෙන නිසා.

ඔබ හිතන විදියට කවුද මේකට වගකියන්න  ඕන?

කවුරුත් වගකියන්න  ඕන නෑ. මේකට මම මයි වගකියන්න  ඕන. කිසිම කෙනෙක් මට නාට්‍ය කරන්න කීවෙත් නෑනෙ. මම 94 මුල්ම නාට්‍ය කරනකොටම දන්නවා මට කෙළවෙනවා කියල. එහෙම දැන දැනත් මේ කලාවට තියෙන ආසාව නිසා තමයි මම එදත් නාට්‍ය කරේ. ඒ ආශාව අදත් ඉවරවෙලා නෑ. හෙටත් ඉවර වෙන්නේ නෑ. හැබැයි මේවගේ තක්කඩි, කාලකන්නි පාලකයොයි, නළධාරියොයි, කලාකාරයොයි ඉන්න රටක සැබෑ නාට්‍ය කලාවක් කිරීමට යොමුවීම ගැන මට දුකක් නං තියෙනවා. මේක නාට්‍ය කලාව ගැන දුකක් නං නෙවෙයි.

එතකොට ඔබ තවමත් නාට්‍ය කලාවේ නිරතවෙන්නේ ඇයි?

මම නාට්‍ය කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද. මැටි වැඩ කරන්නද?

මේක ලංකාවේ වෘත්තීය නාට්‍ය කලාවක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර නොතිබීමෙන් ඇතිවී ඇති තත්ත්වයක් නේද?

මේ රටේ ඇත්තටම වෘත්තිමය නාට්‍ය කලාවක් ඇත්තේ නෑ, වෘත්තිමය නාට්‍යකාරයොත් නෑ. ඒ අය ජිවත් වෙන්න විවිද දේවල් කරමින් තමයි නාට්‍ය කාලව කරන්නේ. හැබැයි මම නං පූර්ණකාලීනව, වෘත්තීය වශයෙන්ම නාට්‍ය කලාව තමයි කරන්නෙ. අද වෙලා තියෙන්නේ මොකද්ද? නාට්‍ය කරන්න එක කෙනාගේ ඉදිරි ජීවිතය ගොඩන`ගාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරල තියෙනවද? අවුරුද්දකට කැම්පස් වලිනුයි, තවත් එක එක නාට්‍ය සම්බන්ධ කොස් වලිනුයි කොයි තරම්නම් ළමයි ප‍්‍රමාණයක් සමාජයට යොමුකරනවාද, ඇයි මේවගේන නාට්‍ය කාරයෝ බිහිවෙන්නේ නැත්තේ. එක්කෝ කොහේ හරි ඈත ඉස්කෝලෙකට ගිහින් අදාළම නැති විෂයක් උගන්නියි. නැත්තං කවුරුහරි ටෙලිනාට්‍ය මුදලාලි කෙනෙක් පැහැරගනියි. මේක ඒ අයගේ වරදක් නෙවේ. මේ ක‍්‍රමේ වරදක්. කිස්ම දේකට ස්ථිර ජාතික ප‍්‍රතිපත්තියක් නැති රටේ නාට්‍ය කලාව වෘත්තිය විදියට කරන්න පු`ඵවන් වෙයිද? මේකට ඇත්තටම අපි රටක් කියල කිව්වට ඇත්තටම මේක මාකට් එකක්. මේකෙ හැදෙන්නේ මුදලාලිලයි ෆුඞ් කෝටුයි විතරයි. මේ අය තමයි රටේ හැමදෙයක්ම අද තීරණය කරන්නේ.

1383003_10202015779743417_897404875_n

නාට්‍ය කරුවන්ට අවශ්‍ය මේ පරිසරය ඒ අය විසින්ම නේද ගොඩන`ගා ගත යුත්තේ?

ඇත්ත, මේ පරිසරය සරච්චන්‍ද්‍රමහත්තයාගේ ඉදන් අද වෙනකං කිසිම කෙනෙක් ගොඩ නැ`ගුවෙත් නෑ. අපි ඉදිරි පරම්පරාවට මේක ගොඩනගන්නෙත් නෑ. ඉදිරියේ එන අය මේක කරයි කියන විශ්වාසයකුත් නෑ. හැම කෙනාම මේක ඇතුලේ තමන්ගේ ගේම ගහල කෑල්ලක් කොහොමද කඩාගන්නේ කියන ප්ලෑන් එකේ තමයි ඉන්නේ.  ඕක තමයි කලාව කියල අපි අද කරන්නෙ. එහෙම නැතිව සමාජයේ හෝ ඉදිරි පරම්පරාවේ පැවැත්ම වෙනුවෙන් කරන කිසිම දෙයක් නෑ. මම නං මගේ දරුවො කැමති වුනත් නාට්‍ය කලාවටනං එන්න ඉඩදෙන්නෙ නෑ.

එතකොට කොහොමද මේක ආරම්භ කල යුත්තේ?

මේක ඇත්තටම මේ ක‍්‍රමේ වෙනස් කිරීමකින් තමයි ආරම්භ කරන්න  ඕන. පහුගිය කාලේ කලාකරුවෝ එකතුවෙලා නොයක් විදියේ සාකච්ඡුාවන් කරා. මං හිත්න්නේ ඇමරිකාවත් හ`දට යන්න ඒ තරං සකච්ඡුා කරන්න නැතුව ඇති. චන්ද කාලෙදි කලාව දඩමීමා කරගෙන එක එක දේශපාලකයන් පස්සෙ ගියා. මොකද අන්තිමේදි උනේ කලාකාරයොයි දේශපාලකයොයි තම තමන්ගෙ පෞද්ගලික අරමුණු වලට ගියා ප‍්‍රශ්ණ එතනමයි. මේක ඔ`ඵගෙඩි මාරු කරල විසදන්න පු`ඵන් දෙයක් නෙවේ. මොකද දේශපාලකයො දන්නව මොනව කළත් තමන්ගේ පිටුපස්සෙ යන පිරිසක් ඉන්නවා කියල. මෙන්න මේකයි වෙනස් කරන්න  ඕන. බුද්ධිමත් ජනතාවක් නිර්මාණය කරගැනිමයි අවශ්‍ය.

21728318_1600754399991206_3617978722041380035_nphoto (2)

එතකොට ඔබේ නාට්‍ය කිරීමේ අරමුණ මොකද්ද?

සමාජයේ මම දකින අවුල ජනතාවට නාට්‍ය ම`ගින් ප‍්‍රකාශ කිරීම තමයි මගේ අරමුණ. සමාජයේ හැමෝම තාම දූෂණය වෙලා නෑ. හිතන පතන යම් පිරිසක් තාමත් ඉන්නවා. මේ ජනතාවට ඥාණය වහ වහා ලබාදියයුතුයි. මේ කාර්යය කවුරුන් හෝ කලයුතුයි. මේ කාර්යය තමයි මම මගේ නිර්මාණ ම`ගින් කරගෙන යන්නේ.

පාලිත අබේලාල්

උමා නානායක්කාර.

මේ දිනවල music video තුලින් නිතරම දකින්න ලැබෙන කෙනෙක් එක්ක තමයි අද අපි බොස්ටන් ලංකා කතා කරන්න සූදානමින් ඉන්නේ. ඇය උමා නානායක්කාර.

උමා මොනාද මේ දවස්වල වෙන්නේ?

මේ දවස් වල වැඩ කීපයක් කරගෙන යනවා. ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුනා

2

එතකොට රංගනයට එන්න අවස්තාව ලැබුනෙ කොහොමද?

විශේෂයෙන් ඒ ගැන මම කියන්නම ඕන. ධනංජය හදුන්ගොඩ සහ ඩයන් ඉන්දජිත් යන දෙපල තමයි මාව ජැක්සන් ඇන්තනි මහතාට හදුන්වා දුන්නේ. ඊට පස්සේ තමයි මාව අබා film එකට  සම්බන්ධ කර ගත්තේ.

36

ඔබ රංගනයෙන් දායක වුණු වෙනත් නිර්මාණ මොනවද?

දස්කොන් ටෙලි නාට්‍යයේ රනී චරිතය කලේ මම.

රංගනයෙන් අපට හැමදාම උමාව දකින්න පුලුවන් වෙයිද?

ඔව් අනිවාර්යෙන්ම. මම දිගටම රංගනයේ නියැලෙන්න කැමති.

18

රංගනයට අමතරව ඔබ මොනාද කරන්නේ?

මම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් choreographer කෙනෙක් විදියට කටයුතු කරනවා. තව මගේ MBA එක complete කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ ගැන කෙටියෙන් කිව්වොත්?

මම ගොඩක් සරලයි, ඕන කෙනෙක් එක්ක ඉක්මනට friendly වෙනවා, දක්ෂයි, සත්තුන්ට ගොඩක් ආදරෙයි, දුප්පත් අයට උදව් කරනවා.

4

ඔයාගේ පුද්ගලික විස්තර ටිකකුත් කියමු?

මට අම්මයි, තාත්තයි, අක්කලා තුන් දෙනෙකුයි, අයියා කෙනෙකුයි ඉන්නවා.

By: Ruvini Kaushalya

 

මහාචාරය ආරියරත්න ඇතුගලයන්ගේ ‘මහාසුපින’

සන්නිවේදන විෂය ක්ත‍්‍රයේ ප‍්‍රාමාණික විද්වතෙකු වන ඔහු, ඒ හා සම්බන්ධව විවිධ වූ පර්යේෂණ රැසක් සිදුකළ අයෙකි. මහා සමයම දෘෂ්‍ය කාව්‍ය නිර්මාණය තුළින් පේ‍්‍රක්‍ෂකයන් අතර කතාබහට ලක්වූ ඔහු නමින් මහාචාරය ආරියරත්න ඇතුගලයන් ය. එතුමන්ගේ නවතම නාට්‍ය නිර්මාණය මහාසුපිනමේ මස 05 වන දින සවස 5.30 කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී රංග ගත වේ.

ඔබගේ නවතම නාට්‍යය පිළිබඳ මුලින්ම අපට පැහැදිළි කිරීමක් කළොත්?

මගේ මෙවර නිර්මාණයට පාදක වෙන්නේ ජාතක කතා පොතේ එන මහාසුපින කියන ජාතය. මේ ජාතකයේදී සිහින දහසයක් ගැනයි සාකච්ඡා වෙන්නේ. මේ සිහින වලින් අපේ මානව ධර්මතා, අපි හිතන ආකාරය, අපේ වර්තමානය සහ අනාගතය සම්බන්ධයෙන් වැදගත් හෙළිකිරීම් ගණනාවක් සිදුකරනවා. මේ නිසා මේ ආශ‍්‍රයෙන් නිර්මාණක් කළ යුතුයි කියන අදහස මගේ සිතට නැඟුනා.

288A7458

ඔබ නැවතත් අතීතයට ගොස් වස්තුබීජ හොයා යාමක නිරතවෙනවා. මේකට හේතුව මොකද්ද?

මම විශ්වාස කරන ආකාරයට නූතන ඥාණය හොයාගැනීමට පුළුවන් එක ප‍්‍රදේශයක් තමයි සාම්ප‍්‍රදායික නැත්නම් පැරණි දැනුම. මේ දැනුම දීර්ඝ කාලීනව පැවත එමින් මනාව ඔපමට්ටම් වුන එකක්. මේ සාම්ප‍්‍රදායික කලාව තුළ ඉතා ගැඹුරු මානව සම්බන්ධතා රැසක් අපිට අත් දැකීමට හැකියාව ලැබෙනවා. අපේ පැරණි සාහිත්‍ය කෘති අතරින ජාතක පොත කියන්නේ ඉතා වැදගත් මෙන්ම සාරගර්භ සාහිත්‍ය කෘතියක්. ඒ වගේම මේ කෘතියේ තියෙන විශේෂත්වය තමයි පශ්චාත් නව්‍ය අදහස් පවා මේ කෘතියේ අන්තර් ගත වීම. මේ නිසා පැරණි ලියවිල්ලක් වුනත් වර්තමානයටත් මේ ලිවීමේ වල වලංගු භාවක් පවතිනවා. ඒ වගේම මේ ජාතක කතාවේ ඇත්තටම කතාවක් නෑ. මේ නිසා කතාවක් විදියට මේ ආකෘතියම නවිනයි කියල තමයි මගේ අදහස.

dsc-14601

සාහිත්‍යමය ලියවීමක් නාට්‍යකට පෙරළීමේදී ඔබ මොනවගේ ශිල්ප ක‍්‍රමද භාවිත කිරීමට යොමුවුනේ?

මේ නාට්‍යයේ අපිට සම්මත නාට්‍ය වල දකින්නට ලැබෙන රේඛීය ලක්‍ෂණ දකිනිට ලැබෙන්නේ නැහැ. විවිධ කලා ආභාෂයන් ලැබූ දේවල් මේ නිර්මාණයේ අඩංගු වෙනවා. මේ නිසා මූලික වශයෙන් නාට්‍ය ධර්මය මත පිහිටා වගේම ඉන් බැහැරවත් සමහර ශිල්ප ක‍්‍රම භාවිත කිරීමට යොමුවෙනවා. මේ නිසා සාම්ප‍්‍රදායික නාට්‍ය වර්ග කිරීම අනුව මේක නාට්‍ය ධර්මී නාට්‍යයක් හෝ ස්වභාවික වගේ නාට්‍ය වර්ග කිරීමකට කොටු කිරීමටත් මට හැකියාවක් නැහැ. මේක හුදෙක් නාට්‍යමය ප‍්‍රකාශනයක් විදියට තමයි හැඳින්වීමට පුළුවන් වෙන්නේ.

288A7549

ඔබගේ මේ නිර්මාණය වැඩෙන්නේ විශ්වවිද්‍යාල පරිසරයේ වගේම එයට වැඩි දායකත්වයක් දක්වන්නේද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්. මෙහි විශේෂත්වයක් පවතිනවද?

වසර ගණනාවක විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක් විදියට මම ලබපු අත්දැකීම තමයි මේ වශ්වවිද්‍යාල විද්‍යාථීන් සහ බාහිර සමාජය අතර නිර්මාණය වී ඇති විශාල පරතරය. මේවැනි පරතරයක් ඇතිවීමට හේතු වී ඇත්තේ මේ දෙපිරිස අතර නිසියාකාර සන්නිවේදන කාර්යයක් නොතිබීම. මේ නිර්මාණය හරයා මේ බාහිර සමාජය කියැවීමක නිරතවීමට අවකාශය ලබාදීමක් ද වෙනවා. එයින් මේ පරතරය යම් ආකාරයකට පිරවීමකට උත්සහ කිරීම එක් උත්සාහයක්. මේක ඇත්තටම එක්තරා අාකාරයකට සංස්කෘතික කාර්යයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මීට අමතරව අද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සාම්ප‍්‍රදායික දේශන ශාලාවට, දේශනයට, සටහනට කොටුවී ඇති තත්ත්වයක් නිර්මාණය වී තියෙනවා. මේ නිසා මේ සටහන් කියවන සම්ප‍්‍රදායෙන් විද්‍යාර්ථීන් බැහැරට අරගෙන සමාජීය කාර්යයන් වෙනුවෙන් මැදිහත් වන, ඒ සම්බන්ධයෙන් සැබෑ හැඟීමක් ඇති, පෞරුෂයෙන් යුක්ත පිරිසක් නිර්මාණය කිරීමත් මේ කාර්යයේ එක අරමුණක් වෙනවා. මේ කාර්යය නාට්‍යමය ආවේශයක් මඟින් සාර්ථකව කළහැකිය කියන විශ්වාසය මා තුළ පවතිනව.

mahasamayama_6

ඔබගේ ‘මහසමයම’ නිර්මාණය සාමාන්‍ය ජනතාවගෙන් බැහරව විශේෂිත පිරිසකගේ අවධානයට පමණක් යොමුවූ නිර්මාණය බවට පත්වුනා. මේ නිර්මාණයක් ඒ වගේද?

මම නම් කොහෙත්ම ඔය අදහසට එකඟ වෙන්නේ නැහැ. මොකද අනුරාධපුරය වගේ ඉතා දුර පළාත්වල ඉදන් බස් පිටින් මගේ ‘මහසමය’ නාට්‍ය බැලීමට පැමිණියා. සාමාන්‍යයෙන් මේ වගේ නාට්‍යයක් අවුරුද්දකට දර්ශණ වාර දහයක් පවත්වන්නේ නැහැ. මම ඒ කාර්යය කළා. හිස් පුටුවලට නෙවේ. සම්පූර්ණයෙන්ම සෙනඟ පිරිල ඉන්න ෙප්‍ර්ක්‍ෂකාගාරයකට. සමහර විදේශීය රටවල ප්‍රේක්‍ෂකයන් මහසමයම නාට්‍ය පෙන්වන දිනය බලල ලංකාවට ඒමේ ප‍්‍රවණතාවක් පවා ගොඩනැ`ගුනා. මේ නිර්මාණය සමඟ රසය හොයන, අලූත් අදහස් හොයන, ඒ පිළිබ`දව හැ`ගීමක් ඇති පිරිස් මගේ නිර්මාණ වටා එක්වීම සිදුවුනා.

photo

එතකොට ජංගම නාට්‍ය කලාව ඔබ විශ්වාස කරන්නෙ නැද්ද?

ඇත්තටම ලෝකෙ සාකච්ඡා කෙරෙන්නේ ජංගම නාට්‍ය නෙවේ. මම මේකෙන් කොහෙත්ම අදහස් කරන්නේ නෑ ජංගම නාට්‍ය කලාව වැරදියි කියල. උදාහරණයක් විදියට අපි රුවන්වැලි සෑය වදින්න යනවනම් ඒ වෙනුවෙන් කාලයක් වෙන්කරගෙන, භක්තියෙන් අවබෝධයක් අතිව තමයි යන්නේ. දැන් ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි ඔපෙරා හෝ ලන්ඩන් ඔපෙරා ගත්තොත් ඒ නිර්මාණ එකම රඟහලක තමයි පවතින්නේ. ඒ වෙත විවිධ විවිධ පරිස් පැමිණීමයි සිදුවෙන්නේ. මේ වගේ සංස්කෘතියක් අපේ රටේද නිර්මාණ  විය යුතුයි කියලයි මම හිතන්නේ.

288A7475

ඔබේ ‘මහසමයම’ නාට්‍ය මඟින් ලංකාවේ නාට්‍යකලාවේ යම් වෙනසක් සිදුවුනා කියන අදහස ඔබට තියෙනවාද?

ඒ සම්බන්ධයෙන් අදහසක් නෙවේ, සාක්‍ෂි තියෙනවා. ලංකාවේ හිටපු සහ දැනට ජීවත්වන ප‍්‍රධාන පෙළේ උගතුන් මේ සම්බන්ධයෙන් විවිධාකාර ලියවීම් වලින් සාධනීය කාරණා මතුකර තියෙනවා. අනිත් පසින් මේක නරඹපු පිරිසකගේ අත්දැකීම් සහ ඒ අයගේ අදහස් තාමති සමාජයේ තියෙනවා. මේ නිසා මේ නිර්මාණයේන ලබපු අත්දැකීම් හුළගේ ගිහින් නැහැ. මේ නිර්මාණ නැවත් පෙන්වීමට හෝ ඒ පිළිබ`ද කතාබහක් සමාජය තුළ නොවීම නිසා මේ නිර්මාණ මිය යාමේ තත්ත්වකට පත්වී තියෙනවා. අද මමත් ඒ ඛෙදවාචකයට අහුුවුණු නිර්මාණකරුවෙක්.

පාලිත අබේලාල්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Thespiyan drama festival

By: Palitha Abelal

කොළඹ සෞන්දරය කලා විශ්වවිද්‍යාලයීය නර්තන හා නාට්‍ය කලා පීඨයේ මුද්‍රා නාට්‍ය හා නර්තන අධ්‍යයන අංශයේ තෙස්පියන් නාට්‍ය සංගමය විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘‘ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උළෙල’’ මේ මස විසිවනදා (20) සිට විසි හයවනදා (26) දක්වා විශ්ව විද්‍යාලයීය පරිශ‍්‍රයේදී පැවැත්වේ. මෙහිදී දිගු නාට්‍ය පහක්, කෙටි නාට්‍ය හයක් මෙන්ම බැලේ දර්ශන දෙකක් සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගතවීමටය නියමිතය.

1rt

වර්තමානය වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන් නාට්‍ය නිෂ්පාදන දිවයිනේ ප්‍රධාන ධාරාවේ නාට්‍ය නිර්මාණ අතර වැදගත් තැනක් හිමිකොටගෙන ඇත. අංකුර කලාකරුවන්ට මනා පිටුවහලක් වන්න වූ ජාතික නාට්‍ය උළෙල හා යෞවන සම්මාන උළෙලයන් හිදී අවසන් වසර කීපය තුළ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිෂ්පාදනය සඳහා වූ සම්මාන හා නිර්දේශයන් ද රාජ්‍ය නාට්‍ය උළෙලේදී දිගු නාට්‍ය, විශිෂ්ඨ නිර්මාණ සඳහා නිර්දේශ වී සම්මාන දිනා ඇත. විශ්වවිද්‍යාලයක් වශයෙන් තම අභිමුඛ පර්යේෂණ කටයුතුවල නියැලෙමින් ලෝක නාට්‍ය කලාවේ සම්භාව්‍ය නිර්මාණ හා විද්‍යාර්ථයින්ගේ ඥාණ ගවේශණය මඟින් නිර්මාණය කරනු ලබන ස්වතන්ත්‍ර නිර්මාණ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛ ආයතනයක් ලෙස සුවිශේෂී ස්ථානයක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ලබා සිටී. ඒ වෙනුවෙන් ශිල්ප ඥාණනය කරනු ලබන විද්‍යාර්ථින් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇකඩමික් තෙස්පියන් නාට්‍ය උළෙල සිදුකරණු ලබයි.

_MG_2416-Edit copy56

20 වනදින මුහුරත් උළෙල මෙන්ම සමාරම්භක උළෙල පැවැතිවෙන අතර, 21 වන දින ධනුෂිකා දිසානායකගේ ‘‘බර්නාඩාගේ සිපිරිගෙය’’ නාට්‍යය, 22 වන දින සවස 3.30ට එච්. එස්. එස්. මධුරංගගේ ‘‘පිනෝකියෝ’’, භානු සුදාරකගේ ‘‘pyar’’, කේ. සී. උක්වත්තගේ උතුරුකුරු දිවයින යන කෙටි නාට්‍ය ත‍්‍රිත්වය සහ එදිනම සවස 6.30 ට මුද්‍රා නාට්‍යයක් වේදිකා ගතවේ. 23 වන දින සවස 6.30ට කසුන් උක්වත්තගේ ‘‘හිරු නොදුටු මිනිස්සු’’ නාට්‍යද, 24 වන දින සවස 3.30ට ‘‘funaral’’, කසුන් තාරකගේ ‘‘future’’ සහ ධනුෂිකා දිසානායකගේ ‘‘ඉන්නෙක් ඇය සහ මම’’ යන කෙටි නාට්‍ය ත‍්‍රිත්වය සහ සවස 6.30 ට ‘‘X- නගරය’’ යන නාට්‍ය වේදිකා ගතවේ. 25 වන දින ආර්.එම්. උෂාන් පෙරේරගේ ‘‘මායාබන්ධන’’ (The Crusibal) සහ 26 වන දින රංග මනුප‍්‍රියගේ ‘‘ප‍්‍රපාතය ළග වනස්පතිය’’ නාට්‍ය වේදිකා ගතවේ.

dsdsd iii rt we111 2323

 

මේ ගෙවෙන්නේ” ගීතය ලොකු වෙනසක් කරයි කියලා මම හිතනවා – ගායිකා ඉෂානී සන්දනායක

BY: සංඛ රඹුක්වැල්ල

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කාරණය අද වන විට කෙතරම් සත්‍ය දැයි යලි යලිත් ප්‍රශ්න කළ යුතු මට්ටමට පැමිණ ඇත.ඒ මන්ද යත් එකී අදහස මුසාවක් කරමින් විවිධ ක්ෂේත්‍රයන් තුළ එක් අයෙකු එක හා සමාන ලෙස දස්කම් දක්වන්නේ නම් ඇතැම් විට එය ඔහුගේ හෝ ඇයගේ වාසනාව වන්නට පුළුවන.එසේත් නැතිනම් දක්ෂතාවය මත ගොඩනැගුණු වාසනා ගුණයක් වුවද විය හැක.ඉහත දැක් වූ කුමන ආකාරයට හෝ ඇය ක්ෂේත්‍ර කිහිපයක එක හා සමාන ලෙස දස්කම් දක්වයි.නමින් ඈ ඉෂානී සන්දනායක ය.වෘත්තියෙන් බැංකු නිළධාරිණියක වන ඈ ගායිකාවකි.නිවේදිකාවකි. ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයකින් ම රසික ඔබ අතරට පැමිණෙන ඈ අද බොස්ටන් ලංකා කතා බහ හා එක් වේ.

කොහොමද ඉෂානී. මොනවද අලුත් තොරතුරු  ?

හොඳයි,හොඳින් ඉන්නවා. ‍රැකියාවේ වැඩකටයුතු එක්ක සංගීතමය වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා ඉතින්

S3S5

කියන්නකෝ ඔබ ගැන විස්තර ටිකක් ?

මම දැනට ‍රැකියාව කරන්නේ දෝහා කටාර් වල බැංකුවක.මම ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ වසර අටක පලපුරුද්ද සමගින් තමයි දොහා කටාර් වල බැංකු ක්ෂේත්‍රයේ ‍රැකියාවට එන්නේ.මගේ කුඩා කාලය ගැන කතා කලොත් මම පාසල් යන කාලයේ ඉඳලා තමයි සංගීතයට යොමු වෙන්නේ. පස්සේ මම සංගීතය මාලනී බුලත්සිංහල මහත්මියගෙන් ඉගෙනගන්නවා.උසස් පෙල විභාගයෙන් පස්සේ බැංකු ක්ෂේත්‍රයේ ‍රැකියාවට යොමුවෙන නිසා සංගීතය ඉගෙන ගැනීම සහ සංගීත කටයුතු වල නියැලීම මගෙන් මග හැරෙනවා.‍රැකියාවේ තියෙන කාර්යබහුල බවත් එක්කම.

ඔබ කොහොමද නැවත ආයෙමත් සංගීත ක්ෂේත්‍රයට යොමුවෙන්නේ ?

ඔව් මම දෙදාස් දොළහේ තමයි කටාර් වලට එන්නේ.කටාර් වලදි ‍රැකියාවේ කටයුතු හවස තුන වෙනකොට ඉවර වෙනවා.දැඩි කාර්යබහුල බවකින් මම මිදෙනවා ඒ නිසා.ඒ එක්කම පුහුණුවීම් පටන්ගෙන නැවතත් සංගීතයට යොමු වෙනවා. එහෙම යොමුවෙන්න තවත් එක හේතුවක් තමයි කටාර් වල ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් සංවිධානය කරන විවිධ ප්‍රසංග වල නිවේදන කටයුතු වලට සහ ගීත ගායනා කටයුතු වලට දායක වෙන්න ලැබීම.ඉතින් මේ හැමදේමකම ප්‍රතිපලයක් විදිහට මම මගේම කියලා ගීත පහක් නිකුත් කිරීම දක්වා ඉස්සරහට එනවා.

S1 S2

ඔබ කෙරුව අලුත් ගීත ගැන කීවොත් ?

ගිය අවුරුද්දේ තමයි මම මගේ මුල්ම ගීත කිහිපය කරන්නේ.ඒ ගීත කිහිපයෙන් එක් ගීතයක් සංගීත වීඩියෝවක් එක්කයි කළේ.ලංකාවේ රූපවාහිනී නාලිකා කිහිපයකම ඒක විකාශනය වුණා.ඒ වගේම මම අදහසක් තිබුණා මම කරන හැම නිර්මාණයක්ම ලංකාවේ සිටින ප්‍රවීණ සහ දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරුන් හා ගී පද රචකයන් අතින් නිර්මාණය කරගන්නවා කියන එක. ඒ අදහස එක්ක මම මුලින්ම ගීතයක් කරන්න හිටියේ අරුණ ගුණවර්ධන මහත්මයා එක්ක.ඒ ගීතයේ පද රචකයා වුණේ මගේ ආදරණීය සැමියා.ඒ ගීතය කරන්න ටිකක් පමා වුණා.ඒ අතරේ මගේ සැමිය ම පද රචනය කරපු  මේ හේතුව කියන ගීතය තමයි මම මුලින්ම නිර්මාණය කරපු ගීතය.එම ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරයා වුණේ දර්ශන වික්‍රමතුන්ග මහත්මයා.ඊට පස්සේ කැලුම් ශ්‍රීමාල් මහත්මයාගේ පද රචනයකට උදාර සමරවීර මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු  ඔබට මා මෙන් කියන ගීතය නිර්මාණය කරනවා.ඒක තමයි මගේ පළවෙනි මියුසික් වීඩියෝ එක වෙන්නෙත්.ඊට අමතරව කීර්ති පැස්කුවෙල් මහත්මයා එක්ක යුග ගායනයක් කරන්න මම වාසනාවන්ත වෙනවා.ඒ ගීතයේ පද රචනය කරන්න බන්දුල නානායක්කාරවසම් මහත්මයා.ඒ වගේම එහි සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග මහත්මයා.ඊට අමතරව නයනසේන වන්නිනායක මහතා ලීව රෝහණ වීරසිංහ මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු ගීත “මේ ගෙවෙන්නේ” කියන ගීතයත් වෙනස් ආරක ගීතයක්.ඊට අමතරව දර්ශන රුවන් දිසානායක මහතා සහ සමන්ත පෙරේරා මහතා සමඟ කළ ගීත කිහිපයකුත් සහ රාජ්‍ය සම්මානලාභී අසංක රුවන් සාගර මහත්මයා ලීව පද රචනයක් ඇතුළුව නව ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න නියමිතයි.

මේ දේවල් වලට ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

ඇත්තටම ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා.මගේ ස්වාමියා වන මංජුල සන්දනායක ඉතා දක්ෂ ගී පද රචකයෙක්.කාර්ය බහුලත්වයත් එක්ක ඔහුට ගී පද රචනයේ යෙදෙන්න අවස්ථාවක් නොලැබුණත් ඔහු ඉතා සුන්දර සංකල්පනා ගොඩ නගන්නෙක්.ඉතින් අපි දෙන්නම ගමන් කරන්නේ එකම පාරක නිසා ඒ ගමන හරිම පහසුයි.මේ හැමදේකම ශක්තිය වෙන්නේ ඔහුයි.

S7

ලංකාවට නැවත පැමිණීමේ අදහසකින් ද ඔබ මේ වනවිට පසුවන්නේ ?

ලංකාවට නැවත පැමිණේවි දවසක.ඒත් ඒක ළඟදි වෙයිද කියන්න බැහැ.සමහරවිට තව අවුරුදු දෙක තුනකින් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.ඒත් මම මෙහෙ ඉඳලා කරන කලා වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යනවා.ඊට අමතරව අපි කටාර් වල සංගීත ප්‍රසංග සංවිධානය කරනවා අපිම බිහිකරගත්ත කලා කවයකින්.එකේ නම සිසාරා ආර්ට් සර්කල්.ඉතින් ඒ වගේ වැඩ කටයුතු අපි කොහේ හිටියත් කලාව වෙනුවෙන් ඉ‍ටු කරයි.

විශේෂයෙන් ස්තූති කළ යුතු අය ඉන්නවද ?

විශේෂයෙන් ස්තූතිකරන්න ඕන අය බොහෝමයක් ඉන්නවා.මගේ අම්මා,මගේ පාසල ගමිපහ සිරිකුරුස විද්‍යාලය ගුරුවරුන්,මගේ ස්වාමි පුරුෂයා.ඒ වගේම දොහා වල ජානක සමරගුණරත්න,බාචි,ප්‍රවීන්,ගයාන් රුක්ෂාන්,කුමුදු ෆොන්සේකා,පැන්ටලීන් පෙරේරා,මන්ජුල ජයවර්ධන. ඒවගේම ලංකාවේ අරුණ ගුණවර්ධන,කීර්ති පැස්කුවෙල්,අසංක රුවන් සාගර ,තරංගී අතුරුලිය,සුරනිමල ජිනේන්ද්‍රසිංහ,තිසංක හේවාවැල්ලල,දර්ශන වික්‍රමතුංග,උදාර සමරවීර,රයන් උද්දික,යසරත් කමල්සිරි වගේම අබුඩාබි වල නයනසේන වන්නිනායක මහත්මයාවත්  ඉතාලියේ හෂාන් ජයවර්ධනවත් මතක් කරන්න ඕන

 

 

 

අජන්ත සෙනෙවිරත්න

අජන්ත සෙනෙවිරත්න යනු ක්ෂේත‍්‍ර කිහිපයක පැතිරුණු දක්‍ෂතා ඇති අයෙකි. ග‍්‍රන්ථකරණයෙහිලා සුවිශේෂී දක්‍ෂතා ප‍්‍රකට කල ඔහු “මම අවංකයි”“දුහුලූ සිත්”“අපි අපිම”“රිදී හුය බින්දා”“සිත මම සහ නොමියෙන මම” , “දැක නොදුටු පෙරනිමිති”“අකාල පේ‍්‍රම”වැනි ග‍්‍රන්ථ රැසක් රචනා කළේය. ඔහුගේ මෑතකාලීනව පාඨකයන් අතට පත් නවකතාව වන්නේ “රාහුලයෙක් උපන්නා”ය.

අප දන්නා ඔබ අවිවේකීරාකාරී බහුල කෙනෙක්. වගකීම් සහගත තනතුරක් දරන්නෙක්. මේ කාර්යයන් මැද ලේඛනයට විවේකය හොයාගන්නේ කොහොමද?

කෙතරම් කාර්ය බහුල වුනත් අපි අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් කරන්න කාලය වෙන්කරගන්නවා නේදඅන්න ඒ වගේ තමයි මමත්. මගෙයි අනෙක් අයගෙයි අතර වෙනස වෙන්නේ ලිවීම මගේ ජිවිතයේ අත්‍යවශ්‍ය අංගයක් නැත්නං කොටසක් බවට පත්වීම විතරයි.

ලේඛනය ඔබේ දිවියේ කොටසක් බවට පත්වුනේ කොහොමද?

මුලින්ම මම මට දැනෙන දේ ලිවීමෙන් ලැබුණු උත්තේජනයක් ලැබුව. ඒ සමගම මට මගේ ලිවීම් සම්බන්ධව විශ්වසනීයත්වයක් ගොඩනැගෙන්න පටන්ගත්තා. ඉන්පසුව මම නිරන්තරව ලිවීමේ කාර්යයේ නිරතවුනා. අද වෙනකොට මට නිරායාසයෙන් ලියැවීමේ තැනට පත්වී තියෙනවා. ලේඛනය ආරම්භ කරන කාලෙ යමක් ලිවීමට මනස සකසාගැනීමටත් වශාල කාලයක් ගතවුනා. නමුත් දැන් ඉතාම කෙටි කාලයකින් ඒ සදහා මනස සකසාගැනීමට හැකියාව ලැබී තියෙනවා. මේ සියල්ලම නිරන්තර ලේඛනය තුළින් ගොඩනගාගත් දේවල්.

ajantha

නිර්මාණ කරනයේදී ඔබ බෟද්ධ තේමා කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බව ඇතමුන් සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

මම විවිධ විෂයන් කේන්ද්‍ර කරගනිමින් ග‍්‍රන්ථ රචනා කර තිබෙනවා. නමුත් මේ සෑම ක්‍ෂේත‍්‍රයකමසෑම විෂයකම පදනම වෙත ගමන් කිරීමේදී එහි බුද්ධ දර්ශණයේ අන්තර්ගත යම් යම් කොටස් නිරාවරණය වීමක් සිදුවෙනවා. බෞද්ධයෙක් විදියට සහ ඒ ආශ‍්‍රිත සංස්කෘතියක ජිවත් වන මට මේ දේවල් විශේෂයෙන් ග‍්‍රහණය වීම සුබල දෙයක්. කෙනෙකුට මේක බුදු දහම කියල හඳුන්වන්න පුළුවන්. නමුත් මම නිරන්තරව උත්සහ කරන්නේ එහි සැබෑ ස්වරූපය ප‍්‍රතිනිර්මාණය කිරීමට.

ඔබේ මෑතකදී කළ නිර්මාණය සඳහා ‍බෞද්ධ සාහිත්‍යයේ අන්තර්ගත රාහුල චරිතය යොදාගැනීමට පෙළඹීට විශේෂ හේතුවක් තියෙනවාද?

බුද්ධ චරිතය සොයා යන්නෙකුට රාහුල කියන චරිතය ඉතාම වැදගත් චරිතයක් බව මට වැටහුනා. බෝධිසත්වයන් බුද්ධත්වය කරා යන ගමනේදී එයට සහය ලබාදුන් අය අතර රාහුල චරිතයටත් ප‍්‍රධාන ස්ථානයක් හිමිවෙනවා. සිදුහත් කුමාරයාට ගිහිගෙයින් නික්මීමට එක් නිමිත්තක් වන්නේද රාහුල කුමරුන්ගේ උත්පත්තියයි. මීට අමතරව ත‍්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී බුදුහාමුදුරුවන් රාහුල හිමියන්ට දේශනා කල සූත‍්‍ර කිහිපයක්ම අන්තර්ගත වෙනවා. මේ සූත‍්‍ර කීපය අධ්‍යනය කිරීමෙන් අපට අනිත්‍ය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. මේ පිළිබ`දව දීර්ඝ අධ්‍යනය කිරීමකින් පසුව තමයි රාහුල චරිතය කේන්ද්‍ර කරගනිමින් රාහුලයෙක් උපන්නා’ කියන නවකතාව රචනා කිරීමට යොමුවුනේ.

BTI23273_fmt

එතකොටම ඔබ මේ චරිතය ආශ‍්‍රයෙන් මෙම නවකතාව නිර්මාණය කිරීමට යොමුවන්නේ එම චරිතයේ ඇති ධර්මානුකූළ වැදගත්කම හේතුවෙන්ද?

මේක එක හේතුවක් පමණයි. රාහුල චරිතය ගත්තොත් ඔහු කවුදබුදුරජාණන් වහන්සේගේ ගිහි කළ පුත‍්‍රයා. ඉන්පසුව බදුරජාණන් වහන්සේගේ ශාසනයේ සාමනේර නමක් බවට පත්වෙනවා. තමන්ගේ පියාගේ සසුනේ. ශාසනයට ඇතුළත් වෙන්නේ අවුරුදු හතේදී. නමුත් වයස අවුරුදු දහ අට වෙනකලූත් රහත් බව ලබනේනේ නැහැ. මොකද්ද ඒකට හේතුව. උන්වහන්සේ තමන්ගේ රූපයට අධික ලෙස ඇ`ඵම් කිරීම. අද ජිවත්වන සාමාන්‍ය තරුණයෙකුගේම පැවැත්ම සහ සිතුවිලි නොවේද. මේ බව අවබෝධ කරගත් බුදුන් වහන්සේ නව යොවුන් වියේ සිටි තරුණ භික්‍ෂුවගේ ජිවිතයට අරමුණක් ලබාදෙනවා. එම අරමුණ කරා ළඟාවීමට කමටහන් නැත්නම් උපදෙස් ලබාදෙනවා. ඒ ඔස්සේ ගමන් කරන තරුණයා තමන්ගේ ජීවිතය ජයග‍්‍රහණය කරා ගෙනයනවා.

මේ රාහුල හාමුදුරුවන්ගේ චරිතය වර්තමානයේ අපේ සමාජයේ සිටින තරුණයාගේ චර්යා සහ සිතුම් පැතුම් නොවේද. වැඩිහිටියන් විදියට අපි ඔවුන් නිවැරදි සමාජයට වැඩදායී පුද්ගලයින් ලෙස නිර්මාණය කරගැනීමට නම් අප පළමුවෙන්ම ඔවුන් හ`දුනාගැනීම අත්‍යවශ්‍ය නොවන්නේද. බුදුරජාණන් වහන්සේද රාහුල හාමුදුරුවන්ගේ නියම කල පැමිණෙන තෙක් හිටියෙ නියම මාර්ගයට යොමුකරවීමට. වැඩිහිටියන් විදියටත්දෙමාපියන් විදියටත් අපි කිසිදු වෙලාව හැඟීමෙන් නොව බුද්ධිමත් ලෙස දරුවන් සම්බන්ධ කාර්යයන් හි නිරතවීමේ වැදගත්කම බදුහාමුදුරුවන්ගේ චරිතය තුළින් ප‍්‍රතිනිර්මාණය වෙනවා. මේ ආකාරයට දරුවන් නිවැරදි ලෙස අවබෝධ කර නොගැනීම හේතුවෙන් ඇතිවූ ඛේදනීය තත්ත්ව අපට  ඕනෑතරම් අසන්නට දකින්නට ලැබී තියෙනවා. ඉදිරියේදීද අසන්නට දකින්නටත් ලැබේවි. නමුත් මේ පිළිබ`දව අවබෝධයකින් මේ තත්ත්වයන් අවම කරගැනීමේ හැකියාවක්ද පවතිනවා.

මෙම කෘතිය මගින් ඔබ අතීත චරිත මත පිහිටා වත්මන් සමාජයට කිසියම් සමාජමය පණිවිඩයක් ලබාදීමකද නිරතවෙනවා.

නිර්මාණ කරුවන්ගේ කාර්යභාරය සෘජුව දෙයක් පැවසීම නොව පාඨකයාට එය හැඟීයාමට සැළැස්වීමයි. මෙම කෘතිය තුළදී මම මේ සෑම චරිතයක් කෙරෙහිම විවෘත මනසින් බලා එම චරිත ප‍්‍රති නිර්මාණය කිරීමකට යොමු වුනා. එතනදි මම මේ කිසිදු චරිතයකට හානි නොවන ආකාරයෙන් එම චරිත ප‍්‍රති නිර්මාණය කිරීමට යොමුවුනා. රාහුල හිමියන්ගේ චරිතය හා සම්බන්ධ සිදුවීම් බුද්ධ සාහිත්‍ය ඉතිහාසයේ වරළ බැවින් නිර්මාණ කරුවකු විදියට මගේ පරිකල්පනය යොදවමින් සමකාලීන බුද්ධකාලීන සමාජයේ සිදුවූ විවිධ සිදුවීම්ද ආශ‍්‍රය කරගනිමින් ප‍්‍රති නිර්මාණ කාර්යකද නිරතවුනා. සත්‍ය සිදුවීම් මත පදනම්ව මේ ප‍්‍රතිනිර්මාණ කාර්යය කිරීමට සිදුවීම ඇත්තටම දුෂ්කර කාර්යයක් වුවත් මේ නිර්මාණය තුළින් එය සාර්ථක අයුරින් ජයගැනීමට හැකිවුනා යන විශ්වාසය සහ සතුට මා තුළ පවතිනව.

බෞද්ධ ශාසන ඉතිහාසය තුළ මෙතරම් වැදගත් චරිතයක් ආශ‍්‍රය කරගනිමින් නිර්මාණයක් කිරීමට බොහෝ අය නෙපෙළමුනත් එබ එම කාර්යයට යොමුවුනා. ඔබට පෙර ලේඛන කාර්යයේ නිරතවූවන් මේ කාර්යයට අත නොගැසීමට හේතුව පිළිබ`ද කිසියම් අදහසක් තියෙනවාද?

මට හිතෙන්නේ කිසිම කෙනෙක් රාහුල කියන චරිතය නිවැරදි ලෙස දුටුවේ නැහැ. මොකද ශාසන ඉතිහාසයේ ස්ථාන කිහිපයක පමණයි රාහුල හාමුදුරුවන් ගැන සඳහන් වෙන්නේ. ඒත් සීමා සහිතව.අනෙක් කරුණ තමයි තරුණ වයසේදී උන්වහන්සේ පිරිණිවන් පානවා. රාහුල හිමියන් ගැන දැනගැනීමට ඇති එකම ක‍්‍රමය උන් වහන්සේ අරඹයා දේශනා කළ සූත‍්‍ර පමණයි. ඇතැම් විට මේ සූත‍්‍ර වෙත අවධානය යොමු නොකිරීමත් මෙම චරිතයට අවධානය යොමු නොවිමට හේතුවක් වන්නට ඇති.

අවසාන වශයෙන් ඔබගේ ලිවීම අවසාන බලාපොරොත්තුව කුමක්ද?

මගේ ලේඛනයේ අරමුණ මා සතු දැනුම සහ අත්දැකීම් අනෙක් අය සම`ග බෙදාගැනීමයි. එයින මම අසීමිත තෘප්තියක් ලබනවා. ඒ වගේම මම දැඩිව බෞද්ධ දර්ශණය වශ්වාස කරන කෙනෙක්. එම සංස්කෘතියෙන්සභ්‍යත්වයෙන් පෝෂණය වූ කෙනෙක්. මගේ නිර්මාණ කරනය තුළ මේ කිසිදු සීමාවක් උල්ලංගනය කිරීමට යොමුවන්නේ නැහැ. කිසිදු පාර්ශවයක් සම`ග ගැටුම් ඇති නොකරගෙන මගෙන් විය යුතු යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරමින් මගේ පුද්ගල විමුක්තිය ස`දහා මාර්ගය විවර කරගැනීමේ තවත් එක වෑයමක් විදියට මගේ ලේඛනය හඳුන්වන්න පුළුවන්.